Hela Rahas

Hela Rahas Official Web Portal

ඇඟිලි තරණයෙන් ඔබ ගැන හෙළි වෙන තොරතුරු

ශරීර භාෂා විශේෂඥයින් විශ්වාස කරන්නේ ඔබ ඔබේ අත් දෙකේම ඇඟිලි තරණය කරන ආකාරය ඔබ ගැන බොහෝ දේ පවසන බවයි. මෙම නිගමනය පදනම් වී ඇත්තේ නොබෙල් ත්‍යාගලාභී රොජර් වොල්කොට් ස්පෙරි විසින් කරන ලද පර්යේෂණ මත ය. ඔහුගේ පර්යේෂණයෙන් ඔප්පු වූයේ මොළය වම සහ දකුණ ලෙස කොටස් දෙකකට බෙදා ඇති බවත් පුද්ගලයෙකුගේ හැසිරීම රඳා පවතින්නේ කුමන කොටස වඩා ක්‍රියාකාරීද යන්න මත බවත්ය.අපි ලියන්නේ කියන්නේ කරන බොහෝ කාර්යයයන් කරන්නේ අපගේ අත් දෙක භාවිතයෙන්.අත් දෙක නිසි ලෙස ක්‍රියාකාරී නොවීමෙන් ආබාධිත වූ මිනිසුන් ලෝකයේ මොනතරම් නම් ඉන්නවාද?ඔවුන් කෙසේ හෝ තම එදිනෙදා ජීවිතයේ කටයුතු ඉටු කරගත්තත් ඔවුන්ට ඒ සඳහා සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙක්ට වඩා කාලයක් ගත වේ.

වෙහෙස අපමණය.ඉතින් අපිට නැතුවම බැරි අපේ අත් දෙක අපි අපේ හැඟීම් ප්‍රකාශනයේදී බොහෝ සෙයින් උපකාරී කරගන්නවා.අපට තරහවක් කෝපයක් ඇති වූ විට නොදැනුවත්වම අපේ අත් මිට මෙලවෙන්නේ එනිසාය.විපතක් වූ විට දුකකදී ඔලුවේ අත ගසාගනිමින් හඬන්නේ අපිද නොදැනුවත්වමය.ප්‍රශ්නයක් ගැටළුවක් ඇති වූ විට අපි පුටුවක හෝ කුමන හෝ අසුනක වාඩි වී අපේ අත් එකට එකතු කරමින් අතැඟිලි තරණය කරනවා.මේ සඳහා අවස්ථාවක් මෙය ම කියා නිශ්චිතව කිව නොහැක.

එක එක පුද්ගලයගේ චරිත ලක්ෂණ බාහිර පරිසරය අනුව ඔවුන් විවිධ අවස්ථාවන්හිදී රුපයේ දැක්වෙන අයුරින් දෑත්හි ඇඟිලි තරණය කරනවා.මෙන්න මේ විදිහට අපි අතැඟිලි තරණය කරන ආකාරය අනුව අපි ගැන කුමක් හෙළි වෙනවද කියා සොයා බලන්නයි අපි අද සුදානම් වෙන්නේ.ඉතින් උත්සහ කරන්න.රූපය දෙස හොඳින් බලා ඔබ ඇඟිලි තරණය කරන ආකාරය මේ අතුරින් කුමක්දැයි කියා සොයා ඒ අනුව ඔබ කෙබඳු පුද්ගලයෙක්ද කියා දැනගන්න.

01.වම් අතේ මාපටැඟිල්ල ඉහලින් සිටින සේ
ඔබ ඔබේ දෑත් එක් කරන්නේ,ඇඟිලි තරණය කරන්නේ පළමු රුපයේ දැක්වෙන පරිදි වම් අතේ මාපටැඟිල්ල ඉහලින් සිටින සේ නම් ඔබ බොහෝ දුරට ප්‍රයෝගික පුදගලයෙකු වීමට ඉඩ ඇත.ඔබ කිසි විටෙක හදිසි දැඩි තීරණ නොගනියි.යමක් කිරීමට පෙර තීරණයකට එළැඹීමට පෙර ඔබ දහස් වතාවක් ඒ ගැන සිතා බලයි.එහි වාසි අවාසි ,යහපත අයහපත ඔබ සිතෙන් කිහිප සැරයක්ම කිරා මැන බලයි.මෙනිසාම ඔබ ගන්න තීරණ බොහෝ විට නිවැරදි වේ.එසේම ඔබව පහසුවෙන් රවටාගැනීමටද නොහැක.මොකද ව්‍යාජ ,වංචාකාර මිනිසුන් හඳුනා ගැනීමේ සහජ දක්ෂතාවක් ඔබ සතුය.මෙවැනි හේතුන් නිසා ඔබ බුද්ධිමත් යම් උපදේශයක් ලබා ගත හැකි නුවණැති පුද්ගලයෙක් බව ඔබගේ පවුලේ අය මෙන්ම අවට පිරිසද සිතයි.

