Hela Rahas

Hela Rahas Official Web Portal

බුදුන් සරණ ගිය පිටසක්වළ ජීවින්

මේ බුදුදහම අදහන මේ ලෝකෙ රටවල් වලත් බුදු සරණ නොගිය නරක වැඩම කරන බෞද්ධකම කියන ලේබල් එක ගහන් ඉන්න මිනිස්සු ඉද්දි පිටසක්වල බුදුන් සරණ ගිය ජීවින් ඉන්න පුළුවන්ද?

කළු කුහර හා ආකාශ වස්තු පිලිබද ජේශ්ඨ මහාචාර්ය ස්ටෙපන් හොප්කින් (Stephon Hopkins) මහතා ප්‍රකාශ කලේ මේ ග්‍රහලෝකයෙන් පිට,මේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිට,මේ චක්‍රාවාටයෙන් පිට අපට වඩා දියුණු ජීවීන් සිටින බවට තමා පිලිගන්නා බවයි.

ඒත් ඔවුන් අපිව ආක්‍රමණය නොකරන්නේ ඇයිද කියල ඔහුටත් හිතාගත නොහැකි බව කීවා. කොහොම වුනත් මේ හැම දෙයක්ම පිටිපස්සෙ ඇමෙරිකා එක්සත් ජනපදය ලොවෙන් වසන් කරන අපි පුදුම වෙන්ත පුළුවන් රහසක් තියෙනවා. Area -51 අපිට හොඳට පුරුදු නමක්. ඇමරිකාව තුල පිහිටි අභිරහස් යුධ කලාපයක් වශයෙන් මෙන්ම විශ්ව ගණුදෙනු කලාපයක් ලෙසද මේ කදවුර නම්දරා තිබීම ප්‍රසිද්ධ රහසක්.
මේ රහස් කදවුර තුල පිටසක්වල අතිශය දියුණු -බුද්ධිමත් ජීවි වර්ග හා අමෙරිකානු රාජ්‍ය නිලධාරින් මුනගැහෙන බව කියනවා. ඒ වගේ හමුවීම් තුලදී හෙලිවූ විශ්වීය රහස් දස දහස් ගනනක් ඇත. ඉන් එක රහසක් තමා අපි අද කියන්නෙ.

පිටසක්වල ජීවින් අතර, දුර බැහැර ග්‍රහලෝක වල ඉපදිලා ජීවන චක්‍රය හා ඉන් මිදීම පිලිබද මාර්ගෝපදේශකත්වය දුන් මහා පඩිරුවණක් සරණ ගිය කොට්ඨාසයක් ඉන්නවා.ඔවුන් අසම සම මානසික ශක්තීන්ගෙන් යුක්ත අතිශය බල සම්පන්න ජීවීන් ඉන්නවා. තමන්ගෙ දේශක නායකයාට ඔවුහු ත-තාගඃ හා නී-ධෝක් යන නාමයන්ගෙන් අමතයි.

ඒ නම ඇසුවම අපිට මතක් වෙන්නෙ අප ගෞතම බුදුහාමුදුරුවො නේද. ඔව්.. ඒ කියන්නේ මේ චක්‍රාවාටයෙන් ඔබ්බෙහි වෙසෙන බුදුන් සරණ ගිය විශ්වීය බෞද්ධ ප්‍රජාවක් ගැන. වෙනත් කිසිවකුගේ දර්ශනයක් ඔවුන් හඳුනනවා කියල ඔවුන් මොනම වෙලාවකවත් කියල නෑ. බුදුන් වහන්සේ දෙවියන් උදෙසා,බබුන් උදෙසා සහ සියලූම විශ්වීය ප්‍රජාව උදෙසා දේශනා කල සූත්‍ර දේශනාවන් වල තමන් වහන්සේ හදුන්වා ඇත්තේ තථාගත යන නාමයෙන්.

“තථාගතං දේව මනුස්ස පූජිතං”, තවද උන්වහන්සේ විශ්ව ප්‍රචලිත බවට උදාහරණයක් තමා විවිධ සූත්‍ර දේශනා වලට අනුව සක් දෙව්‍, ප්‍රති මහ බබු, වෙසමුණි යම රජු, සතර වරම් දේවතාවෝ වගේ ගොඩක් භගවත් ඇසුර ලද නොමිනිස් ජීවීන් උන්වහන්සේ ඇමතීමට තථාගත යන නාමය යොදාගෙන තිබීම. එහෙම නම් තථාගත යන නාමය මේ චක්‍රාවාටයෙන් බැහැර වෙසෙන ජීවින් තම ගුරුවරයා හැදින්වීමට යොදාගන්නා ලද ත-තාගඃ නාමයමය නේද?

