Hela Rahas

Hela Rahas Official Web Portal

චිත්ත ශක්තියෙන් කරන්න පුළුවන් දේවල්

චෛතසික බලයෙන් රෝග සුවපත් කිරීම පිළිබඳ ව මේ ලිපිය විස්තර කරයි.චිත්ත බලය මගින් කෙනකුගේ රෝග පීඩා සුව කිරීමේ මහඟු න්‍යාය ලොවට හඳුන්වා දුන් අසහායවෛද්‍යවරයාණෝ තිලෝගුරු බුදු රජාණන් වහන්සේ ය. එකිනෙකාට වෛර කරමින්, කුහකකම් කරමින්වෙසෙන, මානුෂීය ගුණදම් අන්තයට පිරිහී ඇති සමාජයේ තවෙකකු වෙනුවෙන් තම කාලය, ශ්‍රමය, ධනය යොදවන්නට පසුබට නොවන සත්පුරුෂයන් තවමත් නැතුවා නොවේ.එවැනි පරෝපකාරී පුද්ගලයන්ගේ ප්‍රයෝජනයට, කිසිදු වියදමකින් තොර ව අනෙකකුගේ සුවපත්භාවය සඳහා තම චිත්ත චෛතසිකයන් සකස් කරගන්නා අයුරු මෙහිදී විමසා බලමු.මේ මඟින් රෝග සුවපත් කරන්නා හා සුවපත් බව ලැබගන්නා යන දෙදෙනාට ම සිදු වන යහපතඅසීමිත ය.සිතිවිලි තරංගවල බලය ගැන බොහෝ අයට ඇත්තේ ඉතා මඳ දැනුමකි. එමෙන් ම සෑම පුද්ගලයකුගේ මසිරුර වටා විද්‍යුත් චුම්භක කදම්භයක් විහිදී පවතින අතර, මනස දියුණු කළ පුද්ගලයන්වටා ඇති මෙම බල ශක්තිය ඉතා ප්‍රබල වේ.කායික මානසික රෝග පීඩාවලින් තොර ව ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, මාන්නය ආදියෙන් තොර වමෛත්‍රීය, කරුණාව, මුදිතාව වැනි උසස් මානුෂීය ගුණාංග වඩවාගත් පුද්ගලයන් වටා ඉතාශක්තිමත් ශක්ති කදම්භයක් විහිදී ඇත. එවැනි අයට සිතෙන් බලපෑම් කර අන් අය සුවපත්කිරීමේ හැකියාව මනා ලෙස පිහිටා ඇත. එලෙස ම මෙය අනුක්‍රමයෙන් ප්‍රගුණ කිරීමෙන්විශේෂයෙන් ළඟ සිටින අයගේ මෙන් ම දුර සිටින පුද්ගලයන්ගේ පවා රෝග පීඩා සුව කිරීමටචිත්ත තරංග උපයෝගි කරගත හැකි ය.බෞද්ධ ආගමික සෙත්පිරිත්, බෝධිපූජා සෙත්කවි ආදිය මඟින් ද වෙසසින් කරනුයේ මෙවන්පිළියමකි. මෙහි දී විශේෂයෙන් පන්සල්, බෝධිමළු ආදි ස්ථානවලදී මෙම වතාවත් පවත්වන්නේනම් සහ අදාළ රෝගි පුද්ගලයා ද ඊට සහභාගි වන්නේ නම් උක්ත ක්‍රම වඩාත් ප්‍රතිඵල දායකවේ. එනම් එම ස්ථානවල යහපත් චිත්ත තරංග විසිරී පවතී. මෙසේ සිදු වන්නේ ආගමික ස්ථානයක්අසල හෝ ඒ තුළ ගත කරන කාලයේ බොහෝ දෙනා තුළ පවතින්නේ යහපත් සිතිවිලි ධාරා නිසා ය.

