Hela Rahas

Hela Rahas Official Web Portal

ඉංග්‍රීසි කතා කරන්න පුරුදු වෙන්න සරල ක්‍රම

අද වෙනකොට සෑම කෙනෙක්ම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න වැඩි උනන්දුවක් දක්වනවා.මේ සදහා විවිද පාඨමලා සදහා අදික මුදල් වැය කරමින් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ගියත් බොහෝදෙනෙකුට හිතන තරම් ප්‍රතිපල ලබගන්න බැරිව යනවා.ඉතින් ආ අපි ඔබව දැනුවත් කරන්න යන්නේ ඉංග්‍රීසි කතා කරන්න පුරුදු වෙන්න සරල ක්‍රම 10ක් හා ඉංග්‍රීසි පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් ඇප් ටිකක් ගැන දැනුවත් කරන්න

සුදු ජාතිකයෙක් වගේ හරි හරියට ඉංග්‍රීසි කතා කරන්න සිහිනයක් අපි හැමෝටම තියෙනවා. අපේ මව් භාෂාව නොවුනත් අද වෙන කොට ඉංග්‍රීසි නැතුව කිසි දෙයක් කර ගැනීමට පුළුවන් කමක් නැහැ. සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්න වුණත්, රාජකාරී කටයුත්තකට කාර්යාලයකට ගියත්, කෑමක් කන්න ටිකක් හොඳ අවන්හලකට ගියත් ඉංග්‍රීසියෙන් කතා කරන්න සිදු වෙනවා. හොඳින් ඉංග්‍රීසි කතා කිරීමට නොහැකි නිසා මේ වගේ අවස්ථාවල ඔබ අපහසුතාවයට පත්වෙච්ච වෙලාවල් ඇති නේද? සමහරු නම් කියයි “මේ සිංහල රටේ ඉන්න අපි මොකටද ඉංග්‍රීසි කතා කරන්නේ” කියලා.

එත් වෙනස් වෙන ලෝකයේ අපට තැනක් හදාගන්න, ඉදිරියට යන්න ඉංග්‍රීසි හොඳින් කතා කරන්න පුළුවන් වෙන එක අවශ්‍යම දෙයක්. ඉංග්‍රීසි කතා බහ තුළින් කෙනෙක්ගේ සමාජ තත්වය මනින්නත් අද වන විට බොහෝ දෙනෙක් පෙළඹිලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් නම් එයාට යමක් කමක් පුළුවන් වැදගත් පුද්ගලයෙක් කියලා සිතුවිල්ලක් නිරායාසයෙන් හැමෝගෙම හිතට එනවා. තැනකට ගිහින් ඔයා ඉංග්‍රීසියෙන් කතා කළොත් ලැබෙන සැළකිල්ලයි සිංහලෙන් කතා කලොත් ලැබෙන සැළකිල්ලයි හරියට අහසට පොළොව වගේ. අනිවාර්යෙන්ම ඉංග්‍රීසියෙන් කතා කළොත් ඉතා හොඳ සැළකිල්ලක් ලැබෙනවා වගේම ඉතා ඉක්මනින් සහ පහසුවෙන් ඔයාට කරගන්න පුළුවන්.

අපේ රටේ බොහෝ දෙනෙක්ට ඉංග්‍රීසියෙන් ලියන්න කියන්න පුළුවන් වුණත් කතා කරන්න පුළුවන් ටික දෙනෙක්ට විතරයි. එකට හේතුව ගොඩක් දෙනෙක් ඉංග්‍රීසියෙන් කතා කරන්න බයයි. අකුරු සහ වචන ලියන්න පුළුවන් වුණත් ඒවා කියන්නේ කොහොමද කියලා ගොඩක් අය දන්නේ නැහැ. ඒ වගේම ඉංග්‍රීසි කතා කරද්දී වැරදෙද්දී අනිත් අය හිනා වෙයි කියලා ලැජ්ජාවක් ඇති කරගන්නවා. මේ හින්දා ඉංග්‍රීසි කතා කරන්න කට්ටිය පහු බහිනවා. මඟ තොටේ යද්දී පත්තරයක් අරන් බැලුවත් හතු පිපෙනවා වගේ “Spoken English Classes”, එහෙම නැත්තම් ඉංග්‍රීසි කතා කිරීමේ පන්ති හැමතැනම අපි දකිනවා. එත් මේ පන්ති වලට ගිහින් විතරක් ඉංග්‍රීසි හොඳින් කතා කරන්න පුළුවන් වෙච්ච අය ගැන අපි වැඩිය අහල නැහැ. මොකද ඉංග්‍රීසි කතාව කියන්නේ සති කිහිපයක පන්තියකට ගිහින් වෙන එක්කෙනෙක් කියලා දෙන දේ අහගෙන සටහන් අරගෙන පුරුදු වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. අනිත් අයත් එක් අනිත් එක රැකියාවේ හෝ ඉගෙනීම් කටයුතුත් එක්ක තියෙන කාර්යබහුලත්වය එක්ක මේ පන්ති වලට යන්න ගොඩක් දෙන්නෙක්ට වෙලාවක් නැහැ.

