Hela Rahas

Hela Rahas Official Web Portal

2060 දී ලෝකයට සිදුවෙනදේ

අයිසෙක් නිව්ටන් කියන්නේ කව්ද කියලා හැමෝම දන්න්වා, එහෙම දන්නේ නැත්නම් ඉතින් වැස්සකටවත් ඉස්කෝලේ ගිය කෙනෙක්නම් වෙන්න බෑ. ගහකින් වැටෙන ඇපල් ගෙඩියක් දිහා බලන් ඉදලා ඒක අහුලගෙන කන්නෙ නැතිව ගුරුත්වාකර්ෂණය කියන මගුල හොයාගත්තේ පොර තමා.

මොනවා උනත් ඉගෙන ගන්න කොල්ලෝ නිව්ට්න්ගේ සූත්තරේ වරදින වරදින පාරට බනින බැනිල්ලට පොරට ඉන්න තැනකවත් හොදින් ඉන්නවද දන්නේ නෑ. මාර දෙහි කැපිල්ලක්නේ කපන්නෙ. මොනවා වුනත් අයිසෙක් නිවටන් කියන්නේ ලොකු විද්‍යාඥයෙක්, මොකද පොර නැත්නම් අද ලෝකේ මේ වගේ තාක්ෂණික දියුණුවක් ලබාගන්න බෑ, අයිසෙක් නිව්ටන් කියන්නේ ඇත්තටම කිව්වොත් මොළකාරයෙක්.

ඉතින් අයිසෙක් නිව්ටන් කියල තියෙනවා 2060 දී ලෝකය විනාශ වෙනවා කියලා. අයිසෙක් නිව්ටන් එහෙම කියන්නේ සිය ඉතිහාසගත ලියකියවිලි ඇතුලත් සමහර කරුණු අනුව ගණනය කිරීම් වගයක් කරලා. ඉතින් නිව්ටන්ගේ ගණනය කිරීම අනුව ලෝකය විනාශ වන දිනය යෙදිලා තියෙන්නේ 2060 දී.

ඉතින් මේ පිළිබද විවිධ මතවාද තියෙනවා. සමහරු මේ කතාව පිළිගන්න අතර සමහර අය මේ කතාව පිළිගන්නෙ නෑ. ඒ මොනව වුනත් එක දෙයක් කියන්න ඕනේ. නිව්ටන් කියන්නෙ මොළකාරයෙක්. ඇත්තටම කිව්වොත් අද මුළු ලෝකෙම විද්‍යාව රන් වෙන්නෙ පොරගේ සොයාගැනීම් නිසා. ඒක නිසා නිව්ටන්ගේ කීම එසේ මෙසේ අහක දාන්න බැ.

නමුත් මීට කලින් ලෝක විනාශය ගැන මායා වරුන් කිව් අනාවැකියක් බොරු වුනා. ඒ 2012 දී සිදු වන ලෝක විනාශය ගැන. ඒක නිසා සමහර අය මේක මුලදී විශ්වාස කලේ නෑ. ඒත් ලෝකයේ සිදුවෙමින් පවතින මහා වෙනස්කම් නිසා නැවතත් මෙම මතය කරලියට ඇවිදින් තියෙනවා.

මේ අතර සමහර නූතන විද්‍යාඥයින් තවත් මතයක ඉන්නවා. එනම් 2032 දී පෘතුවියට ළගාවෙන ග්‍රාහකයක් පෘතුවිය හා ගැටීමට සම්භාවිතාවක් පවතින බවත් එම නිසා ලෝකය විනාශ වන බව ඔවුන් පවසනවා. අතීතයේ ඩයිනෝසරයන් ලෝකයෙන් වද වුනේද විශාල ග්‍රාහකයක් ලෝකයේ ගැටීම නිසා කියලා තමයි විද්‍යාඥයෝ කියන්නේ.

එහෙත් දැන් පවතින කොරෝනා වෛරසය ගැන පවා අනාවෙකි පැවසු බාබා වැන්ගා කියන්නේ ලෝක විනාශය සිදුවන්නේ 5079 දී කියලා. ඒත් බාබා වැන්ගා එය සිදු වන්නේ කොහොමද කියලා නෑ. මේ අතර ලෝක ප්‍රසිද්ධ විද්‍යාඥයෙකු වන ස්ටෙෆාන් හොකීන් පවසා සිටින්නේ 2600 දී ලෝකය විනාශ වන බවය.

මොනවා වුනත් කියන්න තියෙන්නෙ ඔක්කෝටම ආගමානූකූලව ජීවත් වෙන්න කියලා විතරයි. මොකද මීට පස්සේ අනාගතය කොහොම වෙනස් වෙයිද කියලා කියන්න අපි දන්නේ නෑ. සියළු සංස්කාරයෝ අනිත්‍යයි කියලා බුදුහාමුදුරුවොත් දේශනා කරල තියෙනවා. ඉතින් ලෝකයට මින් අනතුරුව මොනවගේ දේවල් වෙයිද කියලා කියන්න අපි දන්නෙ නැ.

ලෝකයට මේ වගේ දෙයක් වෙයි කියලා අපි හීනෙකින්වත් හිතුවද? මුළු ලෝකයේම ආර්ථිකය කඩන් වැටිලා. සමහර විට අපි මේ ගෙවන්නේ ලෝකයේ අදුරු යුගයකද දන්නේ නෑ. ඒත් මතක තියාගන්න අදුරු යුගයකට පස්සේ එන්නේ ආලෝකමවත් යුගය.