Hela Rahas

Hela Rahas Official Web Portal

බේසම් කාණුව පිරිසිදු කරන ක්‍රම

ඔයාටත් මුළුතැන්ගෙයි ඇතැමි හිරවීම් ගොඩක් සුලභ වගේම හරිම කරදරකාරි තත්වයක් නේද? ඒ නිසා ඔයාට එදිනෙදා කරන්න තියෙන වැඩත් හරියට කරගන්න බැරි වෙනවා. ඔන්න අපි ඔයාලට ජලනල කාර්මිකයෝ හොයන්නේ නැතිව ඉක්මනින් වගේම පහසු ලාභදායි ක‍්‍රම මගින් ප‍්‍රශ්ණවලට ව්සදුම් ගැනයි කියන්න යන්නේ.

නිවසේ මුළුතැන්ගෙයි සින්ක් නළය හිරවීමෙන් සිදුවන කරදරකාරි තත්වයෙන් මිදීමට හොදම ආකාරයේ සරල හා ආරක්ෂිත ක‍්‍රම 8 ක් පිළිබදව ඔබව දැනුවත් කිරීමටයි සූදානමි වෙන්නේ. ඔයත් මේ දේවල් කියවලා හදීසි අවස්ථාවකදී ප‍්‍රයෝජනයට ගන්න.

01.බේකින් සෝඩා, ලූණු හා විනාකිරි තෙල් තටිටුවක් හිරවීමකදී ඒවා ඉවත් කරයි

ඔන්න එහෙනමි ඔයා බලවත් විසදුමකින් අරමිභ කරන්න. ලේසිම අවස්ථාවේදී කිසිවක් නොකර බැරූරුමි අවස්ථාවට පැමිණෙන තෙක් සිටින අයටත් එක්කම අපි බලවත්ම ක‍්‍රමයකින් පටන් ගමු. ඔන්න අපි මැජික් එක පටන් ගන්නවා. මුලින්ම ඔයාට කරන්න තියෙන්නේ සින්ක් එකට උණුවතුර වත් කරන්නයි. මෙමගින් තෙල් මෘදු වෙනවා වගේම ඝන බව බිද දමන්නත් මෙම ක‍්‍රමය උපකාරි වෙනවා.

බේකින් සෝඩා කෝප්ප 1/2 ක්, ලූණු කෝප්ප 1/4 ක් ගන්න. ඒවා මිශ‍්‍ර කරලා සින්ක් නලයට දමන්න.විනාකිරි කෝප්පයක් තම්බා ගන්න. දැන් එය අනෙකුත් අමුද්‍රව්‍ය මත වත් කරන්න.
එහි පෙණ පිටතට නොයන ලෙස නලය ඉක්මනින් ආවරණය කරන්න.විනාඩි 15 ත් 30 ත් අතර කාලයක් රැදී සිටින්න. ඉන්පසු නැවත උණුවතුර වත් කර අවසන් කරන්න.

02.ලූණු හා උණුවතුර භාවිතා කරන්න

නල හිරය බැරූරුමි නොවන හෝ ආරමිභක අවස්ථාවක් නමි ඔයාට පුළුවන් සැහැල්ලූ ක‍්‍රමයක් තෝර ගන්න. ලූණු ඇතුළත නලය පිරිසිදු කරනවා. බැක්ටීරියා වගේම අප‍්‍රසන්න ගඳත් එකවර ඉවත් කරනවා. මෙහි බලපෑම ඉතා මෘදු නිසා ඔයා බලාපොරොත්තු වූ ප‍්‍රමාණයට වඩා නල හිරය විශාලනම් නැවතත් එම කි‍්‍රයාවලිය කරන්නට සිතෙන්නත් පුළුවන්.

ලූණු කෝප්ප 1/2 ක් ගන්න. ඒවා නලයේ සිදුරට දමන්න.උණුවතුර භාජනයක් ගෙන ඊට උඩින් ලූණු වත් කරන්න. උණුවතුර ඔයාගේ අතට හෝ ශරීරයට නොවදින්න වග බලා ගන්න ඕන. උණුසුමි ජල නලය කි‍්‍රයා කර වැඩි ජලය සමග නලයේ සිදුර සෝදන්න. ඔය අවශ්‍යයි කියලා හිතෙනවනමි නැවත නැවත කරන්න.

