Hela Rahas

Hela Rahas Official Web Portal

කොස් ඇට කලුපොල් මාලුව හදන විදිය

මම මේක දෙවිදියකට හදනව… එකක් තෙම්පරාදු නොකර සහ තෙම්පරාදු කරල…අද හැදුවේ තෙම්පරාදු කරලා.සෝදා තලා තම්බා ගත් කොස් ඇටතරමක් දුඹුරු පැහැ වනතෙක් කබලේ වෙන වෙනම බැද අඹරාගත් හාල් සහ පොල් ( එකට එක අනුපාතෙට ගන්න )

  • කපා ගත් ලූනු
  • තලාගත් සුදු ලූනු
  • රම්පෙ කරපිංචා
  • සේර කෑල්ලක්
  • උලුහාල් චුට්ටක්
  • බැදපු පහේ
  • මිරිස් කුඩු
  • ගම්මිරිස් කුඩු චුට්ටක්
  • ලුනු


සීනි ඉතාම ස්වල්පයක් අවශ්‍ය නම් පමණක් ( සමහර කොස් ඇට ස්වභාවයෙන්ම පැණි රසයි සමහරක් එහෙම නෑ… කලුපොල් මාලුවට පහේ සැර එක්කම යටින් එන පැණිරසක් ඕනෙමයි.. )
මිටි කිරි

තෙල් චුට්ටක් රත් වෙන්න තියාගන්න… ( ලූනු ටික බැදගන්න අවශ්‍ය තරමට පමණයි… ගොඩක් දාගන්න එපා බැදපු පොල් සහ කිරි වල තෙල් ගතිය තියෙන නිසා.. රසට කනවා වගේම සෞඛ්‍ය ගැනත් හිතන්න ලමයි…

තෙල් ටික රත් උනාම ඒකට කොස් ඇට ,කිරි සහ බැදපු කලුපොල් ටික හැර අනිත් සියල්ල එක් කර තෙම්පරාදු කරන්න…. පිලිවෙලින් බැදපු කලුපොල්,මිටි කිරි සහ කොස් ඇට එක් කර හින්ද ගන්න….