Hela Rahas

Hela Rahas Official Web Portal

මොලයට හානි කරන දේවල් 13ක්

සිරුරේ අනෙක් ඕනෑම ඉන්ද්‍රියක් ආකාරයටම විවිධ හේතූන් නිසා අපගේ මොළයත් පීඩාවට පත් වෙන්න පුළුවන්. අප බලාපොරොත්තු නොවන තරම් සරල දේවල් වලින් වුණත්! ඒ නිසා අපි මේ ලිපියෙන් අද ඔබව දැනුවත් කරන්නේ එලෙස අපගේ මොලයට සැලකිය යුතු ලෙස හානි කළ හැකි විවිධ දේවල් කිහිපයක් පිළිබඳවයි. ලිපිය අවසානය තෙක් කියවා ඔබේ හිතවතුන් සමගත් ලිපිය බෙදාහදාගන්න.

01.නිසි ලෙස සන්නිවේදනය නොකිරීම.

මිචිගන් විශ්ව විද්‍යාලය විසින් සිදුකරන ලද අධ්‍යයනයකින් හෙළි වුණේ අප දිනකට මිනිත්තු 10ක් බැගින් හෝ සන්නිවේදනය කරනවා නම් එය අපගේ මානසික හැකියාවන් වැඩිදියුණු වීමට හේතු වන බවයි. මේ නිසා දිනපතාම නිවසෙන් එළියට ගොස් අන් පුද්ගලයන් ඇසුරු කිරීම අවශ්‍ය වන්නේ නැහැ. ඔබේ නෑදෑ හිතමිතුරන් සමග දුරකථනයෙන් හෝ දිනකට සුළු වේලාවක් සන්නිවේදනය කිරීමෙන් මොළය උත්තේජනය කළ හැකියි.

2.අධික සීනි භාවිතය.

  • තවත් අධ්‍යනයකට අනුව අධික සීනි භාවිතය නිසා මොලයේ නියුරෝන නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය වන BDNF සාධකය (neurotrophic factor) කෙරෙහි අහිතකර ලෙස බලපෑම් ඇති කෙරෙනවා. දිගුකාලීන මතකය සහ ඉගෙනීම සඳහා මෙම BDNF සාධකය ඉතාමත් වැදගත්.

03.මොළයට ව්‍යායාම මදි වීම.

  • විද්‍යාඥයන්ට අනුව මොලයේ ඵලදායිත්වයේ උච්චතම අවස්ථාව එළැඹෙන්නේ වයස අවුරුදු 16 – 25 ත් අතරයි. ඉන්පසුව එය ක්‍රමයෙන් අඩුවෙමින් යනවා. කෙසේ නමුත් අධ්‍යනයක් මගින් පෙන්වා දී තිබෙන්නේ කියවීම, ප්‍රහේලිකා විසඳීම වැනි ක්‍රියාකාරකම් මගින් නිරන්තරයෙන් මොළයට ව්‍යායාම සැපයීම හරහා ඩිමෙන්ෂියා රෝග තත්ත්වයේ මූලික ලක්ෂණ පෙන්වන පුද්ගලයන්ගේත් මොලයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කළ හැකි බවයි.

04.උදේ ආහාරය මග හැරීම.

  • අධ්‍යනයන්ට අනුව දිනපතා උදේ ආහාරය ගන්නා ළමුන් පාසල් වැඩ කටයුතු වලදී (විශේෂයෙන්ම විද්‍යාව විෂයන් වලදී) හොඳින් දක්ෂතා පෙන්වන බව ඔප්පු වී තිබෙනවා. උදේ ආහාරය මග හැරීම නිසා සිරුරේ ග්ලූකෝස් මට්ටම පහත යන අතර ඉන්පසු එය මොළයට අහිතකර ලෙස බලපානවා.

05.කෘතිම ආහාර.

  • නිරන්තරයෙන් අහිතකර කෙටි කෑම වර්ග ආහාරයට එකතු කර ගැනීම සහ අනවශ්‍ය ලෙස වැඩි ප්‍රමාණවලින් ආහාර ගැනීම නිසා මොළයේ සෛල අතර සම්බන්ධතාවය කෙරෙහි සහ එහි ප්‍රතිඵලයක් ලෙස කෙටි කාලීන හා දිගු කාලීන මතකය කෙරෙහිත් අහිතකර ලෙස බලපෑම් ඇති කෙරෙනවා. ඊට අමතරව කෘතිම කෙටි කෑම වර්ග විශාදයටත් හේතුවක් වෙනවා.

06.අයිස් ක්‍රීම්.

  • අයිස් ක්‍රීම් ඇතුළු ඕනෑම සිසිල් ආහාරයක් ක්ෂණිකව හිසේ කැක්කුමකට හේතුවක් විය හැකියි. එවැනි සිසිල් ආහාර වලින් රුධිර නාල සංකෝචනය වන බව විශ්වාස කෙරෙනවා. හයිපොතර්මියා (Hypothermia – සිරුරෙන් උෂ්ණත්වය හායනය වෙන වන වේගයට සරිලන ලෙස සිරුරෙන් උෂ්ණත්වය නිපදවීමට නොහැකි වන තත්වයක්) තත්ත්වයක් ඇතිවීම වලක්වාගැනීමට එවිට සිරුර විසින් උණුසුම් රුධිරය මොළය වෙත යැවෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස රුධිර නාල විස්තාරණය වීම සිදුවෙනවා.රුධිර නාල වල ප්‍රමාණයේ මෙලෙස සිදුවන ක්ෂණික වෙනස් වීම හිසේ කැක්කුමකට හේතු වන බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

07.ජංගම දුරකථන.

