Hela Rahas

Hela Rahas Official Web Portal

ලෝකයේ අධික ආරක්ෂාවක් ඇති ස්ථාන 6 ක්

සංචාරයට කොතරම් ආශා කෙනෙක් වුණත් ලෝකයේ සෑම ආකර්ෂණීය තැනකටම යාමේ වරම අපි හැමෝටම ලැබෙන්නේ නැහැ. ඇතැම් විට ඔබට කොතරම් මුදල් තිබුණත් ඇතැම් ස්ථාන සියැසින් දැකගැනීමට ඔබට අවසර ලැබෙන්නේ නැහැ. ලෝකයේ එවන් සංචරණ සීමා යෙදූ සහා සංචාරකයින් හට සපුරා තහනම් කරන ලද ආකර්ෂණීය ස්ථාන කිහිපයක්ම ඇත.කිසිවෙකුට ඇතුල් විය නොහැකි ලෝකයේ ඇති රහසිගතම ස්ථාන 6 ක් ගැනයි මේ තොරතුරු.

1.ග්ලෝබල් සීඩ් වෝල්ට් නම් බීජ සුරක්ෂිතාගාරය (Svalbard Global Seed Vault), ස්වල්බෝර්ඩ්-නෝර්වේ

  • මෙම ස්ථානය විවෘත කරන ලද්දේ 2008 වසරේ ස්පිට්ස්බර්ගන් දුපතේදීය. බීජ සාම්පල මිලියන 250 කට අධික ප්‍රමාණයක් මෙම ස්ථානයේ ගබඩාකර ඇත. මිනිසුන් හට ඕනෑම ශාක වර්ගයක් ප්‍රතිෂ්ඨාපනය කරගැනීම පහසු වීම සඳහා මෙය ඉදි කර ඇත. භූමි කම්පා ක්‍රියාකාරීතවයන් නොමැති වීම සහ මුහුදු මට්ටමට වඩා වැඩි උසකින් පිහිටා තිබීම වැනි හේතුන් නිසා මෙම දූපත බීජ ගබඩා කර තැබීම සඳහා ප්‍රායෝගිකවම වඩාත්ම සුදුසු ස්ථානයක් වි ඇත.

2.හැවෙන්කෝ ( HavenCo), සීලන්තය

  • මෙම දත්ත මධ්‍යස්ථානය සීලන්තයේ දී විවෘත කර ඇත්තේ 2000 වසරේදීය.එහි හිමිකරු හැවෙන්කෝ විසින් බ්‍රිතාන්‍ය නීතියට අනුව එසේ කටයුතු කිරීමට තීරණය කර ඇත. මෙම ස්ථානය 2008 වසරේදි වසා දැමුණු අතර 2013 වසරේදු යලිත් විවෘත කෙරෙණි.

3.පයොනෙන් බංකරය (Pionen bunker) , ස්ටොක්හෝම්-ස්වීඩනය

  • සීත යුද්ධ සමයේ ස්ටොක්හෝම් හි ඉදිකර ඇති මෙම න්‍යෂ්ටික බංකරය පසුකාලීනව ස්වීඩනයේ ප්‍රසිද්ධ අන්තර්ජාල පහසුකම් සැපයුම් ආයතනයකට අයත් අතිශය නවීන කාර්යාල පරිශ්‍රයක් බවට පරිවර්තනය වී ඇත. ගුහාවක් තුල පිහිටි අඩි 90 ක් ගැඹුරින් යුතු, අඩි 3 1/2 ක් ඝනකමින් යුත් දොර‍ටු සහිත මෙම ගොඩනැගිල්ල තුල ඉතා ජනප්‍රිය වෙබ් අඩවි වල දත්ත ‍රැසක් සුරක්ෂිතව ගබඩාකර තිබේ. මෙම බංකරය ඉදිකර ඇත්තේ 1943 දීය. මෙහි ස්ජීවි ශාක, කෘතිම දිය ඇලි සහ අති විශාල මින් මැද්‍රකින් සමන්විතය. සේවකයින් සඳහා හිතකර පරිසරයක් ගොඩනැගීමේ අරමුණින් මේවා සමාගම තුල ඉදිකර ඇතැයි පැවසේ.

4.මැන්විත් හිල් රාජකීය ගුවන් හමුදා මූලස්ථානය (RAF Menwith Hill base) , යෝර්ක්ෂයර්- මහා බ්‍රිතාන්‍ය

  • මෙම ස්ථානය ඉදිකර ඇත්තේ 1954 දීය. ඒ සීත යුද්ධය සමයේදි සංඥා ලබාගැනීමේ අරමුණිනි. නමුත්, වර්තමානයේ මෙම ස්ථානයේ සිදුවන්නේ කුමක්දැයි අනාවරණය වී නැත. කෙසේවෙතත්,මෙම ස්ථානය ලෝකයේ පවතින විශාලතම බුද්ධි තොරතුරු ගබඩාකර ඇති මූලස්ථානය ලෙසයි සැලකෙන්නේ.

5.වතිකානුවේ රහසිගත සංරක්ෂණාගාරය (Vatican secret archives)

  • ලෝකයේ ඇති අතිශයින්ම රහසිගත පුස්තකාලය ලෙස හඳුන්වන්නේ මෙයයි. ගත් වන සියවසේ සිට මේ දක්වා කටයුතු කල සියලු පාප්වහන්සේලාට අයත් ලිපි ලේඛන ආදිය ගබඩා කර ඇත්තේ මෙහිය. විශේෂිත අවසරයක් ඇති පර්යේෂණ නිලධාරියෙකුට පමණක් මෙම ලේඛනාගාරයට ඇතුල් වීමේ හැකියාව ඇත. නමුත් එම අවසරය ලබාගැනීමම ඉතා අසීරු කාර්යක් ලෙස සැලකේ.

6.බෝල්ඩ් ලේන් මෝටර් රථ ගාල (Bald Lane car park) , ඩර්බිෂයර්-මහා බ්‍රිතාන්‍ය

  • මෙම මෝටර් රථ ගාල ලෝකයේ ඇති ආරක්ෂිතම ස්ථාන අතරින් එකක් ලෙස සැලකේ. තම රථය ගාල් කරන ලද අවකාශයට සමමුහුර්ත වන විශේෂ තීරු සංකේත ‍රැගත් ටිකට්පතක් රියදුරා වෙත නිකුත් කෙරෙනු ලැබේ. සෑම මෝටර් රථයක් යටින්ම චලන සංවේදක උපකරණයක් (Movement sensors) තබා ඇති අතර අනවසරයෙන් යම් පුද්ගලයෙකු මෝටර් රථය චලනය කලේ නම් එහි ඇති අනතුරු හැඟවීමේ සංඥා ක්‍රියාත්මක වීමට පටන්ගනියි. එමෙන්ම එම පර්යන්තය නිරීක්ෂක කැමරා 190 ක් යටතේ නිරන්තර පරීක්ෂාවට ලක්වේ.