Hela Rahas

Hela Rahas Official Web Portal

ජීවිතය සාර්ථක කරන මුදල් රීති 10 ක්

ආයෝජනය කොට වැඩියෙන් මුදල් උපයා ගැනීමේ සංකීර්ණ සහ දක්ෂ ක්‍රමෝපායයන් බොහොමයක් ම තිබේ .නමුත් ඒවා බොහෝ වෙලාවට ව්‍යාපාරික දක්ෂතා ඇති පුද්ගලයන්ට පමණක් ඵලදායී වේ .ධනවත් වීමට කැමැත්තෙන් , ආශාවෙන් සිටින පුද්ගලයන්ට ඒනිසා අවස්ථාවක් නොලැබෙන වගක් එමඟින් අදහස් නො කෙරේ . සමහර වෙනත් උපාය මාර්ගයන් සහ ඒවාට ළඟාවිය හැකි ක්‍රම ඉගෙන ගෙන සිටීම පමණක් ඔවුනට ප්‍රමාණවත් වේ .මෙහි පහතින් දැක්වෙන්නේ ඒ පිළිබඳව ගවේෂණය කර සොයා දැනගත් කරුණුයි .

1 ) . ඔබ වෙනුවෙන්ම ආයෝජනය කරන්න.

අනාගතය සඳහා කෙරෙන හොඳම ආයෝජනය නම් ඔබ වෙනුවෙන්ම කෙරෙන ආයෝජනයයි .ඔබ මෙය අවබෝධ කරගත් වහාම ඔබේ තරුණ කාලයේ කළ හැකි විවිධ දේවල් පිළිබඳව හැකි තරම් උනන්දු විය යුතුයි .ඇත්ත වශයෙන්ම මේ , අළුත් දේවල් පිළිබඳව පළපුරුද්දක් ලබා ගැනීමට කෙරෙන ඉගෙනීමකි .සම්මානනීය විදුහලකි න් උපාධියක් දිනා ගැනීම අවශ්‍යය යයි මෙයින් අදහස් නො කරමු .ඒ වෙනුවට ඇත්තටම ඔබ රුචි කරන දෙයක් පිළිබඳව ඉගෙන ගැනීම වඩාත් සුදුසුය . පොත් කියවීම , මාර්ග ගත පාඨමාලා හැදෑරීම , සහතිකයක් ලබා ගැනීම , සහ පෞද්ගලික අභිව්ෘද්ධිය සලස්වා දෙන සැලසුම් ආදිය ඉතා හොඳ විකල්ප වේ .ඔබ වෙනුවෙන් වැඩිපුර ආයෝජනය කරන තරමටම ඔබේ වටිනාකම ද වැඩි වේ .නූතන ලෝකයේ නොමිළේ පැවැත්වෙන පාඩම් මාලා සහ පන්ති වලට ප්‍රවේශ වීමේ හැකියාව ඕනෑම අයෙකුට තිබේ .ඔබ යා යුත්තේ කුමණ දිශාවටද යන්න පිළිබඳව ඔබම සිතා බලන්න .

2 ) . 3 8 s රීතිය මතකයේ තබා ගන්න .

අප සැවොම දන්නා පරිදි දිනකට පැය 8 ක් වැඩ කරන අතර , රාත්‍රියේ දී පැය 8 ක් නිදා ගනිමු . ඉතිරි පැය 8 ක කාලය , නිදහසේ සිටිමු . අපි අපේ වැඩ කරන කාලය අනිත් අයවළුන් වෙනුවෙන් අලෙවි කොට නිදා ගැනීමේ කාලය අපගේ ශරීර වලට වෙන් කර දෙමු . එනිසා යමකින් හොඳ ප්‍රතිඵලයක් ලබා ගැනීමේ එකම ක්‍රමය නම් ,දිනයේ අවසාන පැය 8 ක කාලය බුද්ධිමත්ව ගෙවා දැමීමයි .දැනටමත් ඔබ සතුව තිබෙන නිපුණතාවයන් වැඩි දියුණු කරමින් , සහ අළුත් යමක් උකහා ගැනීමෙන් වැනි දෙයකින් ඔබේ දිගු කාලීන අභිලාෂයන්ට ප්‍රයෝජනවත් විය හැකි යමක් කරන්න . මාර්ග ගත අනවශ්‍ය වීඩියෝ දර්ශන බලමින් ඔහේ නිකරුණේ කාලය ගත කිරීම නො කරන්න .

