Hela Rahas

Hela Rahas Official Web Portal

අද දකින්න නැති සතුන් 15ක්

01.රාත්‍රියට විසිල් කරන උමං මාර්ග පයිපර්

මෙම සත්වයා උමං පයිපර් ලෙස හඳුන්වයි. මේ සමාන සත්වයෙක් ජර්මනියේ උමං මාර්ග හා භූගත උමං මාර්ගවල වාසය කරයි. 2012 දී සොයාගත් මේ සතා තම නිවස යූ-බාන් හි පිහිටා ගත් ඉන්නෙක් වැනි සත්වයෙක් විය යුතු බව කියයි. මේ සතා රාත්‍රියේ අමුතු විසිල් ශබ්දයක් නගන බව කීවත් කවුරුවත් එම ශබ්දය තමන්ට ඇසුණු බව තාම පිළිගෙන නෑ. සමහරු කියන්නේ උමං පයිපර් කලාත්මක කෘතියක් කියලා. නමුත් තවත් සමහරු කියන්නේ ඒ ඇත්ත ජීවියෙක් කියලා

2.නරක සිහින පෙන්වන රුසල්කා

අවුල් සහගත ප්‍රේම සම්බන්ධයක් නිසා කාන්තාවක් මැරුනොත් ඇය රුසල්කා බවට පත් වන බව රුසියානු පුරාවෘතයක සඳහන් වෙනවා. රුසල්කාට සුරංගනා හා සූකබස් කියන මිථ්‍යා අංග දෙකම තියනවා. ඔවුන්ගේ ඇගේ භාගයක් කාන්තා අවතාරයක් වන අතර ඉතිරි භාගය මාළුවෙක්ගේ අඩක්ය. රුසල්කා ජීවත් වෙන්නේ විල් හා ඇළ දොළ වලයි. ඔවුන්ට කෝපයක් ඇති වුණාම ළමයි හොරකම් කරන බවත් බය හිතෙන හීන පෙන්වන්න වගේම රුසල්කාට රැවටී ඔවුන් එක්ක පීනන්න එන මෝඩ මිනිස්සු දියේ ගිල්වන්නටත් ඉඩ තියනවා.

3.මිනිසුන්ව අනුභව කරන පොපොබාවා

පොපොබාවා එක් ඇසක් ඇති අමුතු වාමන සත්වයෙකි. මුලින්ම ඔහුගේ නිවස හදලා තියෙන්නේ සාන්සිබාර් දූපතේ. එය 1972 සිට හැමදාම දකින්න තියනවා. මොහුව එක් ඇසක් ඇති එක අඟක් ඇති පියාඹන දම් පාට සතෙක් ලෙසත් ඔහු මිනිසුන්ව අනුභව කරන බවත් කියනවා. නමුත් අද වන විටත් අප දන්න කිසි කෙනෙකුව පොපොබාවා අනුභව කර නෑ.

04.සුනඛ හිසක ඇති සයිනොසෙෆාලි

මොවුන් සුලබව හඳුන්වන්නේ සුනඛ හිසක් සහිත මිනිසුන් ලෙසය. ඔවුන් සුනඛ හිසක් හා මිනිස් සිරුරක් ඇති හැඩකාරයින්ගේ තරඟයක් ලෙසද හඳුන්වයි. පුරාණ ග්‍රීසියේ ඈත අතීතයේ සිට මෙවැනි විකාර සත්වයින්ගේ දර්ශන වාර්තා වී ඇති අතර මෑතදී අප්‍රිකාවේ මෙවැනි දර්ශන බොහෝ දැකගත හැක. නමුත් මේ දේවල් මෑතකදී පුරාවෘත බවට පත්ව ඇති බව මතකයේ තබා ගන්න.මොහු තාමත් ආගන්තුකයකු වන අතර සාමාන්‍ය මිනිසෙක් වගේ සැරසී ප්‍රධාන වීදි දිගේ ඇවිදිනවා මිනිසුන් දැක තියනවා.

