Hela Rahas

Hela Rahas Official Web Portal

උදරයේ වේදනාව අනුව සෞඛ්‍යය ගැන කියවෙන දේවල් 9ක්

උදරය ආශ්‍රිතව ප්‍රධාන අවයව සහ ස්නායු අන්තයන් රාශියක් පිහිටා තිබෙන නිසා උදරයේ විවිධ තැන් වල පීඩාකාරී වේදනා-කැක්කුම් ස්වභාවයන් ඇතිවීමට බොහෝ හේතු සාධක පවතියි.සිරුරට අහිතකර ආහාර පාන වර්ග, අධික ලෙස ආහාර පරිභෝජනයට ගැනීම, දුම්පානය සහ ඇතැම ඖෂධ වර්ග හේතුවෙන් ආමාශයේ තුවාල,පිත්තාශ්ම හා පපුවේ දැවිල්ල වැනි තත්වයන් පවා ඇතිවිය හැකියි. බඩේ දැවිල්ල ගතිය, උදාසීන බව, තියුණු වේදනාව හෝ මස් පිඬු පෙරළීම් නිසා ඇතිවන කැක්කුම් වැනි පීඩාවන් දැනෙන ස්ථානය අනුව ඔබේ සෞඛ්‍යයේ වත්මන් තත්වය ගැන යම් අදහසක් ලබාගත හැකියි.ඒ අනුව වේදනාව-කැක්කුම දැනෙන ප්‍රදේශය නිශ්චිතව හඳුනාගනිමින් කඩිනමින් ප්‍රතිකාර වෙත යොමුවීම වඩාත් නුවණට හුරුය.

1.ඉහළ උදර ප්‍රදේශයේ වේදනාව: අධික ලෙස ගෑස් එකතුවීම

  • මෙම ප්‍රදේශයේ එතරම් ප්‍රබල නොවන වේදනාවක් සහ බඩ පිපුම් ස්වභාවයක් දැනේ නම් එය බොහෝ දුරට අධික ලෙස ගෑස් එකතුවීම නිසා විය හැකියි. තරංග ආකාරයෙන් වේදනාව මතුවීම, ආමාශය ඉදිමීම, බඩේ යමක් චලනය වෙමින් පවතින ගතියක් දැනීම , උගුරට ඒම හෝ වාතය පිටවීම වැනි ලක්ෂණද ඒ සමඟ පහළ විය හැකියි.
  • හේතු: ඉක්මනින් ආහාර කෑම සහ වේගයෙන් ගිලීම නිසා මෙවැනි ස්වභාවයක් දැනීමට පටන්ගත හැකියි. බුබුල් සහිත පාන වර්ග, බියර්, කිරි නිෂ්පාදන, සහ බෝංචි වැනි ආහාර පාන ගැනීම හේතුවෙන් ආමාශයේ වැඩිවශයෙන් ගෑස් ඇතිවීම සිදුවේ.ඉහත සඳහන් ලැයිස්තුවේ අඩංගු ආහාර පාන වර්ග අඩුවෙන් පරිභෝජනයට ගැනීමෙන් එවැනි අපහසුකාරි තත්වයන් ඔබට ඇති නොවේවි.

2.පපු ප්‍රදේශයේ පහළ කොටසේ හෝ උදරයේ ඉහළම කොටසේ ඇතිවන වේදනාව: පපුවේ දැවිල්ල (heartburn)

  • පපුවේදැවිල්ල (අම්ල ප්‍රතිවාහ) හටගන්නා විට පපුවේ පහළ ප්‍රදේශය සහ උදරයේ ඉහළ ප්‍රදේශය පිලිස්සීමට ලක්වෙනවා මෙන් දැනෙන්නට පටන්ගනියි.එමෙන්ම උගුරේ දැවිල්ල ඇතිවිය හැකි අතර අමුතු අම්ල රසයක් උගුරට දැනීමට පටන්ගනියි.
  • හේතු: පපුවේදැවිල්ල ඇත්කරවන ආහාර පාන වර්ග අතර තෙල් සහ මිරිස් අධික ආහාර පාන, රතු වයින් ඇතුලු මත්පැන්, අමු ලූණු, චොකලට්, පැඟිරි පලතුරු, කෝපි සහ කැෆේන් අඩංගු බීම වර්ග ප්‍රධාන වශයෙන් බලපෑම් ඇතිකරන ආහාර පාන වර්ග වේ. දුම් පානය වැනි පුරුදු නිසා පපුවේ දැවිල්ල තත්වය වඩාත් දරුණු අතට පවා පත්විය හැකියි.
  • අධික ලෙස ආහාර පාන ගැනීම නවත්තන්න. විශාල ප්‍රමාණයෙන් ප්‍රධාන ආහාර වේල් 2-3 ක් පමණ ගන්නවාට වඩා කුඩා ප්‍රමාණවලින් දිනකට ආහාර වේල් 5-6 ක් පමණ ලබාගන්න. උදර ප්‍රදේශයට පීඩනය එල්ල වීම වළක්වාගැනීමට ඇඟට තද ඇඳුම් ඇඳීමෙන් වළකින්න. ලිහිල් ඇඳුම් භාවිතා කරන්න. දුම් බීමෙන් වළකින්න.

