Hela Rahas

Hela Rahas Official Web Portal

රූපය අනුව ඔබ වැඩියෙන් කැමති දේ දැනගන්න

මිනිසෙකුට සාර්ථක ලෙස ජීවත් වෙන්න නම් ආදරය, කරුණාව ,විශ්වාසය,අවංක බව වගේම ශක්තිමත් මනසක් අවශ්‍යයි.මේ අතුරින් එකක් තෝරාගන්න කිව්වොත් ඒක ටිකක් දුෂ්කර දෙයක්.හරියටම කිව්වොත් ජීවත් වෙන්න ජලය ආහාර යන දෙකම ඕනේ වගෙයි.නමුත් ලෝකයේ එක වගේ හත් දෙනෙකු ඉන්නවා කියලා කතාවට වගේ කිව්වත් ඒ හත් දෙනාම හොයලා එකම තැනකට ගෙනාවත් ඒ අයගෙත් සිතුවිලි,සිතුම් පැතුම්,මානසික මට්ටම් ,හැසිරීම් ,ගති ලක්ෂණ එකිනෙකාගෙන් වෙනස් වෙනවා.

මේ අනුව පුද්ගලයෙක්ට ජීවිතයේ වඩාත්ම වැදගත් වෙන්නේ ආදරයද,විශ්වාසයද එහෙමත් නැත්නම් ශතියද කියන එක වෙනස් වෙනවා.ඒක තීරණය වෙන්නේ ඒ පුද්ගලයගේ මානසික මට්ටම,ධෛර්යසම්පන්න බව,චරිත ලක්ෂණ වගේ දේවල් මත.මගේ මානසික මට්ටම ඔබ දන්නෙත් නෑ.ඔබේ මානසික මට්ටම මම දන්නෙත් නෑ..තව කෙනෙක් දන්නෙත් නෑ.ඉතින් තමන්ගේ ජීවිතයට වඩාත්ම වැදගත් වෙන්නේ ඉහත තුනෙන් කුමක්ද කියා දැනගන්න මෙම සරල පරීක්ෂණය සිදු කර බලන්න.ඔබට කැමති රූපය තෝරාගෙන ඔබට ජීවිතයේ වඩාත්ම වැදගත් වෙන්නේ ආදරයද විශ්වාසයද එහෙමත් නැත්නම් ශක්තියද කියා ඔබම දැනගන්න.


1.විශ්වාසය-ඔබ මේ ලෝකයට පැමිණ ඇත්තේ මේ ලෝකය වෙනස් කිරීම සඳහාමය.ඒ බව ඔබේ ගති පැවතුම්,හැසිරීම් ආදියෙන් කිව හැකියි.ඊට හේතුව වන්නේ ඔබ සතු කරුණාවන්තභාවය හා සංවේදී බවයි.ඔබේ සංවේදී බව නිසාම ඔබට බොහෝ කටුක අත්දැකීම් වලට මුහුණ දීමට සිදු වී ඇත.ඉදිරියටත් එය එසේ වනු ඇත.මේ නිසාම ඔබ සතු විශ්වාසය බිඳ වැටී ගොස් ඇත.නමුත් ඔබ මතක තබා ගත යුත්ත වන්නේ දුර්වලයින්ට කවදාවත් ප්‍රශ්න අභියෝග නැත.අවමන්ද නැත.අවමන් කරන්නේ අපහාස කරන්නේ දක්ෂ තැනැත්තාටය.

ඔබටද අවමන් නින්දා ලැබෙන්නේ එනසාය.නමුත් ඔබට සැමදාම එසේ වන්නේ නැත.ඊට හේතුව නම් සොබාදහම,විශ්වය,දෙවි දේවතාවුන්ගේ පවා ආශීර්වාදය ඔබේ යහපත් ගති පැවතුම් වලට කරුණාවන්ත බවට බවට හිමි වෙන නිසාය.එනිසා ඔබට ජීවිතයේ වඩාත්ම වැදගත් විය යුත්තේ විශ්වාසයයි.තමා පිලිබඳ ඇති ආත්ම විශ්වාසය,ආත්ම අභිමානයයි.විශ්වාසය ඇති කරගන්න.කෙදිනක හෝ ඔබේ ආලෝකය ලොවටම පතුරවන්න උත්සහ කරන්න.අදිටන් කරගන්න.

