Hela Rahas

Hela Rahas Official Web Portal

ගැමුණු කුමරුට බියේ තිස්‌ස කුමරු සැඟවී සිටි දෙමටමල් විහාරයයේ ඉතිහාස කතාව

දෙමටමල් විහාරය මෙරට පුරාණ විහාරස්‌ථානයක්‌ වන අතර මෙම විහාරයේ ඉතිහාසය ක්‍රි. පූ. 3 වන හෝ 2 වන සියවස දක්‌වා ඈතකට දිවයයි. ඌව පළාතේ මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ බුත්තල නගරයේ සිට කිලෝ මීටර් 4ක්‌ පමණ ඈතින් පිහිටා ඇති මෙම විහාරය කුඹුරු යායක්‌ මැද ඉතා අලංකාර වූ භූමි භාගයක පිහිටා ඇත. මෙම විහාරය හා සම්බන්ධ කතා පුවතක්‌ වංස කතා කිහිපයකම ස`දහන්ව ඇති අතර ඒ තුළින් මෙම විහාරයේ ඓතිහාසික පසුබිම නිරූපණය කරගත හැකිය.

කාවන්තිස්‌ස රජතුමා අවුරුදු 64ක්‌ ආයු වළ`දා මිය පරලොව ගිය පසු දීඝවාපියේ සිටි තිස්‌ස කුමරු වහාම මාගමට පැමිණ පිය රජුගේ ආදාහන කටයුතු සියල්ල නිම කර නැවත මෑණියන් හා කඩොල් ඇතු රැගෙන ආපසු දීඝවාපියට ගියෝය. මෙහිදී විහාරමහා දේවිය දීඝවාපියට යැමට ප්‍රථම යෝධයෙකු අතෙහි ගැමුණු කුමරුට පණිවිඩයක්‌ යවා ඇත. ‘මාගම අමාත්‍යවරුන් ගාමිණි කුමරුට එහි පැවති අරාජික තත්ත්වය දන්වා යෑවූ බවය’ (මහාවංසය, පරි.24, ගාථා 15,16)

ගැමුණු කුමරු කොත්මලේ සැගවී සිටි කාලයේ ගොවිතැන් කටයුතු කළ අතර දිනක්‌ තම කුඹුරෙහි වැඩ කරන අතරතුර ඔහු දහවල් ඇඹුල ගැනීමෙන් පසු රන්මැණිකාගේ ඇකයෙහි හිස තබාගෙන සිටියදී සෙමෙන් ඇස්‌ පියවී කෙටි නින්දක්‌ ගියේය. ඒ වේලාවේ රන්මැණිකා එකවරම කෑගැසීමට පටන්ගත් අතර හේවිසි ශබ්දයක්‌ ඇසෙන බවත් පෙරහැරක්‌ පැමිණෙන බවත් කියා සිටියාය. කුමාරයාත් එකවරම අවදිවී පෙරහැරේ හේවිසි ශබ්දය ළග ළගම එන බැවින් බැලුම්ගල උඩට නැග, පුසුල්පිටිය විහාරය දෙස බැලූ කල දැකගන්නට ලැබුණේ පෙරහැරක්‌ පැමිණෙන අයුරුය. කාවන්තිස්‌ස රජතුමා මියගොස්‌ සතියක්‌ ගිය පසු විහාරමහා දේවිය විසින් ගැමුණු කුමරුට රජකම භාරදීමට වේඵසුමන යෝධයා සමග පෙරහැරක්‌ එවා ඇත.