3.ඉහළ උදර ප්‍රදේශයේ හටගන්නා තියුණු වේදනාව: වණ/තුවාල (ulcers)

  • මෙම ප්‍රදේශයේ ඇති වන තීව්‍ර වේදනාව බොහෝ විට ඇතිවීමට හේතුව මෙසේ ආමාශය වණ වීම විය හැකියි. ආමාශ බිත්ති වලට සිදුවන හානි නිසා වණ හටගැනීම සිදුවිය හැකි අතර ඇතැම් වේදනා නාශක ඖෂධ වල ප්‍රබල බවෙහි බලපෑම නිසාද මේවා හටගත හැකියි. ආමාශයේ වණ හටගෙන ඇතිවිට පහළ විය හැකි වෙනත් රෝග ලක්ෂණ වන්නේ: ආහාර රුචිය සම්බන්ධ වෙනස්කම් ඇතිවීම, ඔක්කාරය, තද පැහැති හෝ රුධිරය සමඟ මලපහ පිටවීම, අහේතුකව බර අඩුවීම, වමනය සහ පපුවේ වේදනාව වැනි ලක්ෂණයි.
  • හේතු: ඇස්ප්‍රින්, ඉබුප්‍රොෆේන් හෝ වෙනත් ප්‍රති-ප්‍රදාහක ඖෂධ වර්ග නිතර භාවිතා කිරීම, දුම්පානය සහ අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහිවීම නිසා ආමාශයට දැඩි ලෙස හානිවි තිබීම වැනි හැතු නිසා ආමාශයේ තුවාල හටගනියි.මත්පැන් පානය කිරීම සීමා කිරීම හෝ හැකිනම් වැළකී සිටීම වඩාත් උචිතයි. වේදනා නාශක භාවිතය සීමා කරන්න. ආහාර ගැනීමට පෙර දෑත් සෝදා පිරිසිදු කරගන්න. සම්පුර්ණ ධාන්‍ය පෝෂණය , එළවළු සහ පලතුරු වැඩිපුර ආහාරයට එක්කරගන්න. දුම්පානය නතරකරන්න.

4.ආමාශයේ මස් පෙරළීම සහ බඩ පිපුම : පීඩාකාරි අන්ත්‍ර සින්ඩ්‍රෝමය (Irritable bowel syndrome තත්වය)

