Hela Rahas

Hela Rahas Official Web Portal

දරුවාගේ පාඩම් වැඩ පහසු කරන ක්‍රම

පාඩම් පොත්,ඉවරයක් නැති ලිවීම්, නිදහසක් නැති කාලසටහන් කියන ඕනෑම දෙයක් ඔබේ දරුවාගේ පාඩම් වැඩ තව තවත් අපහසු කරවනවා මිසක ලේසි නම් කරන්නේ නැහැ.මේ සියල්ලම විඳ දරාගෙන වැඩකටයුතු සාර්ථකව කරන එක ඔබේ දරුවාට ලොකු අභියෝගයක් විය හැකියි. ඔවුන්ට වෙහෙසට පත් නොවී විනෝදයෙන් පාඩම් වැඩ කරගන්න අපූරු උපක්‍රම 16ක් තමයි මේ!

01 උදෑසන අවදි වීම

ඔබේ දරුවා ආසම කෑමක් උදේ ආහාරය ලෙස සකසන්න. කෑම කන්න ඕනෑ නිසාම ඔවුන් උදෙන් අවධි වේවි.

නින්දට යාමට පෙර වතුර වීදුරුවක් බොන්න දෙන්න.මෙය ඔවුන්ගේ ශරීරය ඉහිල් කරමින් පරිවෘත්තියට උපකාරී වේවි.

නින්ද සදහා උණුසුම් පොරෝනයක් භාවිතා කරන්න. නිදාගැනීමට හොඳම උෂ්ණත්වය 61-70 °F (16-21°C)

සම්පූර්ණ අඳුරේ නිදාගැනීමට ඉඩහරින්න. මෙලටොනින් නිපදවන්නේ අඳුර ඇති විටයි.

එලාර්ම් ඔරලෝසුව කාමරයේ අනිත් කෙලවරින් තබන්න. එවිට එය ක්‍රියා විරහිත කරන්න ඔවුන්ට ඇඳෙන් බසින්නම සිදුවේවි.

ජංගම දුරකථනය ක්‍රියා විරහිත කරන්න.

02.සියලුම දේ ඉගෙන ගැනීම,මතක තබා ගැනීම සහ එයින් වෙහෙසට පත් නොවී සිටීම

මනස වෙහෙසට පත් කර නොගන්නා ගමන් බොහෝ දේ මතක තබා ගැනීමට, බරපතල පාඩම් වැඩ මිනිත්තු 25ක් කිරීමෙන් පසු මිනිත්තු 5ක විවේක කාලයක් ලබා ගන්න.එසේ ගන්නා 3න් වන විවේක කාලයේදී විවේකය මිනිත්තු 20ක් ලබාගන්න.

යමක් හොඳට මතක තබා ගැනීමට එය ශබ්ද නගා පැහැදිලිව කියවන්න.වේගය පිලිබඳ අවධානය යොමු නොකරන්න.

දරුවාගේ මනස නිතර එහා මෙහා දුවනවා නම්, සෙමින් ගලා යන සංගීතයක් ඇසෙන්නට සලස්වන්න.(වචන රහිත)

අලුත් කාලසටහනක් මතක තබා ගැනීමට අපහසු අවස්තාවක ,එය දරුවාගේ ජංගම දුරකථන තිරයේ පිංතූරය (wallpaper) ලෙස සකසන්න.එය දෙස නිතර බැලෙන විට කාලසටහන නිකන්ම මතකයේ රැදේවි.

පාඩම් වැඩ වලට පෙර මිනිත්තු 10-20ක් පමණ ඇවිදීම මොලයේ ලේ ගමනාගමනය වේගවත් කර එහි ක්‍රියාකාරිත්වය වැඩිකරවනවා. පාසල්‍ යාමට පෙර උදෑසන ඇවිදීම මීට හොඳ පිළියමක්.

යමක් වේගයෙන් කියවීමට නම් එහි පළමු සහ අවසාන ඡේද පමණක් කියවන්න.

මින්ට් මොලයේ ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කරමින් අවධානය රදවා ගැනීමට උපකාර කරන බව විද්‍යාත්මකව ඔප්පු කර තිබෙනවා. එමනිසා පාඩම් කරන අතරතුර මින්ට් චුවින්ගම් (mint chewing gum) සැපීම හිතකරයි.ඔබේ දරුවාගේ පාසල් බෑගයටත් එයින් කිහිපයක් දමන්න.

ඉතිහාසය ,ජීව විද්‍යව වැනි විශයයන් වාර්තාමය වැඩසටහන් තුලින් ඉගෙනීම වඩාත් ඵලදායි වේ.

03.සටහන් (post-it notes) දරුවාට අද දින කලයුතු වැඩ මතක් කිරීමට උපකාරී වේ.

04.සටහන් පොත් සියල්ල එක වගේ නම්,දීප්තිමත් වර්ණ වලින් ඒ ඒ විශයයේ නම් ලේබල් කිරීම හෝ පොතේ පැත්තකින් ලිවීම සිදු කරන්න.

05 උද්‍යෝගය අඩුද? පාඩම් පොතේ සෑම ඡේදයක් ගානේම පෙළඹවීම ඇතිකරවන කුඩා පැණි රස ආහාරයක් වැනි දෙයක් තබන්න.

06පාඩම් කිරීමට හොඳම කාලය -පාසල් උදෑසනින් ආරම්භ කිරීමට හේතුවක් තිබෙනවා. අපේ මොලය දවසේ මුල් බාගයේදී වඩා හොදින් ක්‍රියා කරනවා. එමනිසා කිසිම වැඩක් හවසට කල් නොදා උදෑසනින් කිරීම වඩාත් ප්‍රතිඵලදායකයි.

07ඓතිහාසික දින වකවානු මතක තබා ගැනීම. දරුවාට කාල රාමුවක් සැකසීමට උපදෙස් දෙන්න.පලමුව ඒවා මත වැදගත් සිද්ධීන් ලියා ඉන්පසු එමකාලයේ සිදු වු කුඩා සිදුවීම් ලියන්න.වැදගත් සිද්ධීන් සිදු වූ කාල මතක නම් ඔහුට එම කාලයේ සිදු වූ කුඩා සිද්ධි ඉබේම මතක් වේවි.

08අන්තර්ජාලය භාවිතා කිරීම-Google යම් දෙයක් පිලිබඳ සෙවීමට උපකාරී වුවත් එහි හොඳ මෙන්ම වැරදි, නොවැදගත් තොරතුරුද අඩංගු වෙනවා.එමනිසා අධ්‍යාපනික වැඩකටයුතු වලදී එය භාවිතා කිරීමට උපදෙස් දෙන්න.