Hela Rahas

Hela Rahas Official Web Portal

කුකුල් මස් මේ විදියට හදන්න

ඔයාටත් KFC චිකන් කන්නම ඕනි කියල හිතුණ වෙලාවල් අනන්ත ඇති. ඒත් හිතුන හිතුන වෙලාවට KFC චිකන් කන්න KFC එකටම යන්න බෑනේ.KFC එකේ වගේම රසට පිරිසිදුවට ගෙදරදීම KFC චිකන් හදාගන්න හැටි තමයි අද ඔයාලාට කියලා දෙන්න යන්නේ.මේ චිකන් එක ගැඹුරු තෙලේ බැදගන්න ඩීප් ෆ්‍රයර් එකක් තිබ්බොත් තමා වඩාත් හොඳ ඒ නැතත් ඉතින් අපිට සුපුරුදු පරිදි තෙල් තාච්චියක උනත් බැදගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය (හතර දෙනෙකුට සෑහේ)

  • කුකුල් මස් 1.4 kg (13 lb) කැබලි 10කට පමණ කපාගන්න
  • මෝරු/ බටර්මිල්ක් 240ml (කොප්ප 1)
  • ලොකු බිත්තර 1
  • පාන් පිටි 200g (කොප්ප 2)
  • එළවළු තෙල් 1.9l

අවශ්‍ය රසකාරක

  • කෝශර් ලුණු මේස හැදී 2/3
  • වියළි තයිම් මේස හැදී 1/2
  • වියළි බැසිල් මේස හැදී 1/2
  • වියලි ඔරිගානෝ මේස හැදී 1/3
  • සෙලරි රසැති ලුණු(celery salt) මේස හැදී 1
  • කළු ගම්මිරිස් කුඩු මේස හැඳි 1
  • අබ කුඩු මේස හැඳි 1
  • රතු ගම්මිරිස් (paprika) කුඩු මේස හැදි 3-4
  • සුදු ලුනු රසැති ලූණු කුඩු මේස හැඳි 2
  • තලාගත් අමු ඉඟුරු මේස හැඳි 1
  • සුදු ගම්මිරිස් කුඩූ මේස හැඳි 3
  • අජිනොමොටෝ (MSG/Accent seasoning) මේස හැදී 2 (අත්‍යවශ්‍ය නැත)

01.රසකාරකයන් සියල්ලම ෆුඩ් ප්‍රොසෙසර් එකක කවලම් කරගන්න.

ලුණු වර්ග, ගම්මිරිස් වර්ග සහ තයිම්,බැසිල් වැනි වියළි ඖෂධ වර්ග ද ඇතුළු රසකාරක සියල්ලම ෆුඩ් ප්‍රොසෙසර් (food processor) එකක නැතිනම් ග්‍රයින්ඩරයක(grinder) වුවද දමා එකම ප්‍රමාණයට කැබලි වෙන තුරු විටින් විට බ්ලෙන්ඩ් කර ගන්න(pulse).

සැබෑම KFC චිකන් රස ගන්න නම්, සෑම කුකුල් මස් 450g කට MSG නොහොත් අජිනමොටෝ මේස හැඳි භාගය ගානේ එකතු කළ යුතුයි. නමුත් MSG ශරීරයට අහිතකර නිසා මෙය එකතු කිරීම අත්‍යවශ්‍ය නොවේ.ඔබ සිටිනා ප්‍රදේශයේ තයිම් හෝ ඔරිගානෝ නැතිනම් ඒ වෙනුවට මාර්ජෝරාම් හා සේජ් භාවිතා කල හැක.

02.පාන් පිටි එකට මෙම කුළුබඩු මිශ්‍රණය එකතු කරන්න.

තරමක් විශාල භාජනයකට පාන් පිටි ටික දමා ඉහත සදාගත් කුළුබඩු මිශ්‍රණය ද එකතු කර හොඳින් කවලම් කරගන්න.

03.බිත්තර සහ මෝරු/බටර්මිල්ක් වෙනම භාජනයක හොඳින් ගසා ගන්න.

තරමක් ගැඹුරු භාජනයකට බිත්තරය කඩා, එයට මෝරු/බටර්මිල්ක් දමා බිත්තරය දියවනතුරු හොඳින් ගසාගන්න.ඔබට මෝරු/බටර්මිල්ක් සොයා ගැනීමට අපහසු නම් කිරි කෝප්පයක් ගෙන එයට සුදු විනාකිරි නැත්නම් දෙහි යුෂ මේස හැඳි දෙකක් දමා කවලම් කර විනාඩි තිහක් පමණ තබා කිරි මිඳුණු පසු භාවිතයට ගන්න.

04 කුකුල් මස් ටික කැබලි දහයකට කපා ගන්න.

මේ සඳහා තටු දෙකක්, කකුල් හෝ ඩ්‍රම්ස්ටික් දෙකක්, අඩු (thighs) දෙකක් හා බ්‍රෙස්ට් දෙකක් අවශ්‍යයි. කැබලි හතරක් ලැබෙන ආකාරයට බ්‍රෙස්ට් නොහොත් පපුව ප්‍රදේශ කොටස දෙකට මැදින් කපාගන්න.ඔබට මේ සඳහා සම්පූර්ණ කුකුලෙක් මිලද ගෙන කැබලි වලට කපාගැනීම හෝ කපා ගත් මස් කැබලි මිලදීගැනීම කර හැක.මේ සඳහා කුකුල් මස් වල සම තිබීමෙන් වඩාත් ක්‍රිස්පි ගතියක් ලබා ගත හැක.

05.කුකුල් මස් කැබලි ටික බටර්මිල්ක් මිශ්‍රණයේ විනාඩි 20ක්-60ක් අතර කාලයක් පදම් කරගන්න.