කණ්නාඩියක් ඉස්සරහට ගිහින් තනියෙම ඉංග්‍රීසියෙන් කතා කරන්න-විනාඩි දෙක තුනක් අරන් ඔයාගේ හිතට එන ඕනෙම දෙයක් ගැන පුළුවන් විදිහට කතා කරන්න. ඔයාට වැරදුනත් හිනා වෙන්න කවුරුවත් නැති නිසා බය වෙන්න දෙයක් නැහැ. මොකක් හරි අදහසක් කියාගෙන යද්දී වචන දන්නේ නැතුව මඟදී හිර වෙනවා වගේ හිතෙනවා නම් එක වෙන විදිහකින් කියන්න උත්සාහ කරන්න. කණ්නාඩියක් ඉස්සරහ කතා කරන එකේ වැදගත්කම තමයි ඔයාට හැඟීමක් එනවා ඔයා තව එක්කනෙක් එක්ක කතා කරනවා වගේ. එත් එක්කම කතා කරද්දී ඔයාගේ මුහුණ, කට, ශරීරය හැසිරෙන විදිහත් ඔයාටම බලාගන්න පුළුවන්. මේ විදිහට දවසට දෙතුන් වතාවක් කළොත් මේක ඔයාගේ දින චර්යාවේ අංගයක් වෙලා ඔයාටත් නොදැනීම ඔයාගේ ඉංග්‍රීසි කතාව දියුණු වේවි.

ඔයාගේ ඉංග්‍රීසි කතාව පටිගත කරලා නැවත අහන්න-මේක පළවෙනි පාර දැක්ක ගමන් ටිකක් ඒ වැඩේ නුහුරුයි වගේ හිතෙනවා නේද? එත් විශේෂඥයින්ට අනුව ඉංග්‍රීසි කතා කරන්න පුරුදු වෙන්න මේ තමයි හොඳම විදිහ. ඔයාට පුළුවන් මේ ස්මාර්ට් ෆෝන් වලින් ඔයා ඉංග්‍රීසි කතා කරද්දී පටිගත කරගන්න. රූපවාහිනියේ හරි අන්තර්ජාලයේ හරි දකින ඉංග්‍රීසි වැඩසටහන් වල වාක්‍ය පුළුවන් විදිහට කියන්න උත්සාහ කරන්න. ඊළඟට පටිගත කරපු එක ඔයාම නැවත අහලා මුල් වාක්‍යයේ විදිහට හරි යනකම් නැවත නැවත උත්සාහ කරන්න. මේ ක්‍රමයේ තවත් වාසියක් තමයි ඔයාට මඟ තොටේ යන ගමන් වුණත් ඉයර් ෆෝන් දෙකක් යොදාගෙන නැවත නැවත අසමින් පුරුදු වීමට පුළුවන් වෙන එක.

