Hela Rahas

Hela Rahas Official Web Portal

ඔබට ගැළපෙන ඇදුම් තොරගන්න ක්‍රමයක්

ඔබ කවදා හරි ඇඳුමක් මිල දී ගෙන එය නිවසේදී ඇඳලා බැලූ විට පමණක් ඒක ගැලපෙන්නේ නෑ කියලා සොයාගෙන තියෙනවාද ? ඒ ඔබට ගැලපෙන ප්‍රමාණය(size)නෙවෙයි වෙන්න ඇති.එහෙමත් නැත්නම් ඒකෙ රෙදි වර්ගය ඔබට අපහසු ඇති.මේ වගේ නොයෙක් හේතු නිසා බොහෝ විට එවැනි තත්වයකට මුහුණ දී ඇති.

විශේෂයෙන් ඔබ කවදා හෝ අන්තර්ජාලය හරහා යමක් මිලට ගෙන තිබේ නම්. නමුත් නිවැරදි ප්‍රමාණයේ ඇඳුම් පවා ඔබ සේදීමෙන් පසු බොහෝ විට කුඩා හෝ විශාල වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා අද හෙළ රහස් තුලින් මේ ලිපිය ඉදිරිපත් කරන්නේ අන්න ඒ වගේ ඔබ ඇඳුමක් මිලදී ගන්න විට කරන වැරදි වළක්වා ගන්න කරන උදව්වක් විදියටයි.කියවලාම බලන්නකෝ.

1.) නිවැරැදි මිනුම් ලබා ගැනීම.

1.උකුල් වට ප්‍රමාණයමැන ගැනීම: කැඩපතක් ඉදිරිපිට පැත්තට සිටගෙනයි උකුලේ වට ප්‍රමාණය මනින්ම ඕනෙ. මොකද පිටුපස පැත්තෙහි වඩාත්ම කැපී පෙනෙන වගේම පළල්ම කොටස් හරහා තමයි මිනුම් පටිය ගෙනයන්න ඕනැ. ඒ නිසා මේ පළල්ම පැති කණ්නාඩියක් ඉදිරිපිට පැත්තට හැරී බැලුවහම හොඳින් බලාගන්න පුලුවන්.

2.ඉණ වට ප්‍රමාණය මැන ගැනීම: ඉණ වට ප්‍රමාණය මැනීම සඳහා, ඔබේ බඩේ සහ ඉනේ සිහින්ම කොටස වටා ටේප් එක තබන්න.

3.පපුවේ වට ප්‍රමාණය මැන ගැනීම: පපුවේ වට ප්‍රමාණය මැනීම සඳහා, පපුවේ වඩාත් කැපී පෙනෙන කොටස් මත මිනුම් පටිය තබන්න. ඉන්පසු වටප්‍රමාණය මැනගන්න. මේ විදිහට ඇඟේ පළල්ම සහ වඩාත් කැපී පෙනෙන කොටස් හරහා ටේප් එක තියන්න කියන්නේ ,ඊට වඩා කුඩා තැනක් වටා ගන්න මිනුම් නිසා ඇඳුම් හිර වෙන්න පුලුවන් නිසයි.

4.බෙල්ලේ වට ප්‍රමාණය මැන ගැනීම: මේ මිනුම බොහෝ විට භාවිතා කරන්නේ පිරිමින් සඳහා කමිසවල ප්‍රමාණය තීරණය කිරීමටයි. බෙල්ල වටා ටේප් එක තබන්න. එය බෙල්ලේ ඉහළින්ම නෙවෙයි බෙල්ලේ පාමුලට වන්න තබා මිනුම් ගන්න.

ඔබ මිනුම් ගත් පසු, මෙම වගුව සමඟ ප්‍රතිඵලය සංසන්දනය කර නිවැරදි ප්‍රමාණය තෝරන්න.

