Hela Rahas

Hela Rahas Official Web Portal

සර්පයින් විතරක් ජීවත් වෙන සර්ප දූපත

සර්පයින්ම විතරක් ජීවත් වෙන සර්ප දූපතක් ගෙන ඔබ මීට කලින් අසා තිබේද? ලෝකයේ සැබැවින්ම සර්ප දූපතක් පිහිටා තිබේ. ඔබ එම දූපත මත පය තබා මොහොතක් හෝ ජීවත් වුවහොත් එය ඔබගේ පින මිසක් අන් දෙයක් නොවන්නේය. සර්ප දූපත එතරම්ම භයානකය,. මිනිසා සැනෙකින් මරා දැමිය හැකි විෂකුරු සර්පයින් මෙම දූපතේ ජීවත් වේ. මෙම දූපත පිහිටා ඇත්තෙ බ්‍රසීලය ආසන්නයේ මුහුද තීරයේය. මෙම දූපතේ නම වන්නේ Ilha da Queimada Grande ය. කෙසේ නමුත් ලෝක වැසියන් මෙම දූපත හදුනන්නේ සර්ප දූපත හෙවත් “ස්නේක් අයිලන්ඩ්” යන අන්වර්ථ නාමයෙනි. රතු දත්ත පොතේ ඇතුලත් වද වී යාමට ඉතා ආසන්න සර්පයින් පවා මෙම දුපතේ ජීවත් වේ.

Golden Lancehead යන සර්පයා ඊට උදාහරණ ලෙස දැක්විය හැක. එම නිසා ජෛව විද්‍යාත්මකව මෙම දුපත ඉතා වටිනා දූපතකි. මෙම දූපත වසර 11000 පමණ පැරණිය. දළ වශයෙන් වර්ග මීටරයට සර්පයින් එකත් පහත් අතර ප්‍රමාණයක් මෙම දූපතේ දැකිය හැකිය. මෙහි ඇති සරලම තේරුමනම් ඔබ අඩියක් තබන වාරයක් පාසා ඔබට එක් සර්පයෙකු හෝ දැකිය හැකි බවයි. මෙම දූපත වර්ගමීටර 430,000 පමන විශාලය. එය මුහුදු මට්ටමේ සිට මීටර් 206 පමණ ඉහලින් පිහිටා ඇත. වැසි වනාන්තර කුඩා කොටසකින් හා ගල් කැට පිරුණු නිසරු භූමියකින් මෙම දූපත සමන්විතයි. බොහෝ විට මෙම සර්පයින්ගේ ආහාරය වන්නේ දූපත ඉහළින් පියාසර කරන කුරුල්ලන්ය.

මෙම දූපතේදි ඉහළින් පියාබන කුරුල්ලෙකු සර්පයෙකු විසින් පැන අල්ලා ගනු දුටුවොත් ඔබ පුදුම විය යුතු නැත. මක් නිසාද යත් එම දුපතේ සර්පයින් අනුවර්තනය වී ඇත්තේ එලෙසින්‍ය.
මෙහි ඇති භයානක බව හා වටිනාකම නිසාම මෙම දූපතට අවසර ලත් අය හැර අන් අයට පැමිණීම තහනම් කර තිබේ. අවසන් වරට වැරදීමකින් මෙම දූපතට පැමිණි ධීවරයාගේ කතාවද ඉතා සෝචනීයය. ඔහු කෙසෙල් සොයා දූපතට පිවිසුණ අතර සැනෙකින් තමන් පැමිණියේ වැරදි තැනකට බව ඔහුට අවබෝධ විය. ඔහු ඉතා ඉක්මනින් දුව ගොස් තම බෝට්ටුවට නැගගත්තත් එහි සිටි සර්පයින් ඔහුට දෂ්ඨ කරන ලදි. කෙසේ හෝ ඔහුගේ හිතවතුන්ට ඔහු හමුවන විට ධීවරයා ලේ විලක් මැද මැරී තිබෙනු දැකගත හැකි විය. එම නිසා සර්ප දූපත හෙවත් ස්නේක් අයිලන්ඩ් අද වන විට ලෝකයෙ භයානකම ස්ථාන අතරට නම් කර ඇත.