Hela Rahas

Hela Rahas Official Web Portal

ගුවන් යානා වල ආසන නිල් පාට ඇයි

ගුවන් යානා ආසන වල පැහැය ගැන ඔබ කිසිවිටෙක අවධානයක් යොමු කොට තිබේද ? ඒවා සියල්ලම පාහේ ඇත්තේ නිල් පාටින් වන අතර මෙම රීතියට අයත් නොවන ඉතා අල්පයක් ද තිබේ . මෙම නිල් වර්ණය තෝරා ගෙන තිබුණේ අහස මතක් කර දීම සදහා යයි සමහරෙක් උපකල්පනය කරති . නමුත් එම පැහැදිළි කිරීම එතරම් ම සරල නොවේ .

ඒ නිසා නිල් පැහැය කුමටද ?

පළමු නිල් ආසන පැම්ණියේ දශක කිහිපයකට පෙරාතුව වන අතර, දැන් සියළුම ගුවන් සමාගම් ආසන ආවරණය කිරීම සදහා එම පැහැය ම තෝරා ගනිති.බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් ට අනුව ,මෙම නිල් පැහැය ,විශ්වාස වන්ත භාවය සහ ආරක්ෂාව ඇසුරු කරන අතර ,”ගුවන් බිය ” ( aerophobia)නැමති රෝගය නො මැති මගීන් ට පවා ඉතා වැදගත් වේ .පරීක්ෂණ යන්ට අනුව 90% ක් ජනතාව යටිහිතින් තීරණය කරන්නේ සන්නාම වර්ණ ය මත යැපෙන සමාගමේ ආකර්ශණීය ත්වය පිළිබදව යි.

ගුවන් සමාගම් මෙම නිල් පැහැය තෝරා ගැනීම සදහා ප්‍රායෝගික හේතුවක් ද තිබේ .කුණු , පැල්ලම් ,සහ කුරුටු ගෑම් ආදිය පෙනෙන්නේ අල්ප වශයෙනි .සංසන්දනාත්මකව ලා පැහැති ආවරණ වලට වඩා මෙම වර්ණ ය සහිත ආසන දිගු කාලයක් භාවිත යෙහි රදවා ගත හැකිය . කෙසේ නමුත් පළමු පන්තියේ යාමට සුළු පිරිසකට හැකි යාව ඇති අතර ,ආවරණ රෙදි හානි යට පත්වී ම අඩු නිසා නිරන්තරයෙන් එම පන්තියේ ආසන සදහා දීප්තිමත් ආවරණ යොදා ඇත .

සිත් ඇදගන්නා සුළු තොරතුරක්

1970 සහ 1980 ගණන් වලදී සමහර ගුවන් සමාගම් රතු පැහැති ආවරණ භාවිතා කිරීමට උත්සාහ කළහ .කෙසේ වෙනත් අවසානයේ දී ඒවා යළිත් නිල් පැහැය ට මාරු කරන්නට සිදු වූයේ, ගුවන් මගීන් අතර ආරවුල් වල වැඩි වීමක් ඇති වූ නිසා ය .

රෙදි හෝ හම් ?

ආසන ආවරණය කිරීම සදහා ද්‍රව්‍ය වශයෙන් කෘත්‍රිම හම් හෝ රෙදි භාවිතා කළ හැකිය .රීතියක් වශයෙන් අත්ලන්තික් හරහා යන සංචාරය වැනි දිගු ගමන් වල නිරත වන ගුවන් යානා ආසන රෙදි වලින් ආවරණය කරන ලදී .එමගින් වාඩිවී සිටින මගීන් ගේ හමට පහසු වක් දැනෙන අතර ,දහදිය දැමීම වැනි අපහසු තා වලට මුහුණ දී මට ද සිදු නොවේ .නමුත් කෙට් සංචාර සදහා කෘත්‍රිම හම් හොදින් ම සෑහේ.ඒවා සම්පූර්ණ යෙන්ම නො ඉරෙන අතර , ඉහිරුණු බීම වලින් පවා ඒවා මත පැල්ලම් ඇති නොවේ .

සිත් ඇදගන්නා තොරතුරක්-හිසේ ගල්වා ඇති තෙල් ගෑවීම වැළැක්වීම සදහා ආසන පිටුපස ට රෙදි කැබැල්ල ක් එළනු ලැබේ .මෙම රෙදි එළීම විශාල වශයෙන් සිදු කෙරුණේ වික්ටෝරියන් යුගයේ ගෘහ භාණ්ඩ ආවරණය සදහා ය.මිනිසුන් තම හිසේ අලංකාරය සදහා ගල්වන තෙල් ,බොහෝ සාරවත් මෙන්ම ග්‍රීස් මෙන් ඇලෙ න සුළු පැල්ලම් එම ගෘහ භාණ්ඩ මත ඇතිකිරීමට ඉඩ කඩ සලසයි .එම නිසා ජනතාව ආසන මුදුන මත කුඩා රෙදි කැබලි තබා හිස එහි රදවා විවේක ගනිති .වටිනා ගෘහ භාණ්ඩ වලට වන හානි එමගින් වැළකේ.

ගුවන් යානා ආසන ජනේල හා සමපාත නො වන්නේ ඇයි ?

