Hela Rahas

Hela Rahas Official Web Portal

ඔයා වගේම තවත් කෙනෙක් හදන තක්ෂණය මෙන්න

ඔයා වගේම රූපයෙන් සමාන කෙනෙක් හදන්න පුළුවන්ද? මේ කියන්නේ නිවුන්නූ ගැන නෙමෙයි. ඔයාගේ සෛල කීපයක් අරගෙන ඔයා වගේම රූපයක් තියෙන පුද්ගලයෙක් හදන්න පුළුවන්. මේකට කියන්නේ ක්ලෝනීකරණය කියලා. අපි මෙහෙම හිතමු. ඔයා මොකක් හරි දෙයකට දක්ෂයෙක් කියලා හිතමු. නිකමට හිතන්න ඔයා ලොකු මොළකාරයෙක් එහෙමත් නැත්නම් විද්‍යාඥයෙක් කියලා. ඒ කියන්නේ ඔයා වගේ කෙනෙක් ඉන්නේ රටටම එක්කෙනයි. ඔයා බැරි වෙලාවක්වත් මියගියොත් ඒක රටට ලොකු පාඩුවක්.

හැබැයි මේකට එක විසදුමක් තියෙනවා. ඒක තමා ඔයාගේ ක්ලෝන හදන එක. ඒ කියන්නේ ඔයා මැරුනත් ඔයා වගේ තව ක්ලෝන ඉන්න නිසා රටට පාඩුවක් වෙන්නේ නැ. ඒ වගේම තව විදිහකින් මෙහෙම කියන්න පුළුවන්. අපි හිතමු ඔයා ගොඩක් ආදරේ කරන කෙනෙක් ඉන්නවා කියලා. එයා මොකක් හරි දෙයකින් මියගියත් ඔයාට එයාව නැති වෙන්නේ නෑ. මොකද එයා වගේම ක්ලෝන හදන්න පුළුවන්.

මොකක් වුනත් මිනිස් ක්ලෝනීකරණයනම් නිතියෙන් තහනම් කරලා තියෙන්නේ. මොනවා වුනත් සමහර අය මේක හොරෙන් කරනවා කියලා කියනවා.කොහොමහරි ක්ලෝනීකරනය ගැන පර්යේෂන පටන් ගන්නේ 20 වන සියවසේදී. මේකට මුල් වුන විද්‍යාඥයා තමයි ජේ. බී. එස් හල්ඩේන් කියන්නේ. කොහොම හරි ඉස්සරවෙලාම ක්ලෝනීකරණය කරලා තියෙන්නේ “ඩොලී” කියන බැටළුවෙක්. කොහොම වුනත් වැඩේ ලේසී වෙලා නෑ. මොකද මුලින්ම පරීක්ෂණ කරපු හැම බැටළු පැටියෙක්ම මිය ගිහින් තියෙනවා. කොහොම නමුත් අවසානයේදී “ඩොලී” සාර්ථක වෙලා තියෙනවා.

ඊට පස්සේ එක එක සත්තු මේ විදිහට ක්ලෝනීකරණය කරලා හදලා තියෙනවා. කොහොම නමුත් මේ විදිහටම මිනිසෙකුත් ක්ලෝනිකරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා වගේම තව එක්කෙනෙක් හදන්න පුළුවන්. මොනවා වුනත් මානව ක්ලෝනීකරනය නීතියෙන් තහනම් දෙයක්. ඊට හේතුව එය සදාචාරසම්පන්න නොවීම හා විවිධ ගැටළු ඇති කිරීමට සමත් වීම. කෙසේ නමුත් අවස්ථා කීපයකදී මානව ක්ලෝනීකරණය කිරීමට උත්සහ කරන ලදත් එම පරීක්ෂණ ගැන තොරතුරු අදටත් රහසක්.