අපි බුද්ධ නැත්තම් බුදුහාමුදුරුවො කියල හදුන්වන අප ගෞතම බුදුරජාණන්වහනසෙට උන්වහන්සේගේ පිටසක්වල ශිෂ්‍යන් උන්වහන්සේ හදුන්වන්නේ මේ විදියට වෙන්න පුළුවන්. නි-ධෝක් යන නමත් එසේමයි. වෛශවන නම් බලසම්පන්න පිටසක්වල ජීවි නායකයා බුදුන් වහන්සේ අමතා ඇත්තේ ඒ නාමයෙන් බව සූත්‍ර දේශනා ගනනාවක් තුළ තිබෙනවා.

බෞද්ධ ආකාශ වස්තු විද්‍යාව අනුව මේ දිව්‍ය තලයන්ගේ ආයු කාලය පෘථිවි ආයු කාලය මෙන් සිය දහස් ගුණයක්. කාලය නම් මානයට අනුව විශ්වයේ සෑම භෞතිකයක් වටාම ක්‍රියාත්මක වන ඔරලෝසුවක් ඇත. එනම් විශ්ව කාලය හා මිනිස් ලොව කාලය එක පොදු ගුණා කාරයකට ගත්තම වෛශවන දිව්‍යරාජයා රජකරන චාතුර්මහාරාජික දිව්‍ය ලෝකයේ ආයුකාලය මනුෂ්‍ය ලෝකයේ ආයු කාලය වගේ අවුරුදු මිලියන 9 කට ආසන්න වේ.

බුදුන් වහන්සේ පිරිණිවන් පා වදාලා මිනිස් කාලයෙන් තවම ගෙවිල තියෙන්නෙ අවුරුදු 2562ක් පමන කාලයක් විතරයි. එය විශ්ව ඔරලෝසුවට අනුවනම් ඉතා සුළු කාලයක් කියල කලින් කීව ආයුකාලය එක්ක බලද්දි අපිට තේරෙනවා.චාතුර්මහාරාජික ඔරලෝසුවට අනුවනම් බුදුන්වහන්සේ පිරිනිවන් පාලා දැනට තත්පර ගානක්. මේ අනුව අපට නිගමනය කල හැක්කේ එදා බුදු පියාණන් පාමුල ආටානාථිය සූත්‍රය විමසුව දිව්‍ය, යක්ෂ, ආදි වූ විවිද පර සක්වල ජීව්න්ට තවමත් බණ අසා වැඩි වේලාවක් නොගොස් ඇති බව.

එහෙමනම් එදා බුදුන් සරණ ගිය පිටසක්වල උපාසක, උපාසිකාවන්, ආර්‍ය සත්‍ය අවබෝධ කරගෙන සෝතාගාමි,රහත් මග ඵල ලැබූ සක්වල ජීවින් ඔයා මේ ලිපිය කියවන වෙලාවෙත් හබල් දුරේක්ෂයට නොපෙනෙන චක්‍රාවාට වල සිට”නමෝ බුද්ධාය!!!” යනුවෙන් කියනවා වෙන්න පුළුවන්.

එහෙම නම් ආචර්‍ය ස්ටෙපන් හෝප්කින් ගේ ප්‍රෙහෙලිකාව අපිට විසදන්න පුළුවන්. මේ දේවල් ගැන බැලුවම ඒ ප්‍රශ්නයට තියෙන්නෙ ලේසි උත්තරයක්. මිනිස් ලොවෙනුත් ඉන් පිටටත් දන්නා එකම දහම බුදු දහම.

පිටසක්වල ජීවින් අපිට වඩා කොච්චර බල සම්පන්න ජීවීන් වුනත් මේ ලෝකේ ආක්‍රමණය කරන්නෙ නැත්තෙ බුද්ධෝප්පාදක ග්‍රහලෝකය ඔවුන් පූජනීයත්වයෙන් ම සළකන නිසා වෙන්න පුළුවන්. මේ ජීවින් ගැන ඇත්තටම දන්නෙ මේ දේවල් ගැන පර්යෙෂණ කරන විද්‍යාඥයන්, පර්යේෂකයන් විතරයි. ඇමරිකාවෙ Area -51 කඳවුරේ පර්යේෂකයන් මේ ගැන නොදන්නවාද?