  • ඔබේ ආහාර ජීර්ණ පද්ධතිය වඩාත් සංවේදී එකක් නම් මෙම පීඩාකාරි බඩ පෙරළුම් සහ බඩ පිපුණු ගතිය ඔබට හොඳින් දැනීමට පටන්ගනියි. එය බොහෝ දුරට irritable bowel syndrome නමින් හඳුන්වන පීඩාකාරි අන්ත්‍ර සින්ඩ්‍රෝම තත්වය විය හැකියි. මෙම රෝග තත්වයේදි ඇතිවිය හැකි බලපෑම් ප්‍රධාන වශයෙන් සම්භාවිතා දෙකකි. එනම් ඔබේ ආහාර ජීර්ණ පද්ධතිය වඩාත් වැඩි වේගයකින් ක්‍රියාකාරිවීමට පටන්ගනිමින් ක්‍රමයෙන් අතීසාරය වැනි රෝග තත්වයක් හටගත හැකිය. නැතිනම් ජිර්ණ ක්‍රියාවලිය අතිශයෙන්ම මන්දගාමි වී යාම සහ ඒ හේතුවෙන් මලබද්ධය හටගත හැකියි.
  • හේතු: මෙම IBS තත්වය හටගැනීම සඳහා බලපාන හේතු සාධක පැහැදිලිව තවමත් හඳුනාගෙන නොමැත. නමුත් මෙම තත්වය හටගැනීමට ආමාශයික-ආන්ත්‍රීය මාර්ගයේ අසාමාන්‍ය චලන ක්‍රියාවලින්, මොලය සහ ආමාශයික-ආන්ත්‍රික මාර්ගය අතර පවතින සන්නිවේදන සබඳතාවට බාධා එල්ල වීම වැනි හේතු කිහිපයක සංයෝගි බලපෑම් නිසා මෙම තත්වය හටගන්නා බව විශ්වාස කෙරේ.ඔබ ආසාත්මිකතාව, සංවේදීතාවක් දක්වන ආහාර පාන වර්ග මොනවාද කියා සැලකිලිමත් වීම වැදගත් ය. ඒවා හඳුනාගනිමින් පරිභෝජනය හැකිතාක් අවම කිරීම ඔබේ සෞඛ්‍යට වඩාත් හිතකර වේවි.

5.ආමාශයේ මස් පෙරළීම සහ පාචනය : ඡඨර-ආන්ත්‍රදාහය (Gastroenteritis)

  • බඩේ තියුණු වේදනාව, මස් පිඬු පෙරළීම, දියර ස්වභාවයෙන් (රුධිරය සමඟ නොව) මලපහ පිටවීම,ඔක්කාරය-වමනය, විටින් විට හටගන්නා මස්පිඬු වල කැක්කුම්, හිසරදය හෝ මද උණ ගතියක ඇතිවී තිබීම වැනි රෝග ලක්ෂණ පහළ වී ඇත්නම් එම තත්වය බොහෝ දුරට ජඨර-ආන්ත්‍රදාහය විය හැකියි.
  • හේතු: පිළුණු ආහාර සහ අපිරිසිදු ජලය ශරීරගත වීම නිසා මෙම රෝග තත්වය බොහෝ දුරට ආසාදනය විය හැකියි. එමෙන්ම ආසාදිත පුද්ගලයෙකුගේ තුවා වැනි පෞද්ගලික දේ සහ වෙනත් බඩු භාහිරාදිය භාවිතා කිරීමෙන් මෙම තත්වය ඔබට ආසාදනය විය හැකියි.මෙවැනි තත්වයක් ආසාදනය වීම වළක්වාගැනීමට නම් නිසි පරිදි එන්නත් ලබාගැනීම සිදුකරන්න. ආහාර ගැනීමට පෙර දෑත් හොඳින් සබන් යොදා සෝදාගන්න. තමාගේ පෞද්ගලික පරිහරණයට අවශ්‍ය දේ වෙන් වෙන්ව තබාගන්න. නිව්සෑ ඇති මතුපිට ස්ථානවල රෝග කාරක විෂබීජ විනාශ වන සේ නිරතුරුව පිරිසිදුව තබාගන්න.

6.වේදනාව සහ අජීර්ණය : ලැක්ටෝස් නොඉවසීම (Lactose intolerance)

