Hela Rahas

Hela Rahas Official Web Portal

නිවසේ කුණු පැල්ලම් ඉවත් කරන ක්‍රම

ඇතැම් විට මේසයේ ඇති දූවිලි පිස දැමීම පවා ඔබට වෙහෙසකර කටයුත්තක් විය හැකියි.නමුත් පිරිසිදු නිවසක් යනු ඔබේ සෞඛ්‍යයට ඉතාම වැදගත් අංගයක්.නවතම සමීක්ෂණයකට අනූව අපි දවසේ කාලයෙන් 87%කටත් වැඩියෙන් නිවෙස් තුල ගතකරනවා. එමනිසා නිවස පිරිසිදු කිරීමට කාලය වෙන් නොකලහොත් එය අපගේ සෞඛ්‍යයටද බලපාන ගැටළුවක් විය හැකියි.එමනිසාම අද මෙම විශේෂාංගය තුලින් ඔබගේ සේදීම්, පිරිසිදු කිරීම් සදහා වැය වන කාලය අවම කිරීමට වටිනා කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීමට අපි සිතුවා.

01.ටයිල් ග්‍රවුට් පිරිසිදු කිරීම

තමාගේ වැසිකිළියේ සහ නාන කාමරයේ ටයිල් ග්‍රවුට් සුදු පැහැයෙන් තිබූ බව අමතක වන තරමටම ඒවා අවපැහැ ගැන්වී කිලිටි වී ඇති අයට ඉතාම ප්‍රයෝජනවත් පිරිසිදු කිරීමේ ක්‍රමයක් අප සතුව තිබෙනවා . අවශ්‍ය ද්‍රව්‍ය -විනාකිරි ,බේකින් සෝඩා විනාකිරි සහ බේකින් සෝඩා එකට දමා තරමක් ඝන පේස්ට් එකක් සාදාගන්න. එම මිශ්‍රණය ග්‍රවුට් මත තවරා විනාඩි 30ක් පමණ තිබෙන්නට හරින්න. ඉන්පසු පරණ දත් බුරුසුවකින් ග්‍රවුට් පිරිසිදු වනතෙක් මැද වතුරෙන් සෝදා හරින්න .

02.මෙට්ට මත ඇති දහඩිය පැල්ලම් මැකීම

අපව නීරෝගීමත්ව තැබීමට මෙට්ට ඉටු කරන්නෙ විශාල කාර්‍යභාරයක්. නමුත් බොහෝ දෙනා මෙට්ට පිරිසිදු කරන නිවැරදි ක්‍රම පිලිබඳ දැනුවත් නැහැ. ඔබේ මෙට්ටය සුව නින්දක් ලබා දෙන තැනක් බවට පත් කිරීමට අවශ්‍ය නම් පහත උපදෙස් ඔබ වෙනුවෙන්මයි අවශ්‍ය ද්‍රව්‍ය -සබන් කුඩු (detergent),උණු වතුර, උණු වතුර 250mlක් සමග සබන් කුඩු මේස හැදි බාගයක් මිශ්‍ර කරගන්න. මිශ්‍රණය ස්ප්‍රේ බෝතලයකට දමා මෙට්ටය මතට ස්ප්‍රේ කරන්න. මිනිත්තු කිහිපයක් හොදින් අතුල්ලා ගත් පසු ඔබේ මෙට්ටය ඔබට සුව නින්දක් ලබා දීමට සූදානම්!

03.ස්ත්‍රික්කය පිරිසිදු කරගැනීම

මෙය බොහෝ දෙනාට පොදු ගැටළුවක්.ලුණු දමා පිරිසිදු කරගන්නට යාමෙන් පසු බොහෝ දෙනාට අත් වන ඉරණම ස්ත්‍රික්කය කැඩී යාම. එමනිසා අප ඔබට ඉදිරිපත් කරන්නෙ ලුණු වලට වඩා ආරක්ෂකාරී ක්‍රමයක්. අවශ්‍ය ද්‍රව්‍ය -බේකින් සෝඩා ,සුදු විනාකිරි උණු වතුර,බේකින් සෝඩා උණු වතුර සමග මිශ්‍ර කර පේස්ට් එකක් සාදාගන්න.එය ස්ත්‍රික්කයේ මතුපිට තවරා පැයකට පමණ පසු පිසදා හරින්න. අවසානයේ සුදු විනාකිරි ඒ මතට එක්කර ප්‍රතිඵල අත් විදින්න.