එනිසා ඔවුන්ගේ ගැටළු හමුවේද ඔවුන් උපදෙස් පතා සොයා එන්නේ ඔබවය.ඔවුන් ඔබව ඔබගේ මෙම චරිත ලක්ෂණ මහත් සේ අගය කරයි.ඒ අනුව මේ සියල්ලෙන්ම ඔබ බැරෑරුම්, වගකීමක් සහිත විශ්වසනීය පුද්ගලයෙකු බව තහවුරු වේ.එසේ වුවද ඔබ තුල විනෝදකාමී චරිතයක්ද ඇත.ඔබගේ හාස්‍යයන් හමුවේ මිනිසෙකුට තම දුක පවා අමතක කල හැකිය.ඒ අනුව ඔබ විනෝදකාමී නමුත් වගකීමෙන් ජීවත් වන විශ්වසනිය අයෙක් ලෙස හැඳින්විය හැකිය.

02.මාපටැඟිලි දෙකම එක පෙලට ඇත්නම්
ඔබගේ මාපටැඟිලි දෙකම රුපයේ පරිදි එක ළඟ එක පෙළට සිටින සේ ඔබ ඇඟිලි තරණය කරයි නම් ඔබ යක්ෂයාට බියය.එනම් ඔබ විශ්වාස කරන පරිදි ආගම දහමට අනුව කර්මයන්ගේ එනම් තමන්ගේ යහපත් අයහපත් ක්‍රියාවන්ගේ විපාක අපිට පෙරළා නැවත ලැබෙයි.එනිසාම ඔබ අවංක යහපත් ජීවිතයක් ගත කරන අයෙකි.වරදට ඔබ බියය.ඔබ පරිපුර්ණවාදියෙක් .ඔබගේ මෙන්ම ඔබ වටා ඇති සියලුම දේ හි පරිපුර්නතාවය,අංගසම්පුර්ණ බව ඔබ බලාපොරොත්තු වෙයි.එසේම ඔබ වටා ඇති පුද්ගලයින්ගෙන්ද ඔබ මෙම පරිපුර්ණත්වයම බලාපොරොත්තු වෙන නිසා විටෙක බාහිර පුද්ගලයින් වෙත ඔගේ සිතේ ඇති පැහැදීම අඩු වේ.

එසේ වුවත් ඔබ කැපවීමෙන් වැඩ කරන ඉවසීමෙන් යුතු අයෙකි.නායකත්ව ගුණාංග ස්වභාවයෙන්ම ඔබට ලැබී ඇති අතර ඔබ සැමවිටම ආදර්ශමත් ජීවිතයක් ගත කරයි.ඔබ අන් අයගේ අදහස් වලටද කන් දෙමින් ඔවුන්ගේ දෘෂ්ඨි කෝණයෙනුත් සිතා බලා තීන්දු තීරණ ගනියි.අනෙකාව තේරුම් ගන්නනට උත්සහ කරයි.ඔබේ මෙම යහපත් ධාර්මික දිවි පෙවෙත නිසාත් අවංකභාවය නිසාත් ඔබට අන් අයගේ ගෞරවය මෙන්ම ප්‍රසාදයද නිතැනින්ම හිමි වේ.

02.දකුණු මාපටැඟිල්ල ඉහළින් පිහිටන සේ
ඔබ ඇඟිලි තරණය කරන්නේ තුන්වන රූපයේ ආකාරයට නම් ඔබ ඉතා ඉහල සංවේදිතාවයක් සහිත හැඟුම්බර අයෙකි.හැඟුම්බර යන්නෙන් ඔබ දුර්වල බව අදහස් නොවේ.නමුත් ඔබගේ එක සුවිශේෂී චිත්ත ස්වභාවයක් ඉන් කියා පායි.එනම් ඔබට යමෙක් දෙස බලා ඔහුව හෝ ඇයව තේරුම්ගැනීමට ඔවුන් මුවින් නොපැවසුවත් ඔවුන්ගේ චිත්ත ස්වභාවය ඔවුන් සිටිනා ,මානසික තත්වය හඳුනා ගැනීමට ඔබට හැකියාව ඇත.

එවැනි ඉහල තේරුම් ගැනීමේ හැකියාවක් ඇති සංවේදී මිනිසුන් ලෝකයේ විරලය.සතුටට කරුණ වන්නේ ඔබත් මෙවන් විරල අයෙක් බැවිනි.මේ නිසාම අන් පුද්ගලයින් බොහෝ විට ඔබ ඉදිරියේ විවෘත ලෙස කතාබහ කරයි.එම මිනිසුන්ගේ සිත් සැනසීමේ හැකියාව ඔබට ඇත.ඔබ රාමුව තුල කොටු වූ සම්ප්‍රදායික අයෙක් නොවේ.ඔබට තීරණ ගැනීමට විටෙක බොහෝ වෙලාවක් කාලයක් ගත වේ.නමුත් ඔබේ තීරණ නිවැරදිය.එනිසා බිය විය යුතු නැත.ඔබේ ජීවිතය ආලෝකමත් කරන ගමන්ම අන් අයගේ ජීවිත ද ආලෝකමත් කිරීමට ඔබට හැකියාව ඇති බැවින් ඒ වෙනුවෙන් කැප වෙන්න.