සයිනොසෙෆාලි පසුපස ද මිනිසුන් හඹා යයි. එක් ව්‍යායාමය සඳහා දුවන්නෙකු විසින් මොහු පසුපස ගොස් ඇත.තවත් උන් කැලෑවේ සැඟව සිට මිනිසුන් පිටුපසින් ගොස් ගෙවල්වල මිදුලට පවා ගොස් ඇත. මේ සත්වයාව සමහර මිනිසුන් අල්ලා ඇති බවත් ඔවුන් සයිනොසෙෆාලි ලෙස තමන් අඳුරා ගත් විට ඔවුන් විකාරරූපි හැඩගැස්වීම් ගෙන පලා යන බවත්ය.

5.චර්නොබිල් හෙවත් කලු කුරුල්ලා

පාරිසරික ව්‍යසනවලට තුඩු දුන් දිනයක යුකක්‍රේන් වැසියන් බොහෝ දෙනෙක් කීවේ තමන් රතු තැඹිලි මිශ්‍ර දිලිසෙන ඇස් ඇති විශාල කලු කරුලලෙක් දැක්කා කියලා. කටකතා අනුව නම් අප්‍රේල් 26 ප්‍රතික්‍රියාකාරක දියවීම පටන්ගත් විට මේ කලු කුරුල්ලා න්‍යෂ්ටික විමෝචන කුළුණකින් ඉහළට ආ බවත් කුරුල්ලා නැවත කවදාවත් නෙදැක්ක බවය.

06.මුහුණ පපුව මත ඇති බ්ලෙමිස්

බ්ලෙමිස්ගේ මිථ්‍යාව ගැන කතා කළ මුල්ම කෙනෙක් තමා හෙරඩෝටස්. මේ සත්වයින් ඔළුව නැති රාක්ෂයන් වූ අතර ඔවුන්ගේ මුහුණ පිහිටා තිබුනේ පපුව මතයි. බ්ලෙමිස් යන නම ‘මොළයක් නැත’ ලෙස.පරිවර්තනය කර ඇත. ඒ නිසා මේ සතුන් දක්ෂ නැති සතෙකු ලෙස හඳුන්වනවා.

7.කළු සැරයටි මිනිසා

මොවුන් තරමක් අහිංසකයි වගේ පෙනේ. සමහරු කියන්නේ ඇත්තටම මොවුන් දුටු විට බය හිතෙනවා කියලා. ඒ වගේම දවල් කාලයේ මොවුන් ඇවිදින බවයි. කලාතුරකින් දකින්නට ඉන්න මේ අද්භූත සතා අමුතු ඇවිදීමක් තිබෙන සැරයටිය ලෙස විස්තර කරනවා. එසේ කියන්නේ ඔවුන්ගේ මුහුණ පැහැදිලි හැඩහුරුකම් දක්නට නැති නිසා ජීවමාන සැරයටියක් ලෙස මෙම සත්වයා හදුන්වනවා

8.ඉන්ද්‍රජාලිකා බලයක් ඇති ඩියුන්ඩස්

ඩියුන්ඩස් කියන්නේ මෙක්සිකානු ජනශ්‍රැතියක්. ගොඩක් වෙලාවට මොවුන් ජීවත් වෙන්නේ ගොවියන්ගේ නිවෙස්වලමයි. ඔවුන් ගොවීන්ගේ ආහාර සොරකම් කරයි. ඔවුන් හසු වුණොත් ඔවුන්ගේ ඉන්ද්‍රජාලිකා බලය භාවිතා කර ගොවියාව ගල් කිරිම හෝ හදිස්සි පහර දීමක් සිදු කර පැන යනවා.