ඉංග්‍රීසි උපසිරැසි එක්ක ඉංග්‍රීසි චිත්‍රපටි බලන්න-අපි අසාවෙන් නරඹන ඉංග්‍රීසි චිත්‍රපටත් ඉංග්‍රීසි කතාව පුරුදු වෙන්න උදව්වක් කරගන්න පුළුවන්. ඒකට ඔයා කරන්න ඕනේ ඉංග්‍රීසි උපසිරැසි එක්ක ඉංග්‍රීසි චිත්‍රපටි බලන එක. එතකොට ඔයාට පුළුවන් වෙනවා ඒ චිත්‍රපටි වල නළු නිළියෝ කියන දෙබස් හොඳින් තේරුම් ගන්න. උපසිරැසි එක්ක බලන නිසා ඔවුන්ගේ උච්චාරණය තේරුණේ නැති උනත් ඒවා අල්ලගන්න පුළුවන්. එහෙමත් නැත්තම් උපසිරැසි වල තියෙන දන්නේ නැති වචන කියන හැටි ඉගෙන ගන්නත් පුළුවන්. ඔයාට පුළුවන් වැදගත් කියලා හිතෙන වාක්‍ය, සංවාද කොළයක ලියාගෙන ඒවා පසුව මතක් කරගන්නත්. චිත්‍රපටි වල ගොඩක් වෙලාවට එදිනෙදා ජීවිතයේදී භාවිතා වන සංවාද තියෙන නිසා ඉංග්‍රීසි ඉගෙන කතාව ඉගෙන ගන්නා හොඳ ක්‍රමයක්. www.opensubstitles.org කියන වෙබ් අඩවියෙන් නොමිලේ ඉංග්‍රීසි උපසිරැසි ලබාගන්න පුළුවන්.

ඉංග්‍රීසි සිංදු අහන ගමන් ඒවා ගායනය කරන්න-අපි අසාවෙන් රසවිඳින ඉංග්‍රීසි ගීතවලින් ඉංග්‍රීසි කතාව පුරුදු වෙන්නේ මෙහෙමයි. සිංදුවත් වාදනය වෙනවාත් එක්කම හයියෙන් ඔයත් ගායනය කරන්න. සිංදුවේ වචන දන්නේ නැතිනම් අන්තර්ජාලයෙන් හොයාගෙන ඒ දිහා බලාගෙන ගායනය කරන්න. කැරෝකේ වීඩියෝ දිහා බලාගෙන ගෙන ගායනා කිරීමත් තව විදිහක්. වාහනයක ගමන් කරද්දී වුණත් ඔයාට මේ ඉංග්‍රීසි ගීත අහන එක කරන්න පුළුවන්.

මඟ තොටේ දකින ඉංග්‍රීසි වචන කියන්න උත්සාහ කරන්න-ඔයා පාරේ යද්දී දකින විවිධ දැන්වීම්/නාම පුවරු වල හරි අළුත් තැනකට ගියාම දන්නේ නැති අළුත් ඉංග්‍රීසි වචන තිබෙනවා නම් ඒවා කියන්න උත්සාහ කරන්න. එකෙන් එදිනෙදා ජීවිතයේදී භාවිතාවෙන වගේම දන්නේ නැති අළුත් වචන ඉංග්‍රීසියෙන් කියන්න ඔයාට පුළුවන් වෙනවා. එකෙන් ඉංග්‍රීසි කියන්නේ ඔයාගේ ජීවිතයට සමීප දෙයක් බවට පත් වෙනවා. කියන විදිහ හරියට හිතාගන්න අමාරුයි නම් ඔයාට පුළුවන් ඒ වචන ෆෝන් එකේ ලියාගෙන ඇවිත් හරියට කියන විදිහ අන්තර්ජාලයෙන් හොයාගෙන පුරුදු වෙන්න.

කියන විදිහ දන්නැති ඉංග්‍රීසි වචන YouTube එකෙන් බලන්නඔයා ඉංග්‍රීසි වචනයක් කියන විදිහ දන්නේ නැත්තම් ඔයාගේ සහයට YouTube ඉන්නවා. ඔයා කියන විදිහ දන්නේ නැති වචනය “How to pronounce (හිස්තැනට දන්නේ නැති වචනය ටයිප් කරන්න) කියලා ටයිප් කරලා සර්ච් කරන්න. එතකොට ඒ වචනය උච්චාරණය කරන විදිහ තියෙන වීඩියෝ ගොඩක් ඔයාට දකින්න ලැබේවි. ඒ වීඩියෝ වල විශේෂත්වය වන්නේ වචනය කොටස් කිහිපයකට කඩලා වචනය කියන විදිහ හිමින් ඕනෑම කෙනෙකුට අල්ලගන්න පුළුවන් විදිහට හදලා තියෙන එක. වාක්‍ය වුණත් මේ ආකාරයෙන් පුරුදු වෙන්න පුළුවන්. මේ ක්‍රමය ඉතා සාර්ථකව ඉංග්‍රීසි කතාව වැඩි දියුණු කරගන්න යොදා ගන්න පුළුවන්.