සතියක්‌ පමණ පැමිණි පෙරහැර හෙමින් හෙමින් වෙල්යාය පසු කරමින් කුමාරයා සිටින ඉසව්වට සේන්දු විය. කුමාරයා මේ පිළිබදව දැනගත් නමුත් රන්මැණිකා බියෙන් තැතිගෙන ගැමුණු කුමරු පසුපසට වී සැඟවුණාය. මේ අවස්‌ථාවේ අනෙක්‌ කුඹුරුවල සිටි පිරිස්‌ ද ගම්වැසියෝ ද මේ සිදුවීම දැක බලා ගැනීමට වෙල්යාය අසලට පැමිණ සිටියෝය. කුඹුරටම පැමිණි පෙරහැර කුමාරයාට බඹ හතක්‌ අටක්‌ පමණ ඉදිරියෙන් නැවතුණි. පෙරහැරේ ඉදිරියෙන්ම ආ වේඵසුමන යෝධයාත්, ඇතාත් කුමාරයා ඉදිරියේ දණ ගැසීය. කුමාරයා බියක්‌ නොමැතිව වේඵසුමන යෝධයා සම`ග කතා කිරීම ගම්වාසීන් පුදුම කරවන කාරණයක්‌ විය. ගැමුණු කුමරු සියලු තතු ගම්වාසින්ට තේරුම්කර දී මඩ සෝදාගෙන මාගම බලා පිටත් වූ බව ජනප්‍රවාදයේ කියවේ.

ගැමුණු කුමරු ගුත්තලට පැමිණ තිස්‌ස කුමරු වෙත චරපුරුෂයන් යවා මාගමට පැමිණියේය. අමාත්‍යවරුන් විසින් ගැමුණු කුමරු අභිෂේක කරවන ලදී. මාගම දී ඔටුනු පැළදි දුටුගැමුණු රජු තම මෑණියන් හා කඩොල් ඇතු තමන් වෙත එවන ලෙස සිය සොහොයුරාට නැවත දන්වා යෑවීය. (මහාවංසය, පරි.24, ගාථා 15,16) තිස්‌ස කුමරු ගැමුණු රජුගේ පණිවිඩයට පිළිතුරු ලෙස ‘පියා මිය ගියේය, මවට උවටැන් කරමින් මෙහි වසමි’යි’ දන්වා මව ද කඩොල් ඇතු ද තමා ළග රදවාගෙන ඇත. තුන්වරක්‌ මෙසේ දූතයන් යෑවූ නමුත් තිස්‌ස කුමාරයා එය නොසලකා හැරියේය. (සද්ධර්මාලංකාරය, පිටුව 529, රසවාහිනිය, පිටුව 66) තිස්‌ස කුමරුගෙන් මෑණියන් ඉල්ලා සිටිය දී ඔහු එය ප්‍රතික්‌ෂේප කිරීමෙන් ගැමුණු රජු කුපිත වූයේය. ඒ සමගම රජු තිස්‌ස කුමරු සමග සටනට ගියේය. තිස්‌ස කුමරුන් ද සේනාවක්‌ රැගෙන පැමිණි අතර එහිදී චූලාංගනිය නම් පිටියේ දී දෙදෙනා අතර දරුණු සටනක්‌ ඇති වූ බව ද කියවේ.

මෙම සටන ඇති වූයේ චූලාංගනිය පිටියේ දී යෑයි මහාවංසයේ දක්‌වන අතර ඇතැම් තැනක ස`දහන් වන්නේ යුදගනා පිටියේ දී (සුළගණා පිටිය) සටන සිදු වූ බවයි. (මහාවංසය, පරි. 24, ගාථාව 19 සද්ධර්මාලංකාරය, පිටුව 529 සිංහල ථූපවංසය, පිටුව 143) ජනප්‍රවාදයේ කියවෙන්නේ රත්නාවලී චෛත්‍ය (යුදගනා සෑය) පිහිටි ස්‌ථානයේ සටන සිදු වූ බවයි. මේ සටන සිදුවීමේ දී ගැමුණු රජු පැරදී පලාගිය අතර තිස්‌ස කුමරු කොළගනුව, කොටව යනුවෙන් සේනාව ඔහු පසුපස මෙහෙයවා ඇත. මෙය වැළැක්‌වීම පිණිස රහතුන් වහන්සේලා විසින් දෙදෙනා අතර ගල් කන්දක්‌ මවා ඇත. (මහාවංසය, පරි. 24, ගාථා 19-21 වංසත්ථප්පකාසිනී, පිටුව 367) ගැමුණු රජුගේ ජීවිතය බේරී ඇත්තේ එලෙස මැවූ කන්ද නිසා බව කියනු ලැබේ. එකී යුද්ධයේදී දිවි බේරාගෙන ඇත්තේ ගැමුණු රජුත් තවත් එක්‌ ඇමැතිවරයෙකුත් පමණි. වර්තමානයේ බුත්තල අසල ‘රහතන් කන්ද’ නමින් දක්‌නට ලැබෙනුයේ මෙම කන්දයි.

