Hela Rahas

Hela Rahas Official Web Portal

රාජලියෙකු මෙන් ජීවිතය දිනන්න

කුරුළු ලොවේ බලවතා වන රාජලියා තම ජීවිතයේදීම නැවත උපදින බව ඔබ දන්නවාද?ඒ කෙසේද යැයි රාජාලියාගේ ජීවිත කතාව ඇසුරින්ම දැන ගනිමු.රාජාලියාට අවුරුදු 70වක පමණ ආයු කාලයක් ඇත. නමුත් අවුරුදු 70ක් පමණ වන මෙම වයසට පැමිණීමට නම් රාජාලියා විසින් තම ජීවිතයේ මැද භාගයේදී දැඩි තීරණයක් ගත යුතුය.ඒ කුමක්ද යැයි ඇසුවොත් ඔබ පුදුම වේවි.

ඒ තමයි අවුරුදු 40 ක් පමණ වයස්ගත වන විට රාජලියාගේ තියුණු හොට,ගොදුර තදින් ග්‍රහණය කරන්න උපකාරී වෙන රාජාලියාගේ නියපොතු දිගු ව නැමී යයි.එනිසා ඔහුට තවදුරටත් තම ගොදුර ග්‍රහණය කර ගත නොහැක.පිහාටු ගනකමින් වැඩි වී ඔහුගේ පපුවට ඇලී සිටින අතර මේ නිසා වෙනදා මෙන් වේගයෙන් සැහැල්ලුවෙන් පියාසර කිරීමට රාජාලියාට නොහැකි වේ.මේ ආකාරයට රාජාලියාට තවදුරත් ජීවත් වීමට නොහැක.ඒ තම ආහාර සපයා ගැනීමට ඔහුට නොහැකි වීම නිසාය.

ඉතින් මේ අවස්ථාවේදී රාජාලියාට ඉතිරිව ඇත්තේ විකල්ප 2 ක් පමණි.ඒ මරණය හෝ වෙනස් කිරීම නම් වේදනාකාරී දුෂ්කර ක්‍රියාවලිය එකක් තෝරා ගැනීමයි.මෙහිදී රාජාලියාගේ ඇති ආදර්ශමත්ම ගුණාංගය වන්නේ ඔහු මිනිසා මෙන් ‘මරණය’තෝරා නොගැනීමයි.රාජාලියා තෝරා ගන්නේ දුෂ්කර වේදනාකාරී ‘වෙනස්වීම’නම් විකල්පයයි.

මෙම ක්‍රියාවලිය සඳහා රාජාලියා කඳුකරයට පියාසර කර එහි කූඩුව මත හිඳ ගත යුතුය. පසුව රාජාලියා තම හොට පර්වතයක් මතට තට්ටු කරයි. වක් වූ තමාගේ පැරණි හොට ගෙවී යන තෙක්ම ඔහු මෙසේ තම හොට ගල් පර්වතයෙහි අතුල්වයි.එය කෙතරම් වේදනාකාරී අත්දැකීමක් වනු ඇතිදැයි අමුතුවෙන් පැවසිය යුත්තේ නැත.ඉන්පසුව ඔහු තමාට නව හොටක් නැවත වර්ධනය වන තෙක් බලා සිටින අතර ඔහු තම නියපොතු ,ගනකම් බරින් වැඩි පිහාටු ආදිය එකින් එක තමා විසින්ම උදුරා දැමීමට කටයුතු කරයි.