3 ) . යහළුවන්ට නෑදෑයින්ට ණය දීමේ දී වඩාත් ප්‍රවේශම් වන්න .

අපගේ යහළුවන්ට සහ නෑයින්ට අප ආදරේ වගේම ඔවුන් වෙනුවෙන් අනුකම්පා සහගත වුවත් , ඔබ ඔවුන්ට දුන් ණය ආපසු ලැබෙන තෙක් බලා සිටිනවා නොවේ ද ? නමුත් ගැටළුව නම් ,ඔවුන් සිතන්නේ වෙනස් ආකාරයකට වීමයි . ලබා ගත් ණය මුදල් යථා කාලයේ දී ඔබට අමතකව යනු ඇතැයි සිතමින් ඔවුන් ඔබෙන් අතමාරු ඉල්ලා සිටින බව සිතීම අපහසු නොවේ . නමුත් සත්‍යය නම් ඔබ මේ නොමසුරු තත්ත්වයට පත් නො විය යුතු වීමයි .
මෙම වැරැදි වැටහීම නිසා හොඳ සම්බන්ධතාවයන් කෙළවර වන්නට සිදු විය හැකිය .එනිසා එක්කෝ ඔබ ණය දීමෙන් සදහටම වැළැකී සිටිය යුතුයි . නැත්නම්, නිශ්චිත කාලයකදී ආපසු ගෙවන බවට එකඟතාවයක් ඇති කර ගත යුතුයි .

4 ) . අඩුවෙන් වියදම් කරන්න . ඔබ වඩාත් නිදහස් නම්‍ය ශීලී අයෙකු වනු ඇත .

ධනවත්වීම හා සම්බන්ධව ලියැවුණු ලිපි වල නිතරම කියැවෙන්නේ අඩුවෙන් වියදම් කරන්න කියාය . මෙම උපාය තුළ ඇත්තටම එහි පෙනෙනවාට වඩා සංවේදී බවක් තිබේ .ඔබට හිසරදයක් වන රැකියාවක් , අප්‍රිය කරන ස්ථානයක ජීවත්වීම , සහ ඔබට අවශ්‍ය වේලාවක මේ සියල්ල වෙනස් කළ හැකි බව ගැනත් මොහොතක් සිතා බලන්න . ඔබ මුදල් රාශියක් ඉතිරි කරන විට ඔබ වඩාත් නම්‍ය ශීලී වේ .එසේම එහි ප්‍රතිඵලයක් වශයෙන් ,ඔබට ඇත්තටම වැදගත් වන දේවල් ඉටු කර ගැනීමට ද හැකියාවක් ලබයි .

5 ) .24 පැයේ රීතිය අනුගමනය කරන්න .

අප යමක් මිළට ගන්නා විට එය සිදුවන්නේ අපගේ සිතුවිලි ධාරාවට අනුකූලවයි .එහෙත් විශාල යමක් මිළට ගැනීමක දී අපි අපේ සිතුවිලි පවා නැති කර ගනිමු . එසේම කුඩා දෙයක් මිළට ගැනීමේදී වියදම එතරම් වැදගත් නොවන නිසාත් , කිසියම් වින්දනයක් ලබා ගත හැකි නිසාත් , අපට එය දරා ගන්නට පිළිවන්කම තිබේ . එහෙත් මේ සියළු වියදම් එකතු කොට බලන කල, ඔබ මිළට ගෙන ඇත්තේ ඇත්තටම අවශ්‍ය දේ ද යන්න අවබෝධ වනු ඇත . ඒ අනුව සත්‍ය වශයෙන් අවශ්‍ය නොවන දේ සඳහා යන වියදම් කපා හැරීමට 24 පැයේ රීතිය අනුගමන කරන්න .මිළට ගැනීමට එක් දිනක් යන තෙක් බලා හිඳින්න . ඔබේ චිත්තාවේග සියල්ල සංසුන් වී ඔබ ඇත්තටම මිළට ගැනීමට සිතුවේ මොනවාද යන්න අවසානයේ දී ඔබටම අවබෝධ වනු ඇත . ඔබ තීරණය කර තිබූ බොහොමයක් දේවල් , නො ගත යුතු ඒවා බව දැනෙන විට ඔබම පුදුමයට පත් වනු නො අනුමානය .

