Hela Rahas

Hela Rahas Official Web Portal

කාඩ්පත අනුව ඔබේ ජීවිතයේ අඳුරු පැතිකඩ දැනගන්න.

අපි හැමෝගෙම ජීවිතයේ එක්තරා අඳුරු පැතිකඩක් තියෙනවා.කෙනෙක් මරණයට බිය වෙන විට තවකෙනෙක් මකුළුවන්ට,කැරපොත්තන්ට,සර්පයින්ට බිය වේ.නමුත් මිනිස් ජීවිතයේ මේවා සාමාන්‍ය දේවල් වුවත් මේ හැර යම් අඳුරු පැතිකඩවල් අපගේ ජීවිත තුල තියෙනවා. වෛරය,ක්‍රෝධය,ඊර්ෂ්‍යාව වගේ අයහපත් හැඟීම් අපේ සිත් තුල තිබෙන්නට පුළුවන්.එහෙම නැත්නම් සමාජවිරෝධී ක්‍රියාවල නියැලෙන කෙනෙක් වෙන්නට පුළුවන්.එහෙම වෙලාවට අපි කරන දේ ගැන අපිට ලෝකයට කියන්න බෑ.අපි ලැජ්ජා වෙනවා.

මෙන්න මේ වගේ දේවල් වලට තමයි අපි ජීවිතයේ අඳුරු පැතිකඩවල් කියල හඳුන්වන්නේ.නරක වැඩ අලින් හොයන සල්ලි වලට අපි කළු සල්ලි කියල කියනවා නේද.කළු කියන්නේ වඩාත්ම අඳුරුම වර්ණය.මෙය ඇත්තටම අවාසනාවට කරුණක්.මන්ද මිනිසුන් ලෙස ඉපදුනු අපි ලෝකයේ ඉන්න බුද්ධිමත්ම ජීවී වර්ගය.

මොලේ තියෙන අපිටත් අපේ සිත පාලනය කර ගන්නට බැරි නම් දීප්තිමත් යහපතින් පමණක් සපිරි දිවියක් ගත කරන්නට නොහැකි නම් අපේ වැරදි අඩුපාඩු හදාගෙන ජීවිතයේ අඳුරු පැතිකඩ කෙමෙන් කෙමෙන් දුරු කරගෙන ආලෝකමත් ජීවිතයක් උදාකරගන්නට අපිට නොහැකි නම් තිරිසන් සතෙක් අපගේ වත්තේ මලපහ කළා කියා එහෙම නැතිනම්,අලියෙක් ගමකට කඩා වැදී වගා පාලු කළා කියා අපිට එම තිරිසන් සතුන්ට බැන වදින්නට අයිතියක් නෑ.මොකද දියුණු මනසක් ඇති මිනිසුන් වෙන අපිටත් හරියටම අපිව පාලනය කරගන්න නොහැකි නම් තිරිසන් සතුන්ට කොහෙද එවැනි නුවනක්,තමන් කරන නරක හඳුනාගන්නට කොහෙන්ද තිරිසන් සතුන්ට හැකියාවක්.

එහෙම බැලුවොත් අපිත් ජීවිතේ ඒ අංශයේදී ඒ කියන්නේ අපි දැන් කතා කරන අඳුරු පැතිකඩ කියන අංශයේදී තිරිසන් සතුන් හා සමාන බවක් දැනෙනවා නේද?අන්න එනිසයි අපි වෙනස් විය යුත්තේ.අපේ නොහැකියාවන්,පාලනයකින් තොර මනස ,විසිරුණු සිතුවිලි,අනිසි බිය ආදී අපේ ජීවිතේ අඳුරු පැත්ත හඳුනාගෙන ඉන් මිදී දීප්තිමත් ආලෝකමත් ජීවිතයක් ගත කිරීමට ඔබට සිතුවිල්ලකින් හෝ ශක්තියක් වීම සඳහා අපි අද මෙම සරල පරීක්ෂණය ඔබ වෙත ගෙන එනවා.මෙම කාඩ්පත් දෙස බලා ඔබ කැමතිම කාඩ්පත තෝරාගන්න.ඊට අදාලව ඔබේ ජීවිතයේ අඳුරු පැතිකඩ ගැන දැනගන්න.

කාඩ්පත අංක 1 ඔබේ ජීවිතයේ අඳුරු පැත්ත වන්නේ ඔබ ඔබේ ජීවිතයේ සැම වරදකටම,ඔබේ සැම අසාර්ථක වීමකට ඔබ දොස් පවරන්නේ අන් අයටයි.ඔබ කිසිම විටක තමන්ගේ වරද පිලි නොගනියි.මෙය කෙතරම් අයහපත් ක්‍රියාවක්දැයි කියා ඔබ දන්නවා නම් කිසි විටෙක නැවත දිනෙක මෙලෙස නොකරයි.සිතා බලන්න.ඔබ යම් කාර්යයක් කරන්නට යනවා.ඔබට ඔබේ දෙමව්පියන්,අසල්වැසියන්,මිතුරන් මෙම කාර්යයට උදව් උපකාර කරනවා.නමුත් ඔබ මෙම කාර්යයේදී අසාර්ථක වෙනවා.