03.විනාකිරි හා බේකින් සෝඩා භාවිතා කරන්න

විනාකිරි හා බේකින් සෝඩා යනු හිරවීමි ඉවත් කිරිම සදහා ලෝකයේ භාවිතා කරන පැරණි ක‍්‍රමයකි. මෙය වේගවත් හා සරල වන නිසා ඔබට සතයක්වත් වියදම් කිරීමට සිදු වන්නේ නැහැ. මොකද දන්නවද දැනටමත් අපේ නිවසේ මුළුතැන්ගේ මෙම අමුද්‍රව්‍යය තිබෙනවා.

උතුරන උණුවතුර නලයට වත් කරන්න. වඩාත් පහසුව සදහා ඔයාට පුළුවන් කේතලයම වත් කරන්න.ඉන් පස්සේ බේකින් සෝඩා කෝප්ප 0.5 – 1 ක් එකතු කරලා මිිනිත්තු කිහිපයක් තබන්න.දැන් 1: 1 අනුපාතයට උතුරන වතුර හා විනාකිරි මිශ‍්‍ර කර බේකින් සෝඩා මත වත් කරන්න.මැජික් එක වැඩ කරන්න සින්ක් නලය ආවරණය කරන්න ඕනේ .මේ සදහා ඔයාට පුළුවන් ප්ලග් එකක්, ජලනල යන්ත‍්‍රයක් හෝ වෙනත් ඕනෑම දෙයක් භාව්තා කරන්න පුන්‍දාවන්. හැබැයි පිටතට එන්න දෙන්නේ නැතුව බලා ගන්න ඕන. ඉහළින් වැටෙන සේ තවත් උණු වතුර කෝප්පයක් ඇතුළට වත් කරන්න. එවිට එය සම්පූර්ණයි.

04.කොස්ටික් සෝඩා භාවිතා කරන්න

සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් යනු මැජික් රසායනික ද්‍රව්‍යයකි එමගින් ඇතැම් ඝන වස්තූන් ද්‍රව බවට පත්වෙයි. එය හිසකෙස් හා වෙනත් සුන්බුන් පවා බිද දැමිය හැකි නිසා ඒවා ව්ශේෂයෙන් බලවත් වන ප‍්‍රති සිරවීමි වලදී අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා කරයි.මෙම මැජික් අමුද්‍රව්‍යය භාවිතා කිරීම සදහා

බාල්දියක් ගෙන සීතල වතුර ලීටර 3 ක් පුරවන්න.බාල්දියට දියර කොස්ටික් සෝඩා මිලි ලීටර් 750 ක් එකතු කර හොදින් මිශ‍්‍ර කරන්න.( මේ සදහා ඔබේ දෑත් භාව්තා කරන්න එපා.)රසායනික ප‍්‍රතිකි‍්‍රයාවක් නිසා ජලය උණු වී රත් වීමට පටන් ගන්නා තෙක් රැදී සිටින්න.මිශ‍්‍රණය නලය තුළට වත්කර විනාඩි 20 ක් පමණ තබන්න.කාලය අවසන් වූ පසු උතුරන වතුර කේතලයක් වේගයෙන් වත් කරන්න.

05.P – trap (පී – උගුල පිරිසිදු කිරීම)

රසායනික ප‍්‍රතික‍්‍රියා නොකරන්නේ නමි, ඔයාට සිද්ධ වෙනවා භෞතික ක‍්‍රමයක් මගින් ඉවත් කිරීමක් කරන්න සිදු වෙනවා.P – trap (පී – උගුල) යනු ඔබේ බේසම යට වක‍්‍ර නලයක් වන අතර එමගින් ග්රීස් හා කුඩා සුන්බුන් එකතු කර ගත හැකිය.එහි ස්වරූපය නිසා එය ඔබේ මුළුතැන්ගේ ඇති බොහෝ සිරවීමි වලට හේතුව බවට පත් වී ඇත.

