Hela Rahas

Hela Rahas Official Web Portal

නිවසේ වැඩ පහසු කරන ක්‍රම 16ක්

නිවස පුරා කුණු දූවිලි, ග්‍රීස්, නොමැකෙන පැල්ලම් වලින් පිරී තිබෙන විට මුළු ජීවිතයම අවුල් වෙනවා. මේවා පිරිසිදු කිරීමට විශාල කාලයක් හා ශ්‍රමයක් වැය කිරීමට සිදු වෙනවා.එමෙන්ම පිරිසිදු කිරීමට අපහසු කුඩා තැන් පවා මහත් පරිශ්‍රමයක් දරමින් සිදු කිරීමට සිදු නොවන බව ඔයා දන්නවාද? ඇත්තෙන්ම මෙය ඔයා සිතනවාට වඩ පහසුයි. මේ සදහා සුළු වශයෙන් බුද්ධිය භාවිතා කිරීම හොදටම ප්‍රමාණවත්.

උදාහරණයක් වශයෙන් සාමාන්‍ය සබන් කැටයක් ඔයාගේ ලාච්චු සඳහා එයාර් ෆ්රෙස්නස් එකක් විය හැකි බව ඔයා දන්නවාද?අපි වටා ඇති සෑම දෙයක්ම පිරිසිදුව පිළිවෙළට තිබෙන විට දැනෙන සතුට වචන වලින් කියන්න බැහැ. නමුත් ඒ සදහා විශාල මුදලක් වියදම් කිරීමට සිදුවෙයි කියලා ඔයාට බය හිතෙනවද? නැහැ අද අපි ඔයාට කියන්න යන්නේ ලාභදායි ලෙස වඩාත් පහස්‍ර ක්‍රම මගින් පිරිසිදු කර ගන්නා ක්‍රම පිළිබදවයි.

01.ජල කරාමයේ ඇති තද පැල්ලම් විනාකිරි භාවිතයෙන් ඉවත් කරගන්න.

ජල කරාම මත ඇති තද පැල්ලම් මත බැක්ටීරයා වර්ධනය විය හැකි බව මතක තබා ගන්න. එමෙන්ම ඒවායේ පැල්ලම් නිසා එය අප්‍රසන්න ලෙස පෙනෙන්නටද හැක. මේ සදහා ඔයා කළ යුතු වන්නේ, පේපර් ටවල් එකක් ගෙන විනාකිරි වලින් පොඟවා ගන්න.එය එම කරාමය වටා ඔතන්න.විනාඩි 30 ත් 60 ත් අතර කාලයක් පොඟවා ගන්න.

02.අයන් එකක් භාවිතා කරමින් කාපට් වල ඇති තද පැල්ලම් ඉවත් කරන්න.

ඔයාට මේ සදහා අවශ්‍ය වන්නේ ඇමෝනියා, උණු වතුර, ඉසින බෝතලයක්, පිරිසිදු හා වර්ණ ආරක්ෂිත තුවා තොගයක්, අයන් එකක් අයන් එක කලින් රත් කරගන්න එක් කොටසකට ඇමෝනියා සහ එක් කොටසකට උණු වතුර මිශ්‍ර කරන්න.මිශ්‍රණය කාපට් පැල්ලම මතට ඉසින්න. පිරිසිදු තුවායක් ඒ මත තබන්න.රත් වූ අයන් එක තුවාය මත තබා එය සෙමින් එහා මෙහා ගෙන යන්න (කාපට් එක පිළිස්සීමෙන් වැළකීම සඳහා මෙය සිදු කෙරේ). එම පැල්ලම මත මිශ්‍රණයෙන් වැඩි ප්‍රමාණයක් ඉසින්න. පැල්ලම ඉවත් කිරීම කොතරම් දුෂ්කරද යන්න මත පදනම්ව ඔයාට තවත් තුවා කිහිපයක් අවශ්‍ය විය හැක.

03.ඔයාගේ පැරණි කහ කොට්ටය පහසුවෙන් සුදු කරගන්න.

කොට්ටය කහ පාටට හුරු වීමෙන් පසු ඒ මත නිදා ගැනීමට කිසිවෙකුත් කැමති වන්නේ නැහැ. වාසනාවකට මෙන්, ඒවා සුරැකීමට ඔයාට භාවිතා කළ හැකි ක්‍රමයක් තිබෙනවා. මේ සදහා ඔයාට රෙදි සෝදන ඩිටර්ජන්ට් කුඩු, පිඟන් සෝදන ඩිටර්ජන්ට් කුඩු සහ බෝරෙක්ස් අවශ්‍ය වෙනවා.ඔයාගේ කොට්ටය සේදිය හැකිදැයි පරීක්ෂා කර බලන්න. ඉන්පසු කොට්ට උරය ඉවත් කරන්න.මෙය රත් කිරීම සඳහා විශාල වතුර භාජනයක් ගන්න.