04.එලවලු කපන ලෑල්ලෙන් පැල්ලම් සහ දුගඳ ඉවත් කරගැනීම

මුළුතැන්ගෙයක වැඩියෙන්ම භාවිතා වන උපාංගයක් වන නිසාම එලවලු කපන ලෑල්ල වෙත අප වැඩි අවධානයක් යොමු කලයුතු වෙනවා. අවශ්‍ය ද්‍රව්‍ය -දෙහි,ලුණු හෝ බේකින් සෝඩා,එලවලු කපන ලෑල්ලෙන් පැල්ලම් සහ දුගඳ ඉවත් කිරීමට දෙහි බෑයක් කපා ලෑල්ල මතුපිට හොදින් පිරිමදින්න. වඩාත් හොද ප්‍රතිඵල ලබා ගැනීමට නම් ඊට පලමුව ලුණු හෝ බේකින් සෝඩා ඒ මත ඉස පසුව දෙහි මගින් පිරිමදින්න .

05.රෙදි සෝදන යන්ත්‍රයෙන් දුගඳ පලවා හැරීම

දුගඳ හමන රෙදි සෝදන යන්ත්‍ර වර්තමානයේ බහුල ගැටළුවක්. එයින් අත්මිදෙන්නට ඔබ අනුගමනය කලයුත්තෙ පහසු පියවර දෙකක් පමණයි.අවශ්‍ය ද්‍රව්‍ය -බේකින් සෝඩා, පෙරන ලද සුදු විනාකිරි (white distilled vinegar) රෙදි සෝදන යන්ත්‍රය තුලට (drum) බේකින් සෝඩා කෝප්ප 1ක් එක් කර දිගු වෙලාවක් උණුසුම් සේදීමේ වටයක් සිදු කරන්න.මීලඟට සෝඩා වෙනුවට විනාකිරි ලිටර් 1/2ක් එක්කර ඒ ආකාරයෙන්ම සේදීමේ වටයක් සිදු කරන්න.

06.මිනිත්තුවකට අඩු කාලයකින් මයික්‍රෝවේව් උදුන පිරිසිදු කිරීම

මිනිත්තුවකට අඩු කාලයකින්?? ඔව් එය ඇත්තටම කල හැකියි! කලයුත්තෙ පහත පියවර අනුගමනය කිරීම පමණයි අවශ්‍ය ද්‍රව්‍ය -ස්පොන්ජ් එකක්,විනාකිරි රෙදි කැබැල්ලක්,ස්පොන්ජ් එක විනාකිරි වල හොදින් පොගවා මයික්‍රෝවේව් උදුනට දමා එය තත්පර 30කට ක්‍රියාත්මක කරන්න.ඉන්පසු ඉදුල් සහ තෙල් පැල්ලම් රෙදි කැබැල්ලෙන් පිසදා හරින්න. අත පිලිස්සීම වැලැක්වීමට ස්පොන්ජ් එක සිසිල් වීමට පෙර ඇල්ලීමෙන් වලකින්න.

07.බහුකාර්‍ය පිරිසිදු කිරීමේ දියරයක් සාදාගැනීම

පහත අමුද්‍රව්‍ය මගින් ඔබට මල නොබැදෙන වානේ පිරිසිදු කරගැනීම, ලී භාණ්ඩ මැද ගැනීම මෙන්ම දූවිලි ඉවත් කරගැනීමද සිදුකර ගත හැක.අවශ්‍ය ද්‍රව්‍ය -දෙහි ඉස්ම,ඔලිව් තෙල්,සුදු විනාකිරි ඉහත අමුද්‍රව්‍ය මිශ්‍ර කර සාදාගන්නා දියරයෙන් පිරිසිදු නිවසක් මිනිත්තු ගණනකින් ඔබට ලබාගත හැක.

08.මුළුතැන්ගෙයි කැබිනට් මතින් දැලි කුණු ඉවත් කරගැනීම.

කැබිනට් මතින් දැලි කුණු ඉවත් කිරීම සැබවින්ම අභියෝගයක්. ඒ සදහා සරලම විසදුමක් මෙන්න! අවශ්‍ය ද්‍රව්‍ය -කේතලයක් කලයුතු වන්නේ කේතලය ක්‍රියාත්මක කර පිරිසිදු කරගැනීමට අවශ්‍ය කැබිනට් එක යටින් තැබීම පමණයි. එහි පියන විවෘත කර තැබීමට අමතක නොකරන්න. හුමාලයට දිය වීමට පටන්ගන්නා දැලි කුණු එක පිසදැමීමකින්ම ඉවත් කිරීමට ඔබට පුලුවන්.නමුත් අධික තෙත කැබිනට් මතුපිට සවුත්තු කිරීමට සමත්. එමනිසා මෙම ක්‍රමය කලාතුරකින්,හදිසිම අවස්තාවක පමණක් සිදු කිරීමට වග බලාගන්න.

