Hela Rahas

Hela Rahas Official Web Portal

ප්ලාස්ටික් නූල් කරන ලංකාවේ වැඩ කාරයෝ

අපි හැමදාම ඔබව දැනුවත් කරන්නේ ඔබට ගොඩක් වැදගත් වෙන ප්‍රයෝජනවත් දේවල් ගැන පමණයි.අද මුළු ලෝකයටම ගැටළුවක් වෙලා තිබෙන දෙයක් තමයි ප්ලාස්ටික් කියන්නේ පරිසරයට එක එල්ලේම හානි කරන දෙයක්.ඉතින් මේ නිසා බොහෝ රටවල දැන් දැන් ප්ලාස්ටික් භාවිතය නතර කරගෙන යන ලකුණු පහලවෙලා තියෙනවා.ඉතින් අද අපි ඔබට කියන්න යන්නේ අපේ රටෙත් එක්තරා සමාගමක් විසින ප්ලාස්ටික් බෝතල් වලින් නූල් හදන වැඩක් පටන් ගෙන තිබෙනවා. මේ ලිපියෙන් ඔබව දැනුවත් කරන්නේ ඒ ගැන. අනිත් අයට දැනගන්නත් මේ වැඩේ අගයන්නත් අමතක කරන්න එපා.

BPPL හෝල්ඩින්ග්ස් සමාගම ආසියාවේ ප්‍රමුඛතම බුරුසු නිෂ්පාදකයෙකු ලෙස සැලකේ.එම සමාගම අනුබද්ධව BPPL Holdings සමාගම (BPPL)ශ්‍රී ලංකාවේ ප්‍රථම පොලියෙස්ටර් නූල් නිෂ්පාදනාගාරය පසුගියදා හොරණ ආයෝජන ප්‍රවර්ධන කලාපයේදී පසුගියදා විවෘත කෙරිණි.
BPPL සමාගමේ පූර්ණ අනුබද්ධිත අනු සමාගමක්වන Eco-Spindles සමාගම විසින් මෙම සුවිශේෂී ව්‍යාපෘතිය දියත් කරනු ලැබිණි. මුළුමනින් ම ප්‍රතිචක්‍රීකරණය කරන ලද පොලියෙතිලින් ටෙරෙප්තලේට් (PET) මගින් නූල් නිෂ්පාදනය මෙම නව නිෂ්පාදනාගාරය පිහිටුවීමේ ප්‍රධාන අරමුණයි.

අනාගත දැක්මකින් යුතු සමාගමක් ලෙස Eco Spindles සමාගම පිරිසිදුකාරක මෙවලම් සහ තීන්ත බුරුසු සඳහා කෘත්‍රීම මොනෝෆිලමන්ට් නිෂ්පාදනයේ කීර්තිමත් නාමයකට හිමිකම් කියන සමාගමක්ද වේ. රෙදිපිළි ආදිය සඳහා පොලියෙස්ටර් නූල් නිෂ්පාදනයට ද කීර්තිමත් නාමයකට හිමිකම් කියයි. අති නවින තාක්ෂණයෙන් පිරිපුන් මෙම නවත ම පොලියෙස්ටර් නූල් නිෂ්පාදනාගාරය හොරණ ආයෝජන මණ්ඩල පරිශ්‍රයේ වර්ග අඩි 13,000ක වපසරියක පිහිටා ඇති අතර දේශීය සහ විදේශීය කීර්තිමත් රෙදිපිළි නිෂ්පාදකයන් සඳහා වසරකට ආසන්න වශයෙන් කෘත්‍රිම නූල් ටොන් 960ක් පමණ නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී. මෙය, බහුඅවයවීකරණ ක්‍රියාවලිය මගහැර කැබලිවලින් සෘජුව ම නූල් නිෂ්පාදනය කරන ලොව ඇති නිෂ්පාදනාගාර දෙකෙන් එකක් වීම ද විශේෂත්වයකි.

භාවිත කරන ලද PET බෝතල් මෙම නිෂ්පාදනාගාරයේ පොලියෙස්ටර් නූල් නිෂ්පාදනය සඳහා ප්‍රධානත ම අමුද්‍රව්‍ය ලෙස යොදා ගැනේ. දිවයින පුරා පිහිටි Eco Spindles එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 125කට අධික සංඛ්‍යාවක් මගින් සෑම මසකම PET බෝතල් ටොන් 200-250 අතර ප්‍රමාණයක් එක්රැස් කර අනතුරුව ඉන්පසුව උණු සහ සිසිල් ජලයෙන් පිරිසිදු කර එම බෝතල් කැබලි බවට පත්කර ප්‍රතිචක්‍රීයකරණය කරන ලද පොලියෙස්ටර් නූල් නිෂ්පාදනය කරනු ලැබේ. මෙම පොලියෙස්ටර් නූල් නියම සුදු පැහැයෙන් මෙන්ම වර්ණයන්ගේ ද (Dope Dyed) ලබාගත හැකිය. නෙරවුම් ක්‍රියාවලියේ එක් අංගයක් ලෙස වර්ණ ඇතුළත් කිරීමේ පහසුකම ද මෙම නිෂ්පාදනාගාරය මගින් පිරිනමන තවත් සේවාවකි. මෙරට ප්‍රථම නූල් නිෂ්පාදනාගාරය ආරම්භ කිරීමට අපට හැකිවීම පිළිබඳව ආඩම්බර වනවා.

යුරෝපයෙන් ආනයනය කරන ලද නවීනත ම යන්ත්‍රෝපකරණ වලින් සමන්විත මෙම නිෂ්පාදනාගාරය නැවුම් මාවතකට යොමු කිරීමට සමත්වනු ඇති බව අපගේ විශ්වාසයයි“ යනුවෙන් BPPL සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය අනුෂ් අමරසිංහ මහතා සඳහන් කළේය. Eco Spindles සමාගම ගෝලීය ප්‍රතිචක්‍රීකරණ ප්‍රමිතිEco Spindles සමාගම ගෝලීය ප්‍රතිචක්‍රීයකරණ ප්‍රමිති සහතිකය (GRS), සීමිත ද්‍රව්‍ය ලැයිස්තු (RSL) සහ Oekotex සහතික 100 ඇතුළු ගෝලීය තත්ත්ව සහතික රැසකට අනුකූලව සිය නිෂ්පාදන සිදු කරන අතර කළමණාකරන අධ්‍යක්ෂකවරයා සදහන් කර සිටියේ තම ආයතනය මගින් PET බෝතල් ප්‍රතිචක්‍රීයකරණය කරමින් නිෂ්පාදනය කරන මෙම පොලියෙස්ටර් නූල් සදහා ඉදිරියේදී විශාල ඉල්ලුමක් ඇතිවුනු ඇති බවයි.ජර්මනියේ සහ ඉන්දියාවේ වසර පහළොවකට අධික අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියන විශේෂඥයන් සහ මෙහෙයුම්කරුවන් 40කට අධික ප්‍රමාණයකින් සමන්විත ශ්රවම බලකායක් මගින් මෙම නිෂ්පාදනාගාරයේ මෙහෙයුම් කටයුතු සිදු කෙරේ.