Hela Rahas

Hela Rahas Official Web Portal

ලෝකයේ හුදකාලම ස්ථානය

“කිසිම මිනිසෙක්ට තනි දූපතක ඉන්නට බැහැ” යන කියමනට කියලා තිබුනත්. සමහරු ඉන්නවා තනියෙන් ජීවත් වෙන්න කැමති.මොකක් හරි හේතුවක් නිසා වෙන්නට පුලුවන්.එහෙමත් නැත්නම් කෙටි කාලයකට හෝ ජීවිත කාලය පුරාවටම තනිව සිටීමට කැමති අය ඉන්නවා.ඉතින්,තනිව සිටීමට කැමති අයට ඉන්න පුලුවන් එක් ස්ථානයක් තියෙනවා.ඒ අයිස්ලන්තයේ දකුණු වෙරළ තීරයේ පිහිටි දූපතක තියෙන නිවසක. ගොඩක් දුරට මේක පෘථිවියේ තියෙන එකම තනි නිවස කියලා ගොඩක් දෙනා කියනවා.ඉතින් මේක COVID-19 හෝ වෙනත් ඕනෑම වසංගතයකින් බේරීමට සුදුසුම ස්ථානය කියලත් කියන්න පුලුවන්.

මේ එලිසෙයි ​​කියන දූපත ඇත්ත වශයෙන්ම වෙස්ට්මාන්නෙයිජාර් කියන දූපත් වල පොඩි කොටසකි.මේ එලිසෙයි ​​දූපතේ තියෙන්නේ එකම එක නිවසක් විතරයි.එය “ලෝකයේ තනිකමේ නිවස” විදියට හදුන්වනවා.මේ එලිසෙයිහි පිහිටලා තියෙන කුඩා නිවසට විදුලිය හෝ වෙනත් නවීන පහසුකම් නැත. ඔයාට “ජාලයෙන් බැහැර” පැවැත්මක් අත්විඳීමට අවශ්‍ය නම්, මේ ස්ථානය තමයි ගොඩක්ම සුදුසු තැන. බොහෝ දෙනා මේ තැන හඳුන්වන්නේ “ලෝකයේ තනිකමේ නිවස” කියලයි. මේක සොම්බිලාගෙන් බේරීමට සුදුසුම ස්ථානය විදියටද හදුන්වනවා.

මේ නිවස ගැන නරක කතා රාශියක් ද පැතිර තිබෙනවා. මේ අද්භූත ගෘහය ලෝකයේ සෙසු රටවලින් ද තනි වෙලා තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් මිනිසුන්ට ප්‍රශ්නයක් වන්නේ මේ වගේ නිවසක ඉන්නේ කවුරුන්ද යන්නයි.එහෙම කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා සිල්ලර බඩු හෝ ඖෂධ ලබා ගන්නේ කොහොමද? මේ දිවයිනේ ඡායාරූප අන්තර්ජාලයේ පැතිර ගියාට පස්සේ ගොඩක් ප්‍රශ්න මිනිසුන් ඇසුවා.ඒ වගේම මේ නිවස ගැන තවත් කට්ටියක් කතා ගොතලා කියන්නට ද පටන් ගත්තා

මේ තනිවෙලා ගිහින් තියෙන මේ නිවසට අවුරුදු සිය ගණනක් පැරණි රසවත් කතාවක් තියෙනවා.එලිඩේ දූපතේ මේ තනි නිවස ගැන කටකතා තිබ්බත් ඇත්තටම මේ නිවසේ ඉදලා තියෙන්නේ ආගමික තවුසන්. සමහරු කියුවේ එතැනට එන සොම්බිලාගෙන් දිවි ගලවා ගන්නට ගොඩක් අය උත්සහ කරනවා කියලයි. තවද ලොකු කෝටිපතියෙක් ඒකේ ජීවත්වනවා කියලත් කට කතා තිබිලා තියනවා.

තවත් සමහරු කියන්නේ ඒ ගෙදර අයිස්ලන්තයේ ප්‍රසිද්ධ ගායක බෝජ්ක්ට කවුරු හරි පරිත්‍යාග කරලා තියෙනවා කියලයි.මේ කටකතා සත්‍ය නොවේ, නමුත් අවම වශයෙන් බෝජ්ක් කතාව සත්‍යයි කියලා කියන්න පුළුවන්. ඒ ගායකයාට වෙනත් දූපතක නිවසක් තියෙනවා. ඒක තියෙන්නෙත් අයිස්ලන්තයේ එලිඩේ වලම තමයි. ඒත් ඒ දූපත මේකට වඩා වෙනස් එකක්.ඒක පිහිටලා තියෙන්නේ රටේ බටහිර පැත්තේ.

