Hela Rahas

Hela Rahas Official Web Portal

ස්මාර්ට් ෆෝන් භාවිතා කිරීමේදී කරන වැරදි 5 ක්

සාමාන්‍යයෙන් ඔයා ෆෝන් එක ළග තියා ගන්නේ එලාම් එක තියන්න හෝ ඔයාගේ සෞඛ්‍යය තත්වය පරික්ෂා කිරීම සදහා නින්දේ ගුණාත්මකභාවය නිරික්ෂණය කිරීම සදහා විය හැක. නමුත් ෆෝන් කියන්නේ ඔයාගේ නින්දට හොද සහකාරයෙක් නෙවෙයි කියලා හොදින් මතක තබා ගන්න. නින්දට අමතරව දිවා කාලයේදී ඔයා සිතනවාට වඩා වැඩි ආකාරයකින් හානි කරයි.
තාක්ෂණික දියුණුව ඔයාගේ සෞඛ්‍යයට හානියක් නොවන ලෙස භාවිතා කිරීමට සාමාන්‍යයෙන් ඔයා අතින් සිදුවිය හැකි වැරදි පෙන්වා දීමටයි අපි සූදානම් වන්නේ.

01.නිදා ගන්නා විට ෆෝන එක ළග තබා ගැනීම

ජංගම දුරකථනයකින් මූලික වශයෙන් විද්‍යුත් චුම්භක සම්ප්‍රේෂණය වෙනවා. ඒ කියන්නේ එය රේඩියෝ තරංග විමෝචනය කරනවා. එය තවම ඔප්පු කර නොතිබුණද දිගු වේලාවක් නිරාවරණය වීමෙන් පසු තරංග ඔයාගේ මොළයට බලපාන්නේ කෙසේද යන්න පිළිබදව පර්යේෂණයන් දිගටම කරගෙන යනවා. සුළු වශයෙන් කිවහොත් එය ඔයා නිදා ගෙන සිටින විට ඔයාව අවධි කිරීමට පවා හැක. ඔයාට පුළුවන් ෆෝන් එක ක්‍රියා විරහිත කරන්න හෝ නිදාගෙන සිටින විට වෙනත් කාමරයක තබා ගැනීමට නොහැකි නම් එය airplane mode එකෙහි තබා ගැනීමට උත්සාහ කරන්න.

02.නිල් ආලෝකයට වැඩි කාලයක් නිරාවරණය වීම

ඔයාගේ ෆෝන් එකේ තිරයේ ඇති ආලෝකය මගින් නිදා ගන්නා කාලය පාලනය කරන හෝමෝනයක් වන මෙලටොනින් මර්දනය කරනවා. ඔයා නිදාගෙන සිටින විට ඒ අසල ෆෝන් එක තැබීම නුසුදුසු වෙන්න තවත් එක් හේතුවක් වෙනවා. නිල් ආලෝකය මගින් හිසරදය සහ ඇස් පෙනීමේ ගැටළු ඇති කරනවා. ඔයාගේ දුරකථනයේ ආලෝක මට්ටම් නැවත සැකසීමට සහ නිල් ආලෝක පෙරහන සක්‍රිය කිරීමට උත්සාහ කරන්න.

03.අඩු සිග්නල් සමඟ භාවිතා කිරීම


ඔයාගේ දුරකථනයේ දුර්වල සිග්නල් ඇති විට ඉන් අදහස් වන්නේ දුරකථනය සම්ප්‍රේෂක මගින් වඩා ශක්තිමත් සංඥාවක් නිකුත් කරන බව හා ජංගම දුරකථනයේ අධික ශක්තියක් යනු ඔයාගේ සෞඛ්‍යයට වැඩි හානියක් බවයි. ආචාර්ය දේව්රා ඩේවිස් කතුවරයා විසන්ධි කිරීම, ජංගම දුරකථන විකිරණ පිළිබඳ සත්‍යය, කර්මාන්තය එය සැඟවීමට කරන්නේ කුමක්ද? සහ ඔබේ පවුල ආරක්ෂා කර ගන්නේ කෙසේද? යන්න පිළිබදවත් ලෑන්ඩ්ලයින් භාවිතා කිරීම හෝ දුරකථනය හැකි තරම් ඔයාගෙන් ඈත් කර තැබීමට නිර්දේශ කරනවා. සිග්නල් අඩුවන විට දුරකථනය උණුසුම් වීමට ද හේතු වන අතර එය තවත් අනතුරකි.

04.ෆොන් එක හා සම අතර සම්බන්ධතාවයක් තබා ගන්න


ඇතැම් අධ්‍යයන මගින් ජංගම දුරකථන සහ පිළිකා අතර සම්බන්ධතා කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. විශේෂයෙන් ඒවායේ සම්ප්‍රේෂණය වන සංඥාව 900 MHz පමණ වන අතර එමඟින් ඔයාගේ දුරකථනය උණුසුම් වෙනවා. ඔයාගේ සිරුරට සමීපව තබන සෑම අවස්ථාවකම සම ඉතා කුඩා මාත්‍රාවක තාපය පහසුවෙන් අවශෝෂණය කර ගන්නවා. මිනිස් සිරුරට ගුවන් විදුලි තරංග සංඛ්‍යාත විකිරණ වල වෙනත් ඔප්පු කළ හැකි බලපෑම් නොමැති වුවද ඔයාගේ දුරකථනයත් සමග යම් දුරක් තබා ගන්නා විට අවශෝෂණ අනුපාතය විශාල ලෙස අඩු වෙනවා.
දුරකථනයෙන් කතා කරන විට හෙඩ්සෙට් එකක් හෝ ස්පීකර් ෆෝන් භාවිතා කිරීමට උත්සාහ කරන්න. එමගින් ස්පර්ශ කිරීම වළක්වා ගැනීමට හැකි වෙනවා. ඔයා ඒවා භාවිතා නොකරන්නේ නම් අවම නිරාවරණ ප්‍රමාණයක් සඳහා එය ඔයාගෙන් ඈත්ව තබන්න.

05.නුසුදුසු ඉරියව්වකින් තිරය දෙස බැලීම


ජංගම දුරකථන භාවිතා කිරීමෙන් ටෙනොසයිනොවිටිස් වැනි මාපටැඟිලිවල තුවාල ඇති වන බව දන්නා කරුණකි. “text neck” නමින් තවත් ජංගම දුරකථන හා සම්බන්ධ සෞඛ්‍ය තත්වයක් තිබෙනවා. එහි නමට අනුව ඔයා තිරය දෙස බැලීමට බෙල්ල නැමූ විට ගෙල හා කොඳු ඇට පෙළේ ආතතිය ක්‍රමයෙන් වැඩි වෙනවා.කාලය ගෙවී යත්ම ඔයාගේ බෙල්ලට දැනෙන බර සැබෑ හිසේ බරට වඩා 5 ගුණයකින් වැඩි විය හැක. මෙය බෙල්ලේ වේදනාව හා ඉරියව්වල අසාමාන්‍යතා ඇති කරයි. ඔයාගේ දුරකථනය ඇස් මට්ටමේ තබා ගන්න. බෙල්ල හැකි තරම් කෙළින් තබා ගන්න.සමහර විට ඔයා අපේ ලිපිය කියවීමට පවා ජංගම දුරකථනය භාවිතා කරනවා. ඔයා කරමින් සිටින වැරදි නිවැරදි කිරීමට පිරික්සුම් ලැයිස්තුවක් සකස් කරන්න. අදහස් දැක්වීමේදී ඔයාගේ අදහස් අපත් සමඟ බෙදා ගැනීමට අමතක නොකරන්න.