Hela Rahas

Hela Rahas Official Web Portal

ලොව භයානක මාර්ග 10 ක්

රෝලර් කෝස්ටර් එකක ගමන් කරනවාට සමාන, ඇතැම් විට ඊටත් වඩා අතිශයින්ම ත්‍රාසජනක අත්දැකීමක් ලබාදෙමින් සිතාගැනීමටවත් නොහැකි ප‍ටු මාර්ග ඔස්සේ, උස් වූ කඳු හෙල් මුදුන් අතරින්, එල්ලෙන පාලම් උඩින්, බෑවුම් පල්ලම් ඔස්සේ, හුදෙකලා කාන්තාර හරහා, ඇතැම් විට ගැඹුරු ජල මූලාශ්‍ර උඩින් විහිදුණු ලොව ඇති අවදානම් බවින් වැඩිම සහ භයානකම මාර්ග ගැනයි අද අපි ඔබට කියන්නට සූදානම් වෙන්නේ.

1ගුඕලියෑන් උමඟ- චීනය

  • ගුඕලියෑන්ග් උමඟේ දිග කිලෝමීටර් 1.2 ක් පමණ දිගින් යුක්තය. එනමින් ඇති ගම්මානයක් වෙත දිවෙන මේ මාර්ගය කඳු වැටියක් හරහා ඉදිකර ඇත. 1970 වර්ෂයේදී මෙම ගම්මානයේ වැසියන් විසින් මෙම උමඟ සහ එහි විවෘත කවුළු නිර්මාණය කර ඇත්තේ අත් ආයුධ භාවිතා කරමිනි. එහි පළල අඩි 13 ක් පමණ වේ. මෙහි ගමන් කරන විට වාහන රියදුරන් ඉතා සුපරික්ෂාකාරීව රිය පැදවීමට සැලකිලිමත් විය යුතු වේ.

2.මැක්ලෝන්ග් දුම්රිය මාර්ග වෙලඳපොළ- තායිලන්තය

  • මෙම මාර්ගය හරහා තායි කඩ සාප්පු පවත්වාගෙන යන කඩ හිමියන් දුම්රියේ හඬ ඇසෙන විගස තම බඩු බාහිරාදිය ඉවතට කරමින්, කඩ සාපු අකුලමින් පෑට කිලෝමීටර් 15 ක පමණ වේගයෙන් ගමන් කරන දුම්රියට ඉඩ ලබාදේ.

3.යුන්ගාස් මාවත- බොලීවියාව

  • යුන්ගාස් මාර්ගය ලා පාස් සහ කොරොයිකෝ යන බොලිවියානු නගර දෙක යාකරමින් ඉදි වී ඇත. මුහුදු මට්ටමේ සිට ඉහළින් අඩි 1181 තරම් බෑවුමක් දිගේ විහිදෙන මෙම මාර්ගයේ තැනින් තැන ලූප හැඩ ගනියි. මෙම මාර්ගය ඉතා ප‍ටු එකක් වුණත් ට්‍රක් රථ පවා මෙහි ප්‍රවේශමින් ගමන් ගනියි.නමුත්, එකක් පසුපස එකක් යම් පරතරයක් තබාගෙන ගමන් කල යුතු වේ.

4.අයර් අධිවේගී මාර්ගය -ඕස්ට්‍රේලියාව

  • මෙම මාර්ගය බැලූ බැල්මට අනාරක්ෂිත භයානක මාර්ගයක් සේ නොපෙනුණත් කිලෝමීටර් 1600 ක් පමණ දිගින් යුතු මෙම මාර්ගයේ සිදුවී ඇති අනතුරු සංඛ්‍යාව ඉතා ඉහළය. මාර්ගය එකාකාරී ස්වභාවයක් ගැනීම හේතුවෙන් වාහනය ධාවනය කරමින් සිටියදීම බොහෝ රියදුරන් නින්දට පත්වීම අනතුරු බහුල වීමට බලපා ඇති හේතුවයි.