6 ) . ඔබේ දෛනික වියදම් පිරික්සීම සඳහා දිනකට මිනිත්තුවක් මිඩංගු කරන්න .

මේ උපාය ඔබ මවිත කරන්නක් වුවත් එයින් දෛනිකව කෙරෙන වියදම් පාලනය සඳහා අවස්ථාවක් ලැබේ . අදාළ කාලය තුළ කරන ලද වියදම් සියල්ලම ( එක් කුඩා වියදමක් වත් අත් නො හැර ) පරීක්ෂා කිරීම සඳහා දවසේ මැද භාගයේ එක් විනාඩියක් වෙන් කර ගන්න . මෙමඟින් ගැටළු සහගත තැන් හඳුනා ගැනීමට හැකිවන අතර ,මිළට ගැනීම් අඩු කර දිනකට අවශ්‍ය කරන සාමාන්‍ය මුදල් ප්‍රමාණය නිශ්චය කිරීමට ද ඉඩ කඩ සැලසේ .

7 ) .සෑම මිළදී ගැනුමකට පෙර මිළ සසඳා බලන්න .

වියදම් අඩුකර , අනාගතයේ දී බලාපොරොත්තු කඩවීමකට තිබෙන ඉඩ කඩ වළක්වා ගැනීම සඳහා කළ හැකි තවත් එක් ක්‍රමයක් නම් , ඔබේ සිතේ එක් සරල අදහසක් පමණක් ක්‍රියාත්මක කිරීමයි . උදා. වශයෙන් : ඔබ සාප්පුවක දී අනර්ඝ කැෂ්මිය‍ර් ස්වීටරයක් දුටුවහොත් , එය මිළ අධික නම් හෝ එය ඔබට අනවශ්‍ය නම් හෝ දැඩි තීරණයක් ගන්න .
මේ ගැනත් සිතා බලන්න .” ඊළඟ මාසයේ එළඹෙන නිවාඩුව වටිනවාද , නැතිනම් මේ ස්වීටරය වැදගත් වනවා ද යන්න .”

8 ) . වෙළෙඳ උගුලේ වැටෙන්න එපා .

අපට ඇත්තටම අවශ්‍ය නොවන භාණ්ඩ මිළදි ගැනීම සඳහා ලොකු සමාගම් නොයෙක් විධියේ උපාය මාර්ග යොදමින් අපව පොළඹවති . නමුත් තවත් පුදුමයට කරුණ නම් ,මෙසේ වෙළෙඳ විජ්ජාවන් අප හොඳින් දන්නා සහ , තවමත් විශ්වාස කරන ව්‍යාජ වට්ටම් සහ මිළ අඩු කිරීම් වැනි දේවල් වීමයි .මෙවැනි උපායයන්ට නොවැටී බේරී සිටිමට නම් ඔබේ සිතේ සරල අදහසක් පමණක් රඳවා ගැනීම යි . වට්ටමක් ඇති කුමණ හෝ වෙලාවක ඒවා සඳහන්ව ඇත්තේ එක්කෝ කළින් ඉහළ මිළක් තිබූ දෙයක හෝ නැතිනම් අඩු ගුණාත්මක භාණ්ඩයක හෝ වීම පොදු කරුණකි . අවසානයේ දී මේ මිළට ගැනීම් තුළින් ජය ලබන්නේ භණ්ඩයේ නිෂ්පාදකයායි .