රෙදි සෝදන ඩිටර්ජන්ට් කුඩු කෝප්පයක්, පිඟන් සෝදන ඩිටර්ජන්ට් කුඩු කෝප්පයක් සහ බෝරෙක්ස් කෝප්ප 1/2 ක් කලවම් කරන්න. සියල්ල හොදින් මිශ්‍ර වනතුරු බීට් කරන්න. කොට්ටය සහ බ්ලීච් කෝප්පයක් පොඟවා ගැනීමට තරම් විශාල භාජනයකට මෙම මිශ්‍රණය වත් කරන්න. ඔයාගේ කොට්ටය මෙම මිශ්‍රණයේ විනාඩි 30 ක් පමණ පොඟවා ගන්න. ඒවා විනාඩි 15 කට පමණ පසු අනෙක් පැත්තට පෙරළීමට අමතක නොකරන්න.ඉන්පසු රෙදි සෝදන යන්ත්‍රයක සම්පූර්ණ චක්‍රයක් කැරකෙන තුරු කොට්ටය සෝදන්න.

04.සින්ක් එකේ බේසම් කාණුවේ ගද ඉවත් කිරීම සඳහා ශීත කළ විනාකිරි හා ලෙමන් කැට භාවිතා කරන්න.

අයිස් කැට මගින් කසළ බැහැර කරන තල තියුණු වී පිරිසිදුව තබා ගන්නා අතර ඕනෑම අප්‍රසන්න ගදක් ඉවත් කිරීමට උපකාරී වෙනවා. ඒ සදහා,සෑම අයිස් කැට අච්චුවකටම ලෙමන් කුඩා කැබැල්ලක් හා සුදු විනාකිරි පුරවා කැටි කරන්න.ශීත කළ කැට කිහිපයක් ඔයාගේ සින්ක් එකේ කසළ බැහැර කරන වලට දමන්න.

06.බ්ලීච් භාවිතා නොකර ඔයාගේ ඇඳුම් සුදු කරගන්න.

ඔයාගේ සුදු ඇදුම් අළු හෝ කහ ලෙස පෙනෙනවාද? නමුත් ඔයා බ්ලීච් භාවිතා කිරීමට කැමති නැද්ද? හොඳයි එහෙනම් අපි ළග විකල්පයක් තිබෙනවා. ඔයාට මේ සදහා ජලය, ලෙමන් යුෂ සහ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අවශ්‍ය වෙනවා.විශාල භාජනයකට වතුර කෝප්ප 12 ක්, ලෙමන් යුෂ කෝප්ප 1/4 ක් සහ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කෝප්පයක් මිශ්‍ර කරන්න.රෙදි සේදීමේදී මෙම මිශ්‍රණයෙන් කෝප්ප 2 ක් එක් කරන්න.

07.ඔයාගේ වතුර මල විනාකිරි වලින් සෝදන්න.

නිතිපතා පිරිසිදු කිරීම සඳහා විනාකිරි පොලිතින් බෑගයක ගැටගසා වතුර මලට ගැට ගසන්න. විනාඩි 30 ක් හෝ 60 ක් අතර කාලයක් පොඟවා ගන්න. වසරකට දෙවරක්, වතුර මල සම්පූර්ණයෙන් ගලවා විනාකිරි වල සියලුම කොටස් පොඟවා බැක්ටීරියා විෂබීජහරණය කරමින් ඉවත් කරන්න.

08.වීදුරු කුක්ටොප් සෙමින් අතුල්ලමින් පිරිසිදු කරන්න.

ඔයාගේ වීදුරු කුක්ටොප් එක පිරිසිදු කිරීමේදී එය හානි වෙයි කියලා බයද? දැන් ඔයාගේ වැඩේ පහසු කරන්න බේකිං සෝඩා භාවිතා කරන්න. ඔයාට මේ සදහා උණු වතුර භාජනයක්, පිඟන් සෝදන දියර සබන්, බේකිං සෝඩා සහ පිරිසිදු කිරීමට රෙදි කැබැල්ලක් අවශ්‍ය වෙනවා.උණුසුම් වතුර බඳුනක් පුරවා පිඟන් සෝදන සබන් ස්වල්පයක් සමඟ මිශ්‍ර කර බඳුනට රෙදි කැබැල්ල දමා පොඟවා ගන්න.බේකිං සෝඩා විශාල ප්‍රමාණයක් කුක්ටොප් එක පුරා ආලේප කරන්න.උණුසුම් වතුරේ පොගවාගත් රෙදි කැබැල්ලෙන් වතුර අඩක් මිරිකා බේකිං සෝඩා සමඟ කුක්ටොප් එකට උඩින් තබන්න. මිනිත්තු 15 ක් එසේ තබන්න.රවුමට සෙමින් අතුල්ලන්න.  මෙම ක්‍රමය ඕනෑම වීදුරු මතුපිටකට ප්‍රයෝජනවත් වන අතර අවන් එකක දොරක් පිරිසිදු කිරීමටද මෙම ක්‍රමය භාවිතා කළ හැක.

