Hela Rahas

Hela Rahas Official Web Portal

හොඳම ආහාර වර්ග තෝරා ගන්න ක්‍රම 12ක්

අපි නිවසට බඩු ගන්න ගියාම රාක්ක වල තියෙන ඇස ගැටෙන් ඕන දෙයක් ගන්න පුරුදු වෙලා ඉන්නවා. විශේෂයෙන් ආහාර වර්ග.ඇත්තටම මේක හරිද? අපි හොයලා බලමු.මොකද ඇසට ලස්සනට පේන බොහෝ දේ රසින්වත්,ගුණයෙන්වත් ඒ තරම්ම විශිෂ්ට වෙන්නෙ නැති වෙන්න පුලුවන්.ඒ නිසා අපි අද හෙළ රහස් තුලින් ගුණාත්මක වගේම හොඳ තත්වයේ ආහාර තෝරාගන්න හැටි කියලා දෙනවා.

01.චීස් (hard cheese)

චීස් මිලදී ගැනීමේදී ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ ඒකෙ වර්ණය,වයනය එහෙම නැත්තන් ස්වභාවය සහ චීස් වල ඇති සිදුරු පිළිබඳවයි. චීස් වල ස්වභාවය ඒකාකාර වියයුතුයි වගේම පිටත පෘෂ්ඨය සුදු පැහැගෙන නැති වෙන්න ඕන. මුළු චීස් කුට්ටිය පුරාම සිදුරු ඒකාකාරව විසිරිලා තිබෙන්න ඕන.ඒ වගේම චීස් කුට්ටිය සෙමින් මිරිකූ විට නැවතත් තිබූ හැඩයට පත්වෙන්නේ නැත්නම්,ඒ චීස් මිලදී නොගෙන සිටීම වඩා නුවණට හුරුයි.

02.මස්

නැවුම් මස් රෝස පැහැයෙන් යුක්තයි. තද රතු හෝ දුඹුරු පාට වෙලා නම් ඒ නැවුම් මස් නෙවෙයි. මස් වල ඇති තෙල් කොටස්/මේද රේඛා පිරික්සන්න. ඒවා ලා පැහැයෙන් තරමක දිස්නයක් සහිතව තිබිය යුතුයි. චීස් වගේම හොඳ මස් වුනත් තෙරපූ පසු නැවත තිබූ හැඩයට පත් වෙන්න ඕන වගේම අතේ නොඇලෙන්න ඕන.

03.කුඩු කරන ලද කෝපි

අඩු මිලට තියෙන කෝපි බොහෝවිට හොඳම වර්ගයේ කෝපි නොවෙන්න පුලුවන්.හොඳ කෝපි කිසිවිටෙක ප්ලාස්ටික් බදුන් වල අසුරන්නෙ නැහැ. අසුරන්නෙ ලෝහ හෝ වීදුරු බෝතල් වලයි. හොඳ කෝපි නම් කල් ඉකුත් වන දිනය නිෂ්පාදිත දිනයෙන් මාස 18කට වැඩි නොවිය යුතුයි.

04.මී පැණි

ස්වභාවික මී පැණි තරමක් විනිවිද පෙනෙන සුළු ඒකාකාර වර්ණයකින් යුතු වෙන්න ඕන. හොඳ මී පැණි ඉතාම මිහිරි රසයකින් වගේම එයටම අනන්‍ය වූ සුවදකින් යුක්තයි. මී පැණි බිංදුවක් ඇගිලි වලින් පිරිමැද බලන්න. පැණි හොදින් සමට උරාගන්නවා නම් ඒ හොඳ වර්ගයේ මී පැණි.

05.අයිස් ක්‍රීම්

අයිස් ක්‍රීම් වල අඩංගු ද්‍රව්‍ය කියවා බලන්න.බෙරි (berry) රසයෙන් යුතු අයිස් ක්‍රීම් බොහෝවිට ස්වභාවික ඒවා නෙවෙයි.ඒ නිසා කජු, පැනිරස කරන ලද පළතුරු,ජෙලි හෝ ජුජුබ්ස් වගේ තියෙන අයිස් ක්‍රීම් තෝරගැනීම සුදුසුයි. පොප්සිකල් නම් කිසිම විදිහකින් ස්වභාවික දේවල් වලින් හදන්නේ නැහැ.