මුලින්ම ඔයා එය පිරිසිදු කිරීෙමි කි‍්‍රයාව සදහා සූදානමි වෙන්න. මන්ද එය අවුල් සහගත විය හැක. සින්ක් එකෙන් ජලය ඉවත් කර ගන්න.මොකද දන්නවද අපි දැන් P – trap (පී – උගුල) ගලවන්නයි යන්නේ එවිට එහි රැදි ජලය හැමතැනම ඉහිරෙන්න පුළුවන්. ඊළගට ඔයා සින්ක් එක යටින් බාල්දියක් තියන්න. තුවා කිහිපයකුත් අතේ තබාගෙන ආරම්භ කරන්න.P – trap (පී – උගුල) පයිප්ප දෙකකට සම්බන්ධ කර ඇති අතර එය ඉවත් කිරීමට නට් බුරුල් කළ යුතුය.

මුලින්ම ඔයාP – trap (පී – උගුල) ඉවත් කරගත්තට පස්සේ එය හොදින් පිරිසිදු කර ගන්න. එහි බොහෝ විට ආහාර කෑළි, ග්රීස් හා වෙනත් සුන්බුන් වලින් පිරී තිබිය හැකිය. මෙය පිරිසිදු කරන්න ඔයාගේ දෑත් හෝ බෝතල් බුරුසුවක් භාවිතයෙන් සුන්බුන් ඉවත් කර ගන්න.

ඉන්පසු ග්රීස් රැදී ඇත්නම් ඒවා සේදී යෑම සදහා උණු වතුරෙන් සෝදා හරින්න.දැන් ඔබේ වැඩ කටයුතු අවසන් ඉතින් සින්ක් නලය තිබූ ආකාරයටම සකස් කර ගන්න.ඇතැම් P – trap (පී – උගුල) ඉවත් නොකරම පිරිසිදු කිරීම සදහා ප්ලග් එකක් තිබෙනවා ඔයාට පුළුවන් එය භාවිතා කරන්නත්. නමුත් හොදම ක‍්‍රමය එය ඉවත් කර උණුවතුරෙන් සේදීමයි.

06.Drain snake භාවිතා කරන්න

ඔබ දැන් P – trap (පී – උගුල නැවත ස්ථානගත කර අවසන්ද? නැත්ද? එසේනම් විනාඩියක් නවතින්න. Drain snake භාවිතා කරන්න හොදම අවස්ථාව මෙයයි.P – trap (පී – උගුල දැනටමත් පිරිසිදු හා පැහැදිලි නිසා එයින් අත ඉවතට ගන්න.

දැන් Drain snake (මෙය කාණු පිරිසිදු කිරීම සදහා සර්පයකුගේ හැඩයෙන් නිර්මාණය කර ඇති කම්බියක් වැනි දෙයකි. ඇත්ත සර්පයෝ ගන්න එපා.) එය බිත්තිය දිගේ යන පයිප්පය දිගේ ඇතුල් කරන්න. ඔයාගේ අතට බාධාවක් තියෙනවා කියලා දැනෙනවා නම්,ඉදිරියට යාමට උත්සහ කරන්න. මෙය අවහිරයක් නොව නලයේ කෙළවරක්ද විය හැක.

Drain snake පහසුවෙන් ඉදිරියට නොයන්නේ නම් මෙය අවහිරයක් විය හැක. මෙය කරකැවීම දිගටම කරගෙන යන්න.ඉන්පසු එය පිටුපසට අදින්න. Drain snake පිරිසිදු කර නැවත උත්සහ කරන්න.තව දුරටත් අවහිරයක් නොමැති නමි P – trap ආපසු ගෙන පයිප්ප පිරිසිදු කිරීම සදහා උණුවතුර වත් කරන්න.

07.Drain snake වෙනුවට කමිබි හැගරයක් භාවිතා කරන්න

Drain snake ඔයා ළග නැතිනමි එයට ආදේශයක් ලෙස හැගරය භාවිතා කළ හැක.
වයර් හැගරයක් හා අඩුවක් ගන්න. ඔයාගේ අත හා අඩුව භාවිතා කර කෙලින් වන සේ හැගරය දිග හරින්න.අවසානයේ ඔයා අතින් නිර්මාණය කරන ලද Drain snake භාවිතා කර කරකැවිය යුතුයි.දැන් මෙය සාමාන්‍ය Drain snake ලෙස භාවිතා කළ හැක. ඒක නියමයි නේද?