පසුව නව හොටක්,නව පිහාටු,නව නිය ආදිය සමඟ නැතිව ගිය තම කුසලතා සියල්ල යලි වර්දනය කරගනිමින් මොහු යලි තම පරණ ජීවිතයට හැඩගැසීම “රාජලියෙකුගේ නැවත ඉපදීම”ලෙස හඳුන්වයි. මෙම සෑම අවස්ථාවක් ම ඉතා වේදනාකාරී වේ.අපගේ අතක පයක නියපොත්තක් අහම්බෙන් ගැලවී ගියද එය අපට කෙතරම් වේදනාවක් ගෙන දෙනවාද යන්න අප සැම දන්නා අත්දැකීමකි.ඉතින් තමන් ගේ ශරීරාංග මෙසේ තමා විසින්ම උදුරා දමමින් ඒවා නැවත වර්දනය වන තුරු ශීත කඳුකරයක වාසය කරන්න රාජාලියට කෙතරම් ලොකු ධෛර්යයක් ආත්ම විශ්වාසයක් තිබිය යුතුද?නිකමට සිතා බලන්න.

කුරුල්ලෙකු වූ මෙම ජීවියා තම දිවිය රැක ගැනීමට දරනා ප්‍රයත්නය, කරනා කැපවීම මිනිසුන් වන අපිවත් කරාවිද?සිතා බලන්න.රාජලියාගේ මෙම නැවත ඉපදීමේ ක්‍රියාවලිය සඳහා දින 150ක් එනම් මස 5ක පමණ කාලයක් ගත වේ.මාස 5ක් තියා එක පැයක්වත් අපි නම් ඉඳීවිද මෙලෙස කැපකිරීම් කරමින්.එයයි රාජාලියාගේ අදිෂ්ටානය..නොසැලෙන නොපසුබට උත්සාහය.
මේ සියල්ලෙන් පසු … රාජාලියා සිය නැවත ඉපදීම රැගෙන තවත් අවුරුදු 30 ක පමණ කාලයක් ඉදිරියට ජීවත් වේ.කුරුළු ලෝකයේ බලවතෙකු ලෙස මිනිසා විසින් වුවද රාජලියව හඳුන්වන්නේ නොසැලෙන අදිෂ්ටාන ශක්තියත් සමඟ රාජාලියාට ස්වාභාවදර්මයෙන් ලැබුණු තියුණු කුසලතා දක්ෂතා නිසාවෙනි.

රාජාලියාට තම ජීවිතයේදී වෙනස්වීමක් අවශ්‍ය වුයේ ඇයි? නොනැසී ජීවත් වීමටයි. අප ද රාජාලියා සේම වෙනස් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළ යුතුය. රාජාලියාට මෙන්ම අපටත් අපගේ ජීවිතයේ අප්‍රසන්න සිදුවීම්, මතකයන් බලෙන් හෝ අපගේ ජීවිතයෙන් ඉවත් කර දැමීමට හැකි විය යුතුය.නැතිනම් ජීවිතය දිනන්නට ඉදිරියට යාමට අපට නොහැකි වනු ඇත.

කුරුල්ලෙකු වූ රාජාලියාවත් ඔහුගේ ජීවිතයේ අසීරු කාලයේදී විකල්පය ලෙස මරණය තෝරා ගත්තේ නැත.ඉතින් ඊට වඩා ඉතා උසස් බුද්ධි මට්ටමකින් යුතු මිනිසා ජීවිතයේ ප්‍රශ්න හමුවේ ඉන් මිදීමට විකල්පය ලෙස ‘මරණය ‘තෝරා ගැනීම කෙතරම් නම් ලැජ්ජාවකට පත් විය යුතු කරුනක්ද කියා ඔබම සිතන්න.සැබවින්ම විය යුත්තේ එය නොවේ.ජීවිතයේ අභියෝග,කරදර කම්කටොලු හමුවේ ඔබ රාජලියෙකු වන්න.නොසැලෙන අධිෂ්ටාන ශක්තියෙන් යුතුව කටයුතු කරන්න.ජීවිතයට සුබවාදීව මුහුණ දෙන්න.අදාළ අවස්ථාවට ගැලපෙන ලෙස වෙනස් වන්න.රාජලියෙකු මෙන් නැවත ඉපදෙන්න.ජීවිතය දිනන්න.