  • මීයන් යොදා ගෙන සිදුකළ පරීක්ෂණයක් මගින් මොලයේ පිළිකා සහ ජංගම දුරකථන අතර සම්බන්ධතාවයක් පවතින බව සොයා ගැනුණා. නමුත් ඔබේ ජංගම දුරකතනය භාවිතයෙන් ඉවත් කළ යුතු නැහැ. ඒ වෙනුවට දුරකථන ඇමතුමක් ලබා ගන්නා විට ස්පීකරය ක්‍රියාත්මක කිරීමට හෝ හෙඩ්සෙට් එක භාවිතා කිරීමටත්, නිදාගන්නා විට ජංගම දුරකථනය කොට්ටය අසලින් තබා නොගන්නා ලෙසත් ඔවුන් උපදෙස් දෙනවා.

08.නිදාගන්නා විට හිස ආවරණය කරගැනීම.

  • නිදාගන්නා විට බ්ලැන්කට් එකක් මගින් හිසත් ආවරණය කරගැනීම මගින් අපේ සිරුරට ඇතුළු වන ඔක්සිජන් ප්‍රමාණය අවම වෙනවා. එයට හේතු වන්නේ කාබන්ඩයොක්සයිඩ් වලින් සංතෘප්ත වූ, දැනටමත් ප්‍රතිචක්‍රීයකරණයට බඳුන් වූ වාතය අප නැවත නැවතත් ආශ්වාස කිරීමයි. මේ නිසා මොළයට අවම ඔක්සිජන් ප්‍රමාණයක් ලැබී යනවා.
  1. විජලනය.

අප බොහෝ දෙනෙක් දන්නා පරිදි මොළයෙන් 70% – 80%ක් පමණ තිබෙන්නේ ජලය වන අතර මොළයට අවශ්‍ය විවිධ සංඝටක පරිවහනය කෙරෙන්නේත් ජලය මගින්. මේ නිසා මොළය හොඳින්ම ක්‍රියාත්මක වන්නේ ප්‍රමාණවත් තරම් ජලය ඇති විටයි.

  1. මද්‍යසාර.
  • අධ්‍යයන වලට අනුව මධ්‍යසාර භාවිතය, මොළයේ සෛල අතර සම්බන්ධතාවය විනාශ කිරීමට හේතුවක් වෙනවා. නමුත් යම් කෙනෙක් මද්‍යසාර භාවිතය නවත්වනවා නම් එලෙස හානි වූ මොළය නැවතත් යථා තත්ත්වයට පත් කරගැනීමටත් පුළුවන්.

11.දුම් පානය.

  • දුම් පානය පිළිකා වලට පමණක් නොවේ මස්තිෂ්ක බාහිකයේ ඝනකම අඩු වීමටත් හේතුවක් වන බව සොයාගෙන තිබෙනවා. මේ නිසා කාලයත් සමග සැලකිය යුතු ලෙස මානසික හැකියාවන් පරිහානියට පත්විය හැකියි. එයට හේතුව වන්නේ මොළයේ අනෙක් කොටස් අතර සිතීම සඳහා අවශ්‍ය වන්නේ මොළය මස්තිෂ්ක බාහිකය නිසයි.

12.ව්‍යායාම මදි වීම.

  • මොළය සඳහා නිරන්තර පුහුණුවක් අවශ්‍යයි. අධ්‍යන වලට අනුව කායික ක්‍රියාකාරකම් මගින් BDNF සංස්ලේෂණය කෙරෙහිත්, ඒ තුළින් දිගුකාලීන මතකය කෙරෙහිත් හිතකර ලෙස බලපෑම් ඇති කළ හැකි බව සොයාගෙන තිබෙනවා.

13.දැඩි ආහාර පාලන ක්‍රමවේදයක්.

  • ඉතාමත් අපහසු, දැඩි ආහාර පාලන ක්‍රමවේදයක් මගින් අඩු වන්නේ සිරුරේ බර පමණක් නොවෙයි. අධ්‍යනයකට අනුව නිසි පරිදි පෝෂකාංග නොලැබී යාම නිසා මොළය විසින් තමන්වම ආහාරයට ගන්නා තත්වයකට පත් වන බව සොයාගෙන තිබෙනවා. මේ නිසා දැඩි ආහාර පාලන ක්‍රමවේදයක් මගින් තමන්වම පීඩාවට පත් කර නොගෙන නිසි ලෙස ආහාර ගන්න.
  • බෝනස් : පහත වැකිය පවසන ලද්දේ කවුරුන් විසින් දැයි අනුමාන කරන්න! “මම කුඩා කාලයේදී තේරුම් ගත්තා කකුලේ මහපට ඇඟිල්ලෙන් මේස් ඉක්මනින් හෝ කල් ගිහින් හෝ ඉරී යන බව. ඒ නිසා මම මේස් පැළඳීම නවත්වා දැම්මා.”

• ඉඟිය – මේ පුද්ගලයාගේ මොළයේ බර ග්‍රෑම් 1230ක් පමණයි. ( රාත්තල් 2.7) එය සාමාන්‍ය පුරුෂයෙකුගේ මොළයේ බර වන 1400gට (රාත්තල් 3) වඩා 10% කින් පමණ අඩුයි.

• පිළිතුර : සිතාගන්න පුළුවන්ද? ඒ ඇල්බට් අයින්ස්ටයින්!