දුර සිටින අය හෝ තමා ළඟ නොමැති රෝගීන් සුවපත් කිරීමට යොදාගනුයේ ටෙලිපති (Telepathy) නම් මානසික උත්තේජනය සඳහා චිත්ත තරංග යැවීම යි. මේ පිළිබඳ පර්යේෂණ කර අත්හදා බැලීමසිදු කළ විශේෂඥයන් පවසා ඇත්තේ චිත්ත තරංග යැවීම සඳහා ඊට ඉලක්ක වන පුද්ගලයා පිළිබඳමනා චිත්ත රූපයක් මවාගැනීම අවශ්‍ය බව යි. එසේ නැති නම් එම තැනැත්තාගේ පින්තූරයක් හෝනම ලියූ කොළයක් හෝ එම පුද්ගලයා පරිහරණය කළ යමක් හෝ ළඟ තබාගැනීමෙන් ද එය සිදු කළහැකි ය.සුවපත් කිරීමට ලක් වන පුද්ගලයා නිදහස් ව සිටින රාත්‍රී කාලය වැනි වේලාවන්හි මෙසේචිත්ත තරංග යැවීම සිදු කළ යුතු ය. මෙමඟින් රෝග සුවය පමණක් නො ව, කෙනකුගේ සිතිවිලිපවා වෙනස් කළ හැකි ය. එනම්: මත්ද්‍රව්‍ය වැනි අහිතකර පුරුදුවලින් මිදීමට වෙනත් සමාජවිරෝධ හෝ පුද්ගල විරෝධ වැරදි ක්‍රියා නතර කිරීමට, යහපත් ක්‍රියා සඳහා පෙලඹවීමටමෙමගින් හැකියාව ඇත. කෙනකුගේ ඍණාත්මක චින්තනය වෙනස් කොට ධනාත්මක ලෙස සිතුවිලි සකස්කිරීමට ද මෙමගින් හැකි වේ.මෙහි දී එක්වරක් ප්‍රබල සිතිවිලි තරංගයක් යවනවාට වඩා ටිකෙන් ටික නිතර තමාට අවශ්‍යචිත්ත තරංග යැවීමෙන් වැඩි ප්‍රතිඵල ලැබෙන බව ද පෙන්වා දී ඇත. ලෝකය වටා ආලෝකය හාතාපය ශක්ති ලෙස පැතිර පවතින ආකාරයට ම සිතිවිලි තරංග ද අවකාශයට එක් වී පෘථිවි තලයවටා සැරි සරමින් ශක්තියක් ආකාරයට පවතී. එහෙත් ආලෝකය කාලය ආදිය පිළිබඳ මෙන් සූක්ෂ්මපර්යේෂණවලට ලක් නොවී ඇති බැවින් චිත්ත තරංග ගමන් කිරීමේ වේගය ආදිය පිළිබඳ නිශ්චිතනිගමනයකට එළඹ නැත. මේ පිළිබඳ ව මේ වන විට නොයෙකුත් මත පවතී. එහෙත් බුදුන් වහන්සේවැනි සිත දියුණු කළ විද්වතුන් චිත්ත බලය මඟින් විශ්වයේ වෙනත් ස්ථාන පවා නිරීක්ෂණයකර ඇති ආකාරයෙන් චිත්ත තරංගවල වේගය පිළිබඳ දළ අදහසක් ලබාගත හැකි ය.යහපත් ආකාරයට අන් අයට සිතුවිලි තරංග යැවීමට බලාපොරොත්තු වන පුද්ගලයා මනස දියුණුකිරීම මඟින් තමාගේ චිත්ත තරංගවල, ශක්තිය වඩවාගත යුතු ය. එනම් ඔහු නිතර ම උසස්මානසික ගුණාංග වඩවාගත යුතු අතර විවේකය, ශාරීරික හා මානසික පිරිසිදුකම ආදිය පිළිබඳසැලකිලිමත් විය යුතු ය. තව ද අනවශ්‍ය කතාබහ ආදිය මඟින් ශාරීරික ශක්තිය පිරිහී යනබැවින් ඒවායින් වැළකිය යුතු ය.සමාන සිතිවිලි එකිනෙක ආකර්ෂණය වන අතර ප්‍රතිවිරුද්ධ සිතිවිලි විකර්ෂණය වේ. සමානඅදහස් දරන පුද්ගලයන් ඉතා තදින් එකිනෙකා බැඳීයන්නේ මේ හේතුවෙනි.එලෙස ම අයහපත් සිතිවිලි ඇති අය ද මෙසේ එක සමාන සිතිවිලිවල ආකර්ෂණය නිසා එකතු වෙති.යහපත් අදහස් දරන පුද්ගලයකු එවන් පරිසරයකට පැමිණිය හොත් නරක අදහස්වල ඇති අයහපත් කිරණහේතුවෙන් ඔහුට එම ප්‍රදේශයේ රැඳී සිටීමට සිත් නො දෙයි.සිතිවිලි තරංගවල බලය නපුරු ක්‍රියා සඳහා ද යොදාගැනේ. වස්කවි, ඇස්වහ කටවහ ආදියේ දීක්‍රියාත්මක වන්නේ එම ශක්තිය යි. එහෙත් අනුන්ට අයහපත සඳහා යොදාගනු ලබන මෙමක්‍රියාවේ ප්‍රතිඵලය එලෙසින් ම එසේ කරන්නා කරා ද පැමිණෙන්නේ සෑම ක්‍රියාවකට මප්‍රතික්‍රියාවක් ඇත යන විශ්ව නීතිය ක්‍රියාත්මක කරවීමෙනි.නිතර යහපත් සිතිවිලි ඇති කරගැනීම නිසා තමා වෙත යහපත ම ගලා ඒමට පටන් ගනී. එමෙන් මශාරීරික පැහැපත් බව හෝ නීරෝගි බව, මානසික සැහැල්ලුව, සමාජ ප්‍රියශීලි බව ආදිය ඇතිවේ. මෙලෙස කායික හා චිත්ත ශක්තිය වඩවාගැනීමෙන් පසු මෛත්‍රී සහගත ව අන්‍යයන් සුවපත්කිරීමෙන් අනුන්ට උපකාරයක් මෙන් ම තමාට ද මෙලොව පරලොව ජීවිත යහපත් කරගැනීමට ඉවහල් වනමහඟු පිනක් සිදු වේ.