Hela Rahas

Hela Rahas Official Web Portal

බොන්සායි පැලයක් හදාගන්න විදිය

බොන්සායි යනු ජපන් වචනයකි. බොන් යනු බන්දේසියයි.සායි යනු ගසයි.බොන්සායි කලාවට ජපනුන් නම් තැබුවත් මෙයආරම්භ වුනේ චීනයෙනි. ඒ මීට වසර දහස් ගණනකට පෙරය. නමුත් මෙම කලාව වැඩිදියුනු කර ලොවට හදුන්වා දීමේ ගෞරවය ජපානයට හිමිවෙයි.බොන්සායි යනු සරලව කියතොත් තැටි බදුනක කුරු ගස් සිටුවීමේ කලාවයි. ස්වභාවික විශාල පැරණි ගසක පෙනුම සහිත ගසක් තැටියක නිර්මාණ කිරීමේ කලාවයි. හැඩය පමණක්ම නොව පැරණි ගසක ඇති ගැට බෙන දිරාගිය අතු වල ලක්ෂණ ආදිය ද ඒ අයුරින්ම නිර්මාණය කල හැක.බොන්සායි ගසක් නිර්මාණය කිරීම එතරම් පහසු නොවන්නාසේම අපහසුද නොවේ. ඒ සඳහා දැනුම සේම අපරිමිත කැපවීමක් නොබසු බට උත්සහයක් සේම පුදුමාකාර ඉවසීමක් ප්‍රගුන කල යුතුය. බොන්සායි කලාවේ සම්මත නීති රීති පද්ධතියක් ඇත. අනුගමනය අනිවාර්‍ය නොවූවද සම්මත නීති අනුගමනය කිරීම තුලින් ඉතා උසස් බොන්සායි නිර්මාණයක් බිහිවනු නියතය.අවසානවශයෙන් බොන්සායි යනු අද්‍යාත්මික සුවයක් සපයන පුදුමාකාර කලාවකි.අදිරුදිර පීඩනය,හර්දරෝග,මානසික අසහනය,පීඩනය,වැනි රෝග වලට සුවය සලසන භාවනාවක් වන් උතුම් කලාවකි.බොන්සායි කලාවේ සම්මත නීති/ Bonsai rules බොන්සායි කලානිර්මාණ කරණයේදී සාමන්‍යයන් අනුගමනය කෙරෙන නීති මාලාවක් ඇත. මෙම නීති අනුගමනය කිරීම අනිවාර්‍ය නැතත් මෙම නීති වලට අනුව බොන්සායි ශාකයක් නිර්මාණය කිරීමට උත්සාහ ගැනීමෙන් ඉතා අලංකාර බොන්සායි ශාකයක් නිර්මාණය වීම අනිවාර්‍යයෙන් සිදුවේ. ‍ නමුත් කලාවක සම්මතයන් අනිවාර්‍යවන්නේ ප්‍රගුන කරනාතෙක් පමනි.ලෝකයේ සම්මත බොන්සායි නීතිබොන්සායි ශාකයේ සමස්ථ හැඩය අසමමිතික ත්‍රිකෝණාකාර හැඩයක් ගත යුතුය.

  • ශාකයේ අතු විහිදීම ආරම්භ විය යුත්තේ ශාකයේ සම්පූර්ණ උසින් තුනෙන් එකක් පමන උසකිනි.
  • ශාකයේ පහල සිට පළමු අත්ත දකුණට විහිදුන හොත් දෙවන අත්ත වමටත් තෙවන අත්ත පසුපසටත් විහිදිය යුතුය. මෙම අතු පිහිටීම ශාකයේ ඉහලට යන තුරැම පවත්වාගත යුතුය.
  • ශාකයේ එකම ස්ථානයකින් අතු දෙකක් නොබෙදිය යුතුය.
  • ශාකයේ කදෙහි හෝ අතුවල ඇදවූ තැන් (Bends) පවතී නම් අතු ආරම්භ විය යුත්තේ එහි උත්තල(Convex) පැත්තේමය.
  • ශාකයේ පහල සිට ඉහලට යන විට අතුවල විශකම්භය ක්‍රමයෙන් අඩුවිය යුතු අතර අතු අතර පරතරය සහ අතුවල දිග ක්‍රමයෙන් අඩුවිය යුතුය.
  • එක් එක් අතු තුලද අනු ශාකා සමග ත්‍රිකෝණාකාර හැඩයක ගත යුතුය.
  • අනුශාකා තිරස්ව දෙපසට පමණක් විහිදිය යුතුය. එනම් ඉහලට හෝ පහලට නොවිහිදිය යුතුය. එවිට අතුවල සුන්දර පත්‍ර ගොමුවක්(Foliage pad) නිරමාණය වේ.
  • ශාකයේ පහලම අතු ඉහල අතුවලට සාපේක්ශව වැඩිපුර පහලට නැඹුරැ කල යුතුය.
  • ශාකයේ කද ඉහලට යන වි‍ට ක්‍රමයෙන් සිහින් වී යා යුතුය.
  • ශාකයේ මුළු පෙනුම සමබර විය යුතුය.
  • ශාකයට එක අග්‍රස්ථයක් පමණක් තිබිය යුතුය.
  • අග්‍රස්ථය තරමක් මුහුනත දෙසට නැඹුරු විය යුතුය.අදාල රූපකායට ගැලපෙන හැඩයකින් යුතු බදුනක බදුන්ගත කල යුතුය.
  • බොන්සායි නිර්මාණයක් සදහා උචිත පැලයක් තෝරාගන්නේ කෙසේද?/ How to find a plant for bonsai art.?

