Hela Rahas

Hela Rahas Official Web Portal

අත් දෙක නැති නිරූපණය ශිල්පිණිය

මෙයාගේ නම (Sinikwe)සිනික්වේ.මෙයාට අවුරුදු 24 යි.මෙයා රූමත් තරුණියගේ .ඒත් මෙයාට අවයව වැඩෙන්නේ නැති ආබාධයක් තියෙනවා.ඒ නිසා මෙයාගෙ කකුල් තියෙන්නේ දනහිසට විතර වෙනකම් විතරයි. ඒ වගේම අත් දෙකත් ගොඩක් කොටයි.

“මම ඉපදුනාට පස්සේ, මම ආබාධිතයෙක් කියලා පිළි ගන්න මගේ පවුලේ අයට ටිකක් අමාරු වැඩක් වෙලා. මොකද,මගේ ආගමේ කියන විදියට දරුවෙකු ආබාධිත තත්ත්වයෙන් ඉපදුනා නම් , ඒක දෙවිවරුන්ගේ ශාපයක් විදියට සලකනවා”ඇය කියුවා

පොඩි කාලේ ඉදන්ම, සිනික්වේ එයාගෙ කට සහ අත් කෙලවරේ තියෙන ඇටකටු පාවිච්චි කරලා වැඩ කරගන්න පුරුදු වුනා. ඒ විදියට එයා කෑම කන්න, ඇඳුම් අදින්න, දුරකතනය පාවිච්චි කරන්න,ලියන්න වගේම වේශ නිරූපණය කරන්නත් පුරුදු වුනා.

එයාගේ ආච්චිත් එයාට ගොඩක් ආදරෙයි. ඒ නිසා පවුලේ අනිත් දරුවන්ට සලකනව වගේම තමයි එයාටත් සැලකුවේ .කිසිම වෙනසක් කලේ නැහැ.

ඒත් සිනික්වේ එලියට බැහැල යනකොට නම් සමහර ළමයි එයා දිහා බලල හිනා වෙනවා. ඒත් එයාට වයස අවුරුදු 15, 16 වන විට, ලෝකය එයා හිතනවට වඩා වෙනස් කියලා තේරුනා.ඊටපස්සෙ එයා සමාජයට ආදරේ කරන්න පටන් ගත්තා.

“සමාජය කියන විදියට , කවුරු හරි ලස්සනයි නම් , එයා උස වෙන්නත් ඕනි ලු.ඒත් මම එහෙම නැහැ.”ඇය කියුවා.

ඒ වගේම තවත් එයා කියුවේ “ඒත් මට දැන් නම් තේරිලා තියෙන විදියට ,මිනිස්සු මන් දිහා බලන් ඉන්නේ, මගෙත් මොනවාම හරි විශේෂයක් තියෙන නිසයි.ඉතින් මම ඒකට කැමතියි.”

ඉතින්, ඊටපස්සේ සිනික්වේ එයාගේ පෞද්ගලික ශෛලිය වර්ධනය කර ගන්න වගේම ආබාධිත තත්ත්වයන් ගැන ජනතාවට උගන්වන්නත් පාසල්වලට යන්න පටන් ගත්තා.

ඊටපඅස්සෙ එයා මේ විදියට කියුවා: “මිනිසුන්ට දැන් නම් ආබාධිතභාවය ගැන හොද මානසිකත්වයක් තියෙනවා. ඒත් මම හිතන්නේ මම විශ්ව විද්‍යාලයට යනකොට ලොකු වෙනසක් වුනා කියලයි. මොකද, මෙහෙ මට කතා කරන්න වුනේ මගේම ජීවිතය ගැනයි”

තව ඇය කියුවේ,“මම මගේ ශරීරයට තව ආදරය කරන්න ඕනි කියල මට තේරුනා.මොකද, මමත් මගේ ශරීරයට ආදරය කරන්නේ නැත්නම්, අනිත් අයත් මට ආදරය කරන්නේ නැහැ.මේක තමයි දෙවියන් මට දුන්න ශරීරය. ”

සිනික්වේ කියුවේ , ඊටපස්සේ එයා සමාජ මාධ්‍යවල එයාගේ පින්තූර පළ කරන්න පටන් ගත්තා ලු. ඉන්ස්ටග්‍රෑම් වල අනුගාමිකයන් 7000 කට වඩා සංඛ්‍යාවක්ගෙන් එයාට නිතර කෙටි පනිවිඩ ලැබෙනව ලු.ඉතින් ඊටපස්සේ එයාට තේරුනා එයා කොච්චර සිත්ගන්නාසුලු ද කියලා .

2016 දී සිනික්වේ ,සිම්බාබ්වේ ජාත්‍යන්තර කාන්තා සම්මාන උළෙලේදී එයාගේ ධෛර්යය වෙනුවෙන් පිළිගැනීමක් ලැබුනා.ඒ වගේම එයා වෙනුවෙන් එයා වෙනම බ්ලොග් අඩවියකුත් පටන් ගන්න තීරණය කලා.ඒකේ නම (Life In The Shoes Of A Short Girl).

සිනික්වේගේ මිතුරියක් වන (Danielle Mutseriwa)ඩැනියෙල් මුට්සෙරිවා කියුවේ ස්නික්වේට හොද පෞරුෂයක් තියෙනවා ලු.

“එයා මුහුණ දුන්න සමහර දේවල් දිහා බැලුවම, මට ඒවායින් අඩක්වත් ලබා ගන්න බැරි වුනා.” කියලා ඩැනියෙල් බාර්ක්‍රොෆ්ට් කියුවා.