ඔබට වැඩි කාලයක් නොමැති නම් විනාඩි 20ක් 30ක් පදම් කර ගැනීම ප්‍රමාණවත් වේ. නමුත් වැඩි වේලාවක් පදම් කර ගැනීමෙන් වඩාත් රසවත් වේවි. මෙහිදී මස් පදම් කිරීමට ශීතකරණයේ නොදමන්න වගබලා ගැනීම වඩාත් වැදගත් වන්නේ බැදගන්න අවස්ථාවේදී ශීත මස් රස්නෙ තෙල්වල උෂ්ණත්වය පහත දැමීම නිසාය.

මස් දමා ඇති බටර්මිල්ක් මිශ්‍රණය නරක් වීම වළක්වා ගැනීම පිණිස ප්ලාස්ටික් රැප්වලින් භාජනය ආවරණය කරන්න.ඔබගේ මුළුතැන්ගෙය ගොඩක් උණුසුම් නම් පදම් කරන කාලයේ මුල් භාගය ශීතකරණයේ තබා ඉතිරි වේලාව එළියට ගැන තැබිය හැක.

06.මස් ටික කුළුබඩු මිශ්‍ර පාන් පිටිවල දවටන්න.

මස් කැබැල්ලක් බටර්මිල්ක් මිශ්‍රණයෙන් ගෙන පාන් පිටි මිශ්‍රණයට දමන්න. දැන් දෙපැත්ත හරවා හොඳින් දවටා තෙල් කඩදාසියක් මත තබන්න. මෙලෙස මස් කැබලි සියල්ලම වරකට එක බැගින් පාන් පිටි මිශ්‍රණයේ දවටා තෙල් කඩදාසිය මත තබන්න.

07.දවටාගත් මස් ටික තෙල් කඩදාසිය මත විනාඩි 5ක් පමණ තබන්න.

දැන් ඉතිරි බටර්මිල්ක් සහ පාන්පිටි මිශ්‍රණ, අමු මස් ගෑවී ඇති බැවින් නැවත පරිභෝජනයට නුසුදුසු නිසා ඉවත් කරන්න.

08 තාච්චයේ නැත්නම් ඩීප් ෆ්‍රයර් එකේ අඟල් 5ක් (13cm) පමණ එළවළු තෙල් වලින් පුරවන්න.

මස් කැබලි තෙල් වලින් යට වීමට ප්‍රමාණවත් තරම් තෙල් දැමීමට අවශ්‍ය වේ.මේ සඳහා ඔලිව් තෙල් හැර වෙනත් රසයක් නොමැති ඕනෑම තෙල් වර්යක් භාවිතා කළ හැක.

09ෆැරන්හයිට් 350ක් (සෙල්සියස් 177ක්) වන තුරු වනතුරු මධ්‍යම ගින්දර මත තෙල් ටික රත් කර ගන්න.

මධ්‍යම ගින්දර මත රත් කරන නිසා ටික වේලාවක් ගතවන නමුත් රත් වෙන්න පටන් ගත්විට ඉක්මනින් රත් වෙන නිසා තෙල් එක ළගටම වී සිටින්න. තෙල්වල උෂ්ණත්වය බැලීම සඳහා උශ්ණත්වමානයක් භාවිතා කරන්න. උශ්ණත්වමානයක් නැති නම් ලී හැන්දක් තෙල් එක තුලට බස්වන්න. ලී හැන්ද වටා බුබුළු දමනා විට තෙල එක රත් වී ඇත.

10.මස් ටික විනාඩි 12 ත් 18 ත් අතර කාලයක් බැදගන්න.

බ්‍රෙස්ට් සහ තටු බැදගැනීමට විනාඩි 12ත් 14ත් අතර කාලයක් ගතවේවි. කකුල් සහ අඩූ බැදගන්න විනාඩි 15 ත් 18 ත් අතර කාලයක් යාවී. මේවා බැදගන්න ගත වන කාලය අනුව කැබලි කිහිපයක් එකවරම බැදගන්න.හොඳින් බැදගත් පසු මස්වල අභ්‍යන්තර උෂ්ණත්වය ෆැරන්හයිට් 165 (සෙල්සියස් 74) විය යුතුය.

අභ්‍යන්තරය උෂ්ණත්වය දැනගැනීම පිණිස උශ්ණත්වමානයක් මස් වල අභ්‍යන්තරයට බස්වා බැලිය යුතුය.ගැඹුරු තෙලේ බැදගන්න නිසා මස් විටින් විට පෙරළිය යුතු නොවේ.
ෆ්‍රයර් බාස්කට් එකකට දමා බැද ගැනීමෙන් මස් ටික තෙල් වලින් බා ගැනීමට පහසු වෙයි.

11.කූලින් රැක් එකක් මතට බැදගත් කුකුල් මස් දමාගැනීමට යකඩ ටොන්ග් එකක් භාවිතා කරන්න.

කූලින් රැක් එක යටින් තෙල් කඩදාසි දමාගැනීමෙන් ඔබ වැඩ කරන මතුපිට අපිරිසිදු වීම අවම කල හැක.පත්තර මත හෝ කඩදාසි තුවා මතට බැදගත් මස් දැමුවහොත් වාශ්ප හිර වී මස්වල ක්‍රිස්පි ගතිය නැතිවී එවා පෙගෙවී.ෆ්‍රයර් බාස්කට් එකක් භාවිතා කලේ නම් එය බෑ පසු ඩීප් ෆ්‍රයර් එකේ අද්දර රදවා, මස් ටික නිවුණු පසු ටොන්ග් එකක් ආධාරයෙන් මස් ටික එලියට ගන්න.දැන් ඔබේ KFC චිකන් එක ලැස්තියි.