ශ්‍රී ලංකාව නිවර්ථණ කලාපීය රටක් වන අතර ජෛව විවිදත්වයෙන් උසස්මට්ටමක සිටින රටකි. බොන්සායි සදහා උචිත ශාක විශේෂයන් ඉතාවිශාල ප්‍රමාණයක් අප මාතෘභූමිය සතුය. ලෝකයේ ලිඛිත ඉතිහාසයක් සහිත පැරණිම වෘක්ෂය සේ සැලකෙන ජය සිරි මා බෝදීන් වහන්සේ වැඩසිටින්නේද මේ භූමියේය.ඉතින් බොන්සායි අප රටට ආගන්තුක වන්නේ කෙසේද?අප අවට පරිසරය සියුම්ව නිරීක්ෂනය කලහොත් ඕනෑතරම් සුදුසු ශාක ඇත. ශාක තෝරාගැනීමේදී විශාල පත්‍ර හට නොගන්නා බහු වාර්ගික ශාක තෝරා ගැනීමට වගබලාගත යුතුය. බීජයක් පැල කරගැනීම මෙන්ම වායව අතු බැදීම් ක්‍රමය(Air layering), අතු කැබලි සිටුවීම වැනි වර්ධක ප්‍රචාරණ ක්‍රම මගින් ශාක සකසා ගත හැකි අතර පරිසරයේ ඇති ශාකද සුදුසු පරිදි යොදාගත හැකිය.එහිදී ගල් මත ගස්මත වැඩුනු ශාක,එලුවන් මුවන් ගවයින් දලු ආහාරයට ගැනීම නිසා ඇට්ටර වූ ශාක,පැරනි ගොඩනැගිලි බිත්ති වල හටගත් ශාක උදාහරන ලෙස දැක්විය හැකිය.එලෙස ශාක තෝරාගැනීමේදී ගසේ කද ඉතා පැරණි පෙනුමක් ගත් සුන්දර මුල්පද්දතියකින් සමන්විත ශාක තෝරාගත හැකිය.එබැවින් නිර්මාණය සදහා පහසුවක් සේම කෙටිකාලයකින් සුන්දර කරගැනීමට පහසුවේ.

යොදාගත හැකි ශාක

  • කුඹුක්
  • ඇහැටු
  • කොහොඹ
  • නුග
  • කිරි නුග
  • බෝ
  • අට්ටික්කා
  • බෙන්ජමිනා
  • පළු
  • කළුවර
  • හැලඹ
  • මයිල
  • මාර
  • මී
  • වීර
  • නා
  • බුරුත
  • වෙරළු
  • උගුරැස්ස
  • දිවුල්
  • දෙළුම්
  • හීන්තඹල
  • පානක්කා
  • දුරැන්තස්
  • ගඟවැරැල්ල
  • සියබලා
  • කරද
  • කුරුදු