  • මෙය කිරි ඇතුලු කිරි ආශ්‍රිත නිෂ්පාදන පරිභෝජනය කල විට එහි අඩංගු ලැක්ටෝස් නම් සීනි සංඝටක ඇතැම් පුද්ගලයින්ගේ ශරීර වලට ජීර්ණය කිරීම අපහසුවීම නිසා ඇතිවන තත්වයකි. බඩේ වේදනාව සහ බඩ පිපුම හටගැනීම බොහෝ විට ලැක්ටෝස් නොඉවසීමේ තත්වයේ රෝග ලක්ෂණ වේ. මේ හේතුවෙන් පාචනය, ගෑස් වැඩිවීම හෝ මලබද්ධය පවා ඇතිවිය හැකියි. හිසරදය, වෙහෙසකර බව, මාංශ පේශී සහ සන්ධි වල වේදනාව. කටේ වණ ඇතිවීම සහ මූත්‍රා පිටකිරීමේදී ගැටලු ඇතිවීම වැනි තවත් රෝග ලක්ෂණ ද මේ සමඟ පෙන්නුම් කල හැකියි.
  • හේතු: ලැක්ටෝස් නොඉවසීම වැනි තත්වයන් ඇතිවීමට සාමාන්‍යයෙන් හේතුවන්නේ අන්ත්‍ර මඟින් නිපදවෙන ලැක්ටේස් එන්සයිම ඌනතාවයි. ඒවා මඟින් ලැක්ටෝස් කුඩා සීනි කොටස් දෙකකට (ග්ලූකෝස් සහ ගැලැක්ටෝස්) ඛණ්ඩනය කරමින් අන්ත්‍ර තුලින් ලැක්ටෝස් අවශෝෂණය කරගැනීමට ඉඩහරියි. ඒවා නොමැති වූ විට අන්ත්‍ර වලට එම ක්‍රියාව අපහසු වේ.
  • ඔබ ලැක්ටෝස් වලට ප්‍රතිරෝධය දක්වන පුද්ගලයෙකු බව අවබෝධයක් ලැබී ඇත්නම් නම් ලැක්ටෝස් රහිත ආහාර රටාවකට හුරුවීමට පටන්ගැනීම ඔබට වඩාත් හිතකර වේවි. කිරි නිෂ්පාදන සීමා කිරීම නිසා සිරුරට ලැබිය යුතු කැල්සියක්, ප්‍රෝටීන් ඇතුලු වෙනත් අත්‍යවශ්‍ය පෝෂක සපුරාගැනීමට බ්‍රෝකෝලි. ගෝවා, ටූනා, සැමන් වැනි මාලු වර්ග, සෝයා කිරි වැනි ආහාර වර්ග ඔබේ ආහාර වේලට එක්කරගන්න.

7.ගෑස් ගතිය, නිදන්ගත අතීසාරය, බඩ පුපුම : ග්ලූටන් නොඉවසීම (Lactose Gluten intolerance)

  • අතීසාරය, මලබද්ධය, දැඩි දුගඳකින් යුතුව මලපහ පිටවීම, බඩ පිපුම, උදරය ආශ්‍රිත වේදනාව, චර්ම ගැටලු හටගැනීම, අහේතුකව සිරුරේ බර අඩුවීම සහ මානසික අවපීඩනය වැනි ලක්ෂණ ග්ලූටන් නො ඉවසුම් තත්වය ආශ්‍රිතව මතුවන රෝග ලක්ෂණයි.
  • හේතු: ග්ලූටන් වලට ප්‍රතිරෝධතාවක් දක්වන පුද්ගලයින් තුල පාන්, පැස්ටා වැනි තිරිඟු අඩංගු ආහාර වර්ග, ආහාර නොවන තිරිඟු ආශ්‍රිත අමුද්‍රව්‍යයන්ගෙන් සකසන නිෂ්පාදන( play-Doh වැනි), ඇතැම් ග්ලූටන් අඩංගු රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතා කිරීමෙන් ඉහත සඳහන් රෝග ලක්ෂණ පහළ වීමට අවදානමක් ඇත.ග්ලූටන් වලට දක්වන සංවේදිතාව පාලනය කරගැනීම සඳහා තිරිඟු අඩංගු ආහාර පාන වර්ග පරිභෝජනයෙන් වළකින්න. සිදුකල හැකි ප්‍රතිකාර ක්‍රම සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

8.ඉහළ උදර ප්‍රදේශයේ දකුණු පැත්තේ (උරහිසට යටින්) හටගන්නා තියුණු වේදනාව : පිත්තාශ්ම (gallstones)

