Hela Rahas

Hela Rahas Official Web Portal

අන්තර් ජාලයේ වේගය වැඩි කරගන්න ක්‍රම

ජනතාව නිවසේ දී මෙන්ම වැඩ පළේදීත් අන්තර් ජාලය දින පතා පාවිච්චි කරති .අප ගෙන් බොහෝ දෙනෙකුම මෙම ලිපි ගොනු සහ පිටු වඩාත් වේගයෙන් පුරවා ගැනීම සදහා වෙහෙසෙන බව නිසැකයෙන්ම දන්නා කරුණ කි.හොදින් දන්නා කරුණු හැර , හෙමින් සිදුවන අන්තර් ජාල සම්බන්ධතාව ක් වේගවත් කිරීමේ ක්‍රමෝපායන් කිහිපයක් මෙහි දැක්වේ .ඔබේ ජංගම දුරකථන අන්තර් ජාල සබඳතා ව වඩාත් වේගවත් කර ගන්නේ කෙසේද ?

ඔබේ දුරකථන යේ මතක ගබඩාව ( cache ) හිස් කර ගන්න .( clear )

මෙම ගබඩාව පිරීගිය පසු ඔබේ දුරකථන ක්‍රියා සියල්ලම ( අන්තර් ජාලයේ ද ඇතුළුව ) පාහේ ප්‍රමාද කෙරේ .මෙයට පිළියමක් වශයෙන් එක් එක් භාවිතාව න් (applications ) අතින් (manually ) මකා දැමීම හෝ ඒවා එකවර මකා දැමීම සදහා වන විශේෂ වැඩසටහනක් (program ) බාගත කිරීම ( download )හෝ කළ හැකිය .

* ඔබේ සියළුම අනවශ්‍ය භාවිතා වන් ( applications )ඉවත් කරන්න .

ඔබ කලාතුරකින් භාවිතා කරන යෙදවුම් ( app ) නිසා ඔබේ අන්තර් ජාල වේගය සැලකියයුතු ප්‍රමාණයකින් අඩු විය හැකිය .ඔබට හදිසියේ අවශ්‍ය නොවන දෙයක් වේ නම් , ඒවා ගබඩාවෙන් ඉවත් කිරීම හොද ය .අන්තර් ජාල තදබදය සදහා ද ඒවා හේතු වන බව කිව යුතුය .

ඔබේ බ්‍රවුසරය Text only ක්‍රමයට මාරු කරන්න .

පින්තූර දෙස නො බලා ලියන ලද පාඨයන් වෙත පමණක් අවධානය යොමු කිරීමට ඔබ කැමති නම් ඔබේ බ්‍රවුසරය text mode වලට හරවා පිළිබිඹු වන් ( images ) අක්‍රිය කරන්න . මෙම ක්‍රමයෙන් අන්තර් ජාල පිටු වඩාත් වේගයෙන් පිරවෙනවා ( load )ඇත .

බ්‍රවුසරය මාරු කරන්න .

වෙබ් බ්‍රවුසරය ක් තෝරා ගැනීම ඔබේ දුරකථන යේ අන්තර් ජාල සම්බන්ධ තාවයට බලපෑම් ඇති කරයි .වෙළෙඳ පොළේ නා නා විධ බ්‍රවුසරය න් ඇති අතර , ඒවා යින් සමහරක් ,අනිත්වාට වඩා වැඩි වේගයෙන් ක්‍රියා කරයි .

ජාල සැකසුම් ( network settings ) පිරික්සන්න .

මෙසේ කරන්න .Settings > Mobile Network settings මෙනුවේ ඇත්ත නම උපකරණ යෙන් උපකරණ යට වෙනස් වේ .2G හෝ 3 G හෝ සදහා පමණක් සීමාකර නොමැති , නිවැරැදි ජාල මාදිලියට ( right network type ) ඔබේ දුරකථන ය සම්බන්ධ වී ඇද්ද යන්න තහවුරු කර ගත යුතුය .ලෝකයේ බොහෝ ප්‍රදේශවල GSM/WCDMA/LTE යන ජාල භාවිතා වේ .ඒනිසා පළමුව ඒ පිළිබදව උත්සාහ කර බලන්න .ඒවායින් පළක් නො තිබුණොත් , ඔබේ කලාපයේ භාවිතා වන්නේ කුමණ වර්ග ය ද යන්න සොයා බලන්න .ඔබ තීරණය කළ යුතු ප්‍රධාන කරුණ නම් , වඩාත් හොද බ්‍රෝඩ්බ්‍රෑන්ඩ් ( broad brand )තාක්ෂණය ක්‍රියා ත්මක කර ගැනීම අවශ්‍ය වන බවයි .

ඔබේ පරිගණක යේ (PC ) අන්තර් ජාල වේගය වැඩි කර ගැනීමට නම් .