අපි දීලා තියෙන්නෙ ජාත්‍යන්තරව පිළිගත් මිනුම්. UK size, US size කියලා ඔබ අහලා

ඇතිනේ. නමුත් ලංකාවේ සාමාන්‍ය කඩයකින් මිලදී ගන්නකොට නම් මේකෙ මිනුම් ගැලපෙන්නේ නැති වෙන්න පුලුවන්. සම්මත මිනුම් ක්‍රමයක් ඔවුන් බොහෝවිට යොදාගන්නේ නෑනෙ.ඒ නිසයි අපි brands දෙකකින් ගන්න එකම ප්‍රමාණයේ ඇඳුමක් එකක් අනිකට වඩා ලොකු හෝ පොඩි වෙන්නේ. නමුත් ජාත්‍යන්තර මිනුම් වල එහෙම නෑ. කලිසම් කමිස ඕනෙ දේකට අපි මේ දීලා තියෙන මිනුම් යොදාගන්න පුලුවන්

US – American size (ඇමරිකානු ප්‍රමාණය)
EU – European size (යුරෝපීය ප්‍රමාණය)
INT- International size (ජාත්‍යන්තර ප්‍රමාණය )

2.) අපි නිෂ්පාදකයාගේ නිර්දේශ කෙරෙහි අවධානය යොමු නොකිරීම.

අන්තර්ජාලය හරහා ඇඳුම් තෝරාගැනීමේදී,ඒ කිව්වේ ඔබ online shopping කරනවා නම් විවිධ නිෂ්පාදකයින්ගේ ප්‍රමාණයන් වෙනස් විය හැකි බව මතක තබා ගන්න. සෑම වෙබ් අඩවියකටම ඔබ විසින් සැලකිල්ලට ගත යුතු පරාමිතීන් සමඟ තමන්ගේම ප්‍රස්ථාරයක් (chart) තියෙනවා නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න.

3.) ඇඳුමේ රෙදි වර්ගය ගැන අවධානයක් යොමු නොකිරීම.

සේදීමෙන් පසු සමහර ඇඳුම් ක්ෂණිකව විශාල හෝ කුඩා වෙනවා. මේ තත්වය වළක්වා ගැනීම සඳහා, ඇඳුම සෑදී ඇති රෙදි වර්ගය කෙරෙහි අවධානය යොමු කරන්න: කපු සහ ලොම් සේදීමෙන් පසු කුඩා වන නමුත් සින්තටින් රෙදි වර්ග වලින් නිපදවන ලද ඇඳුම් විශාල වේ. ඊට අමතරව, නිෂ්පාදකයාගේ නිර්දේශ සැලකිල්ලට ගන්න. ඇඳුමේ ටැග් වල පින්තූර දෙස බලන්න.

තරමක් විශාල ප්‍රමාණයෙන් ගත යුතු ඇදුම්

සමහර ඇඳුම් මිලදී ගනිද්දී අපිට ගැලපෙන ප්‍රමාණයෙන් තිබ්බට එක වර සේදුවාම ඒක හිර වෙලා.ඒ නිසා ඒ වගේ ඇඳුම් තරමක් විශාල sizeඑකකින් ගන්න.එතකොට සේදීමෙන් පසු කුඩා වීම එතරම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මේ තියෙන්නෙ ඒ වගේ තරමක් විශාල ප්‍රමාණයෙන් ගන්න ඕනේ ඇදුම් ලැයිස්තුවක්.

ලොම් වලින් සාදන ලද ස්වෙටර් (sweater): පළමුව, ඇගට හිර ඇඳුම්, ටිකක් ලිහිල්ව ඇති ඇඳුම් වලට වඩා උණුසුම ර්දවා ගැනීම අතින් දුර්වලයි. දෙවනුව, සේදීමෙන් පසු ලොම් කෙඳි කුඩා වන නිසා ඇඳුම් හිර වෙන්න පුලුවන් . ඒ නිසා සේදීමෙන් පසු මේ වගේ ඇඳුම් හැකිලීම වළක්වා ගැනීම සඳහා, ඔබ වියළි තුවා මත තිරස් අතට අතුරා වියළා ගත යුතුය.

ටී-ෂර්ට්, යට ඇඳුම් සහ වෙනත් කපු ඇඳුම්: සේදීමෙන් පසු කපු තරමක් හැකිලී යනවා. එබැවින් හරියටම ඔබේ ප්‍රමාණයෙන් මේ ඇදුම් මිලදී නොගත යුතුය. කෙසේ වෙතත්, ඇඳුම්වල ඉලාස්ටීන් තිබේ නම්, ඔබට ඔබේ සුපුරුදු ඔබේ size එකෙන් තෝරා ගන්න.

