Hela Rahas

Hela Rahas Official Web Portal

මහළු පියා

දිනක් පුතෙකු තම මහළු පියාව රාත්‍රී හෝජනයක් සඳහා අවන්හලක් වෙත කැඳවාගෙන ගියේය.

වයස්ගත පියා ආහාර ගැනීමේදී ඔහු නොදැනුවත්වම ආහාර ඔහුගේ කමිසය පුරාම ඉහිරුණි.

ආහාර ශරීරය පුරාම විසුරුවා ගනිමින් අනුභවයේ යෙදෙන මෙම මහල්ලා දෙස අවන්හලේ සිටි අනෙක් පුද්ගලයන් බලා සිටියේ පිළිකුල් සහගත මුවකිනි.

නමුත් කුඩා දරුවෙකු මෙන් හැසිරෙමින් ඉතා ආශාවෙන් ආහාර ගන්නා තම පියා දෙස මෙම පුතු බලා සිටියේ සන්සුන් ප්‍රීතිමත් සිතකිනි.ඔවුන් දෙපල දෙස යොමු වී තිබූ දහසකුත් නුවන් ,මෙම ආදරණිය පුත්‍රයාව ලැජ්ජාවට හෝ කලකිරීමකට පත් කිරීමට සමත් නොවීය.

පියා ආහාර ගෙන අවසන් වූ පසු ඔහු අසලට ගිය මෙම පුත්‍රයා ඉතා සන්සුන් ලෙස තම පියාව පුටුවෙන් නැගිටුවා පිරිසිදු කිරීම සඳහා රැගෙන ගියේය.

එහිදී කුඩා දරුවෙකු මෙන් තම ශරීරය පුරාම ආහාර විසුරුවාගෙන සිටි තම පියාගේ කමිසයේ පැල්ලම් පිසදා ආදරයෙන් හිස පීරවා ඔහු සමඟ පිටතට පැමිණියේය.

අවන්හලට ඇතුළු වන විටදී සේම පිරිසිදුව සිටි තම පියාව ද කැටුව පිටතට පැමිණි මෙම පිය පුතු දෙපල දුටුවන්ගේ මුව ගොළු වූයේ ඔවුන්වම ලැජ්ජාවට පත් කරවමිනි.

තමන් දෙස පුදුමයෙන් බලා සිටින්නන් ගැන නොතැකු මෙම පුත්‍රයා අවන්හලේ බිල ගෙවා පියාවද කැටුව පිටවීමේ දොරටුව වෙත ගමන් කළේය.

මේ සියල්ල දෙස ඉතා විමසිල්ලෙන් බලා සිටි අවන්හලේ සිටි එක මහළු පුද්ගලයෙක් මෙම පුතු අමතා මෙසේ විමසීය.”අවන්හලේදී ඔබට කුමක් හෝ අහිමි වූ බව සිතෙන්නේ නැද්ද?”


“මට කිසිවක් අහිමි වුයේ නැහැ සර් “පුත්‍රයා පිළිතුරු දුණි.

මෙම තරුණයාගේ පිළිතුරෙන් තුටු වූ එම මහලු පුද්ගලයා පැවසූයේ,”ඔව් දරුවෝ,ඔබට හැමදේම තියෙනවා.ඔබේ පියා වෙත උපහාස නැගූ පුද්ගලයන්ගේ මනුස්සකමයි අහිමි වී ගියේ.කුඩා කල සිටම තමාව රැක බලා ගත් මව්පිය වැඩිහිටියන්ට සලකන ඔබ වැනි දරුවන් ලෝකයටම වාසනාවක්.”කියාය.

කෙතරම් අපහාස උපහාස මැද වුවද තමන්ව රැක බලා ගත් දෙමව්පිය වැඩිහිටියන්ව ආදරයෙන් කරුණාවෙන් රැක බලා ගැනීමට හැකි නම් මිනිසෙකු ලෙස අපගේ දිවියේ ලැබිය හැකි උතුම්ම ගෞරවය එය බව අප සම සිත්හි දරා ගත යුතුම කරුණකි.