9.සංගීතයට කැමති එන්කන්ටැන්ඩෝ

මොහු අද්භූත ජීවියෙක්. එන්කැන්ටැන්ඩෝ යනු වෙස්වලා ගැනීමට හැකි ජීවීන් වේ. මොවුන් සංගීතයට කැමැත්තක් දක්වන අතර හොඳට ඇඳ පැලද සිටින සාද වලට කැමති සතුන් ලෙස ප්‍රසිද්ධයි. මොකද ඔවුන්ටවෙස්වලා ගැනීමට හැකියාවක් තිබෙනවානම් හොඳ පෙනුමක් නොතියෙන්න හේතුවක් නෑ.

10.සෑම විදියකම විනාශයන්ට ප්‍රසිද්ධ ඩිබුක්ස්

ඩිබුක්ස් මේ ලැයිස්තුවේ ඉන්න ජීවීන් අතර වඩා ප්‍රසිද්ධ විය හැක. The Possession චිත්‍රපටියේ ද මොවුන් ගැන සඳහන් වේ. මේ යුදෙව් යක්ෂයා සෑම විදියකම විනශයන්ට ප්‍රසිද්ධයි. දේපළ විනාශ කිරීම, අසනීප ඇති වීම, දුර්ගන්ධයක් මුදා හැරීම, බිය උපදවන ශබ්ද ඇති කිරීම වගේ පුද්ගලයෙකුගේ ජීවිතය ජීවමාන නිරයක් කිරීමට හැකියාවක් මේ භූතයන්ට තිබෙනවා

ඩිබුක්ස් ගැන හොඳ ආරංචිය නම් ඔවුන් පෙට්ටියක හිර කර තියන තෙක් ඔවුන්ට හානි කළ නොහැක. ඔවුන් පෙට්ටියක අඟුළු දැමීම ඉතා අපහසු වන අතර එය කරන්න පුළුවන් යුදෙව් ධර්මාචාරවරයෙක්ට පමණයි. ආකර්ෂණීය දෙය නම් ඊබේ වෙතින් ඩිබුක් පෙට්ටියක් මිලදී ගත් මෝඩ මිනිසෙක් නිසා මේ සත්වයා ගැන මෑතක ඇති ඇසින් දුටු සාක්ෂියක් තිබීමයි. අවසානයේ දී ඔහු මේ පෙට්ටිය ඉවත් කරා. නමුත් එයින් පෙන්වන්නේ ඊබේහි හොල්මන් කරන පෙට්ටි සමහරක් ඇත්තටම හොල්මන් කළහැකි බවයි.

11.ජොරොගුමෝ

මේක ජපන් ආත්මයක් වේ. මෙහි නම දළ වශයෙන් “ගණිකා මකුළුවා” ලෙස පරිවර්තනය කරයි. ඔව්. එය ගැහැණු ආත්මයකි. ඇය අසරණ මිනිසුන්ව සංගීතයක් වාදනය කර පොළඹවා ගෙන ඇගේ ගුහාවට ගෙන එයි. ඔවුන් සන්සුන් වූ පසුව ඇගේ සැබෑ මකුළු ස්වරූපයට එනවා. පසුව මිනිසාව මකුළු දැලකින් ඔතා ඇගේ රාත්‍රී ආහාරය සදහා ගන්නවා.

12.අකුණක් වේගයෙන් දුවන ස්ප්‍රීන් හීල්ඩ් ජැක්

මෙය වික්ටෝරියානු පුරාවෘතයක්. මොහු ලන්ඩන්වල වීදි වල හැංගී සිට කාන්තාවන්ට පහර දෙන අමුතු මිනිසෙක්. මිනිසුන් ඔහුව අල්ලා ගන්න ලුහුබැඳ යන විට ඔහු අකුණක් වේගෙන් දුවලා ගිහින් ඔවුන්ව කොටු කරනවා. ස්ප්‍රීන් හීල්ඩ් ජැක්ව ඇල්ලීමට ගිය මිනිසුන්ගේ සාක්ෂි අනුව මොහු අද්භූත වේ. ඔවුන් කියන්නේ ඔවුන් ඔහුව අල්ලා ගත් පසු ඔහුගේ කටින් නිල් පාට ගිනි දැල් පිට වූ බවත් ඊට පුදුම වූ මිනිසුන් ඔහුව අත්හැරිය අතර ඔහු නැවත වරක් අතුරුදහන් උන බව තමයි සදහන් වෙන්නේ