එදිනෙදා කතාබහ ඉංග්‍රීසියෙන් කතාකරන විදිහ පුරුදු වෙන්න-සාමාන්‍ය ජීවිතයේදී අපි සිංහලෙන් කතාබහ කරන විදිහ ඉංග්‍රීසියෙනුත් කතා කරන්න ඉගෙන ගන්න. කඩයකින් බඩුවක් මිලදී ගන්න ගියාම, අවන්හලකට කෑම ගන්න ගියාම, සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන විට, කාර්යාලයේදී ප්‍රධානියා සමඟ සිදුවන සංවාද යාළුවෙක් මුණ ගැසුණාම, සංචාරකයෙකුට පාර පෙන්නන විදිහ ආදී එදිනෙදා ජීවිතේ සිදුවීම් ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන විදිහ පුරුදු වෙන්න. ඒ අවස්ථාවේදී කතාවෙන දේවල් ඉංග්‍රීසි වාක්‍ය වලින් පුහුණු වෙලා මතක තියාගන්න. එතකොට ඇත්ත ජීවිතේදී ඒ වගේ වේලාවකදී ඉංග්‍රීසියෙන් කතා කරන්න සිද්ධ වුණොත් බය වෙන්න ලැජ්ජා වෙන්න දෙයක් නැහැ. මොකද ඔයා ඒ අවස්ථාවට මුහුණ දෙන්න කලින්ම සූදානම් වෙලා ඉන්න නිසා.

හොඳට ඉංග්‍රීසි පුළුවන් අය එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න-හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් යාළුවො ඔයා අඳුරනවා ඇති. එහෙමත් නැත්තම් ඔයාගේ කාර්යාලයේ, ඉගෙන ගන්නා තැන ඒ වගේ අය හමු වෙනවා ඇති. ඉංග්‍රීසි හොඳට පුළුවන් අයත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න උත්සාහ කරන්න. ඔයා ඉංග්‍රීසි හොඳට කතා කරන්න උත්සාහ කරනවා කිව්වොත් එයාලා ඔයාට තවත් උදව් කරයි වගේම හොඳට කතා කරයි. එහෙම උදව් ඉලන්න ලැජ්ජා වෙන්න එපා. මොකද ඉංග්‍රීසි අපේ මව් බස නෙමෙයිනේ. වැඩියෙන් කතා කරන්න කරන්න තමයි ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්නේ. පොඩි කාලේ අපි සිංහල කතා කරන්න පුරුදු’ වුණෙත් වැරදි වැරදි අපේ වැඩිහිටියෝ එක්ක කතා කරලානේ. ඒ නිසා දුරකතනයෙන් හරි හැකි හැම අවස්ථාවකම ඔයාට වඩා ඉංග්‍රීසි පුළුවන් අය එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න උත්සාහ කරන්න.

ව්‍යාකරණ ගැන හිතන්නේ නැතුව කතා කරන්න-ඉංග්‍රීසි ව්‍යාකරණ ගැන මතක් වෙද්දී ඉංග්‍රීසි කතා කරන්න පුරුදු වෙන අය ටිකක් බය වෙනවා. මොකද ඉංග්‍රීසි ව්‍යාකරණ ටිකක් අමාරුයි කියලා අපි අතරේ මතයක් තියෙන නිසා. ඔයාට ඕනේ ඉංග්‍රීසි කතාව වැඩි දියුණු කරගන්න, ඒ නිසා මේ මොහොතේ ව්‍යාකරණ ගැන වද වෙන්න එපා. ව්‍යාකරණ නෙමෙයි කතාවේ දක්ෂ බවයි වැදගත් වෙන්නේ. ගොත ගහන්නේ, ලැජ්ජා වෙන්නේ, බය වෙන්නේ, නවත්තන්නේ නැතුව කතා කිරීමයි වැදගත්. කතාවෙන් දක්ෂ වුණාම ඉබේම ලේසියෙන්ම ඉංග්‍රීසි ව්‍යාකරණ හදාගන්න පුළුවන් වෙනවා.

