Hela Rahas

Hela Rahas Official Web Portal

ඇසෑම් රටේ රජ වූ ලංකාවේ හාමුදුරුවෝ

මේ කතාව ලංකාව ඉංග්‍රීසීන්ගේ ආධිපත්‍යයට යටත් වුණු කාලය වෙනකන් දිව යනවා.මේ කාලෙදි ලංකාවේ බුද්ධාගමට ඉංග්‍රීසි ආණ්ඩුවෙන් වගේම සිංහලයන්ගෙනුත් විවිධ තර්ජන එල්ල වෙමින් පැවතුනා. ලංකාවේ වාසනාවකට වගේ ඒ කාලෙදි වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ හාමුදුරුවෝ ලංකාවේ පහළ වුණා.උන්වහන්සේ ජීවිත පරිත්‍යාගයෙන් ලංකාවේ බුද්ධ ශාසනය නැවතත් බබලවන්න කටයුතු කළා.මේ කාලෙදි ලංකාවේ උපසම්පදා භික්ෂූන්වහන්සේලා හිටියේ නැහැ. හිටියෙ පවුල් පන්සල් වෙලා හිටපු, කුලී මලී කරපු ගනින්නාන්සේලා කියන පිරිස. මේ ගැන අතිශයින් කම්පා වෙච්ච සරණංකර හාමුදුරුවෝ විදේශ රටකින් උපසම්පදාව නැවත ගෙන ඒමට උත්සාහ කළා.

අවස්ථා දෙකකදී උත්සාහය අසාර්ථක වුණත් තුන්වෙනි අවස්ථාවේ දී තායිලන්තයෙන් උපසම්පදාව නැවතත් මෙරටට ගෙන ඒමට උන්වහන්සේ සමත් වුණා. මුල් කාලයේදී කිසිම භේදයකින් තොරව මහණ වන සෑම සාමනේර ස්වාමීන් වහන්සේ නමකටම උපසම්පදාව හිමිවුණා.නමුත් දවසක් කීර්ති ශ්‍රී රාජසිංහ රජ්ජුරුවෝ දුර පලාතක සංචාරයක යෙදෙද්දි සාමනේරවහන්සේලා පිරිසක් රජතුමාව දැකලා කුඹුරේ නියර පිට ඉඳගෙන කුඹුරේ මඩට බැස්සා.මේ ගැන පුදුමයට පත් වුණු රජතුමා කරුණු සොයද්දී මේ සාමනේර වහන්සේලා අඩු කුලයක පිරිසක් බවත් ඒ පුරුද්ද නිසා රජු පැමිණෙන විට මඩට බැස්ස බවත් දැන ගන්නට ලැබුණා. මේ ගැන කෝපයට පත් වුණු රජතුමා මල්වතු සහ අස්ගිරි පාර්ශවවලට නියෝගයක් ලබා දුන්නා. ඒ තමයි එතැන් පටන් ගොවිගම කුලේ නොවන කිසිම සාමණේර නමකට උපසම්පදාව ලබා දෙන්න එපා කියන නියෝගය.

මේ නියෝගය නිසා සිල්වත් ලෙස මහණ දම් පුරමින් සිටි සාමනේර වහන්සේලාට විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වුණා.උන් වහන්සේලා දිගින් දිගටම මල්වතු සහ අස්ගිරි පාර්ශව වලට තමන් වහන්සේලාට උපසම්පදාව ලබාදෙන ලෙස ඉල්ලීම් කරත් රාජ නියෝගයට එරහිව යා නො හැකි බව කියමින් මහා නායක ස්වාමීන් වහන්සේලා මේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළා.

මේ කාලයේදී සරණංකර සංඝරාජ හාමුදුරුවන්ගෙන් සහ එවකට සුප්‍රකට පඬිරුවනක් වුණු බෝවල ධම්මානන්ද හාමුදුරුවන්ගේ ගෝල නමක් වුණු අඹගහපිටියේ ඤාණවිමලතිස්ස සාමණේර හිමියන්ට මෙම ඉරණමටම ගොදුරු වෙන්නට සිද්ධ වුණා. නමුත් මේ සියලු බාධා වලින් අධෛර්යයට පත් නොවුණු උන්වහන්සේ කෙසේ හෝ පිරිසිදු උපසම්පදාව ලබා ගැනීමට . උපසම්පදාව ලබා ගැනීමට බුරුමයට වැඩම කිරීමට තීරණය කළා.මාස කීපයක ජීවිතයත් මරණයත් අතර සටනකින් පසුව උන්වහන්සේ ඇතුළු සාමනේර කණ්ඩායමක් බුරුම රටට වැඩම කළා.එවකට බුරුමයේ අගනුවර වූයේ අමරපුර නගරයයි.