9 ) . ඔබ සාප්පු සවාරි යා යුත්තේ තනිවමයි.

අපි යහළුවන් සමඟ සාප්පු සවාරියේ යෙදෙන විට විවිධ දේ , විවිධ හේතු මත මිළට ගැනීමට වැඩියෙන් වියදම් කරමු . තනිවම යනවාට වඩා වැඩි සාප්පු සංඛ්‍යාවකට යමු . ඇඳුම් මිළට ගන්නා විටක දී ඒවා වැඩියෙන් මිළට ගන්නා ලෙස ඔවුහු අපව උනන්දු කරවති .යහළුවන් සමඟ සාප්පු යනවිට අපේ මුළු මනෝ භාවයම සතුටුදායක අතර ,අපට වැඩියෙන් වියදම් කරන්නට ද සිදු වේ .මේ උපාය ඉතා සරලයි. ඔබ යහළුවන් හමුවන්න යන විට ඔවුන් හා එක්ව උද්‍යාන සවාරියක යන්න .සාප්පු සවාරිය කිසිවිට විනෝදාස්වාදයක් ගෙන නො දෙනවා විය හැකි වුවත් එය තරමක් බරපතළ කටයුත්තකි .

10 ) . මුදල් හා සම්බන්ධ විෂම සිතුවිලි වලි බැහැර වන්න .

මිනිසුන්ගේ විශ්වාසය කෙසේ වෙතත් අපගේ අදහස් වලට ටොන් එකක පමණ බලයක් තිබේ .එය විජ්ජාවක් ගැන නොවේ . එය මනෝ විද්‍යාව සම්බන්ධයෙනි . මුදල් රාශියක් උපයා ගැනීම අපහසු වේ යයි සිතීමට ඔබ සැලසුම් කරන විට සහ සියළුම ධනවතුන් නරක පුද්ගලයන් යයි සිතන විට ඔබට ගොඩක් දේ ළඟා කර ගත නො හැකිය . ඔබට සාර්ථකත්වය ලබා ගැනීමට හැකි යයි ඔබ විශ්වාස නො කරන්නේ නම් ,කරනු ලබන වැඩ වලින් ඔබ වෙහෙසට පත්වනු ඇත . එසේම කරන කිසිම දෙයක් තේරුමක් නැති සේ සලකයි .එනිසා ඔබ කිසිම දෙයක් ළඟා කර නො ගනියි .පරීක්ෂාකිරීම සඳහා මුදල් සම්බන්ධව ඔබේ ස්ෘණ මානසිකත්වය වෙනස් කොට මාසයක් ජීවත් වන්න .ලැබෙන ප්‍රතිඵලයෙන් ඔබ විශ්මයට පත්වනු ඇත .

අතිරේක : ඔබේ සමහර ප්‍රශ්න වලට විසඳුම මූල්‍ය නිදහසයි .

ඔබේ විනෝදයේ සහ ප්‍රීතියේ සීමාවන් කෙතෙක්දැයි ඔබ නිශ්චය කර ඇද්ද ? ඒ ගැන මොහොතක් කල්පනා කළහොත් එය මුදල් නොවන බවත් ඒ වෙනුවට දැනටමත් ඔබ සතුව තිබෙන දේ වලින් ත්ෘප්තිමත්වීමේ හැකියාව බවත් පැහැදිළි වනු ඇත .ලොකු විවාහ මංගල්‍යයක් , එසේ නැතිනම්, නිවාඩු නිකේතනයකට යාමක් වැනි දෙයක් සංවිධානය කිරීම හා සමාන නොවැදගත් ප්‍රශ්න මුදල් වලින් නිරාකරණය කර ගත හැකි ය. මක්නිසාද , ඔබ අවංකවම මේ මූලධර්මය තේරුම් ගන්නා විට ඔබ , ඔබේ ජීවිතයේ අවසාන ඉලක්කය වන මුදල් පසුපස හඹායාම නවතනු ඇත .ඔබට ඇත්ත වශයෙන් අවශ්‍ය දේම පමණක් ඔබ කරනු ඇත .