06.චොක්ලට්

චොක්ලට් වල අඩංගු ද්‍රව්‍ය කෙරෙහි අවධානය යොමු කරන්න. ද්‍රව්‍ය ලැයිස්තුව කොට වන තරමට ඒ චොක්ලට් හොඳ තත්වයේ ඒවා බවට තහවුරු වෙනවා.හොඳම තත්වයේ චොක්ලට් වල කොකෝවා අඩංගුයි. වෙනත් ආදේශක ,ව්‍යුත්පන්න අඩංගු නම් ඒ ස්වභාවික චොක්ලට් නෙවෙයි. චොක්ලට් තෝරාගද්දි එළවළු තෙල් වෙනුවට, කොකෝවා තෙල් අඩංගු චොකලට් මිලදී ගන්න.

07.මාළු

අලුත් මාළුවන්ගේ ඇස් දීප්තිමත්.බොර පැහැ වෙලා එලියට නෙරා ආ ඇස් තියෙනවා නම් ඒ පරණ මාළු. මාළුවාගේ කරමලය රතු හෝ කලාතුරකින් රෝස පැහැයෙන් ( කරමල් හරහා ලේ එලියට ගලාගොස් ඇතිවිට) තිබිය යුතුයි. මාළුවා දෑතට ගත්විට වලිගය නිදහසේ පහලට වැනෙන සේ තිබිය යුතුයි.

08.පාන්

හොඳ අලුත් පාන් හැමවිටම මෘදුයි.ඒ නිසා පාන් ගන්න විට අල්ලලා බලන්න අමතක කරන්න එපා. ප්ලාස්ටික් හෝ පොලිතින් බෑග් වල ඇති පාන් වල නැවුම් බව සුරැකුනත් එහෙම ඇසුරුම් වල තියෙන පාන් වල රසය පැය කිහිපයකින් නැති වී යන්න පුලුවන්.

09.කැරට්

කැරට් තෝරාගැනීම නම් ලේසියි. වැඩිපුර දීප්තිමත් බවක් නැති, පැල්ලම් නැති ,කුඩා කැරට් තෝරාගන්න.

10.බෙල්පෙපර් (bell pepper)

පිටතින් බැලූවිට කුටීර දෙකකට හෝ තුනකට බෙදී ඇත්නම් ඒවා තිත්ත රසයෙන් වගේම ඇට අඩු සංඛ්‍යාවකික් යුක්තයි. කුටීර 4කට බෙදී ඇත්නම් ඇතුල ඇට විශාල සංඛ්‍යාවක් සහ පැණි රසකින් යුක්තයි.

11.ලීක්ස්

ලීක්ස් වල යටින් ඇති සුදු පාට කොටස සහ උඩ ඇති කොළ පාට කොටස වෙන් වෙන තැන බලන්න. ඒවා හොදින් ඉරක් ලෙස වෙන් වෙලා නම් ඒ හොඳ තත්වයේ ලීක්ස්. ඒවා ක්‍රමයෙන් පාට වෙනස් වන විදිහට තියෙනවා නම් ලීක්ස් තරමක් තද හයිය ස්වභාවයක් ගන්නවා.

12 ජෙලටින්.

ජෙලටින් සාදන්නේ ඌරන්,සහ හරකුන්ගේ අස්ති,සම,කන්ඩරා සහ බන්ධනී ජලය සමග උණු කිරීමෙන් කියන එක රහසක් නෙවෙයි. ඒකට ආදේශකයක් ඕනෙ නම් ඒගාර් භාවිතා කරන්න.ඒගාර් ඔබේ ආහාර කාමර උෂ්ණත්වයේදී ඝනව තියන්න සමත් වෙනවා.