Hela Rahas

Hela Rahas Official Web Portal

කූඹින් පලවා හරින සරල ක්‍රම ටිකක්

ඉව්ම් පිහුම් වැඩ වලදී, මොහොතකට මී පැණි බෝතලයේ පියන ඇරියොත් කොහොමහරි කොහෙන් හරි කූඹියෙක් ඒකට එනවනේ. එතකොට කොහේ හරි විනෝද චාරිකාවක ගිහිල්ලා, බඩගිනි උනාම ගෙනිච්ච රසකැවිලි කන්න යද්දි ඒවාට කූඹි වහලා තියෙනවා දකින එක තරම් දුක හිතෙන දෙයක් තවත් නැද්ද මන්දා.ඉතින් අපි මී පැණි කූඹීන්ගෙන් ආරක්ෂා වෙන විදියට ගබඩා කර ගන්නේ කොහොමද කියලා බලමු.

01 .මී පැණි භාජනයේ පියන තදින් වසා තැබීම.

භාවිතා කරන්නේ නැති අවස්ථාවලදී මී පැණි හෝ වෙනත් පැණි රස දේ අසුරලා තියෙන භාජනවල පියන් තදින් වසා ගැනීමට වගබලා ගැනීම තමා කූඹින්ගෙන් ආරක්ෂා කිරීමට ලේසිම ක්‍රමය.

02.භාවිතයෙන් පසු භාජනය සහ වැඩ කර මතුපිට හොඳින් පිසදැමීම්.

මී පැණි කියන්නේ භාවිතා කරාම අනිවාර්යෙන්ම භාජනය වටේට හා බිම බේරෙන්න පුළුවන් විදිහේ දෙයක්. සබන් ස්වල්පයක් දාගත් තෙත කඩදාසි තුවායකින් මී පැණි භාජනය වටේ ද වැඩ කර මේසය හෝ මතුපිට මත පිසදා භාවිතා කරපු භාජනද සින්ක් එකට හෝ ඩිශ්වොශර් එකට දමන්න.

03.වීදුරු හෝ ප්ලාස්ටික් භාජනයකට දමා කාමර උෂ්ණත්වයේ තබන්න.

මී පැණි ගබඩා කිරීමට වඩාත් සුදුසු වන්නේ ෆැරන්හයිට් 70ත් 80ත් අතර ඍජුවම හිරු එළිය වදින්නැති ස්ථානයක ය. අවට පරිසරය සහ වෙනස්කම් ඇති නොවන ලෙසට පැන්ට්‍රිය හෝ කබඩ් එකක් තුල ගබඩා කිරීමයි වඩාත් සුදුසු වන්නේ. ඔබේ මී පැණ ඇසුරුම් කර ඇත්තේ වාතය ඇතුළට යා හැකි භාජනයක නම් එය නැවතත් වාතය ඇතුලට නොයන විදියේ වීදුරු භාජනයක හෝ හොඳින් වැසිය හැකි ප්ලාස්ටික් භාජනයක ඇසුරුම් කිරීම කළ යුතුය.

ඔබේ කවුන්ටරය මත මී පැණි බෝතලයක් තබා ගැනීමට අවශ්‍යම නම් ජනෙල්වලින් හිරු එළිය එන්නේ නැති ස්ථානයක තබන්න. මී පැණි උෂ්ණත්වයේ වෙනස්වීම් වලට එතරම් සුබවාදී ව ක්‍රියා කරන්නේ නැති නිසා කවුළු හෝ වාතාශ්‍රය ඇතුළු වන තැන්වලින් ඇත්ව තබන්න.

04.මී පැණ ශීතකරණයේ තබන්න

මී පැණි ශීතකරණයේ වුවද තබාගත හැකි නමුත් උෂ්ණත්වය ෆැරන්හයිට් 65කට වඩා අඩු වුනොතින් මී පැණි කැටි ගැසේවි. මෙලෙස උෂ්ණත්වය වැඩිය එහෙ මෙහෙ වෙන්න නැත්තම්, මී පැණි ශීතකරණයෙත් ගබඩා කරන්න පුළුවන්. ඒත් මී පැණි වල ඝනත්වය ටිකක් වැඩි වේවි.