ඔයා දන්නවද? ඔයාගේ සෑම තොරතුරක්ම ඒ කියන්නේ ඔයාගේ හමේ පාට ,හැඩය , කොන්ඩේ හැටි , ඔයාගේ ජීවත් වන කාලය මේ ඔක්කොම ඔයාගේ ශරීරයේ තැනක තැන්පත් වල තියෙනවා. ඒ තමයි ජාන. මේ ජාන තැන්පත් වෙලා තියෙන්නේ සෛලයක න්‍යෂ්ටිය ඇතුලේ. මේකේදී ඉස්සරවෙලාම කරන්නේ සෛලයක් තෝරාගෙන එහි න්‍යෂ්ඨිය වෙන් කර ගැනීමයි. ඉන් අනතුරුව ගැහැනු ජීවියෙකුගේ ඩිම්බ සෛලයක් අරගෙන ඒකේ න්‍යෂ්ටිය අයින් කරලා අර කලින් ගත්ත සෛලයේ න්‍යෂ්ටිය ඩිම්බ සෛලයට සෙට් කරනවා. මෙම කෘතිමව නිර්මාණය කරන ලද යුක්තානුව ගැහැනු සතෙකුගේ ගර්භාෂයේ තැන්පත් කරලා අපට අවශ්‍ය ක්ලෝනය නිර්මාණය කරගන්නවා.

ඒ වගේම මෙම ක්‍රමය නිසා තමන්ගෙම දරුවන් නොමැති යුවලයන්ට තමගේම ජාන වලින් යුත් දරුවෙකු හදාගන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ දරුවෙකු හදිසි අනතුරක් වෙලා මියගියොත් ක්ලෝනයක් හදාගන්න පුළුවන්. ඒ හොද පැති. ඒ වගේම ඔයාට ඔයාගේ ක්ලෝනයක් හදලා ඔයාට අනතුරක් උනත් එයාගේ අවයව ඔයාට ගන්න පුළුවන්. මෙන්න මේ වගේ තැන් වලදී ක්ලෝනයට අසාධාරණයක් වෙනවා. නිකමට හිතන්න ඔයා ක්ලෝනයක් වුනා කියලා. එක පාරට ඔයාව හදපු අයිතිකාරයා ඇවිල්ලා කියනවා මගෙ අතක් අනතුරට භාජනය වුනා. ඔයාගේ අත මට දෙන්න කියලා. ඔයාට ඇති වන තත්ත්වය මොකක් වෙයිද?

ඒක නිසා තමා මානව ක්ලෝනීකරණය තහනම් කරලා තියෙන්නේ. මේකේ හොද පැති කොච්චර ලිස්ට් එකක් හැදුවත් ඒ තරමටම නරක පැති ලිස්ට් එකකුත් හදන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාගේ ක්ලෝනයක් භාවිතාකරලා මොකක් හරි මිනීමැරුමක් කරනවා. ඊට පස්සේ පොලිසියේ අය ගිහින් ඇගිලි සලකුණු හා සීසීටීවී ආදීය භාවිතා කර අපරාධකරු සොයනවා. කැමරා වලින් ඔයාගේ රූපය හොයාගනියි. මොකද ක්ලෝනයත් ඔයාවගේම නිසා. ඒ වගේම ඇගිලි සලකුණු බලද්දිත් ඔයාව තමයි අහුවෙන්නේ. මොකද ඔයාගේ ඇගිලි සලකුණුම තමයි එයාටත් තියෙන්නේ. මොකද එයා ඔයාගේ ක්ලෝනයක් නිසා.

නීතියෙන් තහනම් වුනත් ක්ලෝනිකරණය සමහර සංවිධාන වලින් රහසේ කරනවා කියලා මතයක් තියෙනවා. උදාහරණයක් විදිහට සී. අයි. ඒ සංවිධානය ඒ වගේම ඉලුමිනාටී සංවිධානය හදුන්වන්න පුළුවන්. මේ හදාගන්න ක්ලෝන එයාලගේ කටයුතු වලට භාවිතා කරනවලු. මොනවා වුනත් ඉස්සරහට මේ මානව ක්ලෝනීකරන නීති වෙනස් වෙන්න පුළුවන්. ඕන් ඉතින් එහෙම වුනොත් ඔයාටත් ඔයාවගේම කෙනෙක් හදාගන්න පුළුවන්.