08.අවහිරය නැති කිරීමට වැකුම් ක්ලීනරය භාවිතා කිරීම

මෙය අපගේ ලැයිස්තුවේ වඩාත්ම පුදුම සහගත කොටස වෙන්නත් පුළුවන් . නමුත් මෙය පෙර තිබූ තත්ව වලට බොහෝ සමානයි. ඔයාට දැන් තියෙන්නෙ බර කාල තුවක්කුවක් එක්ක සටන් කරන්නයි. ඊට කලින් ඔයා මතක තියා ගන්න ඕන වැදගත් සටහනක් තමයි මේ කියන්න යන්නේ මොනවද දන්නවද හැම වැකුම් ක්ලීනරයක් එක්කම මේ දේවල් කරන්න බැහැ. තෙත් හා වියළි වැකුම් ක්ලීනරයකින් විතරයි ඔයාට මේ දේවල් කරන්න පුළුවන් . ඒවගේම ඔයාට මේක තනියම කරන්න බෑ ස්විච් පාලනය සදහා කෙනෙකුගේ සහය ඔබට අවශ්‍යයි.

ප‍්‍රදේශය හොදින් පිරිසිදු කර බුමුතුරුණු හා තුවා මෙන්ම බාල්දියක්ද සූදානම් කරන්න. කාණු සිදුරට බටය ඇතුළත් කර අනෙක් කෙළවරට වාතය උරා ගැනීම සදහා වැකුම් ක්ලීනරය සම්බන්ධ කරන්න.නලය සමග හොදින් සම්බන්ධ වීමටත් පිටතට පැනීම වළක්වා ගැනීමටත් කප් එකක් භාවිතා කිරීමටත් නිර්දේශ කරනවා. මේ සදහා ඔබට ප්ලන්ගර් කප් (නිමජ්ජක කප්) භාවිතා කළ හැකි අතර එය ඔබට මිලදී ගැනීමට ද හැක.

වැකුම් ක්ලීනරය කි‍්‍රයාත්මක කර ශබිදයට සවන් දෙන්න. අවහිරයක් තිබේ නම් යන්ත‍්‍රය වාතය පමණක් උරා ගන්නා අතර වෙනසක් පෙන්නුමි කරයි.ශබිදය වෙනස් වන තුරු එය වැකුම් කරන්න. එයින් අදහස් වන්නේ ඔබ එය වසා ඇති බවයි. ඒ සදහා වැඩි කාලයක් ගත වන්නේ නම් වැකුම් යන්ත‍්‍රය කි‍්‍රයා විරහිත කර විනාඩි කිහිපයක් රැදී සිටින්න.

එසේ නොමැතිනම් ඔබේ පයිප්පයට හෝ යන්ත‍්‍රයට හානි සිදු විය හැක. නලය තුළ යමක් සිරවී නොමැතිනම් නලය සමග ජලනල චලනය අනුකරණය කිරීමට උත්සහ කරන්න. ඔබ ප්‍රවේශම් විය යුතුයි. මන්ද ඔබේ පයිප්පය ඉරිතලා යා හැක.අවහිරය අවසන් වූ පසු වැකුම් යන්ත‍්‍රය ක‍්‍රියා විරහිත කර බටය ප‍්‍රවේශමෙන් ගලවා ගන්න. ඉන්පසු උණු වතුර වත් කරන්න.ඔයානම් නියමයි. හරියටම වැඩේ කරා

මතක තබා ගන්න මෙම ක‍්‍රමය භාවිතා කළ යුත්තෙ අනෙක් ක‍්‍රම උදව් නොකළානම් පමණයි. ඔයා කිසිම රසායනික ද්‍රව්‍යක් උත්සහ කර තිබුණේ නැතිනම් වැකුම් යන්ත‍්‍රයභාවිතා කිරීමට පැය 8 ක් වත් රැදී සිටින්න.මෙය ඔඅබේ නිවසේ පොදු ගැටළුවක්ද ? ඔබ එයට මුහුණ දෙන්නේ කෙසේද? නැතිනමි වෘත්තීය උපකාරයට කැමතිද? නැතිනමි තනිවම ගනුදෙනු කරනවාද? ඔයා භාවිතා කරන්නේ කුමන ක‍්‍රමයද? ඔබත් කැමතිනම් ඔබේ අත්දැකීමත් අපත් සමග බෙදාගන්න අමතක කරන්න එපා.