Wed. Dec 2nd, 2020

Hela Rahas

Hela Rahas Official Web Portal

බෲස්ලිට ඇත්තටම උනදේ මෙන්න

1 min read

අද සමාජයේ සටන් කලාව හොඳටම හදාරන කෙනෙක්ට සාමාන්‍යයෙන් කතාබහේදී හඳුන්වන්නේ අනේ එයා බෲස් ලී වගේ කියලා. ඉතින් බෲස් ලී ගේ මරණයෙන් අවුරුදු හතළිහකට ආසන්න කාලයක් ගියත් ඔහුගේ නාමය මිනිස්සු මේ විදියට යොදාගන්න ඔහු මොනතරම් ප්‍රබල චරිතයක්ද? බෲස් ලී කියන්නේ හැබෑවටම ලෙජන්ඩ් කෙනෙක්.

ඩ්‍රැගන් ලෙස හැඳින්වූ බෲස් ලී-සටන් කලාවේ හිනිපෙත්තේ හිටපු බෘෘස් ලී ව මිනිස්සු හැඳින්වූයේ ඩ්‍රැගන් කියලා. ඉතින් මේ ඩ්‍රැගන් සටන් කලාව තමාගේ ජීවිතය කරගෙන ඉඳලා තියෙනවා. 1940 නොවැම්බර් මාසයේ සැන්ප්‍රැන්සිස්කො හි උපත ලැබූ ලී ජුවන් ෆෑන් හැදිලා වැඩිලා තියෙන්නේ හොංකොං වල. මේ කාලයේදී ලී චීන සාම්ප්‍රදායික කුංෆු කලාව අධ්‍යයනය කරන්න පටන් අරන් තියෙනවා. ටික කාලයකදී ඔහුගේ දෙමව්පියන් නැවත ඔහුව එක්සත් ජනපදයට ගියත් ඔහුගේ සටන් කලාවේ අධ්‍යයනය කිරීම නම් නැවතුනේ නැහැ.

1963 දී බෲස් ලී සටන් කලා චිත්‍රාගාර දෙකක් විවෘත කළ අතර ඊළඟ වසරේදී ඔහු කැලිෆෝනියාවේ ලෝන්ග් බීච් හි ජාත්‍යන්තර කරාතේ ශූරතාවලියේ දක්ෂතා පෙන්නුම් කරලා තිබුණා. ඔහුගේ නමට චිත්‍රපටි සම්මාන 30ට අධික ප්‍රමාණයක් ලබාගෙන තිබුණු බෲස් ලී අද වන විටත් ඔහුගේ නම සමාජයේ ප්‍රචලිතවී තිබීමෙන් ඔහුට තිබුණු ප්‍රසිද්ධියේ තරම හිතාගන්න පුළුවන් නේද?ඒත් ඉතින් මේතරම් ප්‍රසිද්ධියක් තිබුන මේතරම් කායික ශක්තියක් තිබුණු බෲස් ලීට අඩු වයසින්ම මිය යන්න සිද්ධ වෙනවා. ඒ 1973 ජූලි විසි වැනිදා.

ලී ගේ හදිසි මරණය-බෲස් ලී ගේ අවසාන චිත්‍රපටය ලෙස හඳුන්වන්නේ enter the dragon නමින්. එය ඉතිහාසයේ වඩාත් සාර්ථක සටන් කලා චිත්‍රපටය ලෙස සැලකෙනවා. මෙම චිත්‍රපටයේ රූගතකිරීම් අතරතුර 1973 මැයි 10 වැනිදා ලී හදිසි අසනීපවීමකින් හොංකොං බැප්ටිස්ට් රෝහල වෙත ගෙන යනවා. එහිදී වෛද්‍යවරුන් හඳුනා ගන්නේ ඔහුගේ මොළයේ මස්තිෂ්ක තරලයේ ඉදිමීමක් ඇති බවත් අභ්‍යන්තර ඉදිමීම අඩු කිරිම සඳහා මැනිටෝල් නම් ඖෂධය ලබාදීමට වෛද්‍යවරුන් කටයුතු කරනවා.

ඉන්පසු තමන්ගේ නිවසට පැමිණිලා විවේක ගන්න බෲස් ලී 1973 ජූලි විසි වෙනිදා අධික හිසරදයෙන් පෙළෙනවා. මේ කරදරකාරී හිසරදයෙන් මිදීමට ඔහු ඇස්ප්‍රීන් සහ අනෙකුත් ඖෂධ කිහිපයක් භාවිතයට දන්නවා. මේ ඖෂධ පෙති ටික අරගෙන නින්දට වැටුණු ලී නැවත කිසි කිසි දිනෙක අවදි වුණේ නම් නැහැ. බෲස් ලීට අත්වුණු මේ අවාසනාවන්ත මරණය ඔහුට ගෙනාවේ ඔහුගේ වයස අවුරුදු තිස් දෙකේදී.

බෲස් ලී ගේ මරණය කුමන්ත්‍රණයක්ද?මේ අති දක්ෂ නළුවාගේ අසාහය සටන්කරුවාගේ හදිසි මරණය පිළිබඳ බොහෝ දෙනා විවිධ මත පළ කරන්න පටන් ගත්තා. ඉතා හොඳ කායික ශක්තියක් හිමි බෲස් ලී ගේ මරණයට ඔහු පිළිබඳ ඊර්ෂ්‍යාවෙන් පසු වුන ඩිම් මැක් නම් කුංෆු මාස්ටර් කෙනෙක් හේතු වූ බව ඇතැම් පිරිස් පවසනවා. සමහරු පැවසුවේ බෲස්ලි අධික ලෙස මත් ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීමෙන් මේ ඉරණම අත් වුණා කියලා. ඒත් වෛද්‍යවරුන් නම් පෙන්වා දෙන්නේ බෲස් ලී ගේ මොළය ඉදිමීමෙන් මේ අවාසනාවන්ත මරණය බෲස්ලි කර ආ බවටයි.

Leave a Reply

Your email address will not be published.

Copyright © All rights reserved. | Newsphere by AF themes.