ඉංග්‍රීසියෙන් හිතන ගමන් තමන්ටම කතා කරන්න-ගොඩක් දෙනෙක්ට ඉංග්‍රීසියෙන් කතා කරන්න අමාරු වෙන්නේ එයාලා ඉස්සෙල්ලම සිංහලෙන් හිතලා ඊළඟට ඒක ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න යන නිසා. එතකොට කතාව ප්‍රමාද වෙනවා වගේම අනිත් අයට තේරෙනවා ඔයා අමාරුවෙන් හිත හිතා කතා කරනවා කියලා. අපි හිතන්නේ සිංහලෙන් නිසා ඕනෑම දෙයක් සිංහලෙන් කියන්න අපිට ලේසියි. ඒ නිසා ඔයාට හොඳට ඉංග්‍රීසි කතා කරන්න ඕනේ නම් ටිකෙන් ටික ඉංග්‍රීසියෙන් හිතන්න පටන් ගන්න. මුලින් ටිකක් අමාරුයි කියලා හිතුණත් ටිකක් කල් යද්දී ඔයාට ඒකට පුරුදු වේවි. ඒ වගේම තමන් එක්කම ඉංග්‍රීසියෙන් කතා කරන්න. තව කෙනෙක් එක්ක කතා කරනවාට වඩා ඒක ලේසියි. අනික් අතට කාටවත් ඔයා කියන දෙය ඇහෙන්නේ නැති නිසා වරදියි කියලා ලැජ්ජා වෙන්න ඕනේ නැහැ. ඉංග්‍රීසි කතා කරන්න ආත්ම විශ්වාසය වඩවන්න මේක ඉතා හොඳ ක්‍රමයක්.

ඉපදෙනකොට කිසිම භාෂාවක් දැනගෙන හිටියේ නැති අපි අද හොඳට සිංහල කතා කරන්නේ. ඒ වගේම ඉංග්‍රීසි කතා කරන්න පුරුදු වෙන්නත් අපිට පුළුවන්. ඉංග්‍රීසි කතාවත් හරියට ක්‍රීඩාවක් වගේ. හුසේන් බෝල්ට් මීටර් 100 තරඟයේ ලෝක වාර්තාව පිහිටුවන්න කොච්චර නම් පුහුණු වීම් කරන්න ඇති ද? ඒ වගේම තමයි වැඩි වැඩියෙන් පුරුදු වෙන්න පුහුණු වෙන්න තමයි ඔයාටත් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්නේ. මේ ක්‍රම 10 පාවිච්චි කරොත් ඉංග්‍රීසි කතා කිරීම වැඩි දියුණු කර ගන්න ඔයාගේ තියෙන හීනයට යන ගමනට ලොකු උදව්වක් වේවි.

ඉංග්‍රීසි ඉගෙන ගන්න හොදම මොබයිල් ඇප් 5ක්

අද කාලේ තරුණ පරපුරේ හොඳම මිතුරා තමයි ස්මාර්ට් ෆෝන්ස්. හැම තිස්සෙම ළඟ රැඳෙන නැතුවම බැරි ස්මාර්ට් ෆෝන් එක ඔයාගේ ඉංග්‍රීසි ගුරුවරයා කරගන්නත් දැන් ඔයාට හැකියාව තියෙනවා. හරිම සරලව කිව්වොත් ඔයා යන තැන ඔයත් එක්ක එන ඉංග්‍රීසි ගුරුවරයෙක් මේ මඟින් ඔයාට ලැබෙනවා. ඉතාම සුළු දෙයයි කරන්න තියෙන්නේ. ඔයා දැනටමත් ස්මාර්ට් ෆෝන් එකට ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප් වගේ ඇප්ස් “Play Store” එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන පාවිච්චි කරනවා ඇති නේ. ඒ වගේම විවිධාකාරයෙන් සැකසුණු ඉංග්‍රීසි ඉගෙන ගන්න, කතා කරන්න උදව් කරන ඇප්ස් මේ “Play Store” එකේ අඩංගු වෙනවා.

මොබයිල් ඇප් වලින් ඉංග්‍රීසි ඉගෙන ගන්න එකෙන් ලැබෙන වාසි ගැන දැනගත්තොත් මේ ඇපස් භාවිතා කරන්න ඔයා දෙපාරක් හිතන එකක් නැහැ.