ශීතකරණයේ දමා මී පැණි කැටි ගැසී ඇත්නම් උණුසුම් ජලය ඇති බඳුනකට මී පැණි භාජනය දමා තැබීමෙන් නැවතත් යථා තත්වයට පත් කරගන්න පුළුවන් වේවි.මී පැණ අධිශීතකරණයේ වුණත් දමාගත හැකි.මී පැණිවලට තෙතමනය ඇතුළු වුවොත් ශීතකරණයේ වුවද පැන්ට්‍රි කබඩය තුළ වුවද මී පැණි පැසී, මීඩ් බවට පත්වෙයි. මෙහිදී මී පැණිවල ඉස්තරම් බවට හානි සිදු වේ.

05.කූඹින් පොළඹවාගන්න මී පැණි උගුලක්.

කුඩා භාජනයකට මී පැණි හැන්දක් නැතිනම් සීන වතුර ස්වල්පයක් දමා නිවසින් පිටත තබාගැනීමෙන් කූඹින්ගේ අවධානය නිවසට තිබෙන මී පැණි බෝතලයෙන් පිටතට ගෙනියන්න පුළුවන් වේවි.කූඹි මේ භාජනයේ තියෙන පැණි අනුභව කරද්දී වරින් වර එයට පැණි පුරවා ටිකෙන් ටික නිවසින් ඈතට ගෙන යන්න.

සීනි ජලය හදාගන්නෙ සීනි හා උණ වතුර 1:1 අනුපාතයට කවලම් කරලා නිවෙන්න තබා ගැනීමෙනි.ඔබට සාදාගත හැකි තවත් උගුලක් වන්නේ පීනට් බටර් හා බේකන් මේදය නැත්නම් සීනි හා බෝරැක්ස් කවලම් කරගෙන කුඩා බඳුනකට දමා ඇළුමිනියම් ෆොයිල් වලින් වසා ගෙන කූඹින්ට ඇතුළු වීමට එහි කුඩා සිදුරු සාදා ගැනීමයි.

මේ උගුල්වලින් කූඹීන්ගේ අවධානය වෙනතකට යොමු වෙනවා මිස ඔවුන් මිය යන්නේ නැත. ඒ නිසා ඔබේ නිවස කූඹින්ගේ ආක්‍රමණයකින් ආරක්ෂා කර ගැනීමට වරින් වර මේ උගුල් නිවසෙන් ඈතට ගෙන යාමට සිහි තබා ගත යුතුයි.

06.කූඹින් ඇල්ලීමට දිය අගලක් සාදා ගැනීම.

කූඹීන්ට වතුර හරහා ගමන් කිරීමට නොහැක. ඒ නිසා වතුර ස්වාභාවිකව කූඹින්ගෙන් ආරක්ෂා කර ඔවුන්ව වලක්වයි. කුඩා දීසියක් හෝ බදුනකට ජලය පුරවා මී පැණි භාජනය එහි ඇතුළතින් තබන්න. මෙහි වැඩියෙන් ජලය පිරවීමට අවශ්‍ය නැති අතර වටේටම ජලය පැතිරෙන සේ පිරවීම ප්‍රමාණවත්ය.

මේ ක්‍රමය වඩාත් සුදුසු වන්නේ ඔබ මී පැණි මුලුතැන්ගෙහි කවුන්ටරය මත තබනවා නම් ය.නිතරම මෙම දීසියේ ජලය වාෂ්ප වී ඇත්දැයි බලා පිරවිය යුතුය.මෙම ක්‍රමය මී පැණි භාජනයේ මූඩිය නැතිවී ඇත්නම් වුවද භාවිතා කිරීමට සුදුසු ක්‍රමයයි.

07.ඔබගේ මුළුතැන් ගෙයි මතුපිටවල් හා භාජන විනාකිරි භාවිතයෙන් පිස දමන්න.

