Hela Rahas

Hela Rahas Official Web Portal

සැගවුණු රහස් ඇති ලොව ප්‍රසිද්ධ ස්ථාන 10 ක්

ලෝකයේ සුප්‍රසිද්ධ ස්ථාන සම්බන්ධ යෙන් අපි සියළුම දේ අන්තර් ජාල ය මගින් හෝ දැන ගන්නෙමු .ඒ හා සම්බන්ධ සාමාන්‍ය ජනතාව නො දන්නා රහසිගත කාරණා බොහොමයක් පිළිබදව සොයා බලමු .මේ සුවිශේෂී ශ්‍රේෂ්ඨ ස්ථාන බලමින් ඔබ කැදවාගෙන යන අතරේ , බැලූ බැල්මට නොපෙනෙන දේ ගැනත් අවධානය යොමු කරවමු.

1) භූතාත්මයේ ගුහාව , නයගරා ඇල්ල, කැනඩාව.

දිය ඇල්ලේ පහළ මාවතේ මෙම කුඩා “භූතාත්මයේ ගුහාව ” පිහිටා තිබේ .ඉන්දීය පුරාවෘත්තය කට අනුව වසර ගණනාවකට පෙර එක් භූත ආත්මයක් මෙහි සිරකර තැබූ බව කියැවේ .එදා සිට එහි සංචාරය කරන ඕනෑම කෙනෙකු ට අභාග්‍යසම්පන්න ජීවිත ශාපය කට යටත් වන්නට සිදු වන බව විශ්වාස කෙරේ.ඔබ නිර්භීත අයෙකු නම් එතැන ට ගොස් බලන්න .

2) ලිබර්ටි ප්‍රතිමාවේ පන්දමේ තිබෙන දර්ශන වේදිකාව.නිව්යෝර්ක් , ඇමෙරිකාව

1916 දක්වා ලිබර්ටි ප්‍රතිමාවේ පන්දම තුළ තිබෙන දර්ශන බැල්කනිය දක්වා ගමන් කළ හැකි පියගැට පෙළ ක් තිබුණි. නමුත් ඒ වසරේදී සිදු වූ පිපිරීමක් නිසා එම පන්දම හානියට පත්වීම හේතුවෙන් , සංචාරක යින්ට ඒ දක්වා ගමන් කිරීම සදහටම තහනම් කෙරිණි . 1986 දී අළුතින් පන්දම ක් සවිකළ ද , එය තවමත් ජනතාව ට විවෘත නො වේ.

3) සින්ඩරෙල්ලා මාළිගයේ ඇති රහස් නිවහන්, ඩිස්නි වර්ල්ඩ්,ඇමෙරිකාව .

බැලූ බැල්මට අධික වටිනාකමක් සහිත හෝටල් කාමරය ක් සේ පෙනුන ද ,ලෝකයේ ඇති මුදල් සියල්ලම වැය කළ ත් එක් රැයක් සදහා එය වෙන් කරවා ගැනීමට නුපුළුවන .එහෙත් තවමත් ඔබට ඒ සදහා දිනා ගැනීමට අවස්ථා වක් තිබේ .ඒ ඩිස්නි වර්ල්ඩ් විසින් ජනවාරි මාසයේ සෑම දිනකම ඒ වෙනුවෙන් පවත්වනු ලබන ලොතරැයි යෙන් ජයග්‍රහණය කිරීම තුළින් ය.

4) බිබීනා කාදිනල් (Cardinal Bibbiena ) තුමාගේ නාන කාමරය ,රපාල් නිවාස, වතිකාන් .

1516 දී රෆායල් සාන්ටි සහ ඔහුගේ ගෝලයන් විසින් අලංකාර කරන ලද නාන කාමරය ක් බිබීනා කාදිනල් තුමාගේ නිවාස සංකීර්ණයේ කොටස ක් ලෙස තිබේ .මෙහි තිබෙන ඉතාමත් අසාමාන්‍ය දෙය නම් , බිතුසිතුවම් වල ඇති දර්ශන ශිෂ්ඨ සම්පන්න බවින් බොහෝ දුරස්වී තිබීමයි .මෙය ට ඇතුළු වීමේ දොරටු ව ඇත්තේ කලින් සිටි කාදිනල් තුමාගේ නිදන කාමරයේ ය. අද පාප් වහන්සේ විසින් ලෝක නායක යින් සමග රැස්වීම් පවත්වනු ලබන්නේ මෙ තැනයි.

5) එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලේ 103 වන මහල.නිව් යෝර්ක්,ඇමෙරිකාව .

