Hela Rahas

Hela Rahas Official Web Portal

වයස්ගත වීම වළක්වා ගැනීම සදහා ව්‍යායාම් 10 ක්

මේගන් මාක්ල්ගේ ප්‍රියතම සෞන්දර්ය විද්‍යාවට අනුව ඇගේම තාක්‍ෂණය උපයෝගි කරගනිමින් නිර්මාණය කළ නිකොලා ජොස් නිසා සම පැහැපත් කර ගැනීමට හා එහි හැඩය පවත්වා ගැනීමට උපකාරී වෙනවා. මෙම මුහුණ සම්බාහනය කරන ක්‍රමය මගින් සමේ හැඩය හා ස්වභාවය වැඩි දියුණු කරනවා. එමෙන්ම වසා ජලාපවහනය දිරිගන්වා ඕනෑම සිදුරක් ඉවත් කරයි, කොලජන් නිෂ්පාදනය සක්‍රීය කරයි, මාංශ පේශි ස්ථීරව තබා ගැනීමට පුහුණු කරයි, එමෙන්ම ඔයාගේ මුහුණට හොද බාහිර හැඩයක් ලබා දෙයි.

ඕනෑම කෙනෙකුට මෙම ක්‍රමය නිවසේදීම ඉගෙන ගැනීමට සහ කිරීමට පහසුයි. ඔයාට බෝනස් කොටසකුත් දීලා තියෙනවා.අපි කැමතියි ඔයාලා හැම කෙනෙක්ම ලස්සනට ඉන්නවා බලන්න. නමුත් එය කරන්නේ කොහොමද කියලා ඔයාව දැනුවත් කරන්න ලැබීම ගැන ඇත්තටම අපි සතුටු වෙනවා.

තෙල් ලබා ගන්න.


මුහුණට සම්බාහනය කිරීමේදී හානියක් නොවිය යුතු බව මතක තබා ගන්න. ඔයා එය ආරම්භ කරන විට එය ටිකක් වේදනාකාරී විය හැක. එසේ නම් එතරම් තදින් තද නොකරන්න. ඔයාගේ ප්‍රියතම තෙල් හෝ නයිට් මොයිස්චරයිසර් ඔයාගේ මුහුණේ සහ බෙල්ලේ ආලේප කිරීමෙන් ආරම්භ කරන්න. එවිට ඔයා සම්බාහනය කරන විට එමගින් සම ඇදෙන්නේ නැහැ. ඔයාගේ ඇඟිලිවලට තෙල් බින්දු කිහිපයක් දමා ශරීර උෂ්ණත්වයෙන් තෙල් උණුසුම් කර ගැනීම සඳහා තත්පර කිහිපයක් ඒවා අතුල්ලන්න.

සන්සුන් වන්න.


දෑස් වසා ගන්න. ඔයාගේ දෑතින් මුහුණ වසාගෙන තත්පර කිහිපයක් එලෙස හිද බෙල්ල දෙසට දෑත් යොමු කරන්න. සම සූදානම් කිරීමට මෙය සූදානම් වීමේ පියවරයි. එබැවින් වැඩි පීඩනයක් නොයොදා සැහැල්ලුවෙන් සිටින්න.

සම සූදානම් කරන්න.


සුළු පීඩනය යොදන්න. ඔයාගේ මුහුණේ මැද සිට පිටතට දෑතින් පිරිමදින්න. මෙම අවස්ථාවේදී ඔයාගේ වසා පද්ධතිය සක්‍රීය කර සම උණුසුම් කරමින් සැබෑ සම්බාහනය සඳහා සූදානම් කරන්න.

කුඩා සර්කල්


ඔයාගේ මුහුණ මධ්‍යයේ සිට ආරම්භ කරන්න. ඉන්පසු පිටත හා ඉහළට යන ලෙස කුඩා රවුම් ආකාරයෙන් සමට තෙල් ආලේප කිරීම ආරම්භ කරන්න.