13.පළි ගන්න පැමිණි අං භූත බළලා

මේ අපේ අසල්වැසියන්ගේ සිටින කෑගසන ,කරදරකාරී සුරතලුන් වගේ නොවේ. අං භූත බළලා ගැන මුල් වතාවට වාර්තා කරේ 2 ලෝක යුධ සමයේ හොවාර්ඩ් ලේලන්ඩ් නම් කෙනෙක්. ඔහු කියන්නේ ලන්ඩන් ගුවන් ප්‍රහාරයේදී ජර්මානු ගුවන් යානාවලින් සැඟ වී ඉන්න විට විශාල දුඹුරුවර්ණයෙන් යුක්ත බළලෙක් තමන්ට පහර දුන් බව. බළලාගේ විශාල අං උගේ හිසෙන් ඉහළට තිබූ බවත් ඇස් වල පාට දිලිමෙන බවත් කීවා. ප්‍රදේශවාසීන් කියන්නේ එහි නිවසක කලින් අයිතිකරු ප්‍රසිද්ධ කළු මැජික් කරැවෙක් බවත් බොහෝ විට ඔහුගේ යාගය සදහා අයාලේ යන බළලුන් ගත් බවයි. තවත් අය අමුතු බළලුන් ගේ වටා ඉන්නවා දැක තියෙනවා. මේ බළලුන්ගේ අකල් මරණවලට පළිගැනීමට මේ භූත බළලුන් හොල්මන් කරන බව තමයි ගොඩක් දෙනෙක් විශ්වාස කරන්නේ

14.බීමතින් ඉන්න ක්ලූරිචෝන්

මෙය අයර්ලන්ත පුරාවෘතයක්. ඔහු නිතරම බීමතින් ඉන්නා ලාදුරු රොගියෙක්. සුහදශීලි බවක් ඇති ක්ලූරිචවුන් ඔවුන්ට හොඳයි යැයි සිතෙන අයගේ වයින් කුටි ආරක්ෂා කරනවා. වයින් වලට ආදරය කළද ක්ලූරිචවුන්ලාට මත්පැන් පානය කරන විශේෂයෙන් දරුණු බේබද්දන් වෙනුවෙන් නැගී සිටිය නොහැක. එසේම ඔවුන් වාසය කරන වයින් බඳුන බේබද්දෙකුගේ බව ක්ලූරිචවුන්ලා දුටුවොත් සියලු වයින් විනාකිරි බවට හරවා වයින් වීදුරුවේ අයිතිකරුට වධ දෙයි.

15.ෆේරි හවුන්ඩ්ස්

ෆේරි හවුන්ඩ්ස් ඉතා අප්‍රසන්න හෙල්හවුන්ඩ් නම් විශාල කළු බල්ලනට සමානයි .ඔවුන් බොහෝ විශාල රතු දිලිසෙන ඇස් තියනවා. ඔවුන් තමාට කැමති ලෙස පෙනෙනවා, අතුරුදහන් වනවා. ඔවුන් ඉතා ආක්‍රමණශීලීය.බොහෝ වෙලාවට කෙඳිරිගෑමට සමාන හඬක් තියෙනවා කියලා තමයි කියන්නේ.සමහරු මිනිසුන්ගේ කකුල් පසුපස දුවනවා. ඔව්. ඔවුන් නපුරු බල්ලෝ. ඒත් ඔවුන් අප්‍රසන්න විශාල කළු බල්ලෝ වගේ නෙමේ. ඔවුන්ට සුදු කබා තියනවා. ඒවගේම ඔවුන්ගේ කන් තරමක් රෝස පාට හෝ දීප්තමත් රතු පාටින් යුක්තයි.

.