මෙම ගොඩනැගිල්ලේ 102 මහලේ සිට දර්ශන නැරඹීම සදහා වේදිකාවක් ඇති බව සෑම කෙනෙක් ම දනිති . කෙසේ වෙතත් 103 වන මහලේ දීත් එලෙස ඔබට විනෝද විය හැකිය . ඒ සදහා බැල්කනිය ක් සහිත කුඩා කාමරය ක් ඇත .එය වෙන් කර ඇත්තේ එහි කාර්‍ය මණ්ඩලය ට සහ වැදගත් පුද්ගලයන් ( VIP’ S ),සදහා පමණක් වුවත් .

6) ලාස් වේගාස් තීරුවේ පහළ ඇති උමග වල් ( tunnels ) ,ලාස් වේගාස් , ඇමෙරිකාව .

ලාස් වේගාස් හි ප්‍රධාන විනෝදකාමී වීදියේ පහළ පිහිටා තිබෙන පුළුල් උමං පද්ධතිය , නිවාස නො මැති සිය ගණනක් පුද්ගලයන් ගේ නිවාස බව ට පත්වී ඇත .මෙය මෙහි මුළුමනින්ම අදුරු වුවත් , විදුලි ආලෝකය දැල්වූ සැණින් මිනිසුන් ගේ පෙනීසිටීම , ලී බඩු, ඇදුම් සහ අනිකුත් දෛනික අවශ්‍ය තා සියල්ලම පැහැදිළි ව දැක ගත හැකිය .

07.ඩොගී ගේ ( Doge’s ) මාළිගයේ සිර ගෙයක් , වැනීසිය , ඉතාලිය .

වැනීසියානු ඩොගී මාළිගය පහළ කොටසේ සිර ගෙයක් ඇති අතර , ජියකොමෝ කැසනෝවා පියෝම්බි නැමැති අපකීර්තිමත් තැනැත්තකු එහි සිරකර තැබිණ .වසර 400 ක් වූ එහි ඉතිහාසය තුළ එයින් පැන ගොස් බේරුණ එකම පුද්ගලයා ඔහු ය.එහි පැවැතීම සත්‍ය වශයෙන් ම ප්‍රසිද්ධ කරුණක් වන නමුත් , මාළිගය වෙත සිදු කෙරෙන සම්මත සංචාර වල ට එය ඇතුළත් කර නැත .

8) අත් හැර දමන ලද සිටි හෝල් ( City Hall ) උමං මාර්ගය , නිව් යෝර්ක් , ඇමෙරිකාව .

නිව් යෝර්ක් උමං මාර්ගයේ සිටි හෝල් දුම්‍ රිය නැවතුම 1940 – 1945 දක්වා ක්‍රියාත්මක වුවත් , දැන් එය එසේ නො වේ .එයට හේතුව නව දුම්‍ රිය වල තිබෙන මැදිරි ඉතා දිගු වීම නිසාවෙන් උමං මාර්ගය තුළ දී එබඳු තියුණු වංගු වලින් හරවා ගැනීම අපහසු වීමයි.

9) ටයිම්ස් චතුරශ්‍රයේ ( Times Square ) හිස් ගොඩනැගිල්ල , නිව් යෝර්ක් , ඇමෙරිකාව .

අයිතිකරුවන් ට වාර්ෂිකව ඇමෙ.ඩොලර් මිලියන 23 ක්.පමණ උපයා දුන්න ද , ටයිම්ස් චතුරශ්‍ර ගොඩනැගිල්ලේ , අත් හැර දමන ලද කාර්‍යාල සහ බිම් මහලේ මත් ද්‍රව්‍ය ගබඩාවක් හැරෙන්නට වෙනත් කිසිවක් නැත .1992 දී ගොඩනැගිල්ල අයිති සමාගම බංකොලොත් වූ අතර , එය ප්‍රචාරක සමාගමකට විකුණා දමන ලදී.එදා සිට එළිමහනේ තිබෙන තිර සහිත යෝධ දැන්වීම් පුවරුව හැරෙන්නට වෙනත් වැඩි මනත් දෙයක් එහි දක්නට නො මැත .

10) ගුස්ටාව් අයිෆල් ( Gustav Eiffel ) ගේ පුද්ගලික නිවාස , පැරිස් , ප්‍රංශය .

අයිෆල් කුළුණේ 3 වන මහලේ ඇති නිවාස පේළිය මොන්සියෝ අයිෆල් ( Monsieur Eiffel ) ටම අයත්ව තිබූ අතර , තෝමස් එඩිසන් ( Thomas Edison ) ඇතුළු සම්මාන නීය පුද්ගලයන් පිළිගෙන සංග්‍රහ කිරීම වැනි කටයුතු සදහා එය යොදා ගැනිණි .අද එහි ඇත්තේ , අයිෆල් සහ එඩිසන් දෙදෙනා ගේ රුව නිර්මිත අනුරූ ( ඩමි )දෙකක් පමණි .ඒවා මහජනයා ට විවෘත ය.