හකු හරහා


අත් දෙකෙහිම දබරැගිල්ල සහ මැද ඇඟිලි භාවිතා කරමින් ඔයාගේ නිකටේ සිට කන් දක්වා හකු අස්ථිය දිගේ අතුල්ලන්න. සුළු පීඩනයක් යොදන්න. නමුත් ඕනෑවට වඩා අතුල්ලන්න එපා. වසා ජලාපවහනය උත්තේජනය කිරීමට සහ මුහුණේ බාහිර හැඩය හොදින් ඇති කිරීමට මෙය හොඳ ක්‍රමයකි.6 වතාවක් නැවත නැවත කරන්න.

කම්මුල් එසවීම


ඔයාගේ දබරැගිල්ල සහ මැද ඇඟිලි භාවිතා කරමින් කම්මුල්වල මුල සොයාගෙන V- හැඩය සාදන ආකාරයට ඇඟිලි ඉහළට ගෙන යන්න. මෙම ව්‍යායාම කම්මුල් කම්මුල් ඉස්සී ඒම වළක්වා ගැනීමට ක්‍රියා කරයි. 6 වතාවක් නැවත නැවත කරන්න.

කම්මුල්


ඔයාගේ අල්ලේ පහළ කොටස කම්මුල්වලට තබා තද කර ගනිමින් හිස ඔයාගේ දෑත් මතට පහත් කරන්න. තත්පර 10 ක් පමණ රැඳී සිටින්න. ඔයාගේ අල්ලේ පහළ කොටස කම්මුල්වලට තබා කම්මුල් යට ඇති අල්ල රෝල් කරන්න. 6 වතාවක් නැවත නැවත කරන්න.

ඇස් වටා


ඔයාගේ ඇස් වටා සම්බාහනය කිරීමෙන් ඉදිමීමක් ඇති වෙනවා. ඔයාගේ දබරැගිල්ල සහ මැද ඇඟිල්ලෙන් ඇස් යට සුළු වශයෙන් තට්ටු කරමින් ආරම්භ කරන්න. මෙමගින් එම ප්‍රදේශය උණුසුම් කර සම්බාහනය සඳහා සූදානම් කරනු ඇත. ඔයාගේ දබරැගිල්ල ඇස්වල කොන් අසල තබා මැද ඇඟිලිවලින් ඇස් යට පිරිමැදීමට පටන් ගන්න.

නළල


ඔයාගේ ඇඟිලි නළලට මදක් ඉහලින් තබා යම් පීඩනයක් යොදන්න. 6 වතාවක් නැවත නැවත කරන්න. මෙම ව්‍යායාම නළලේ සිහින් රැළි මත ඉලක්ක වෙනවා.

බෙල්ල


ඔයාගේ බෙල්ල මැද දෑත් තබා යම් පීඩනයක් සහිතව මැද සිට උරහිස් දෙසට අතුල්ලන්න. සෑම පැත්තකටම 3 වතාවක් නැවත නැවත කරන්න.

බෝනස් කොටස
අපේ දෑත් ද අවලස්සන විය හැක. සියලුම තෙල් අවශෝෂණය වන තුරු ඔයාගේ දෑත් එකට අතුල්ලන්න. අත් සහ එහි පිටුපසට අතපසු නොවීමට වග බලා ගන්න. දිනපතා තෙල් ප්‍රතිකාර කිරීම මගින් වියළි බව සහ රැළි වළක්වා ගැනීමට උපකාරී වෙනවා.
ඔයාටත් උත්සාහ කර බලන්න හිතෙනවද? එසේත් නැතිනම් ඔයාගේ සම තරුණ හා දීප්තිමත් ලෙස තබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ ඔයාටම වෙන් වූ ක්‍රම සහ උපක්‍රම තිබෙනවාද? අදහස් දැක්වීමේදී ඔයා කැමතිනම් අපටත් කියන්න.