09.ලී මත ඇති තෙත පැල්ලම් ඉවත් කිරීම

තෙත පැල්ලම් ලී මතුපිටක දිස්නය විනාස කිරීමට සමත්. මෙය බොහෝවිට සිදුවන්නේ වතුර හැලීම්, උණුසුම් ආහාර බදුන් සහ තෙත් පතුලක් ඇති වීදුරු මගින්. දැන් ඔබට එවන් පැල්ලම් ඉවත් කිරීම අපහසු කටයුත්තක් නොවෙයි.අවශ්‍ය ද්‍රව්‍ය-හුමාල ස්ත්‍රික්කයක් තුවායක් තුවාය පැල්ලම ඇති තැන අතුරා ස්ත්‍රික්කය ඉහල හුමාල මට්ටමට සකසන්න. ස්ත්‍රික්ක කරන අතරතුර හුමාල බොත්තම ඔබන්න. තෙත පැල්ලම ඉවත් වනතුරු ස්ත්‍රික්ක කරන්න.

10.අහාර පිලිස්සුණු පැල්ලම් සහිත බදුන් පිරිසිදු කිරීම

ආහාර ගන්නා අවස්තාව කොතරම් සුන්දර වුවත් ආහාර ගෙන අවසන් වූ පසු ඉතුරු වන ඉදුල් බදුන් ගොඩ නම් දැනෙන්නේ දඩුවමක් මෙනි. විශේෂයෙන් පිලිස්සුණු ආහාර පැල්ලම් බදුන් පතුලේ රැදී ඇතිවිට.පහත දැක්වෙන්නේ ඒ සදහා විසදුමක්.අවශ්‍ය ද්‍රව්‍ය -බේකින් සෝඩා උණු වතුර (නටන උණු වතුර නොවේ) උණු වතුරට බේකින් සෝඩා මේස හැදි කීපයක් එක්කර එම වතුරෙන් භාජනය පුරවන්න. ටික වේලාවකින් අඩිය ඇල්ලූ ආහාර ගැලවීමට පහසුලෙස බුරුල් වේ. ඉන්පසු කරදරයකින් තොරව ඔබට බදුන සෝදාගත හැක.

11.සුදු පැහැ සපත්තු වල අති කලු පැහැ පැල්ලම් ඉවත් කිරීම

බොහෝ දෙනෙකු සුදු සපත්තු මිලදී ගැනීමට මැලි වන්නෙ ඒවා පිරිසිදු කිරීම ඉතාම අපහසු නිසාමයි.ඊට අප ඔබට කියාදෙන්නේ තරමක් වෙලාව ගත වුවත් ඉතාම සාර්ථක පිලියමක්. අවශ්‍ය ද්‍රව්‍ය -රෙදි සෝදන යන්ත්‍රය,කොට්ට උරයක් (pillow case),දත් බුරුසුවක්,කැමති ඩිටර්ජන්ට් වර්ගයක් (soap powder/detergent ) පලමුව ඔබේ රෙදි සෝදන යන්ත්‍රට හානි කල හැකි කුඩා ගල්, වැලි සහ මඩ සපත්තුවෙන් ඉවත් කරගන්න. ඉන්පසු කොට්ට උරය තුල බහාලන ලද සපත්තුව යන්ත්‍රය තුලට දමා 30°C -35°C අතර සේදීම් වටයක් සිදු කරන්න.එය අවසන් වූ පසු ඉතුරු මඩ සහ පැල්ලම් ඩිටර්ජන්ට් සහ දත් බුරුසුව ආධාරයෙන් ඉවත් කරගන්න.

12.මයික්‍රො කෙදි (micro fiber) සහිත කවිච්චි/ සෝපා (couch and sofa) පිරිසිදු කිරීම

මයික්‍රො කෙදි සහිත කවිච්චි අපූරු වුවත් අනිත් ඕනෑම ගෘහ භාණ්ඩයක් මෙන් ඒවාද අපිරිසිදු වියහැකියි. පහත දැක්වෙන්නේ ඒවා පිරිසිදු කිරීමට ඇති ලාභදායී සහ පහසුම ක්‍රමයක්. අවශ්‍ය ද්‍රව්‍ය -සුදු ස්පොන්ජ් එකක්,සුදු කෙදි සහිත බුරුසුවක්,මධ්‍යසාර (rubbing alcohol) ස්ප්‍රේ බෝතලයක්,ස්ප්‍රේ බෝතලයට මධ්‍යසාර දමා පැල්ලම් ඇති ස්තානය සංතෘප්ත වනතෙක් ස්ප්‍රේ කර ස්පොන්ජ් එක ආධාරයෙන් හොදින් මදින්න. අපිරිසිදු කුණු වෙන තැන් වල තැවරීම වැලැක්වීමට ස්පොන්ජ් එක කිලිටි වූ විට නව ස්පොන්ජ් එකක් භාවිතා කරන්න. ඉන්පසු පිරිසිදු කරනලද ස්තාන සම්පූර්ණයෙන්ම වියලෙන තෙක් තබා බුරුසුවෙන් පිස දමන්න.

ඉහත ක්‍රම ඔබ මීට පෙර අත්හදා බලා තිබෙනවාද? වඩාත් හොඳ ක්‍රම ඔබ දන්නවා නම් අප සමග බෙදාහදා ගන්න!

(නිර්මාණ අයිතිය හෙළ රහස් සතුයි )