වැඩි ඵලදායිතාවය – මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න ඇප් ඔයාගේ මොබයිල් ෆෝන් එකේ තියෙන නිසා හැමදාම වැඩට හෝ ඉගෙනීම් කටයුතු වලට යන අතර මඟදී වුණත්, වෛද්‍යවරයෙක් පැමිණෙන කම් බලන් ඉදිද්දී වගේ ඔයාගේ වේලාව නිකන් නාස්ති වෙලා යන ඕනෑම වේලාවකදී පාවිච්චි කරන්න පුළුවන්. වෙනදාට මේ වගේ වෙලාවල් වලට ඔයා කරේ මොබයිල් ගේම් ගහන එක නම් ඒ වෙනුවට දැන් ඔයාට මේ ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ ඇපස් වලින් ඒ කාලය ඵලදායී දෙයකට යොදවන්න පුළුවන්.

ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක භාවිතා කිරීමේ හැකියාව – මොබයිල් ෆෝන් එක ඔයා එක්ක හැමතිස්සෙම ඉන්න නිසා ඔයාට මේ මොබයිල් ඇප්ස් හරහා ඕනේ වේලාවක ඕනේ තැනක ඉඳන් පාවිච්චි කරන්න පුළුවන්.විනෝදය සහ පෙළඹවීම – ඉතාමත් ආකර්ශණීය සහ සිත් ඇදගන්නා සුළු විදිහට නිර්මාණය කරලා තියෙන නිසා මේ ඇප් භාවිතයෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න එක ඔයාට ඉතාමත් විනෝදජනක දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා නිරත්තරයෙන් මේ ඇප් එක භාවිතා කරන්න ඔයා නිරායාසයෙන්ම පෙළඹෙනවා.

නොමිලේ ලබා ගැනීමට හැකි වීම – මුදල් ගෙවලා ලබාගන්න පුළුවන් සමහරක් ඇප් තිබුණත් ගොඩක් ඇප් නොමිලේම ඔයාට “Play Store” එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒවා නොමිලේ ලබාගන්න පුළුවන් වුණත් ගුණාත්මක බැවින් ඉතා ඉහළයි.

මේ ලිපියෙන් අපි කියන්නේ ඔයාට ඉංග්‍රීසි ඉගෙන ගන්න “Play Store” එකෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කරනගන්න පුළුවන් ගුණාත්මක බවින් ඉහළ ලෝකය පුරා ඔයා වගේ ඉංග්‍රීසි ඉගෙන ගන්න උනන්දු වන අය අතර ජනප්‍රිය වුණු ඉතා හොඳ ප්‍රතිචාර ලබාගත් ඇන්ඩ්රොයිඩ් ඇප්ස් කිහිපයක් ගැනයි.

Learning English:BBC News-ලෝකය පුරා ප්‍රසිද්ධ රුපවාහිනී නාලිකාවක් වන BBC News මඟින් මේ ඇප් එක පවත්වාගෙන යන නිසා මෙය ගුණාත්මක බවින් ඉතා ඉහළයි. ඕනෑම මට්ටමක කෙනෙක්ට තේරෙන විදිහට පාවිච්චි කරන්න පහසු ලෙස ඉදිරිපත් කරන නිසා මේක ඉංග්‍රීසි ඉගෙන ගන්න උනන්දු වෙන අය අතරේ ජනප්‍රියයි. BBC News, 6 Minute English, English at Work, English at University ආදී වශයෙන් ඔයාගේ අවශ්‍යතාවය අනුව සැකසුණු වැඩසටන් රාශියක් මෙහි අන්තර්ගත වනවා. මේ ඇප් එකේ එන පාඩම් වලින් ඔයාගේ ඉංග්‍රීසි ව්‍යාකරණ ගැන දැනුම, කතා කිරීමේ හැකියාව, වචන මාලාව වර්ධනය කරගන්නා පුළුවන්. මෙහි පාඩම් පිටපතත් සමඟින් එන ඕඩියෝ වලින් සමන්විතයි. දිවා සහ රාත්‍රී කියා මාදිලි දෙකකු මෙහි අඩංගුයි. ඔයා ඉංග්‍රීසි විභාගයකට සූදානම් වෙද්දී වුණත් මේ ඇප් එක ෆෝන් එකේ තිබීම ප්‍රයෝජනවත්. තවත් සුවිශේෂිත්වයක් තමයි ඔන්ලයින් සහ ඕෆ්ලයින් කියලා මාදිලි දෙකකින් තියෙන නිසා අන්තර්ජාල සබඳතාවයක් නැතුව වුණත් ඔයාට මේ ඇප් එක පාවිච්චි කරන්න හැකි වීම.කැමති පාඩමක් තෝරාගන්න ඔයාගේ මට්ටමට/අවශ්‍යතාවයට ගැලපෙන විවිධාකරයේ වැඩසටහන් ඔයාගේ මට්ටම මැනගන්න සැකසුණු ප්‍රශ්නාවලි ඔයාගේ රුචිකත්වය අනුව තෝරාගත හැකි විවිධ මාදිලි