එවිට ඔබ ඔබට උදව් උපකාර කල සැමටම දොස් පවරනවා ඔබ අසාර්ථක වුනේ ඔවුන්ගේ වරදින් කියා.සිතා බලන්න එවිට ඔවුන්ට කුමක් සිතෙයිද?ඔබ ඔවුන්ගේ සිත් කෙතරම් රිදවනවද?ඉතින් තමන්ගේ වරද අවබෝධ කරගන්න.ඔබට වැරදුන විට එයට හේතුව හොයා එම හේතුව නැති කිරීමට උත්සහ කරන්න.එවිට ඔබ සාර්ථක වේවි.නමුත් කිසි විටෙක ඔබේ වරද වෙනකෙකු මත නොපටවන්න.එවිට ඔබට ඔවුන්ගේද ප්‍රසාදය දිනාගෙන යහපත් පුද්ගලයෙක් ලෙස ජීවිතයේ තම අභිමතාර්ථ ඉෂ්ඨ කර ගැනීමට හැකියාව ලැබේවි.එසේම ඔබේ මනසද සතුටින් පිරේවි.ඔබට සතුටින් ජීවත් විය හැකිය.


කාඩ්පත අංක 2 ඔබේ ජීවිතයේ අඳුරු පැතිකඩ වන්නේ ඔබේ බුද්ධිය හා හදවත එකිනෙකට පරස්පර විරෝධී ලෙස හැසිරීමයි.ඔබ ඔබගේම අභ්‍යන්තරයේ සිර වී ඇත. ඔබගේ බුද්ධිය නිසා ඔබගේ ජීවිතයේ ඇතිවන සැම අසීරුතාවයකදිම,ඔබ මානසිකව වැටෙන විට ඉන් මිදී නැවත තමන්ගේ සිත සාදාගන්නේ කෙසේද කියා ඔබට තීරණය කල හැකියි.නමුත් ඔබ හදවතට ඉඩ දී තීරණ නොගැනීම නිසා බොහෝ විට අන් අයගේ අප්‍රසාදයට පත් වෙනවා.ඊට හේතුව හදවතින් තීරණ ගත යුතු අවස්ථා වලදී පවා ඔබ බුද්ධියෙන් තීරණ ගන්නා නිසාය.බුද්ධියෙන් තීරණ ගැනීම නරක දෙයක් නොවුනත් මානුෂිය වීම මිනිසෙකු ලෙස අපි තුල තිබිය යුතුම ගුණාංගයකි.ඔබ සැම දෙයකටම පැහැදිලි කිරීමක් සොයයි.එයයි ඔබේ අඳුරු පැත්ත.ඔබ මෙම දරදඬු ගතිගුණ හැර දා මදක් නම්‍යශීලි වෙන්න.හදවතින් සිතන්න හුරු වෙන්න.එවිට ඔබේ ජීවිතය වඩාත් දීප්තිමත් වෙනු ඇත.

කාඩ්පත අංක 3 ඔබේ ජීවිතයේ අඳුරු පැතිකඩ වන්නේ ඔබ කිසිවක් විශ්වාස නොකිරීමයි.ඔබ සැම කෙනෙක්ම,සැම දෙයක්ම සැක කරයි.එකවර විශ්වාස නොකිරීම බරපතල වරදක් නොවේ.නමුත් අනවශය ලෙස සැක කිරීම ,අවිශ්වාස කිරීම එතරම් නුවනට හුරු දෙයක් නොවේ.මන්ද ඔබගේ අවිශ්වාසය නිසාම ඔබේ හිතවතුන් ඔබගෙන් ඈත් වෙන නිසාය.වැරදීම,ඊර්ෂ්‍යාව ,කෝපය,වෛරය මිනිස් හැඟීම්.එසේ වුවද එම හැඟීම් පාලනය කරගෙන ජීවිතය ගත කිරීමට මිනිසුන් හුරු විය යුතුයි.අනවශ්‍ය ලෙස තමන් උසස් යයි අධි මාන්නය සිතෙහි ඇති කර නොගෙන සැමට සමානාත්මතාවයෙන් සැලකීමෙන් ,විශ්වාස කිරීමෙන් ඔබට සතුටින් පිරි ජීවිතයක් ගත කිරීමට ඉඩ සැලසේ.