එකී නොකී ශාක විශාල ප්‍රමාණයක් වෙයි.සුදුසු පරිදි කැමැත්ත අවශ්‍යතාව අනුව ගසක් තෝරාගන්න….බොන්සායි මාධ්‍ය සකස්කර ගැනීම..බොන්සායි කලාවේදී සිටුවන (පස් )මාධ්‍ය ඉතා වැදගත් තැනක් ගනී. පස්මාධ්‍ය මගින් ගසේ වර්ධනයට බලපෑම් කල හැකි අතර ගසේ පෙනු පාලනය කල හැක්කේද ප්‍රදානව සිටවුම් මාධ්‍ය මගිනි. බොන්සායි පස කියා සුවිශේෂී පසක් නොමැති අතර එය අප විසින් සකසා ගතයුතු වේ. ඉතා හොදින් ජල අපවහනය ( Draining system) සිදුවියයුතුය.මන්ද වර්ෂා කාලයේදි ගසට අවශ්‍ය පරිදි ජල පාලනය කින් යෙදීමට නොහැකි අතර එසේ උවහොත් මුල් කුනුවී ගස විනාශවී යාමට ඉඩ ඇතිහෙයිනි.නමුත් ජලය යෙදිම් වාර දෙකක කාලයක් තුල පස වියලිමට ලක් නොවි ගසට අවශ්‍ය ජලය රදවා තබාගත හැකි ගුනයකින්ද යුක්තවිය යුතුය.එනම් පායන කාලවලදී ගසට අවශ්‍ය ජලය සැපයිය යුතු බැවිනි.අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ මනාව සපිරි නයිට්‍රජන් ප්‍රතිශතය අඩු පසක් මේ සදහා සුදානම් කරගත යුතුවේ. හේතුව නයිට්‍රජන් වැඩිවුව හොත් ගසේ පත්‍ර විශාලවී ගස පෙනුමින් පැලයක් බවට පත්වීම වැලැක්විය යුතුය.

.මුලික අදියරදි වලදි පස් මාධ්‍ය සකාගනීමවැලි 1 , පස් 1, කොම්පොස්ට් + ගොම + කාබනික කොටස් අාදිය භාගයේ සිට 1 දක්වා ගසේ අවශ්‍යතාවය අනුව.මෙය බදුන්ගත් කිරීමට පෙර ගස වර්දනය කර ගැනීම සදහාය.බොන්සායි ශාකයක් ලෙස බදුන්ගත කිරිමෙදි වැඩි දියුනු කල විශේෂ පසක් සැදිය යුතු වේ. සාම්පරදායික ජපන් ක්‍රමයට යොදන සියළු ද්‍රව්‍ය ලංකාව තුල සොයාගත නොහැකි නිසාත් ලාංකීය ශාක ප්‍රබේදයන්ට ගැලපෙන පසක් සකසාගත යුතු නිසාත් දැනට මේ සදහා අදාල ගුනයන්ගෙන් යුතු මෙවන් දෑයොදාගනී.

  • පිලිස්සු මැටි වර්ග
    (උලු,ගඩොල්,වලං කැබලි වැනි) ජලය උරන දිය නොවන දෑ. මේවා භාවිත කරන්නෙ තෙතමනය රැදවිම සදහායි. (ගඩොල් උළු මැටි බදුන් කැබලි)
  • ගල් වර්ග
    පස තුල හොද වතාස්‍රයක් ඇතිකිරීම හා මුල් ගමන් කරවිමට පහසු ලිහිල් ස්භාවයක් අැති කිරිම සදහා භාවිත කරයි. (සොදාගිය තැන්වල වැලි වර්ග, බොරළු, කුබුරැ වැලි, තිරැවානා .)
  • පස් වර්ග
    තද ගතියෙන් යුතු ජලය උරන සුළු කැටමය පස්. මුල් වර්ධනයට අත්‍යවශ්‍ය වේ. ( රතු පස්, දුබුරැ පැහැති පස්)
  • දර අගුරු.
    හානිකර දිලිර බැක්ටීරියා අාදිය විනාශ කරයි, සුළු පොෂනයක් මෙන්ම තෙතමනයද ලබාදේ.
  • පෝෂක
    ගොම, කොම්පොස්ට් ,දිරාගිය ශාක කොටස් ..ගසට අවශ්‍ය අහාර ලෙස.