එහිදී බුරුම රජතුමා විසින් පිළිගනු ලැබූ උන් වහන්සේව උපසම්පදාව ලබා ගැනීම සඳහා එවකට බුරුමයේ සංඝරාජ පදවිය දරමින් වැඩ විසූ ස්වාමීන් වහන්සේ වෙත යොමු කරනු ලැබුවා. අවසානයේදී අඹගහපිටියේ ඤාණවිමලතිස්ස හිමියන් ගේ බලාපොරොත්තුව සඵල වුණා.නැවත ලංකාවට වැඩම කළ උන් වහන්සේ අද දක්වා පවතින අමරපුර නිකාය ආරම්භ කරනු ලැබුවා.ඉන් පසුව උන් වහන්සේ ලංකාවෙන් සොයාගත නොහැකිව ගත නොහැකිව තිබූ ධර්ම ග්‍රන්ථ කීපයක් ලබා ගැනීමට නැවතත් බුරුමය වෙත වැඩම කළා .

මේ බුරුම ගමන් දෙකටම අඹගහපිටියේ ඤාණවිමල තිස්ස මහා නායක හිමියන් සමග සහභාගි වුණු එක ස්වාමීනවහන්සේ නමක් වන්නේ වතුරේගම ධම්මාධාර තිස්ස හිමියන්.උන් වහන්සේ අතිශයින් උගත් සහ මනා පෞරුෂයකින් හෙබි භික්ෂුන් වහන්සේ නමක්.දෙවැනි වර බුරුම ගමනින් පසුව අඹගහපිටියේ ඤාණවිමල තිස්ස මහනායක හිමියන් නැවතත් ලංකාවට වැඩම කළත් වතුරේගම ධම්මාධාර තිස්ස හිමියන් බුරුමයේම නතර වීමට උන්වහසේගෙන් අවසර ඉල්ලා සිටිනවා.

ඊට අවසර ලැබුණු නිසා උන්වහන්සේ තව දුරටත් බුරුමයේ තුළ රැඳී සිටිමින් ලංකාවේ නොමැති ධර්ම ග්‍රන්ථ පිටපත් කරමින් සහ බුරුමයේ විවිධ පූජ්‍යස්ථාන වෙත වන්දනා ගමන්වල යෙදෙනවා.හැබැයි සමහර ඓතිහාසික වාර්තාවල නම් කියවෙන්නේ වතුරේගම ධම්මාධාර තිස්ස හිමියන් පළමු බුරුම ගමනේදීම බුරුමයේ වැඩ වාසය කිරීමට තීරණය කළ බවත් ඤාණවිමලතිස්ස හිමියන් පලමු වර බුරුමයේ ඉසිට ලංකාවට වැඩම ට වැඩම කරන කරන අවස්ථාවට උන්වහන්සේ සහභාගි නොවුණු බවත්.

වතුරේගම ධම්මාධාර තිස්ස හිමියන් සමගම උන්වහන්සේගේ ගිහි කළ ඥාති වුණු තවත් සාමණේර නමක් නවතිනවා.නෑ කමට උන්වහන්සේගේ මවගේ වැඩිමහල් සහෝදරියගේ පුතා.මේ දරුවා දැඩි ලෙස මුරණ්ඩු ඇවතුම් පැවතුම් සහිත පුද්ගලයෙක් නිසා ඔහුව මහණ කරගෙන බුරුමයට ගෙන යන්න ධම්මාධාර තිස්ස හාමුදුරුවෝ කටයුතු කරනවා.මේ සාමනේර හාමුදුරුවන්ගේ නම වුණේ රත්නපාල.හැබැයි මහණ වුණත් උන්වහන්සේ මුරණ්ඩුකම් අතාරින්නේ නැහැ.මේ නිසා වතුරේගම ධම්මාධාර හාමුදුරුවරුන්ටත් විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.අවසානයේදී මේ රත්නපාල වතුරේගම ධම්මාධාර හාමුදුරුවන්ගේ අකමැත්ත මැද්දෙම සිවුරු හරිනවා.ඊට පස්සේ බුරුම ඌරුව අනුව “රත්නපෝල්” කියන නම භාවිතා කරන්න පටන් ගන්නවා.නමුත් සිවුරු ඇරීමෙන් පස්සෙ වුණත් මේ රත්නපාල ගුරු හාමුදුරුවන්ව දාලා යන්නේ නෑ.

