Hela Rahas

Hela Rahas Official Web Portal

ජපානේ ළමයි හපන්නු කරන විදිය

ජපානයේ ප්‍රාථමික අධ්‍යාපනයේ ඇති විශේෂිතම දෙයක් ලෙස දරැවන්ව ගහට කොළට ආදරය කිරීමට පුරැදු පුහුණු දැක්විය හැකියි.මෙහිදී සෑම වසරකදීම එම එම වසර වල දරැවන් සදහා අදාල එක් වර්ගයක ඇට ලබා දී එම ඇට වලින් පැළය වැඩෙන හැටි ,එම ගස ටිකෙන් ටික ලොකු වෙන හැටි ,ඒවා මල් පිපී හෝ ඵල බර වෙන හැටි, නැවත ඒවායින් ඇට ලබා ගන්නා හැටි ඔවුනටම නීරීක්ෂණය කිරීමට අවස්ථාව ලබා දෙයි. ඒ සදහා පාසල් කාලයේදී ම කාලය වෙන් කර ඇත. එම ගස සතියකට සැරයක් නිරීක්ෂණය කර එහි චිත්‍රයක් ඇද ගසෙහි සිදු වී ඇති වෙනස්කම් නිරීක්ෂණය කර එයද අනිවාර්යයෙන් සටහන් කර තැබිය යුතුමය.උදාහරණයක් ලෙස එක ශ්‍රේණියේ ළමුන් සදහා බොහෝ විට Morning glory මල් වල ඇට ලබා දෙන විට දෙවන ශ්‍රේණියේ ළමුන් සදහා තක්කාලි ඇට ලබා දෙයි.සීත කාලය උදා වන තුරැම තනිවම එම ගස රැක බලා ගැනීම ඔවුනට පැවරෙන වගකීමකි. මාස 1 1/2 ක පමණ ඇති ගිම්හාන කාල නිවාඩුවේදී දරැවන්ට තම නිවෙස් වෙත එම පැළය රැගෙන ගොස් රැක බලා ගැනීමට සිදු වෙයි.

මෙහිදී ඔවුන් ඇටයක් පැළ කිරීමට යොදාගන්නා පස් වල ස්වාභාවය, පස් සමග මිශ්‍ර කරන දේවල අනුපාතයන්ගේ සිට ඇටය ටිකෙන් ටික වර්ධනය ‍යට අවශ්‍ය මොනවාදැයි ප්‍රායෝගිකව ඉගෙන ගැනීමක් සිදු කරයි.එවිට දරැවාට පරිසරයේ ගස්කොළන් වැවීමට අවශ්‍ය දේවල් ලෙස ජලය , සූර්යාලෝකය ලෙස කටපාඩම් කිරීමට අවශ්‍ය නැත. අද ලංකාවේ බොහෝ දරැවන් විෂය කරැණු දැන සිටියත් ඒවා ප්‍රායෝගිකව දන්නේ නැත. ඔවුනට ඉලක්කය විභාගයම පමණි. කටපාඩම් කළ දෙයින් පරිබාහිරව ප්‍රශ්නයක් නැගූ විට ඔවුනට උත්තර සැපයීම ට අපහසුය.නමුත් ජපන් දරැවන් ප්‍රායෝගිකව විෂය කරැණු ඉගෙන ගැනීම සිදු කර විභාග වල්ට මුහුණ දෙයි.එය ඉතා සාර්ථක ක්‍රමයක් ලෙස මට සිතෙයි.කුමන ආකාරයේ ප්‍රශ්නයකට වුවද අත්දැකීම් තුළින් ඔවුන්ට පිළිතුරු සැපයීම පහසුය. එසේම දරැවා ඉබේම ගස් වලට ආදරය කිරීමට ත් පෙළඹෙයි.සදහන් කළ යුතු අනෙක් කාරණා නම් පැළ සිටු වීමට යොදාගන්නා භාජනය දිගින් දිගටම ඔවුන් 1-6 දක්වා පාවිච්චියට ගැනීමයි.එය සැහැල්ලු වීම සදහාත්, විනාශ වීම අවම වීම සදහාත් ප්ලාස්ටික් වලින් නිමවා තිබීමසෑම භාජනයක්ම , ඇට වර්ගයක්ම පාසලින් සැපයීම. කිසි දිනක දෙමාපියන් ට යම් යම් දේ එවන ලෙස කරදර නොකිරීම
පෙන්වා දිය හැකිය.