Oxford Easy English Conversation-ඔයාට අවශ්‍ය එදිනෙදා ජීවිතයේදී භාවිතා වන ඉංග්‍රීසි පිළිබඳ දැනුම වැඩි කරගන්න නම් ඔයාට මේ ඇප් එක සුදුසු වනවා. ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න අරම්භකයෙක්ටත් මේ ඇප් එක නිර්දේශ කරන්න පුළුවන්. ඔයාට මෙහෙදී ඉතාමත් හිමින් කියවන එදිනෙදා ජීවිතයේදී අපි භාවිතා කරන සංවාද තුළින් තමයි ඉංග්‍රීසි ඉගෙන ගන්න ලැබෙන්නේ. මේ පාඩම් සකස් කරලා තියෙන්නේ ඉංග්‍රීසි ජාතිකයන්ගේ කතා විලාසය සහ උච්චාරණය ඔයාට සමීප කරන්න පුළුවන් විදිහට දෛනික මාතෘකා පදනම් කරගෙන. මේ මඟින් ඔයාගේ ඇසීමේ හැකියාවත් වර්ධනය වෙනවා වගේම සමාන්‍ය කතාවකදී ප්‍රශ්න අහන සහ පිළිතුරු දෙන ආකාරය පුරුදු වෙන්න පුළුවන්.එක සංවාදයකට සවන් දීලා ඉවර වුණාම එක ඔයාට කොච්චර දුරට තේරුණාද කියලා කියලා Practice Quiz (පුහුණු ප්‍රශ්නාවලියක්) එකකට පිළිතුරු දීලා බලාගන්න පුළුවන්. මේ ඇප් එක භාවිතා කරන්න ඔයාට අන්තර්ජාලය භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තවත් සුවිශේෂී වාසියක් තමයි ඔයා දන්නේ නැති වචනයක් මත ක්ලික් කළාම ඒ වචනේ සරල තේරුම මෙහි අඩංගු වන ශබ්ද කෝෂයෙන් ඔයාට පෙන්වා දෙන එක. ඊට අමතරව ඔයාට වාහනයක් පදවන ගමන් වුණත්, වෙන වැඩක නිරත වන ගමන් වුණත් භාවිතා කරන්න පුළුවන් ආකාරයට සකසා තිබීම තවත් වාසියක්.ඔයා කැමති සංවාදයක් තෝරාගන්න ඒ සංවාදය අහන්නද, පුරුදු වෙන්නද, Bookmark කරන්නද කියලා තෝරාගන්න ඕඩියෝ එකට සවන්දෙන ගමන් එහි අන්තර්ගතය කියවන්න
ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඔයාගේ මට්ටම මැනගන්න