ඔබේ ජාල රවුටරය ( network router ) සවි කළ යුතු නිවැරැදි ස්ථානය තෝරා බේරා ගත යුතුය .පරිගණක ය සහ රවුටරය අතර ඉතා අඩු දුර ප්‍රමාණය ක් තිබිය යුතුය .
දුර්වල Wi-Fi සංඥා , අන්තර් ජාල සම්බන්ධ තාවයේ මන්දගාමී බවට පොදු හේතුව ලෙස සැලකේ .මේ සදහා පරිගණක ය සහ රවුටරය එකිනෙක හැකි තාක් ළගින් සවිකළ යුතු යයි` උපදෙස් දෙමු .

නිවසේ මධ්‍යයට ආසන්න ව ,වඩාත් සුදුසු පරිදි බිත්තියේ හෝ උස රාක්කයක රවුටරය සවිකළ හැකිය .අසල්වැසි නිවසේ wi fi රවුටර,විදුලි කේබල් ,හෝ දුරකථන ආදිය කෙරෙන් හැකි තාක් දුරින් තබා ගැනීමට කටයුතු කරන්න .ඉහත වයර සහ උපකරණ ගුවන් විදුලි තරංග ලබා ගැනීමේ දී බාධාවන් ඇති කර ලිය හැකි බැවිනි .

සතියකට වරක් වත් වයිරස් නාශක ස්කෑනය ( antivirus scanning ) ක්‍රියාත්මක කළ යුතුය

වයිරස් ඔබේ පරිගණක යේ වටිනා තොරතුරු කෙරෙහි තර්ජනයක් ගෙන දෙන අතර , අන්තර් ජාලයේ පණිවුඩ හුවමාරු වේගය ද අඩාල කරයි .

ඔබ වෙබ් අඩවි වලින් ලබා ගන්නා දත්තයන් බ්‍රවුසරයන් මගින් ගබඩා කර ගැනීම අනාගතයේදී ඉක්මණින් කෙරෙනු ඇත .නමුත් , බ්‍රවුසරයේ මෙම ක්‍රියා කාරිත්වයට පිරී ( ඇහිරී) තිබෙන දත්ත ගබඩාව ( cache ) එයට ප්‍රතිවිරුද්ධ ලෙස ක්‍රියා කිරීමට ඉඩ තිබේ .

අවස්ථා වට අවශ්‍ය නොවන යාවත්කාලීන කිරීම් ( ,updates ) අක්‍රිය කරන්න .

වෙනත් වැඩසටහනක ක්‍රියාකාරිත්වය ( program activity ) , විශේෂයෙන් දැනට තිබෙන මතයන් ( versions ) යාවත්කාලීන කිරීම අන්තර් ජාලයේ වේගය අඩු කිරීමට හැමවිටම බලපායී .එනිසා , ප්‍රයෝජනයට නොගත් වැඩසටහන් ( unused programs ) හැමවිටම අක්‍රීය කිරීම සුදුසු යයි උපදෙස් දෙමු

වෙළෙඳ දැන්වීම් අවහිර කිරීම

අනවශ්‍ය දැන්වීම් සබඳතා සගවා තැබීම මෙම අවහිර කිරීමේ අදහස වේ .අවසානයේ දී මෙබඳු දත්තයන් අන්තර් ජාල පිටුවක සංයුතියෙන් 70 % ක් පුරා පැතිරෙයි .එමගින් වේගය අඩු කරන බව කිවයුතු නොවේ .ඔබගේ වයිරස් නාශක ( anti virus ) සැකසුම් මගින් හෝ විශේෂ ප්‍රෝග්‍රෑමයක් මගින් හෝ මෙම මාර්ගගත දැන්වීම් අක්‍රීය කළ හැකිය .

ඔබේ WiFi ජාල සැපයුම මුරවචනයෙන් ආරක්ෂිත ද යන්න තහවුරු කර ගන්න .

වයි ෆයි හරහා අන්තර් ජාල පහසු කමක් බෙදා හැරීමේ දී ඒ හා සම්බන්ධ සෑම අයෙකු වෙතම එහි වේගය බෙදී යයි.මේ නිසා ඔබේ වයිෆයි වලට පුද්ගලයන් 20 කු සම්බන්ධ වී සිටින්නේ නම් සහ උපරිම සම්බන්ධ තා වේගය මෙගාබිට්ස් ( megabits ) 20 ක් නම් ඒ එක් එක් කෙනෙකුට ලැබෙන්නේ මෙගාබිට් 1 ,කි.මේ තත්ත්වය වළක්වා ගැනීම සදහා කළ යුත්තේ ඔබේ වයිෆයි ජාලය ට මුරපදය ක් ( password ) යොදා ගැනීම යි.