පස සකසන (සම්මත) ක්‍රමයමේ සදහා 1/2, 1/4, 1/8, 1/16, 1/32 යන ප්‍රමාණ වලින් කම්බි දැල් යොදා සාදා ගත් පස් හලන පෙනේර අවශ්‍යය. පස් වර්ග හැර අනෙක්වා කැට සිටින පරිදි වෙන වෙනම කුඩු කරන්න. එක් එක් වර්ගය පහත පරිදි හලා ගන්න 1/2 දැලෙන් හලා ඉතුරැවන පස් නැවත කුඩු කර හලන්න. ගල් නම් ඉවත් කරන්න. 1/4 දැලෙන් ඉතුරැවා හලන්න. ඉතුරුවන පස පලමු පස් කාණ්ඩය වන අතර එවා වෙන් කර තබන්න. 1/8, 1/16, 1/32 යන දැල්වලින් හලා ඉතුරුවන පස් වෙන්කර තබන්න. 1/32 දැගෙන් හැලී ඉවත්ව යන පිටි වැනි සිහින් පස් බොන්සායි සදහා අවශ්‍ය නොවන බැවින් ඉවත දමන්න.(මීවන ශාඛ සිටුවිමට සුදුසුයි) මෙසේ සකසා ගත් පස් වර්ග වලින් ගසේ අවශ්‍යතාවයට අනුව (අනුපාතවලින් )වෙන් කරගත් ප්‍රමාණ වලින් 1/4 දැලෙන් ඉතිරි වූ ඒවා වෙනමද 1/8 දැලෙන් ඉතුරැ ඒවා වෙනමද ලෙස පස් කාණ්ඩ 4ක් ලෙස සකසා ගන්න. උදාහරනයයක් ලෙස (යම් මිණුමකින්) පිලිස්සු මැටි 5 + ගල් වර්ග 5 + පස් වර්ග 5 + දර අගුරැ 3 + පොහොර 5 ලෙස.මෙලෙස සකසා ගත් පස් කාන්ඩ 4 ශාකයට යොදන්නේ විශාලත්වය අනුව පිලිවලින් යට සිට උඩටය.

බොන්සායි ශාකයක් බදුන් ගත කිරීමමාද්‍ය සකසාගැනීමේදී දැනුවත් කල පරිදි සකසාගත් පස්මාද්‍ය,තෝරගත් බදුන සහ පැලය සමග බදුන් ගත කිරීමට සුදානම් වන්න.හැකිනම් මේ සදහා කැරකවිය හැකි මේසයක් සකසාගන්න(සක පෝරුවක් වන්) සුදානම් කරගත් පැලය පරෙස්සමින් පස්සමග සිටුවා ඇති පෝච්චියෙන් ඉවතට ගෙන සීරුවට තරමක් පස් ඉවත් කර තෝරගත් බොන්සායි බදුනට තබා බදුන්ගත කිරීමට අපහසුතා ඇතිකරන මුල් තිබේදැයි බලන්න.එසේවන මුල් අවශ්‍ය පරිදි කපාගන්න.. බොන්සායි බදුනෙ අඩියෙ ජලවහන සිදුරට පුංචි දැල් කැබැල්ලක් දමා වසන්න(ජලය පිරවන පරිදි). එය සෙලවෙනවානම් කම්බි කැබැල්ලක් අාධාරයෙන් රදවා ගන්න. අඩියට 1/4 දැලෙන් හැලි ඉතුරැවු පස් මිශ්‍රණය තට්ටුවක් බදුනේ අතුරන්න. ඒ මත පැලය තබන්න. අනෙක් පස් සයිස් පිලිවෙලින් තට්ටු වශයෙන් යොදන්න. අවසාන තට්ටුව 1/32 වන කුඩා පස් මිශ්‍රණය වේ. මොට ලීකැබැල්ලක අාධාරයෙන් පැලයේ මුල් තුල ඉතිර වූ පස් ඇත්නම් ඒවා හා බොන්සායි පස් මාධ්‍ය මිශ්‍ර වන අයුරින් පසට අනිමින් තද කරන්න. පැලය සෙලවෙනවානම් කම්බියක් අාධාරයෙන් පොච්චියට බදින්න. මතුපිටින් පාසි පිඩලි අල්ලන්න. ඉන්පසු පරිස්සමින් ජලය ඉසින උපකරණයක් ආදාරයෙන් හොදින් පස තෙමන්න. සති තුනක් පමන තරම්ක සෙවන ලබාදී අවුවට හුරැ කරගන්න.මතක තබාගන්න ශාකයක් බදුන්ගතකල සැනින් එය බොන්සායි කලාව නොවන වග.බොන්සායි මාද්‍යයයේ සිටවූ ශාකය එහි වැඩී කොලවල විශාලත්වය අඩුවී ගසට බොන්සායි ලක්ශන පහලවීමට යම් කාලයක් ගතවේ ඉවසිල්ලෙන් ගස ආරක්ශාකරන්න.හැඩකරන්න.