Hela Rahas

Hela Rahas Official Web Portal

ගෑරුප්පුව සහ පිහිය භාවිතා කරන නිවැරදී විදිය

කෑම මේසයේදී ඔබ ගෑරුප්පුව සහ පිහිය භාවිතා කරන ආකාරයෙන් කියවෙන දේ මෙන්න!මේ උත්සව සමය බොහෝ දෙනාට විශේෂ කෑම වේලක් සදහා ආරාධනා ලැබෙන සමයක්.එමනිසා රාත්‍රී භෝජනයකදී ඇතිවන අපහසුතා වලක්වා ගැනීමට කෑම මේසයේදී හැසිරෙන ආකාරය දැන සිටීම වැදගත්.මිතුරන් සමග විශේෂ භෝජනයකට සම්බන්ධ වන ඔබ, කල යුතු සහ නොකල යුතු දේවල් පිලිබඳවයි මේ හෙලිදරව්ව!

කෑම මේසයේදී ඔබ හැදි ගෑරුප්පු තබන ආකාරයෙන් බොහෝ දේ කියැවෙනවා.එමනිසා රාත්‍රී භෝජන සදහා සැරසෙන මේ උත්සව සමයේදී ,ඔබ ඔබේ හැදි ,ගෑරුප්පු ,පිහිය ආදිය පිගාන මත තබන ආකාරය සහ එයින් අන් අය වෙත කියවෙන දේ පිලිබඳව දැනුවත්ව සිටීම වැදගත්.එමනිසා මේ ලිපියෙන් අප ඉදිරිපත් කරන්නේ ගෑරුප්පුව සහ පිහිය පැත්තෙන් පැත්තට තැබීමේ සිට එකක් මත එකක් තැබීම දක්වා සිඩ්නි නුවර විශිෂ්ටතම විශේෂඥයන් හෙලි කල කෑම මේසයේදී කල යුතු සහ නොකල යුතු දෑ පිලිබඳවයි.

01.“මම තවම ආහාර ගෙන අවසන් නැහැ”

ඔබ ආහාර ගැනීමෙන් කෙටි විරාමයක් ගන්නා විට, හැදි ගෑරුප්පු අතේ තබාගෙන සිටීමට අකමැති විටෙක ඔබ තවම ආහාර ගෙන අවසන් නැති බව වේටර්වරයාට දැනුම් දීමට ඇති ක්‍රමය වන්නෙ ගෑරුප්පුව සහ පිහිය උඩු අත යටට සිටින සේ V හැඩයට තැබීම හෝ පිහිය පිගාන ඉහල කෙලවරින් තැබීමයි.

බොහෝ පුද්ගලයන් මෙම ක්‍රමය අනුගමනය කරන අතර ඇතැම් විට ගෑරුප්පුව සහ පිහිය දෙකම පිගාන පිටතින් තැබීම සිදු කරයි. නමුත් මෙම ක්‍රමය ඒ අවට අවුල් සහ අපිරිසිදු ස්වභාවයක් ඇති කිරීමට සමත් වන අතර, ගෑරුප්පුව සහ පිහිය ආහාර බදුනෙන් පිටතට වැටීමටද ඉඩ ඇත. මේස රෙද්ද පිරිසිදුව තබා ගැනීමට අවශ්‍ය නම් පලමු ක්‍රම දෙකෙන් එකක් අනුගමනය කිරීම සුදුසු වේ.

02.”මම ආහාර ගෙන අවසන්”

ඔබ ආහාර ගෙන අවසන් විටෙක හෝ තවදුරටත් ආහාර ගැනීමට නොහැකි තරම් කුස පිරී ඇති විට ගෑරුප්පුව සහ පිහිය පිගාන මැදින් සමාන්තරව තැබීම ,වේටර්වරයාට ඔබේ පිගාන එතනින් ඉවත් කරගෙන යාමට හැකි බවට ලබාදෙන නිහඬ දැනුම් දීමකි.ගෑරුප්පුව සහ පිහිය තැබිය යුත්තේ ඔරලෝසුවේ වෙලාව 12.00 පෙන්වන ආකාරයට වුවත් , එනිනෙකට සමාන්තරව තැබීම ඔබ ආහාර ගෙන අවසන් බවට පණිවිඩය ලබා දීමට ප්‍රමාණවත්ය.