09.කාමරය පුරා දූවිලි පැතිරෙන්නේ නැතිව කොට්ට උරයක් භාවිතා කරමින් විදුලි පංකාව පිරිසිදු කර ගන්න

දූවිලි සහිත විදුලි පංකාවක බ්ලේඩ් පිරිසිදු කිරීමට අසීරු විය හැකි අතර ඔයාගේ කාමරය පුරා දූවිලි පැතිරීමේ අවධානමක්ද ඇත. කණගාටු වෙන්න එපා. මෙන්න ඔයාට විසඳුමක්. පළමුව ඉණිමඟකට නැග ගන්න. පැරණි කොට්ට උරයක් විදුලි පංකාවේ බ්ලේඩ් තුළට දමා එය පිස දමන්න. කොට්ට උරය මගින් දූවිලි සෑම තැනම වැටීමට ඉඩ නොදී ඒ තුළට වැටෙයි. ඔයාට පහසුවෙන් පිරසිදු කර ගැනීමටත් හැකි වෙනවා.

09.අපිරිසිදු වී ඇති උදුනේ දාහකය පිරිසිදු කරගන්න.

මේ සඳහා ඔයාට ගැලුමක් පමණ ප්‍රමාණයේ සිප් එකකින් ලොක් කළ හැකි බෑගයක් සහ ඇමෝනියා අවශ්‍ය වෙනවා. සිප් එකකින් ලොක් කළ හැකි බෑගයට ඇමෝනියා ස්වල්පයක් වත් කර උදුනේ කොටස එහි තබා මුද්‍රා තබන්න. අනෙක් අපිරිසිදු කොටස් සදහාද නැවත නැවත කරන්න. බෑග් එක රැයක් පුරා මෙලෙස තබන්න. පසුදා උදෑසන ඔයාට එම වතුරවල තද කොටස් පාවෙනවා ඔයාට දැක ගැනීමට හැකි වෙනවා. බෑගයෙන් එය ඉවත් කර සබන් දාමා සෝදන්න.

10.කොමඩ් එකේ දාරය පිරිසිදු කිරීම සඳහා කඩදාසි තුවා සහ සුදු විනාකිරි භාවිතා කරන්න.

ඔයාගේ කොමඩ් එකේ දාරය සමහර විට පිරිසිදු කිරීමට අපහසු වෙන්න පුළුවන්. මෙන්න එය පහසු කරන විසඳුමක්. ඔයාට මේ සදහා සුදු විනාකිරි සහ කඩදාසි තුවා අවශ්‍ය වෙනවා.
කඩදාසි තුවා විනාකිරි වලින් පොඟවා ගන්න.ඔයාගේ කොමඩ් එකේ දාරය යට තුවාය බැඳ තබන්න. එය පැය කිහිපයක් පොඟවා ගැනීමට ඉඩ දෙන්න. ඉන්පසු කඩදාසි තුවා ඉවත් කර දාරය පිරිසිදු කරන්න.

11.ලෙමන් යුෂ සහ හිරු එළියෙන් ඔයාගේ කටින් බෝඩ් එකේ පැල්ලම් ඉවත් කරගන්න.


කටින් බෝඩ් එකේ පැල්ලම් අවලස්සන පෙනුමක් ඇති කරන නමුත් ඒවා ඉවත් කිරීමට හොඳ ක්‍රමයක් තිබෙනවා. ඔයාට මේ සදහා අවශ්‍ය වන්නේ ලෙමන් හා අව්ව සහිත ස්ථානයක් පමණයි.
ලෙමන් ගෙඩියකින් යුෂ ස්වල්පයක් මිරිකා ලෙමන් පොත්ත භාවිතා කර කැපුම් පුවරුව මතුපිට පැල්ලම වටා අතුල්ලන්න.මෙම කටින් බෝඩ් එක හොදින් හිරු එළිය ලැබෙන ස්ථානයක තබන්න.පැය කිහිපයක් එය එලෙස තබන්න. ඉන්පසු කටින් බෝඩ් එකට සබන් යොදා හොදින් සෝදන්න. හිරු එළියක් නැති දවසක් නම් කලබල වෙන්න එපා. ලෙමන් ගෙඩියක් ගන්න. එය 2 කට කපන්න. ඔයාගේ කටින් බෝඩ් එකට රළු ලුණු ස්වල්පයක් ඉසින්න. ලෙමන් ගෙඩියෙන් එය ඇතුළත අතුල්ලන්න.

