Hela Rahas

Hela Rahas Official Web Portal

කොළ ගෝවා කල් තබාගන්න විදිය

කොළ ගෝවා කියන්නේ ඔබේ එදිනෙදා කෑමවලට එකතු කරගන්න පුළුවන් රසවත් ආහාරයක්. බැරිවෙලාවත් ගෝවා කොළ ගොඩාක් හම්බ උනොතින් මොකක්ද ඔයාට කරන්න පුළුවන්? ඔබ දන්නවා ද කොළ ගෝවා හෝදලා මිනිත්තු කීපයක් තම්බලා අධිශීතකරණය දාන්න පුළුවන් ප්ලාස්ටික් බෑග් වල දාල අපිට අවුරුද්දක් උනත් තබාගන්න පුළුවන් කියලා? ඊට පස්සේ ඔයාට තියෙන්නේ ඉදිරි මාස කීපය තුළ එක් එක් ආකාරයේ වට්ටෝරු වලට පිළියෙල කරලා රසවිඳින්න තමයි.

ඔබ දන්නවාද කොළ ගෝවා තැම්බීමෙන් එසේත් නැත්නම් බ්ලාන්ච් කිරීමෙන් එහි එන්සයිම නිපදවීමේ ක්‍රියාවලිය නතර වන බව. මෙයින් මේ කොළ අවපැහැවීම, හැකිළීම, නරක්වීම නතර වෙනවා. ඒකෙන් අපට වැඩි කාලයක් කාලයක් අධිශීතකරණයේ තබා භාවිතයට ගන්න පුළුවන් වෙනවා.

ගෝවා කොළ ටික සිසිල් ජලයෙන් සෝදා ගන්න ඇඟිලි තුඩු භාවිතා කරමින් කොළයෙහි දෙපැත්තම හොඳින් සෝදා කුණු හා කෘමින් ඉවත් කරගන්න. ඉන්පසු කපන ලෑල්ල මත හෝ වියළි කඩදාසි තුවායක් මත වේලෙන්න තබන්න.

පිහියක් භාවිතයෙන් මෙම ගෝවා කොළවල නාරටියේ වැඩි වැඩිහරිය කපා ඉවත් කරන්න. අවශ්‍ය නම් කුඩා කැබලි වලට වුව ද කපා ගත හැක. කපා ගතහොත් එය ගබඩා කර තැබීමට පහසුයි.

විශාල බඳුනකට ගෝවා කොළ ටික තැම්බීමට අවශ්‍ය ප්‍රමාණයට ජලය පුරවා එය වැඩි ගින්දරේහි උතුරවා ගන්න. හොඳට බුබුළු දමා, හුමාලය යනතෙක් සිටින්න. කොළ මතුපිට ඇති අමු ස්ථරය ඉවත් කිරීමට හොඳින් නටන ජලය අවශ්‍ය වේ.

සෝදා ගත් කොළ ටික දැන් මේ නටන වතුර බදුනට දමා මිනිත්තු තුනක් පමණ තම්බාගන්න. අවශ්‍ය නම් ලී හැන්දක් හෝ ටොන්ග් එකක් භාවිතයෙන් මතුපිට පාවෙන කොළ ජලය තුල එබිය හැක. පියනකින් මෙම බඳුන වසා තැබීමෙන් මේ තුළ ජලයේ උෂ්ණත්වය එක ලෙස පවත්වාගත හැක.

විශාල භාජනයක් ගෙන එයට සිසිල් ජලය හා අයිස් කැට පුරවා ටොන්ග් එකක් ආධාරයෙන් උතුරවා ගත් කොළ ටික මෙම සිසිල් ජලයට දමා ගන්න විනාඩි තුනක් පොඟවා ගන්න. මෙමගින් කොළ ටික තවදුරටත් තැම්බීම නවතන අතර කොළ ටික සිසිල් කරනු ලබයි.කොළ විශාල ප්‍රමාණයක් කල් තබා ගන්නවා නම් මේවා කොටස් වශයෙන් සිසිල් කරගත හැක.

දැන් මෙම කොළ ටික හිල් පෙනේරේකට දමා ජලය බහින තෙක් සින්ක් එක මත තබන්න. කොළ ගෝවාවල තවමත් ජලය ඇත්නම් පෙනේරය නැවත වරක් සොලවා පැත්තක තබන්න.

අධිශීතකරණයක දමනා විට ගෝවා කොල තවමත් තෙත් ගතියෙන් යුක්ත නම් ඒවා ජල බුබුළු ලෙසට සීත වේවි. ගෝවා කොල මදක් තෙත් ගතියකින් යුක්ත වීම ගැටළුවක් නොමැති නමුත් ඔබට කැමතිනම් කඩදාසි තුවායක් මගින් තෙත මාත්තු කර ගත හැක.දැන් මෙම කොළ ටික අධිශිතකරණයේ දැමිය හැකි ප්ලාස්ටික් බෑගයක් තුළට වාතය ඇතුළු නොවන සේ තදින් දමා ඇසුරුම් කර ගන්න. මෙම බෑගයේ ඉහළ කෙළවරේ සිට අඟල් 0.5 ක (1.3cm) පරතරයක් තබාගැනීම ඇසුරුම් කිරීම පහසු කරවයි.ඔබ ගෝවා කොල විශාල ප්‍රමාණයක් ඇසුරුම් කරනවා නම් එක බෑගයකට වඩා භාවිතා කර ගත හැක.

දැන් එම බෑගය මත ඇසුරුම් කර දිනය සටහන් කරගන්න.මෙමගින් එම කොළ ටික කෙතරම් පරණ දැයි දැනගැනීම පහසු වේවි. දැන් ඇසුරුම අධිශීතකරණයට දමා මාස 10 ත් 12 ත් අතර කාලයක් තුළ භාවිතා කළ හැක.වඩාත් නැවුම් හා රසවත් ගෝවා කොළ ආහාරයට ගැනීම සඳහා වසරක් තුළ තුල භාවිතා කරන්න.

උතුරුවා ගන්නැතුව නැතහොත් බ්ලාන්ච් නොකර අධිශීතකරණයක දමනවා නම් හැකිතාක් ඉක්මණින් භාවිතා කිරීම වඩාත් සුදුසුය.ඔබ දන්නවාද? ඔබගේ ආහාර වට්ටෝරුව අනුව මේ කොළ ගෝවාවල සීත බහින්න තැබීම අවශ්‍ය නොවන්නත් පුළුවන.