  • පිත්තාශ්ම හෙවත් පිත්තාශයේ එකතු වන ගල් හඳුනාගැනීම එතරම් පහසු නැත. බොහෝ දුරට ඒවා සෑදී තිබෙන බව දැනගත හැක්කේ ඒවා ප්‍රදාහයට ලක්වී තිබීම සහ අක්මාවේ සිට කුඩා අන්ත්‍රයට ජීර්ණක යුෂ ‍රැගෙන යන නාළයක ඒවා සිරවී තිබීමෙනි. මෙම තත්වය ආශ්‍රිත රෝග ලක්ෂණ ලෙස ඉහළ උදරයේ දකුණු පස එක්වරම හටගන්නා තියුණු වේදනාව, උණ ගතිය, වෙව්ලීම සහ ඔක්කාරය වැනි ලක්ෂණ පහළ විය හැකියි.
  • හේතු:පිත්තාශ්ම සෑදීම කෙරෙහි බලපාන අවදානම් සාධක කිහිපයකි: ස්ථූලතාව සහ සිරුරේ අධික බර, ව්‍යායාම නොමැතිව එකම තැනක සිටීම, ගර්භනිබව, අධික-මේද සහ අධික-කොලෙස්ටරෝල් අගයක් ඇති ආහාර නිතර පරිභෝජනය, තන්තු අඩංගු ආහාර ප්‍රමාණවත් ලෙස පරිභෝජනය නොකිරීම, ආරය හෙවත් ප්‍රවේණි බලපෑම්, දියවැඩියා තත්වය නිසා සහ ඊස්ට්‍රජන් අඩංගු ඇතැම් ඖෂධ වර්ග භාවිතය (උපත් පාලක පෙති හෝ හෝමෝන චිකිත්සා ඖෂධ) .
  • පිත්තාශයේ ගල් හටගැනීම වළක්වාගැනීම මේ සරල පියවර කිහිපය අනුගමනය කරන්න. ආහාර වේල් මග නොහරින්න, බර නීරෝගි අගයකින් නිසි පාලනයකින් යුතුව පවත්වාගන්න, අධික ස්ථූලතාව මෙන්ම සිරුරේ අඩු බර නිසා ඔබේ සිරුර අවදානමට පත්විමට වැඩි ඉඩකඩක් ඇත. එබැවින් වේගයෙන් බර අඩු කරගැනීමට සිතා ප්‍රබල ලෙස ආහාර පාලනය කිරීමත් එතරම් උචිත නැහැ. නිසි වෙලාවට සමබල පෝෂණයකින් යුතු ආහාර පාන ලබාගනිමින්, ක්‍රියාශිලි දිවි පෙවතක් ගත කරමින් නිරෝගි උසට සරිලන බරක් පවත්වාගන්න.

9.පහළ උදර ප්‍රදේශයේ දකුණු පැත්තේ හටගන්නා වේදනාව : උණ්ඩුක පූච්ඡ ප්‍රදාහය හෙවත් ඇපෙන්ඩිසයිටීස්

  • උණ්ඩුක පූච්ඡ ප්‍රදාහය හෙවත් ඇපෙන්ඩිසයිටීස් තත්වයේදී උණ්ඩුක පූච්ඡය ඉදීමිම සිදුවේ. මෙම බරපතල තත්වය සඳහා කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර කිරීම අවශ්‍ය වේ. නාභිය අසල තියුණු වේදනාවක් දැනිම, උදරය ඉදිමීම, අධික උණ තත්වය සහ වාතය පිටකිරීමේ අපහසුතාව මතුවීම මේ තත්වයේ ප්‍රධාන රෝග ලක්ෂණයි.
  • හේතු: බොහෝ විට මීට බලපාන්නේ උණ්ඩුක පූච්ඡය අභ්‍යන්තරයේ ඇති විවර අවහිර වී යාම, ආමාශයික-ආන්ත්‍රික මාර්ගයේ හෝ සිරුරේ වෙනත් ස්ථානයක ඇතිවී තිබෙන ආසාදනයක බලපෑමෙන් එහි බිත්ති පටක විශාලනය වී තිබීම, පරපෝෂිතයින්ගේ බලපෑම් හෝ ඇපෙන්ඩිසීල් ලූමනය ආසාදනයට ලක්වන සේ හෝ යටිබඩට හානිවන ආකාරයේ හටගන්නා ඇතැම් වර්ධන ස්වභාවයන්.
  • ඇපෙන්ඩිසයිටීස් වැනි තත්වයන් හටගැනීම අපට වැළැක්විය නොහැකියි.නීරෝගි සබමල ආහාර වේලක් ලබාගන්නා, එළවලු සහ පලතුරු වැනි තන්තු පෝෂක වලින් අනූන ආහාර වර්ග පරිභෝජනය කරන, පුද්ගලයින් තුල මෙම තත්වය වර්ධනය වීමේ අවදානම ඉතා අඩුය. රෝග ලක්ෂණ ගැන සැක ඇත්නම් වෛද්‍යවරයෙකු වෙත යොමු වී ඔබේ තත්වය පරික්ෂා කරගන්න. නිසි පරිදි ප්‍රතිකාර ලබාගන්න.