03.”මම ඊලග ආහාරයට සූදානම්”

ඔබ මුල් ආහාර වටය අවසන් කර ප්‍රධාන ආහාර වේලට (main course) සූදානම් බව දැන්වීමට අවශ්‍යද? ගෑරුප්පුව සහ පිහිය කතිර හැඩයක් නිර්මාණය කරන ආකාරයට,පිහිය ගෑරුප්පුව යටින් පිහිටන සේ තැබීම මේ සදහා ක්‍රමයයි.මෙහිදී ගෑරුප්පුව සිරස් අතටත්,පිහිය තිරස් අතටත් තැබිය යුතු වේ.ඔබ සියලුම ආහාර වටයන් අවසන් කර ඇත්නම් තමා ආහාර ගෙන අවසන් බව හගවන ආකාරයට ගෑරුප්පුව සහ පිහිය තැබිය යුතය.

04“ආහාර ඉතාම විශිෂ්ටයි”

ඔබ අත ඇති උපාංග මගින් ඔබ එම ආහාරය ඉතා හොදින් රස විදි බව ඔබට ආරාධනා කල පුද්ගලයාට සහ අනිත් අමුත්තන්ට දැන්වීමට අවශ්‍යද ? මේ ඒ සදහා ක්‍රමයයි.මේ සදහා ගෑරුප්පුව සහ පිහිය තිරස් අතට, පිහියේ තලය සහ ගෑරුප්පුවේ දැති දකුණු අතට සිටින සේ තැබිය යුතුයි. මෙය තමා ආහාර ගෙන අවසන් බවද හගවන ඉරියව්වක්.

05″මම ආහාරය රස වින්දේ නැහැ”

ඔබ රස නොවිදි ආහාරය නැවත මුළුතැන්ගෙයට රැගෙන යනවා වෙනුවට ඔබ අතැති උපාංග මගින් ඒ බව හැගවීමට හැකි බව ඔබ දැන සිටියාද?මේ සදහා ඇති ක්‍රමය වන්නේ පිහිය, ගෑරුප්පුවේ දැති හරහා V හැඩයට රදවා තැබීමයි.මෙය තමා ආහාර ගෙන අවසන් නැති බව හගවන ක්‍රමය හා තරමක් සමාන නිසා නිවැරදි ක්‍රමය අවශ්‍ය අවස්තාවට යෙදීමට සැලකිලිමත් වන්න.

“මම නිවැරදි ගෑරුප්පුව භාවිතා කිරීමට දන්නවා”

ආහාරය සදහා විවිධ උපාංග බොහොමයක් ලබා දී ඇති අවස්තාවක තමා පාවිච්චි කල යුත්තේ මොන උපාංගයද යන වග දන්නා බව හැගවීමට ,උපාංග දී ඇති සැකසුමේ පිටත සිට ඇතුලතට පිලිවෙලින් උපකරණ භාවිතා කරන්න.ඒ අනුව පිගානට ඈතින්ම ඇති උපකරණ (cutlery/utensils) මුලින්ම භාවිතා වන අතර, අන්තිම ආහාර වට සදහා යොදාගන්නේ පිගානට ලගින්ම ඇති උපකරණයි.

ඔබ උපකරණ භාවිතය පිලිබඳ නොදන්නා බව හගවමින් අන් අයගෙන් ඒ සිරිත් පිලිබඳ විමසීම නුසුදුසු වේ.

ඔබ දැන සිටිය යුතු තවත් වැදගත් කරුණක් නම් පිහිය සහ ගෑරුප්පුව කතිරයක් ආකාරයට සකසා තිබීම ඉතා දරුණු සලකුණක් බවයි. එවන් සලකුණක් දෙස බලාගෙන උපකරණ බිම වට්ටා නොගෙන පිගාන මේසයෙන් ඉවත් කරගෙන යාමට ඔබේ වේටර්වරයාට බොහෝ අපහසු වනු ඇත.

එසේම හැදි ගෑරුප්පු ලෙව කෑමෙන් සහ කතාකරන අතරතුර ඒවා අන් අමුත්තන් දෙසට එල්ල කිරීමෙන් වැලකී සිටිය යුතුය.