කරපටි සහිත කමිස සහ බ්ලවුස්: එවැනි ඇඳුම් ඇඳීමට උත්සාහ කරන විට, කරපටි කෙතරම් තදින් ඇත්දැයි අවධානය යොමු කරන්න. කරපටි සහ බෙල්ල අතර ඉඩක් නොමැති නම්, ඔබ විශාල ප්‍රමාණයක් (a larger size) මිලදී ගත යුතුයි. නැත්නම් සේදීමෙන් පසු කුඩා වෙලා, කරපටි ඔබේ ගෙල සිරකර දැමීමේ අවදානමක් තියෙනවා.

තරමක් කුඩා ප්‍රමාණයෙන් මිලදී ගත යුතු ඇදුම් :-

සමහර රෙදි වර්ග සේදීමෙන් පසු ඇදිලා විශාල වන නිසා ඒ රෙදි වලින් නිපදවන ලද ඇදුම් තරමක් කුඩා size එකකින් ගැනීම සුදුසුයි.

නිටඩ්/ගොතන ලද ඇඳුම් (knitted): කුමන නූල් භාවිතා කළත් වෙනසක් නැත: ඇඳුම් කොහොමත් ඇදෙන්න පුලුවන්. එක් ප්‍රමාණයක් කුඩා knitted වර්ගයේ ඇඳුම් මිලදී ගැනීම වඩා හොඳ වන්නේ ඒ නිසයි. එහෙම නැත්නම් එක වරක් සෝදලා ඉවර වුනාම අත් කර වගේ තැන් ඇදිලා ඇඳුම අදින්න බැරි තරම් ලොකු වෙලා තියෙනවා දකින්න පුලුවන්.

ජීන්ස්: බොහෝ ඩෙනිම් ඇඳුම් පළමු වරට ඇඳීමෙන් පසු විශාල වෙනවා. එකම සහනය වන්නේ ඇතැම් ජීන්ස් වර්ග වල විශේෂ ප්‍රත්‍යාස්ථ තන්තු ඇති බැවින් ඒවා විශාල නොවීමයි.

පොලියෙස්ටර්: මෙම කෘතිම රෙදි වලින් සාදන ලද ඇඳුම් බොහෝ විට ඇදෙනවා. විශේෂයෙන් ඇදුමේ පහළ කොටසෙහි. එක size එකක් කුඩා ඇඳුම් මිල දී ගැනීමෙන් ඔබට මේ ගැටළුව විසඳා ගත හැකිය.

4.) සපත්තු සහ අපේ පාද වල නිවැරැදි ලෙස මිනුම් ලබා නොගැනීම.

ඔබට සපත්තු online ඇණවුම් කිරීමට අවශ්‍ය නම්, විලුඹේ සිට පාදයේ දිගම ඇඟිල්ල දක්වා ඔබේ පාදවල දිග මැනගන්න. බොහෝ මිනිසුන්ට සමාන ප්‍රමාණයේ පාද නොමැති නිසා පාද දෙකේම ප්‍රමාණය මැන බලන්න ඕනෙ. බොහෝවිට එකක් අනෙකට වඩා කුඩා ඇති. ඒ නිසා පාද දෙකෙන් වඩා විශාල ප්‍රමාණය අනුව සපත්තු තෝරන්න.

ඉතා වැදගත් වන තවත් පරාමිතියක් වන්නේ පළලයි. වඩාත් ජනප්‍රිය ක්‍රමයක් වන්නේ ඇමරිකානු ක්‍රමයයි. එය ඉතා සරල ය: N – පටු, M – මධ්‍යම, W – පළල්.

ප්‍රමාණ තෝරාගැනීමේදී ඔබට කවදා හෝ දුෂ්කරතා ඇති වී තිබේද? සමහර විට ඔබ සමහර රහස් දන්නවාද? ඔබගේ ක්‍රම තියෙනවා නම් අප සමඟ බෙදා ගන්න!