5.ද නෝස් ඔෆ් ද ඩෙවිල් නම් දුම්රිය මාර්ගය- ඉක්වදෝරය

  • මීටර් 800 උන්නතාංශයකින් යුතු මෙම නමින් ම හැඳින්වෙන පර්වතයක් මත ඉදිකර ඇති මෙම දුම්රිය මාර්ගය සංචාරකයින් සඳහා වැගන් රථ වල වහලය මත නැග සංචාරය කිරීමේ අවස්ථාව සලසා තිබිය ද වර්තමානයේදී එහි ගමන් කිරීම තහනම් කර ඇත.


6.පම්බන් දුම්රිය මාර්ග පාලම- ඉන්දියාව

  • පම්බන් දූපත සහ ඉන්දියානු ප්‍රධාන ගොඩබිම එකිනෙක යාකෙරෙන පාලම 1964 වසරේදී පෝක් සමුද්‍ර සන්ධියේ ඇති වූ ප්‍රබල සුලං බලපෑමින් විනාශයට ලක්විය. මේ හේතුව නිසා සුලං වේගය පැයට කිලෝමීටර් 55 ක වේගයකට වඩා හමන විට එහි ගමන් කරන දුම්රිය සඳහා විශේෂ අනතුරු සංඥා නිකුත් කිරීම සිදුකරනු ලැබේ.

7.කරකෝරම් මහාමාර්ගය- පකිස්ථානය-චීනය

  • කිලෝමීටර් 1300 ක දිගින් යුතු කරකොරම් මහාමාර්ගය ලොව ඇති ඉහළම උන්නතාංශයක පිහිටි අන්තර්ජාතික මහාමාර්ගය සේ සැලකේ. එහි එක් කොටසක් අඩි 15,091 ක් තරම් උන්නතාංශයක පිහිටා ඇත. මෝසම් වර්ෂා සමයේදී මෙම මාර්ගයේ ප්‍රබල නායයෑම් තත්වයන් ඇති වේ. සීත සෘතුවේදී මෙම මහාමාර්ගය පවතින අයහපත් කාලගුණය සහ සිදුවිය හැකි අනතුරු හේතුවෙන් වසා දැමේ.

9.පැසේජ් ඩු ගුආ – ප්‍රංශය

  • නෝයර් මූටියර් දූපත සහ ප්‍රධාන ප්‍රංශ ගොඩබිම් ප්‍රදේශය යාකෙරෙන ගමන් මාර්ගයයි.කෙසේවෙතත් උදම් රළ නැගීම හේතුවෙන් මේ මතුපිට අඩි 13 ක් තරම් උසින් සම්පූර්ණයෙන් වැසි යයි. මෙම මාර්ගය රියදුරන් සඳහා විවෘත තැබෙන්නේ දිනකට දෙවතාවකදි පමණි.

10.මනාලි මහාමාර්ගය-ඉන්දියාව

  • මෙම මාර්ගය උස් හඳු ගණනාවක් පසු කරමින් විහිදෙන කිලෝමීටර් 5 ක් පමණ ඉහළ උන්නතාංශයකින් පිහිටා ඇති මාර්ගයකි. මෙම මාර්ගය අතිශයින්ම ප‍ටුය. කෙසේවෙතත් රියදුරන් විසින් අධි වේගයකින් යුතුව මෙහි රිය ධාවනය කිරීම සිදුකරන බව සඳහන් ය.

11.තියෑන්මෙන් කඳු මාර්ගය- චීනය

  • කිලෝමීටර් 11 ක් පමණ දිගින් යුතු මේ මාර්ගයේ වංගු 99 ක් සහිතය. මෙය තියෑන්මෙන් කඳු මුදුනේ ඇති බෞද්ධ විහාරස්ථානය දක්වා විහිදෙන මාර්ගයයි. මාර්ගයේ ඇතැම් කොටස් වලදි වක්‍ර දෙකක් අතර දුර මීටර් 200 කටත් වඩා අඩුය. මේ හේතුවෙන් එහි ගමන් කරන රියදුරන් දැඩි සුපරික්ෂාකාරිව රිය පැදවීම සිදුකල යුතුවේ.