2.ආදරය -ආදරය යනු කුමක්ද කියා හොඳින් තේරුම් ගත් පුද්ගලයෙකු වෙන ඔබ ආදරය ලෝකයට බෙදාහරිනට කැමතියි.ඔබට ඕනෑම පුද්ගලයෙක්ව තේරුම් ගන්න හැකි කරුණාවන්ත හදවතක් ඇත.අන් අයගේ ජීවිතය ආදරයෙන් ,සතුටින් පුරවාලීමට ඔබට හැකියි.තනි වී දුකින් සිටින තැනැත්තෙකුට ජීවිතය ගැන අලුත් බලාපොරොත්තුවක් ඇති කිරීමට ඔබට හැකියාව ඇත.නමුත් අනුන්ගේ සතුට වෙනුවෙන්ම කැපවෙන ඔබට විටෙක ඔබව මග හැරෙන අවස්ථා ඇත.මේ නිසාම ඔබට පාළුවක් තනිකමක් සිතට දැනෙන අවස්ථා බහුලය.ඔබ සිතන්නේ එය තමන්ගේ වරද කියාය.ඔබ තමන්ටම දොස් පවරගනියි.සිත රිදවාගනියි.

නමුත් ඊට වරද ඔබගේ නොවෙයි.ඊට හේතුව නම් ලෝකයේ හැමෝටම ඔබට වගේ කරුණාවන්ත ආදරණීය හදවතක් නොමැති වීමයි.එනිසා ඔබ සුවිශේෂී පුද්ගලයෙකි.ලෝකයේ සැම අයෙකුම ඔබ වගේ නොවන නිසා හැමෝගෙන්ම ඔබේ මෙන් කරුණාවක් ආදරයක් බලාපොරොත්තු නොවන්න.ඔබේ ජීවිතයේ වැදගත් වන්නේ ඔබ ඔබට ආදරය කිරීමයි.එවිට ඔබ ඔබටම දොස් පවරා නොගනු ඇත.ඔබට ආදරය කරන්න.ලෝකයට ආදරය බෙදන්න.එවිට ඔබේ ජීවිතයේ සතුට රැඳෙනු ඇත.

3.ශක්තිය – ඔබ නිතරම ඔබේ ශක්තිය පරික්ෂාවට ලක් කරයි.ඔබ සිතන්නේ මුළු ලෝකයම ඔබට විරුද්ධ බවත් ඔබ දුර්වලයෙකු බවත්ය.නමුත් සත්‍ය යථාර්තය නම් එය නොවෙයි.යථාර්තය වන්නේ ඔබ ඔබේ මෙම පසුගාමී සිතුවිලි,ඍණාත්මක මතය ඉක්මනින් සිතෙන් ඉවත් කර ගත යුතු බවයි.නැතහොත් ඔබට කිසිදා ජීවිතයේ ඉදිරියට යාමට නොහැකි වෙනු ඇත.එනිසා ඔබට ජීවිතයේ වැදගත් වන්නේ ශක්තිමත් බවයි.ඔබ ඔබටම ශක්තියක් විය යුතුයි.ධෛර්යයෙන් ඔබේ ජීවිතය ගොඩ නගා ගැනීමට ඔබට හැකි විය යුතුය.එනිසා මතක තබාගන්න.ඔබ තුල ඇති ශක්තිය අවදි කරගන්න.ශක්තිමත්ව ජීවිතය දිනන්න.

ඔබේ ජීවිතයේ ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද කියා තේරුම් ගැනීමට ඔබට මෙම සරල පරීක්ෂණය උපකාරී වෙන්න ඇති.ඉතින් විවේකිව ඉන්න වෙලාවට මෙම පරීක්ෂණයෙන් ඔබට ලැබුණු පිළිතුරු හා ඔබ එකඟ වෙනවාද කියා සිතා බලන්න.ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට උපකාරී වෙන උපදෙස් ඔවදන් ජීවිතයට එකතු කරගන්න.ඔබේ අඩුපාඩු නිවැරදි කරගෙන සතුටින් පිරි සාර්ථක දිවියක් ගත කිරීමට උත්සහ කරන්න.ධනාත්මක සුබවාදී සිතුවිලි ඇති කරගෙන ජීවිතය දිනන්න.