Hela Rahas

Hela Rahas Official Web Portal

පුස් බැදුණු ආහාර අනුභව කළහොත් සිදුවිය හැකි දේවල්

මේ පිළිබදව මදක් සිතන්න: ඔයා කැමතිම සැන්විච් ආහාරයට ගන්නට සූදානම් වන විට එහි පුස් බැදී ඇති බව දුටු විට ඔයාට කුමක්ද සිතෙනවාද? ඔයාට මෙවැනි අවස්ථා අවම වශයෙන් එකක් හෝ දෙකක් සිදු වී තිබෙන්නට පුළුවන්. එමගින් ඇතිවිය හැකි ප්‍රතිවපාක පිළිබදව ඔයා සිතනවා වෙන්නත් පුළුවන්.

ඇත්ත වශයෙන්ම, ශරීරයට මෙමගින් ප්‍රතික්‍රියා කළ හැකි විවිධ ක්‍රම කිහිපයක් තිබෙනවා.පුස් බැදුණු ආහාර අනුභව කිරිමෙන් ශරීරයට ඇතිවිය හැකි අහිතකර බලපෑම් ගැන අපි සොයා බැලුවා. ඒ වගේම බෝනස් කොටසකුත් එකතු කරලා තියෙනවා.

සමහර පුස් අක්මාවට හානි කළ හැක.
පුස් මත විෂ රසායනික ද්‍රව්‍ය සොයා ගැනීමට හැකි අතර ඒවා මගින් අක්මාවට හානිවීම, වමනය, ඔක්කාරය හා පාචනය වැනි බරපතල සෞඛ්‍ය ගැටලු ඇති විය හැක. කෙසේ වෙතත්, මෙම රෝග ලක්ෂණ ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හා වයස වැනි සාධක කිහිපයක් මත රඳා පවතිනවා. වඩාත් සුලභ හා විෂ සහිත පිළිකා වලට පවා හේතු විය හැකි ඇෆ්ලාටොක්සින් ලෙස හදුන්වනවා.
වාසනාවකට මෙන්, සෑම ආහාරයකම මෙම රසායනය නිපදවන්නේ නැත. කෙසේ වෙතත්, රටකජු සහ බඩ ඉරිඟුවල ඒවා සොයාගත හැක.

පුස් තුළ ඇති බැක්ටීරියා මගින් ආහාර විෂවීමේ රෝග ලක්ෂණ මතු කරනවා.
පුස් එතරම් භයානක නොවන අතර ඇත්ත වශයෙන්ම ඔයා අසනීප වීමට ඇති සම්භාව්‍යතාව අඩුයි. කෙසේ වෙතත්, ඔයාව අසනීප කළ හැක්කේ ඒ සමඟ වර්ධනය වන බැක්ටීරියා වලටයි. මෙවන් අවස්ථාවකදී ඔයාට වමනය, පාචනය සහ ඔක්කාරය වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැක. ඒවායේ බරපතලකම රඳා පවතින්නේ බැක්ටීරියා වර්ගය සහ ඔයා අනුභව කළ ආහාර ප්‍රමාණය මතයි.

පුස් නිසා ආසාත්මිකතා ඇති විය හැක.
ආහාරවල ඇති පුස් නිසා අසාත්මිකතා ඇති වී ඇති සමහර අය සිටිනවා. ඔයාට ඉක්මනින් ආසාත්මිකතා ඇති වෙනවා නම් එයින් ඈත්ව සිටීම වඩා හොඳයි. ඔයා ඒවා වැරදීමකින් ආහාරයට ගන්නේ නම් වහාම වෛද්‍යවරයා අමතන්න. ආසාත්මිකතාවයක් ඇති වූ විට පෙන්නුම් කරන ලක්ෂණ:

  • කැසීම සහ ඇස්වල කබ ඇතිවීම
  • කුෂ්ට හෝ පලු
  • හුස්ම හිරවීම
  • වාතාශ්‍රය නොමැතිව නාසය සිරවීම

අපේ ශරීරයට පහසුවෙන් ජීර්ණය වන පුස් සහිත ආහාර තිබෙනවා.
විවිධ වර්ගයේ චීස් වල ඇති පුස් ආහාරයට ගැනීම ආරක්ෂිතයි. ඇත්ත වශයෙන්ම, ගොර්ගොන්සෝලා, රොක්ෆෝර්ට් සහ බ්ලූ වැනි චීස් සාදනු ලබන්නේ ඒවා විශේෂිත බීජාණු වලට හඳුන්වා දීමෙනි. කැමම්බර්ට් සහ කේජු වල සුදු ඒවා ඇත. නමුත් අවාසනාවකට මෙන් පුස් බැදුණු ආහාර අනුභව කිරීමෙන් ආසාත්මිකතා ඇතිවන අයට ඒවා සුදුසු නැත.

බෝනස් කොටස: පුස් සූරා දැමීමෙන් පසු ආහාරයට ගැනීමට ආරක්ෂිත ආහාර පුස් සූරා දමා කෑමට ආරක්ෂිතයි:

  • සලාමි සහ වියලි හැම්
  • අප්‍රසන්න ලෙස පුස් නොබැදුණු චීස් ( අවම වශයෙන් ඒ වටා අඟලක ප්‍රමාණයක් කපා දමන්න)
  • පුස් වලින් සාදන ලද නමුත් අමතර පුස් මත වැඩෙන චීස් (ඔයා දෙවනියට සදහන් කළ පරිදි සූරා දමනවා නම්)
  • අවම වශයෙන් අඟලක පමණ ප්‍රමාණයක් කපා දැමූ පසු එළවළු සහ පලතුරු සමග භාවිතා කරන්න

ඉවතලන්න:

  • හොට් ඩෝග් සහ බේකන්
  • පිසින ලද කුකුළු මස්, මාංස, කැස්රෝල්, පැස්ටා සහ ධාන්‍ය
  • මෘදු චීස්, sour cream සහ යෝගට්
  • ජෑම් සහ ජෙලි
  • සොෆ්ට් එළවළු සහ පලතුරු
  • කජු, රටකජු සහ රටකජු බටර්
  • පාන් සහ බේක් කළ දේවල්

මෙම ලිපිය තොරතුරු භාවිතය සඳහා පමණයි. පුස් වලින් විෂවීමක් ඔයා අත්විඳ ඇත්නම් වහාම වෛද්‍යවරයා අමතන්න.ඔයා කවදා හෝ පුස් බැදුණු ආහාර අනුභව කර තිබෙනවද? පසුව අසනීප වූනාද? අපටත් ඔයාගේ අත්දැකිම් විස්තර කරන්න.