වතුරේගම ධම්මාධාර හාමුදුරුවන්ගේ උගත්කම නිසාම බුරුමයේ රාජ සභාව තුළ උන්වහන්සේට විශාල පිළිගැනීමක් ලැබෙනවා.වර්තමාන ඉන්දියාවේ කොටසක් වෙලා තියෙන ඇසෑම් රාජ්‍යය ඒ කාලෙදි බුරුමයේ යටත් රාජ්‍යයක්. විවිධ සම්පත් වලින් සම්පත්වලින් අනූන වූ ඇසෑමය තමන් සතු කරගන්න බ්‍රිතාන්‍යයෝ උත්සහ දරනවා.මේ කාලෙදී ධම්මාධාර හාමුදුරුවෝ සහ රත්නපාල ඇසෑමයේ වාසය කරනවා.බුරුමයේ පාලනය පිළිගත්ත අසෑමයේ රජ කළ රජතුමා ධම්මාධාර හාමුදුරුවන්ට තමන්ගේ ගුරුවරයට වගේ ගෞරව කරනවා. ඒ අතරතුරේදී නැවතත් බ්‍රිතාන්‍යයන් ඇසෑමයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරනවා.

ධම්මාධාර හාමුදුරුවන්ට රාජ්‍යයේ කටයුතු භාර දීපු රජතුමා බ්‍රිතාන්‍යයන්ට එරෙහිව යුද්ද කරන්න යනවා.නමුත් රජතුමා සටන් බිමේදී මිය යනවා.රාජ සභාවේ හිටපු අනිත් නිලධාරීන් ධම්මාධාර හාමුදුරුවන්ව ඇසෑමයේ රජතුමා විදිහට සළකලා බ්‍රිතාන්‍යයන්ට එරෙහිව යුද්ධ කරන්න අණ දෙන්න කියලා උන්වහන්සේගෙන් ඉල්ලා සිටිනවා.නමුත් උන්වහන්සේ බෞද්ධ භික්ෂුවක් විදිහට ප්‍රාණඝාතයට දායක වෙන්න තමන්ට නොහැකි බව ප්‍රකාශ කරලා ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා.බ්‍රිතාන්‍යයන් සමඟ සටන් කිරීමෙන් පරාජයම පමණක් උරුම වන බව දන්න උන්වහන්සේ ඇසෑමය පාලන කටයුතු බ්‍රිතාන්‍යයන්ට භාර දෙන්න සාකච්ඡා කරනවා.

මේ කටයුතු නිම වුණාට පස්සේ උන්වහන්සේ තමන් වහන්සේට නැවතත් ලංකාවට වැඩම කිරීමට අවශ්‍ය බව බ්‍රිතාන්‍යයන්ට පවසනවා ඒ අනුව උන් වහන්සේව සහ රත්නපාල කල්කටාව වෙත බ්‍රිතාන්‍යයන් ගෙනියනවා.රත්නපාල තමන්ට ලංකාවට යන්න බැහැයි කියලා කියපු නිසා ධම්මාධාර හාමුදුරුවෝ රත්නපාලට ජීවත් වෙන්න තීන්ත වට්ටෝරුවක් ගැන කියලා දෙනවා.ඊට පස්සේ උන්වහන්සේ උන්වහන්සේ ලංකාවට වැඩම කරනවා.

