Hela Rahas

Hela Rahas Official Web Portal

විනාඩියක් ඇතුළත ලෝකය පුරා සිදුවෙන දේවල්

දැන් වෙලාව බලන්න. වෙලාව කීය වුනත් එතන ඉඳන් විනාඩියක් ගෙවෙන්න යන්නේ ඉතාම කෙටි කාලයක්. ඒ තත්පර 60 ඇතුලේ වෙන්න පුළුවන් දේවල් මොනවද කියලා කවදහරි ඔබට හිතිලා තියෙනවද? ඉතා පුංචි කාලයක් වුණත් මේ තත්පර 60 ඇතුලේ ලෝකය පුරා සිද්ධ වෙන දේවල් ගැන හෙළ රහස් තුලින් ඔබව දැනුවත් කරන්න සූදානම්. පුදුම වෙන්න එපා ඇත්තටම එහෙම වෙනවා.

ලෝකය පුරා ළදරුවන් 250ක් උපත ලබනවා-ලොකෙටම ඒ දේ පෙනෙන්නට නොතිබුණාට දවසක් මිනිත්තු ගනින් ගුණ කරලා බලන්න. ඒක හරියටම දිනක උපදින ළදරුවන් තුන් ලක්ෂ හැට දාහකට සමානයි. මේ වගේ උපදින දරුවන්ගෙන් 250 000ට වැඩි සංඛ්‍යාවක් දරිද්‍රතාවයෙන් පෙලෙන අතර ඉන් 15 දෙනෙක්ම උපත් ආබාධ ඇති අය විදිහටයි උපත ලබන්නේ. මේ ගැන කලින් ඔබ දැනගෙන හිටියද?

ඕස්ට්‍රේලියානුවන් ඩොලර් 0.062 උපයනවා. සෑම විනාඩියකදීම සාමාන්‍ය ඕස්ට්‍රේලියානුවන් ඩොලර් 0.062 ක් උපයන අතර ලෝකයේ සාමාන්‍ය පුද්ගලයන් ඩොලර් 0.013ක් උපයනවා.

පුද්ගලයන් අසූ තුන්දහසක් ලිංගිකව හැසිරෙනවා –ඕනෑම මොහොතක ලොව පුරා පුද්ගලයන් 83 300 පමණ ලිංගිකව හැසිරෙනවා.

ඇපල් සමාගම ඇමරිකන් ඩොලර් හැත්තෑ දහසට වඩා උපයනවා –ඔබ දන්නවද ඇපල් සමාගම එක විනාඩියකදී ඇමෙරිකානු ඩොලර් 70466ක් උපයන බව. ඇපල් සමාගම පසුපසින් සිටින්නේ සැම්සුන් සමාගම. එය විනාඩියකට ඇමරිකානු ඩොලර් 54,368ක් උපයනවා. ඇපල් නිෂ්පාදන වල නැවත විකිණීමේ වටිනාකම අනෙක් සන්නාමයන්ට වඩා ඉතා ඉහළයි.

රුධිර සංසරණ පද්ධතිය හරහා රුධිර තුන්වරක් සංසරණය වෙනවා -රුධිර ගමනාගමන ඉතාම වේගවත්. තත්පර 60ට තුන් වරක් මුළු රුධිර සංසරණ පද්ධතිය හරහා රුධිරය සංසරණය කරනවා. මේ සමග ඔබේ රුධිර පීඩනය හොඳින් පාලනය කර ගන්න අවශ්‍ය වෙනවා.

එක්සත් ජනපදයේ අපරාධ දෙකක් සිදුවෙනවා -සෑම තත්පර 26 කටම වරක් ඇමරිකාවේ ප්‍රචණ්ඩකාරී අපරාධයක් සිදුවන බව ඇමෙරිකාවේ f.b.i. වාර්තා වාර්තා කරනවා. සෑම මිනිත්තු තිස් හයකට වරක්ම ඝාතනයක්ද මිනිත්තු 1.5 කට වරක් මංකොල්ල කෑමක් ද සෑම තත්පර හතළිස් දෙකකට වරක්ම දරුණු පහරදීමක්ද එරට සිදුවෙනවා.