මාගමට පැමිණි ගැමුණු රජතුමා දහසක්‌ පමණ වූ භට සේනා රැස්‌කොට ගෙන නැවතත් තිස්‌ස සමග සටනට එළඹියේය. රජු දියථුණිකා නම් වෙළඹක්‌ පිට ද, තිස්‌ස කුමරු කඩොල් ඇතු පිට ද නැග සටන් කළ අතර ගැමුණු රජු තිස්‌ස කුමරුට තෝමරයෙන් ගැසීය. අනතුරුව තිස්‌ස කුමරුගේ සේනාවේ දහස්‌ ගණනක්‌ භටයෝ යුද්ධයේදී මියගිය අතර කඩොල් ඇතු ද පසුබැස්‌සේය. (මහාවංසය, පරි. 24, ගාථා 22-36) කඩොල් ඇතා ගැමුණු රජු හදුනාගත් අතර තම පිටේ සිටි තිස්‌ස කුමරු බිම ඇද දැමීමට උත්සහ කළ බැවින් කුමරු වහාම ගසකට නැග ගත්තේය. පසුව කඩොල් ඇතු ගැමුණු රජු වෙත ගිය බව කියවේ.

තිස්‌ස කුමරු ගසෙන් බැස මහතෙරුන් වසන විහාරයට ගොස්‌ ඇද යට සැගවී ඇත. (මහාවංසය, පරි. 24, ගාථා 39-40) ඔහු ලුහුබැද ගිය ගැමුණු රජු විහාරය අසලට ගොස්‌ භික්‌ෂු ගෞරවය නිසා විහාරයට ඇතුඵ නොවී සිටියේය. සද්ධාතිස්‌ස කුමරු මළ කෙනකු සේ සිවුරෙන් ඔතා භික්‌ෂුන් වහන්සේaගේ කරමතින් පළා ගිය අතර එවිට ගැමුණු රජු,Ñතිස්‌සය තෝ කුල දේවතාවන් ඉස හිදගෙන යනු නොලැබ, කුල දෙවියන් අතින් මගෙන් පැහැර ගැනීමක්‌ නැත්තේය. තෝ කොයි දවසත් කුල දෙවියන් ගැන සිහි කරව’ (මහාවංසය, පරි. 24, ගාථා 44,45) යෑයි පවසා ඇත. ඔහු ගැමුණු රජුගෙන් පලා ගොස්‌ දීඝවාපියේ සැගවී සිටි අතර ගැමුණු රජුගෙන් සමාව ගැනීමට තමා කැමති බව තිස්‌ස කුමරුන් විසින් ගෝධදත්ත තිස්‌ස තෙරුන්ට දන්වන ලදී.

තෙරුන් විසින් තිස්‌ස කුමරු, උන්වහන්සේගේ ආවතේව කරන්නෙකු ලෙස වෙස්‌ගන්වාගෙන මහා සංඝයා වහන්සේ පිරිවරාගෙන ඔහු සමගින් රජ මාලිගය කරා වැඩම කළේය. තිස්‌ස කුමරු මාලිගය ඉදිරිපිට නවත්වා උන්වහන්සේ භික්‌ෂු සංඝයාත් සමග රජ මාලිගයට ඇතුඵ විය. අනතුරුව උන් වහන්සේට ගැමුණු රජු කැද ආදිය පිළිගන්වමින් සංග්‍රහ කරන අවස්‌ථාවේ තෙරුන් විසින් පාත්‍රය අතින් වැසීය. රජු හේතුව විමසන විට, තිස්‌ස කුමරු මාලිගය ඉදිරියේ සිටින බව කීවේය. ගැමුණු රජු තෙරුන්වහන්සේලා පැමිණි අරමුණ තේරුම්ගෙන කැද පිළිගන්වා සංඝයා වහන්සේ කැද වැළ» පසු ගැමුණු රජු, තිස්‌ස කුමරු සම`ගත් ආහාර ගෙන භික්‌ෂූන් වහන්සේ පිටත්කර යෑවූ බව කියවේ.