රත්නපාල උන්වහන්සේ ලබා දීපු තීන්ත වට්ටෝරුව භාවිතා කරලා පාල් තීන්ත නමින් තීන්ත වර්ගයක් නිෂ්පාදනය කරලා කල්කටාවේ කෝටිපතියෙක් බවට පත් වනවා.මේ කාලෙදි ජේම්ස් ප්‍රින්සෙප් කියන පඩිවරයා අශෝක ශිලාලිපි කියවන්න දාපු දරපු උත්සාහය දී රත්නපාල ඔහුට සහය ලබා දෙනවාමේ කාලෙදී ජේම්ස් ප්‍රින්සේප් ඇතුළු විවිධ පර්යේෂකයන්ට ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තිබ්බා.ඒ තමයි බ්‍රාහ්මී අක්ෂර වලින් ඉන්දියාවේ විවිධ ප්‍රදේර්ශවලින් හමුවන සෙල්ලිපි වල සඳහන් වෙලා ඉන්න “දේවානම් ප්‍රියදර්ශීන්” කියන රජතුමා කවුද කියලා.

පැවිදි ජීවිතය තුළ දී විවිධ ග්‍රන්ථ රාශියක් කියවල තිබ්බ රත්නපාල ලංකාවේ මහාවංශයේ දේවානම්පියදස්සි කියන නම අශෝක අධිරාජයා සඳහා භාවිතා වෙලා තියෙනවා කියලා ප්‍රින්සෙප් පඩිවරයාට පැහැදිලි කරනවා.ඉන්දීය ඉතිහාසය ගැන ලොකු ගැටළුවක් ගැටලුවක් මේ විදිහට විසඳෙනවා..ලංකාවට නැවතත් රත්නපාල නො ආවත් තමන්ගේ ගුරු හාමුදුරුවන්ට වගේම ලංකාවේ විවිධ විහාරස්ථානවලට උදව්පදව් කරන්න ඔහු කටයුතු කරනවා.වතුරේගම ධම්මාධාර තිස්ස හාමුදුරුවෝ අවුරුදු හැත්තෑ අටක් ක් ආයු වළඳලා අපවත් වෙනවා.ඊට වසර කීපයකට පස්සේ රත්නපාල මිය යනවා. රත්නපාලට උරුම කාරයෙක් නොවුණු නිසා ඔහුගේ බූදලය ට ලංකාවේ ඥාතීන් වෙතොත් ඉදිරිපත් වෙන්න කියලා ඉන්දියාවේ අධිකරණයක් මගින් දැනුම් දෙනවා

ඒ කාලේ ප්‍රසිද්ධ කිවිඳියක් රූණ හාමිනේට ධම්මාධාර හාමුදුරුවෝ මෙහෙම කවියක් ලියලා තියෙනවා කියලා ජනප්‍රවාදයක් තියෙනවා.

නෙක රටවල ඇවිද මම දැකපු විසිතුරු

එක මුවකින් වනා නිමවනු බැරි අයුරු

මෙකතට සරිලියක් මම නුදුටිමි මිතුරු

ලක රජ මහිමි නම් අද දෙමි නෙක ඉසුරු

මේ කවියෙන් උන්වහන්සේ කියන්නේ තමන් වහන්සේ බොහෝ රටවල් ගණනක සංචාරය කරලා තියෙනවා කියලා.මේ තොරතුරු ඔබට ගෙන එන්න අපි මූලාශ්‍රවල දෙකක් පාවිච්චි කළා.

ඒ තමයි අග්ගමහාපණ්ඩිත පොල්වත්තෙ බුද්ධදත්ත හාමුදුරුවෝ රචනා කරපු සමීපාතීතයේ බෞද්ධාචර්යයෝ කියන පොතේ 20 පිටුවේ අඹගහපිටියේ ඤාණවිමල තිස්ස හාමුදුරුවරුන් ගැන සඳහන් වන කොටසේ රාජ්‍යානුශාසනා කළ ශිෂ්‍යයෙක් විදිහට සඳහන් වන අනු පරිච්ඡේදය

ඊට අමතරව වෛද්‍යකලානිධි ඩී.ඩී.ඇම් සෙනෙවිරත්න සහ විදුහල්පති පී.ඩී.පී පියතිලක යන අය විසින් සංස්කරණය කරන ලද වැලිතොට නම් ග්‍රන්තයට කල්කටාවේ නම් තැබූ වැලිතොට පොත් රෙහානා නමින් ගල් වෙහෙර ඉසෙඩ් සී ද සිල්වා මහතා රචනා කළ ලිපිය.