ඔබ විසි වතාවක් පමණ ඇසිපිය ගසනවා -සාමාන්‍යයෙන් අනාවරණය වෙන්නේ විනාඩියකදී පුද්ගලයෙක් 15 වතාවක් විසි වතාවක් අතර ප්‍රමාණයක් ඇසිපිය ගසනන බවයි. දැන් ඔබ ඒ ගැන හිතන්න ගත්තාම ඊටත් වඩා ඇසිපිය ගහනවා.

පුද්ගලයන් 144 දෙනෙකු නව නිවසකට මාරු වෙනවා -එක් මිනිත්තුවක් තුල පුද්ගලයන් 144දෙනෙකු තම බඩුබාහිර පුරවාගෙන ඒ සියල්ලම නව නිවසකට ගෙන යනවා. ඇත්ත වශයෙන්ම ලෝකයේ වැඩිහිටියන්ගෙන් සියයට අටක් දළ වශයෙන් මිලියන 381 ජනතාවක් ඔවුන් පසුගිය වසර පහ තුළම රට තුළ එක් නගරයකින් හෝ ප්‍රදේශයකින් වෙනත් තැනකට සංක්‍රමණය වී තියෙන බව පවසනවා.

ලෝකය පුරා ආහාර කිලෝග්‍රෑම් මිලියන 5.2 ක් පරිභෝජනය කරනවා -සෑම තත්පර 60 කදීම ලෝකය ආහාර කිලෝග්‍රෑම් මිලියන 5.2ක් පමණ පරිභෝජනය කරනු ලබනවා. සාපේක්ෂව එම මිනිත්තුවේදී ලෝකය ආහාර කිලෝග්‍රෑම් මිලියන 2.5 ක් පමණ නාස්ති කරන බවත් ඔබ දන්නවා ද? එතකොට අපේ පරිභෝජනයට වඩා නාස්තිය මොන තරම් වැඩිද?

එක්සත් ජනපදය කසල කිලෝ ලක්ෂ හතරකට වැඩි සංඛ්‍යාවක් ඉවත දමනවා-ඇමරිකානුවන් සෑම වසරකම කුණු ටොන් මිලියන 200කට වඩා නිපදවනවා. ඉතින් එය මිනිත්තුවක් දක්වා ගණනය කළොත් එක්සත් ජනපදය සෑම විනාඩියකට කුණු කිලෝ 430 000 පමණ විසිකරනවා. වැඩියෙන්ම පරිසරයට එකතු වෙන්නේ හිස් වතුර බෝතල් මෙම කසළ ප්‍රමාණයට එකතු වෙනවා.

ලෝකයේ ශාක හා සත්ව විශේෂ 0.15 ක් අතුරුදහන් වෙනවා-මේ ගාන නම් ටිකක් පොඩිවට පෙනෙයි. හැබැයි මේ විනාඩියකට අතුරුදහන් වෙන ප්‍රමාණය. ඒ අනුව මෙයින් අදහස් වෙන්නේ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනට අනුව සෑම දිනකම ශාක හා සත්ව විශේෂ 200ට වැඩි ප්‍රමාණයක් මේ ලෝකෙන් අතුරුදහන් වෙන බවයි.

ඇන්ටාක්ටිකාවේ අයිස් ටොන් 300 000ක් දියවෙනවා-ග්ලැසියර වල වසර දහයකට පමණ මෙන් තුන් ගුණයක වේගයෙන් දියවෙමින් පවතිනවා. සෑම වසර දෙකකට වසරකම ඔවුන් එවරස්ට් කන්දට සමාන ජල ස්කන්ධයක් සාගරයට මුදා හරිනවා.