12.වාෂ්ප මගින් මයික්‍රෝවේව් අවන් එක පිරිසිදු කරගන්න.

Warming Cup Of Coffee Inside Microwave Oven

කාලයත් සමඟ මයික්‍රෝවේව් අවන් එකක ගඳ සුවඳ දැනෙන්නට පටන් ගන්නවා. නමුත් සුදු විනාකිරි මගින් ඔයාගේ කාලය ඉතිරි කර ගන්න පුළුවන්. බලමුද ඒ කොහොමද කියලා.
විනාකිරි සහ ජලය 1: 1 අනුපාතයට ගනිමින් මිශ්‍රණය වාෂ්ප වන තෙක් රත් කරන්න.
කඩදාසි තුවා වලින් මයික්‍රෝවේව් අවන් එක පිස දමන්න.

13.ඔයාගේ සුදු කමිස වලින් දහඩිය පැල්ලම් ඉවත් කිරීමට.

ලස්සන කමිසයක් විසි කිරීමට ඉක්මන් වෙන්න එපා. එහි කහ පැහැයට හුරු දහඩිය පැල්ලමක් තිබෙන්නට පුළුවන්. පිඟන් සෝදන සබන්, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සහ බේකිං සෝඩා වලින් දියරයක් පිළියෙළ කරන්න. භාජනයක් තුළට පිඟන් සෝදන සබන් හා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් 1: 2 අනුපාතයක් මිශ්‍ර කරන්න.මෙම පේස්ට් එක පැල්ලමට ආලේප කර ඉහළට බේකිං සෝඩා ස්වල්පයක් ඉසින්න.කමිසයේ තන්තු වලට සබන්, පෙරොක්සයිඩ් සහ බේකිං සෝඩා උරා ගැනීම සදහා රෙදි සෝදන බුරුසුවකින් (පැරණි දත් බුරුසුවක් ද ක්‍රියාත්මක වේ) අතුල්ලන්න.
ඉන්පසු කමිසය අවම වශයෙන් පැයක් හෝ ඊට වැඩි කාලයක් එලෙස තබා පසුව සාමාන්‍ය ආකාරයට එය සෝදන්න.

15.ඔයාගේ ශීතකරණයේ මල නොබැඳෙන වානේ පිරිසිදු කිරීම සඳහා කාර් වැක්ස් භාවිතා කරන්න.


ශීතකරණයේ මල නොබැඳෙන වානේ පිරිසිදු කිරීමට ටිකක් උපක්‍රමශීලී විය යුතු නමුත් ඒ සදහා කරදර නොවන්න. මෙම ක්‍රමය සඳහා ඔයාට කාර් වැක්ස් අවශ්‍ය වෙනවා. (පිස්සු වගේ පෙනුනට එය හොදින් ක්‍රියාත්මක වෙනවා) මතුපිටට වැක්ස් ආලේප කරන්න. පැල්ලම් ඉවත් කිරීම සඳහා රෙදි කැබැල්ලකින් අතුල්ලන්න.

16.සුදු විනාකිරි භාවිතා කරමින් පිඟන් කෝප්පවල ඇති ජල පැල්ලම් ඉවත් කරන්න.


ඔයා සාදයක් සැලසුම් කරන විට සහ සෑම දෙයක්ම පරිපූර්ණ වීමට අවශ්‍ය විට මෙම ක්‍රමය වඩාත් ප්‍රයෝජනවත් විය හැක. ඔයාගේ පිඟන් රාක්කයේ ඉහළ සුදු විනාකිරි කුඩා භාජනයක් තබන්න. තවත් ජල පැල්ලම් ඉතිරි වන්නේ නැත

බෝනස් කොටස: ඔයාගේ ලාච්චු සහ අල්මාරිවල ඇති ගද අවශෝෂණය කර ගැනීම සඳහා බාර් සබන් එකක් භාවිතා කරන්න. ඔයාගේ ප්‍රියතම බාර් සබන් එකක් රෙදි බෑගයක හෝ රෙදි කැබැල්ලක ඔතා ඔයාගේ ඇඳුම් අසල ඔයාගේ අල්මාරියේ හෝ ලාච්චුවේ ගබඩා කරන්න.
ඔයා පිරිසිදු කිරීමට කැමතිද? අප සඳහන් කළ ක්‍රම වලින් ඔයාට වඩාත් ප්‍රයෝජනවත් ක්‍රමය කුමක්ද? නැත්තම් ඔයාට ඔයාගේම ක්‍රම තිබෙනවාද? කැමතියිද අපේ යාළුවන් එක්ක බෙදා ගන්න. අපේ කමෙන්ට් බොක්ස් එකට ඔයාගේ අදහස් එක් කරන්න.