දෙමටමල් විහාරය යනුවෙන් නම සෑදී ඇත්තේ සද්ධාතිස්‌ස රජු හා ගැමුණු රජු අතර මාගම රාජ්‍යයේ උරුමකම සම්බන්ධයෙන් සටනක්‌ ඇති වුණු අතර එහිදී සද්ධාතිස්‌ස රජු පැරදී පලාගොස්‌ විහාරයේ මහතෙරුන්ගේ ඇදයට සැගවුණි. ගැමුණු රජු භික්‌ෂු ගෞරවය නිසා විහාරයට ඇතුඑ නොවීය. පසුව මළ කෙනෙකු සේ සද්ධාතිස්‌ස භික්‌ෂූන් වහන්සේලාගේ කර මතින් විහාරයෙන් එළියට ගිය අතර ‘මම සහෝදරයා (මළනුවන්)’ යන අරුතින් දෙටු මල් විහාරය ලෙස සෑදුණු බවත් පසුව එය වර්තමානයේ දෙමටමල් විහාරය බවට පත්වූ බවත් ජනප්‍රවාදයේ කියවේ.

වංස කතාවල සදහන් මෙම සිදුවීම දෙස විමසා බලනවිට දෙමටමල් විහාරය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන අතර විහාරය වටා ඇති නෂ්ටාවශේෂ දෙස බැලීමෙන්ද එය තහවුරු කරගත හැකිය. ගලින් නිමකළ ඉපැරණි හිටි පිළිමයක්‌ අභය මුද්‍රdවෙන් විහාරගෙය තුළ වැඩ සිටී. විහාරය වටා තැන් තැන්වල ගොඩනැඟිලි කිහිපයක නටබුන් හමුවේ. එහි එක්‌ ගොඩනැගිල්ලක නටබුන් ඉදිරියේ මුරගලක්‌ දැකගත හැකි අතර එය මෙරට හමුවන විශේෂ මුරගලකි. මෙම මුරගලේ ප්‍රධාන රූපයට දකුණු පසින් කාන්තා රූපයක්‌ දැකගත හැකිය.

නාග පෙන සහිත රූපයේ උරහිසට ආසන්න උසකින් එම රූපය දක්‌වා ඇත. ගඩොලින් නිර්මාණය කළ ස්‌තූපයක්‌ ද දැකගත හැකි අතර එහි කොත් කැරැල්ලේ කොටසක්‌ බිදී ගොස්‌ ඇත. එහෙත් ස්‌තූපයේ සියලු අංග පැහැදිලිව දැකගත හැකිය. අලංකාර වූ මෙම ස්‌තූපය අඩි 10ක්‌ පමණ උස්‌ වේදිකාවක නිර්මාණය කර ඇත. මෙම විහාරයේ තැන තැන විසිරුණු නටබුන් අතර ප්‍රතිමාවක කොටස්‌ ද හමුවී ඇත. එය කුමන රූපයක්‌ දැයි පැහැදිලි නැත.

දෙමටමල් විහාරය වර්තමානයේ බැතිමතුන්ගෙන් හා සංචාරකයන්ගෙන් තරමක්‌ ඈත්වන අතර මෙම විහාරය අප රටේ පෞඪ ඉතිහාසය මෙන්ම උරුමය ද නිරූපණය කරයි. එබැවින් මෙම විහාරය ආරක්‌ෂාකර ගැනීම අප සැමගේ පරම යුතුකමකි.