ඇත්ත කතාව වන්නේ, එලිඩේ දූපත හැමදාමත් හුදෙකලා වෙලා නොවෙයි තිබිලා තියෙන්නේ. 1700 ගණන්වලදී (ඒ කියන්නේ මීට වසර 300 කට පෙර) එහි පවුල් පහක් ජීවත් වෙලා තියෙනවා.මසුන් ඇල්ලීම හා දඩයම් කිරීම හැරුණු විට ඔවුහු පශු සම්පත් බෝ කිරීම ඔවුන් සිදු කරලා තිබෙනවා. කොහොම වුනත්, 1930 ගණන්වල මේ පවුල් දිවයිනෙන් පිටව ගිහින් තිබෙන බව තමයි සදහන් වෙන්නේ.

ඉතින් කවුද මෙතන ජීවත් වෙන්නේ? 1953 දී අයිස්ලන්තයේ එලිඩේ දඩයම් සංගමයේ සාමාජිකයින් විසින් පෆින් දඩයම් කිරීමට කැමති සාමාජිකයින්ට නවාතැන් පහසුකම් සපයන ලැගුම්හලක් ඉදිකිරීමට තීරණය කළහ. “නවාතැන්” යන්නෙන් අදහස් වන්නේ නිවස යනු ඔබේ හිසට ඉහළින් වහලක් සහ මූලද්‍රව්‍යවලින් මූලික ආරක්ෂාවක් ලබා දෙන ප්‍රයෝජනවත් ස්තානයක්. ‘දඩයම් නවාතැනට’ විදුලිය හෝ ගෘහස්ථ ජලනල පහසුකම් හෝ අන්තර්ජාල පහසුකම් ද නොමැත. බොහෝ නවීන පහසුකම් සම්පූර්ණයෙන්ම හිස්ව පැවතියද, දූපතේ විවේකිව ගත කරන්න හුමාල ස්නානය කරන තැන් තිබෙනවා.

හුදකලා නිවස දේශීය දඩයම් සංගමය විවේකි ස්ථානයක් ලෙස භාවිතා කරනවා ජලය හෝ විදුලිය නොමැතිව හුමාල ස්ථාන මෙහි තිබෙන්නේ කොහොමද කියලා ඔයා කල්පනා කරනවා ඇති. වතුර ටිකක් තියෙනවා. හුමාල ස්නානය , ඉවුම් පිහුම් සහ බීම සඳහා භාවිතා කරන ජලය එන්නේ ලැගුම්හලේ පිහිටා ඇති වැසි ජලය එක්රැස් කරන පද්ධතියෙනුයි. තවද කුටියට පිටතින් වැටක් ඉදිකර තිබීම සිත්ගන්නා කරුණකි.

කොහොම වුනත් දඩයම් සංගමයේ සාමාජිකයින්ට විතරක් එලිසෙයි ​​දූපතේ නිවසේ ඉන්න අවසර ඇති බව මතක තබා ගන්න. ඔයා එලිඩේ දඩයම් සංගමයේ සාමාජිකයෙකු හෝ සාමාජිකයෙකු එක්ක කිට්ටු මිතුරන් නොවන්නේ නම්, ඔයාට ඒ හුදෙකලා නිවසේ ඉන්නට බැහැ.

සරළව කිවහොත්, සාමාජිකයන් පෆින් නමැති කුරුල්ලන් දඩයම් කිරීම අවසන් වු පසු නවාතැන් පහසුකම් සදහා මේ පුංචි දුපතට එනවා. මේ කුඩා නිවස ඇතුළට නොගොස් දැකගන්න ක්‍රමයක් තිබෙනවා කියලා වාර්තා වෙනවා. ඒ තමයි බෝට්ටුවක නැගී මේ දුපත බලන්න සංචාරය කරන්න පුළුවන් නමුත් දුපතට ඇතුල් වෙන්න අවසර නම් ලැබෙන්නේ නෑ