ඔබ ගුවන් යානය ක ජනේල ය අසල ආසනයක් මත කිසිදා වාඩිවී ගොස් තිබේද ?නමුත් ජනේල යෙන් කිසිම දෙයක් දුටුවේ නැහැ නේද? ඒ ආසන සමමට්ටමින් හෝ ඒවාට කෙළින්ම පිටුපසින් තිබෙන නිසා ද ?ගුවන් සමාගම් එක ගුවන් යානයක් තුළ හැකි තරම් ආසන තෙරපා දැමීම නිසා එය සිදු වන බව ඔප්පු වී ඇත. ගුවන් ගමන් පාලක සමාගම් යානය තුළ ආසන පේළි සවිකළ යුතු ආකාරය පිළිබදව ඔවුන් දැනුවත් කළ ද , කිසිවකු සාමාන්‍යයෙන් එම රීති අනුගමනය නො කරයි .ගුවන් සමාගම් තම අභිමතය පරිදි යානයේ බිම තිබෙන සලකුණු අනුව ආසන සකසා ගනිති .බිම තිබෙන උපරිම ඉඩ යොදා ගැනීමට ඇත්ත වශයෙන් ම ඔවුහු මෙය අවස්ථාවක් කර ගනිති .

හොදම ආසනය තෝරා ගන්නේ කෙසේ ද ?

ඔබ දැනටමත් දන්නා පරිදි , ගුවන් යානය ක් තුළ ආසන පේළි සැකසීම බොහෝ විට ගුවන් සමාගමේ සිතැඟියාවන්ට අනුව මෙන්ම සමහර විට ඔවුන්ගේ අධික ආශාව මත තීරණය වේ .ඒ නිසා සුව පහසු අසුනක් තෝරා ගැනීම පහසු කටයුත්තක් නොවේ .එහෙත් වාසනාවකට පහත දැක්වෙන කරුණු ඒ සදහා ඔබට උපකාරී වනු ඇත .

  • විවිධ ගුවන් සමාගම් වලට අයත් ගුවන් යානා වල ආසන පිළියෙළ කර තිබෙන සත්‍ය ආකාරය ඒ සදහා වන විශේෂ වෙබ් අඩවි වලින් ඔබට බලා ගත හැකිය .ඔබ ජනේල යෙන් පෙනෙන දර්ශනය බලා සත්‍ය වශයෙන් ම වින්දනය ක් ලබන්නේ ද, එසේ නොමැතිව නිරන්තරවම නැමි නැමී භූමියේ දර්ශන බලන්නේ ද යන්න තීරණය කිරීමට ඒවා ඔබට උපකාරී වනු ඇති .
  • ගුවන් යානයේ එන්ජිමේ ශබ්ද ඇසීම ට ඔබට අනවශ්‍ය නම් ,යානයේ ඉදිරිපස කෙළවර ට ආසන්නම ආසන තෝරා ගත යුතුය .මේ අවස්ථා වේදී ගුවන් සේවිකාවන් ගේ කථාකර න හඩ ඇසීම ට ඉඩ ඇත ත් ඒවා එන්ජිමේ ශබ්ද තරම් බලවත් නොවේ .ඔබට එවැනි ආසන ‍තෝරා ගැනීමට නො හැකි වුවහොත් , ආසන පේළි අතර ඇති මගට ආසන්න තැනක වාඩි විය හැකි අතර ,ජනේල යක් ළග සිටින වාට වඩා එය වඩාත් නිශ්ශබ්ද ය.
  • ගුවන් යානයේ ආරම්භක ආසන වල තවත් එක් වාසියක් ඇත .එනම් ආහාර බෙදීම ආරම්භ වන්නේ ඔබගෙන් නිසා වැඩි ආහාර ප්‍රභේද සහිතව දීසි ප්‍රමාණයක් ඔබට ලැබෙනු ඇත .නමුත් පසුපස කොටසේ සිටින මගීන් ට ඉතිරි ව ඇති මාළු සහ කුකුළු මස් ‍තෝරා බේරා ගැනීමේ අවකාශ විරල වනු ඇති .
  • ඔබ උස පුද්ගලයකු නම් , විශ්වාස යෙන් ම වාඩි වියයුත්තේ හදිසි දොරටු ළගින් මය. ආසන පේළි අතර වැඩි ඉඩක් ඇති හෙයින් ඔබට සුව පහසු වෙන් වාඩිවී ගමන යා හැකිය .ඔබගේ දණහිස් දෙ කණ දක්වා නවා ගෙන යාමේ අවශ්‍යතාවයක් ඇති නොවේ .
  • නමුත් සිහි තබා ගත යුතු කරුණ නම්, හදිසි දොරටු ආසන්න යේ ඇති මේවා ඇලකිරීමෙන් වැළකිය යුතු අතර , ( නිදා ගන්නා ආකාරයට )හදිසි අවස්ථාවලදී මගීන් ඉවත් කිරීමට ඉන් බාධාවන් නොවිය යුතු ය.මේ හේතුව නිසා ඇතැම් ගුවන් මගීන්ට මේවා හොදම තේරීම නොවීමට ද ඉඩ තිබේ.