සුදු විනාකිරි කොටසකට ජලය කොටසක් කවලම් කර කඩදාසි තුවායක පොඟවා එසේත් නැත්නම් ස්ප්‍රේ බෝතලයක දමා භාවිතා කළ හැක.මෙම මිශ්‍රණයෙන් ඔබගේ කවුන්ටරය මත, කබඩ් තුල හා උපාංග ද පිස දමා ගන්න. දොර කවුළු වල හෝ කූඹීන් දුටු ඕනෑම තැනක ඉසින්න.

10.ඔබගේ නිවෙසට ඇතුල් වෙන තැන් කූඹින් පලවහරින ද්‍රව්‍යවලින් ආවරණය කරන්න.

කූඹීන් පැණි රසට ගොඩක් කැමති සේම තිත්ත , ගඳ, සැර දේවල් වලට බොහොම අකමැති. මේ නිසා ඔබේ කුළුබඩු ජාති බොහොමයකින් නිවසට ඇතුළුවන තැන්වල සලකුණු කිරීමෙන් කූඹී එන එක වලක්ව ගන්න පුලුවන් වේවි. බහුලව භාවිතා කරන්න පුලුවන් දේවල්;

  • කයෙන් මිරිස්(cayenne pepper)
  • ගම්මිරිස්
  • දෙහි යුෂ
  • සුදු විනාකිරි
  • කුරුඳු
  • කෑලි මිරිස්
  • දෙකට කපා ගත්ත සුදු ලූනු

11නිවස පුරා චෝල්ක් වලින් මායිම් ඉරි ඇඳීම

චෝල්ක් සහ ඛනිජමය පවුඩර් වර්ගවල සියුම් බවට කූඹින්ගේ පය පැකිලීමක් සිදුවේ. මේ නිසා ඔබගේ නිවසේ විවරයන් වල මායිම් වටා චෝල්ක් වලින් ඇඳීම යෝග්‍යයි. නමුත් වැස්සකට පසුව හෝ නැවතත් කූඹි දුටු විට නැවතත් මේ ඉරි ඇඳීම සිදු කළ යුතුයි.නැතිනම් ඔබට චෝල්ක් ගන් (chalk gun) එකක් මගින් මේ විවරයන් වටා ඉරි ඇඳීමෙන් එහි ඇති ඇසට නොපෙනෙන විවරයන් ද ආවරණය කරගත හැකි වේවි.

12.කූඹීන්ට අහිතකර පැල ජාති නිවස වටා පැල කිරීම.

කූඹීන්ට අහිතකර ඖෂධ හෝ පැළ වර්ග නිවස වටා පැළ කිරීමෙන්, කූඹින්ගෙන් ආරක්ෂා වීමට ඔබේ නිවස වටා ස්වාභාවික මායිමක් සාදා ගත හැකි වේවි. මෙසේ බිම පැළකර නොහැකි තැන්වල වැල් ජාති හෝ පෝච්චිවල වුවද පැළ කරගත හැකි වේවි. උදා ; මින්චි,ටැන්සි නමැතී ඩේසි වර්ගය, යැරොව්, සුදු ලුණු, ක්‍රිසැන්තමම්.විනෝදය පිණිස ඔබට බාදුරා මලක් වුව ද ගෙනත් නිවසේ තබා එය කෘමින් අල්ලන සැටි නැරඹීමට හැකිවේවි.

13 ඔබේ නිවස පිටුපස ඇති පඳුරු සහ පැළෑටි කප්පාදු කරන්න.

කූඹීන් පඳුරු වල සහ සෙවන තියෙන තැන්වල ගැවසීමට කැමති නිසා ඔබේ නිවස අසල ඇති පඳුර සහ එහි ගෑවෙන අතු රිකිලි කපා දමන්න. මේ කපන වෙලාවේදි කූඹි ගුල අහුවුනොත් ඒත් ඒකත් අයින් කර ගන්න පුළුවන් වේවි.