Sat. Aug 8th, 2020

Hela Rahas

Hela Rahas Official Web Portal

හෙළ පුතෙක්ගෙන් ලෝක වාර්තාවක්

ඇමරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත 11 හැවිරිදි සිසුවෙක් උපාධි ත‍්‍රිත්වයක් සමගින් විද්‍යාලයෙන් සමත්ව ඇතැයි වාර්තා වේ.සැක‍්‍රමෙන්ටෝහි ඇමරිකන් රිවර් කොලේජ්හි අධ්‍යාපනය ලබා අවසන් කළ ටනිෂ්ක පුලස්ති රාජකරුණා 60 වසරක ඉතිහාසය තුළ මෙවැනි දස්කමක් දැක්වූ ලාබාලතම සිසුවා බව එම විද්‍යාලයේ පරිපාලනය පවසා තිබේ.උපාධි ප‍්‍රධාන උත්සවය අවසන්වූ පසු ටනිෂ්ක පවසා ඇත්තේ තමන් අධ්‍යාපනය ලැබීමට කැමැති කෙනෙක් බවයි.පශු වෛද්‍යවරියක් වන ඔහුගේ මව තමරා, ටනිෂ්ක ට නිවසේදී අධ්‍යාපනය ලබාදී ඇති අතර ඒ සඳහා ඇගේ ආචාර්ය උපාධි අධ්‍යයන කටයුතු අතපසු කර තිබේ.ටනිෂ්ක වයස අවුරුදු 10දී උසස් පාසල සමත්වීමට අවශ්‍ය සුදුසුකම් සැපිරූ බවත් ඔහු ඇමරිකාන් රිවර් විද්‍යාලයේ අධ්‍යයනය ඇරඹුවේ වයස අවුරුදු 7දී බවත් වාර්තා වේ.තමරා රාජකරුණා පවසා ඇත්තේ ළදරු පාසලේ සිටම සිය පුතු වසර කිහිපයක් ඉදිරියෙන් සිටි බවයි.

රාජකරුණා පවුලම ඉහළ බුද්ධි මට්ටමකින් සමන්විත වන අතර පියා භීජූන රාජකරුණා කෝර්නල් විශ්වවිද්‍යාල උපාධිධාරියකු සහ මෘදුකාංග ඉංජිනේරුවෙකි.ටනිෂ්ක පුලස්ති රාජකරුණා ගේ සොයුරිය වන 9 හැවිරිදි තමාරි අප්සරා රාජකරුණා ද අධ්‍යයන කටයුතු වල දක්‍ෂයෙකු ලෙස සැලකේ.හෙළ පුතෙක් මෙවන් දස්කමක් දැක්වීම ගැන ඊර්ෂා කළ බටහිර ජනමාධ්‍යවේදීන් මේ දරුවාගේ සහ පවුලේ නම් විකෘති කර සමහර වෙබ් අඩවි වල දක්වා ඇත. හෙළයින්ට එරෙහිව කාලයක සිට පැවතෙන බටහිර කුමන්ත්‍රණයේ එයත් එක් කොටසකි.රාජකරුණා පරම්පරාව ගැන වර්ගපූර්ණිකාව නැමැති ඉපැරණි හෙළ පුස්කොළපොතේ දැක්වෙන අතර, ඔවුන් දසිස් රාවණ රජතුමාගේ යකඩදෝලියක් වන අපර්ණිකාගේ රවිශෛලාශ පරම්පරාවෙන් පැවැතෙන බව සැලකේ.“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය

Leave a Reply

Your email address will not be published.

Copyright © All rights reserved. | Newsphere by AF themes.