VOA Learning English – Practice and Listening Everyday-VOA (Voice of America) කියන ජනප්‍රිය රුපවාහිනී ප්‍රවෘති නාලිකාව මඟින් තමයි මේ ඇප් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉගෙන ගන්නා අයට පහසුවෙන් තේරුම් ගත හැකි ලෙස සරල බසින් ලියන ලද සෙමින් කියවන කතා, පාඩම් වගේම ප්‍රවෘති වාර්තාත් මේ වැඩසටහනේ අඩංගු වනවා. ඕඩියෝ එක play වෙන අතරතුරේදී ඉන් කියවෙන වචන highlight කරලා පෙන්වන එක සහ ඒ ලියවිලා තිබෙන අන්තර්ගතය ස්වයංක්‍රීයව scroll වෙන එක මේ ඇප් එකේ විශේෂ අංගයක්. එකෙන් ඉගෙන ගන්නා කෙනාට පාඩමට අසා සිටීමට සම්පූර්ණ අවධානය යොමු කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ රුචිකත්වය අනුව කැමති පසුබිමක් යොදාගන්නත්, අකුරු වල වර්ණය, අකුරු වල ප්‍රමාණය වෙනස් කරන්නත් මේ ඇප් එකෙන් අවස්ථාව ලබා දීලා තියෙනවා.ඔයාට අවශ්‍ය ආකාරයට ඕඩියෝ එකේ වේගය, ස්වයංක්‍රීය නැවත වාදනය සකසා ගන්න පුළුවන්. කතාවක් කියවන ගමන් ඔයා දන්නේ නැති වචනයක් තිබුණොත් එකේ තේරුම බලාගන්නත් පුළුවන් අංගයක් මේ ඇප් එකේ අඩංගු වනවා. මේ ඇප් එකේ ඉගෙන ගන්න වීඩියෝ/ඕඩියෝ සේව් කරලා තියාගන්නත් පුළුවන්. ඔයාට අන්තර්ජාලය නැති අවස්ථාවක මෙහි අඩංගු පාඩම් බලාගන්න උවමනා නම් ඒවා කලින්ම සේව් කරලා තියාගන්න ඕනේ. වැඩසටහන් 18කින් 1000 කටත් අධික කතා ප්‍රමාණයක් මේ ඇප් එකේ පැමිණෙනවා. ඒ වගේම නිතරම අළුත් අළුත් පාඩම් ඔවුන් මේ ඇප් එකට එකතු කරනවා.

ඔයා කැමති ඕඩියෝ එකක් තෝරගන්න පුළුවන් ඕඩියෝ එක play වෙන අතරතුරේදී කියවෙන වචන highlight වීම වීඩියෝ සංවාද භාවිතයෙන් ව්‍යාකරණ ඉගෙන ගන්නඔයාගේ ප්‍රියතම වීඩියෝ සලකුණු කරගන්න, ඉගෙන ගන්න වීඩියෝ/ඕඩියෝ සේව් කරන්න

Improve English: Word Games ඇප් එක Google Play “Best of 2017” ඒ කියන්නේ 2017 වර්ෂයේ හොඳම ඇප් එකක් ලෙස තේරිලා තියෙනවා. මේ ඇප් එක නිර්මාණය කරලා තියෙන්නේ විවිධාකාරයේ ඉංග්‍රීසි වචන යොදාගනිමින් ඔයාගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරන්න උදව් වෙන්න. මෙහි ඉංග්‍රීසි පාඩම් සහ ගේම්ස් යන දෙවිදිහටම ඉංග්‍රීසි ඉගෙන ගන්නා පුළුවන් වීම විශේෂයි. හෙමින් පාඩම් කියලා දෙන නිසා ඔයාට මෙහි අන්තර්ගතය අල්ලා ගන්න පහසුයි. ඔයාගේ ඉංග්‍රීසි වචන මාලාව වර්ධනය කරනවා වගේම ඒවා උච්චාරණය කරන ආකාරයත් මේ ඇප් එකෙන් කියලා දෙනවා. මේ ඇප් එකේ සුවිශේෂිත්වය තමයි “Progress Tracker” එකක් මඟින් ඔයාගේ ඉංග්‍රීසි දැනුම කොච්චර දියුණු වෙලා ද කියලා දැනගන්න පුළුවන් වීම. ඔයාටම ගැලපෙන විදිහට සැකසුණු පුනරීක්ෂණ පරීක්ෂණ මෙහි අඩංගු වනවා. ඒ වගේම ඵලදායී විදිහට පාඩම් නැවත මතක් කරන්න “Flashcards” යොදාගන්නත් පුළුවන්. මේ ඇප් එකේ එන වචන ක්‍රීඩා සහ අනිකුත් භාෂා ක්‍රීඩා භාවිතයෙන් ඔයාට විනෝදයක් ලබන ගමන්ම ඉංග්‍රීසිත් ඉගෙන ගන්න හැකියාව තියෙනවා.ඉංග්‍රීසි දැනුමේ මට්ටමට ගැලපෙන ලෙස සැකසූ විවිධ පාඩම් ඉංග්‍රීසි නිපුණතාවය වැඩි කිරීමට සැකසුණු ගේම් ප්‍රගතිය දැන ගැනීමට හැකි වීම සහ තමාට අවේණිකව සැකසූ පරීක්ෂණ ගේම් තුළින් දැනුම මැන ගැනීමට හැකියාව