Hela Rahas

Hela Rahas Official Web Portal

එක මිනිසෙකු වෙසෙන කුඩා නගරය

ලොව බලගතුම රාජ්‍යන්ගෙන් එකක් ලෙස සැලකෙන ඇමරිකාවේ විශාලතම ජනගනය ඇති නගරය ලෙස සැලකෙන්නේ නිව්යෝක් නගරයයි. එරට ජනාකීර්ණ නගර සංස්ථාපිත නගර ලෙස නම් කර ඇති අතර එවැනි නගර 300ට අධික සංඛ්‍යාවක් පිහිටා තියෙනවා. එලෙස ජනගනය අධිකම නගර පහ පහත පරිදි ලැයිස්තුගත කර ඇති බව වාර්තා වෙනවා.

  1. නිව්යෝක් නගරය – ජනගනය 8 601 186
  2. ලොස් ඇන්ජලීස් නගරය- ජනගනය 4 057 841
  3. චිකාගෝ නගරය-ජනගනය 2 679 044
  4. හූස්ටන් නගරය – ජනගනය 2 359 480
  5. ෆීනික්ස් නගරය- ජනගනය 1 565 929

මෙලෙස අධික ජනගනයක් පවතින ඇමරිකාවේ තනි පුද්ගලයෙක් පමණක් වෙසෙන නගරයක් තිබෙන බව ඔබ දන්නවාද?

නෙබ්‍රස්කා ප්‍රාන්තයේ පිහිටි මොනොවි-මොනොවි කියන්නේ ඇමරිකාවේ නගර මෙන්ම ලෝකයේ සියලුම නගර අතරින් එක් ජනගහනයක් නැත්නම් එක් පදිංචි කරුවකු පමණක් සිටින එකම නගරය බවට වාර්තා වෙනවා. කුඩා නගරක් වූ මොනොවි හි දශක ගණනාවකට පෙර ජනගනය ලෙස වාර්තා වුනේ 150ක් පමණයි.

එක්සත් ජනපදයේ නෙබ්‍රස්කා ප්‍රාන්තයේ බොයිඩ් කවුන්ටි හි පිහිටි මෙම නගරය මිනිසුන් විසින් අතහැර දැමීමට බලපෑ ප්‍රධාන හේතුව වූයේ ළමා හා තරුණ ප්‍රජාව සමෘද්ධිමත් ජීවන තත්වයක් උදෙසා මෙන්ම වඩා හොඳ රැකියා අවස්ථා සඳහා වෙනත් නගර කරා සංවර්ධනය වීමයි.

2000 වසරේදී මෙම නගර සංගණනයේදී එහි වාර්තා වූයේ පදිංචිකරුවන් දෙදෙනෙක් පමණයි. මේ වන විට එහි සිටින්නේ එක් පදිංචිකරුවකු පමණයි. නියෝබරා ගග හා මිසුරි ගග අතර පිහිටා ඇති මෙම නගරයේ මුලු භූමි ප්‍රදේශය වර්ග සැතපුම් 0.21 නැත්නම් කි.මී 0.54 පමණ වෙනවා.

මොනෝවි හි එකම තානාපතිනිය- එල්සි අයිලර්-ඇමරිකාවේ කුඩාම නගරයේ එක්ම චන්ද දායිකාව හා නගරාධිපතිනය, භාණ්ඩාගාරික හා පුස්තකාලාධිපති වන්නේ 84 හැවිරිදි එල්සි අයිලර්. ඇය තමාටම මත්පැන් බලපත්‍රයක් ලබාදී තමාටම බදු ගෙවා ගැනීමට කටයුතු කරමින් සිටිනවා. ඇය දිනකට පැය 12ක් නගරාධිපති, භාණ්ඩාගාරික, පුස්තකාලාධිපති හා ලිපිකරු ලෙස සේවය කරන අතර සතියේ දින හයක් ඇය සතුව ඇති ආපනශාලාවේ සේවය කරනවා.

අයිලර්ගේ ස්වාමිපුරුෂයා වන රූඩි මිය ගොස් ඇත්තේ 2004 වසරෙදියි. ඉන් පසු සිය දරු මුණුපුරන් සමඟ වෙනත් නගරයකට යාම ප්‍රතික්ෂේප කළ අයිලර් එතැන් පටන් මොනොවි නගරයේ එකම වැසියා බවට පත්වෙනවා. අයිලර් සතුව පවතින ආපනශාලාවට අමතරව මොනෝවි හි තවත් එක් පොදු ගොඩනැගිල්ලක් තියෙනවා.

ඒ රූඩිගේ පුස්තකාලයයි. අයිලර්ගේ ස්වාමි පුරුෂයා වූ රූඩි සතුව පැවති පොත් එකතුව ඔහු විසින් මහජන පුස්තකාලයක් බවට පරිවර්තනය කිරීමට උත්සහ දරනවා. ඔහුගේ මෙම අභිලාෂය මල් ඵල දරන්නේ රූඩිගේ මරණයෙන් පසුවයි. ඒ අයිලර්විසින් අද වන විට මොනොවි හි පවත්වාගෙන යන පොත් සහ සඟරා 5000ක එකතුවක් වූ මහජන පුස්තකාලය ආරම්භ කිරීමෙන් පසුවයි.



(ලිපියේ නිර්මාණ අයිතිය හෙළ රහස් සතුයි )