Hela Rahas

Hela Rahas Official Web Portal

ස්වර්ණමාලී සෑයට පුංචි දෙයක් පුජා කලත් ලැබෙන ආනිසංස

දිනක් රහතන් වහන්සේ නමක් සවස් කල මහසෑය වන්දනා කරන්න පැමිනියා.මලුවේ හිද සිටින විට උන් වහන්සේ දැක්කා..මහා ලස්සන එලි දෙකක් සෑය වටා පැදකුනු කරනවා.උන් වහන්සේ දුටුවා සුවදෑති විසිතුරු මල් බොහෝ රැගෙන වුත ලස්සන දිව්යාංගනාවියන් දෙදෙනෙක් මහසෑය වටා පැදකුණු කරමින් වන්දනා කරන ආකාරය.උන් වහන්සේ විමසුවා..පින්වත් දෙව්දුවනි..කුමන පිනක් නිසා මෙසේ දිව්ය සැප සම්පත් ලැබුවේද යන්න.

එවිට දෙවගනන් පෑවසුවේ. ස්වාමිනි පෙර මනු ලොවදී අප නාකි මැහැලියන් දෙදෙනෙක්. අප මේ දිව්ය සෑප සම්පත් ලැබුයේ මහසෑයට කුලියට ගඩොල් ඇද වැඩ කල පිනෙන් කියාය.

ඉතින් පින්වත් ඔබත් සිතා බලන්න කුලියට වෑඩ කොට ඔවුන් දිව්ය සැප ලැබුවානම් මේ උතුම් මහසෑයට අප ශ්රද්ධාවෙන් යුතුව කරන පූජාවන් කෙතරම් ආනිශංසදායක වේවිද? දිනක් පින් දහම් නොකල පුද්ගලයෙකු මහසෑයට රන්වන් සලුවක් පූජා කලා. එපමනයි ඔහු කල පින්කම. බොහෝ පව්කම් කල ඔහු මරනින් මතු නිරයට වෑටුනා.

නිරයේ ගිනිදෑල් අතර පෑහෙන විට ඔහුට ගිනිදෑල් වල රන් පෑහෑය දුටු විට මහසෑයට පූජා කල රන් සලුව මතක් වුනා. එය සිහිවීමත් සමගම ඔහු නිරයෙන් චුත වී චාතුර්රාජික දෙව් ලොව උපන්නා. අවබෝදයෙන් තොරව ඔහු කල පින්කම ඔහු නිරයෙන්ද මුදවාලුයේ නම් අප සෑදෑහෑ සිතින් මේ උතුම් මහසෑයට කරන පූජාවන් කෙතරම් ආනුභාව සම්පන්න වේවිද?

උපුටාගෑනීම – පුජ්ය සද්ධා ශීල ස්වාමින් වහන්සේගේ අනුශාසනාවක් ඈසුරෙනි.