Hela Rahas

Hela Rahas Official Web Portal

තනියම සිටින විට සිදුවිය හැකි අනතුරු වලින් බේරීමට ක්‍රම 6ක්

කාත් කවුරුත් නොමැති අවස්ථාවක ඔබට අනතුරක් ඇතිවුවහොත් පිරිසක් තලයේ ඉන්නා විට දැනෙන බියටත් වඩා වැඩියෙන් ඔබ බියට පත්වෙන්නට ඉඩ තිබෙනවා. ඊට හේතුව තමයි ඔබට කිසිවෙකුගේ උපකාරයක් නොලැබෙන බව ඔබට සිහිපත් වීම.එවැනි අවස්ථාවකදි ඔබේ පිහිටට ඉන්නේ ඔබම පමණයි. ඉතින්, ඔබේ ජීවිතාරක්ෂාව සලසා ගැනීමට නම් ඔබ එවැනි අවස්ථාවක දි සිදුකල යුතු දේ නොකළ යුතු දේ පිලිබඳව පුර්ව දැනුමක් ලබා තිබීම ඔබට බොහෝ ප්‍රයෝජනවත් වේවි.

1.උගුරේ යමක් සිරවුණොත්

  • උගුර සිර වීම නිසා සිදුවන හුස්ම අවහිර වීමෙන් මොලයට ඇති ඔක්සිජන් සැපයුම අඩාල වේ.ඔබ තනිවම සිටින අවස්ථාවක මෙසේ වුවහොත් පහත ක්‍රමය භාවිතා කිරීමට උත්සාහ කරන්න.
  • අත තදින් මිට මොළවා නාභියට මදක් ඉහළින් තබාගන්න.
  • අනෙක් අතින් එම අත ආවරණය කර පු‍ටු හිසට උඩින් පහළට නැවෙන්න
  • මිටමොළවා ගත් අත ඇතුලත දෙසට සහ පිටත දෙසට තල්ලු කරමින් උගුරේ හිරවී ඇති වස්තුව ඉහළට ගැනීමට උත්සාහ කරන්න.

2 හයිම්ලික් මැනුවර්’ ක්‍රමය

  • ඔබට පහසු අත මිට මොළවාගන්න.
  • මිටමොළවාගත් අත ඉළ ඇට කූඩුවට පහළින් පිහිටි නාභියට ඉහළින් පිහිටි උදර ප්‍රදේශයට එරෙහිව තද කරන්න. ඔබේ අනෙක් අතින් මිටමොළවාගත් අත ආවරණය කරගන්න.
  • උගුරේ සිරවුණු දේ පිටතට එන තුරු මෙසේ ප්‍රබල සහ වේගවත් තෙරපුම් උදර ප්‍රදේශයට එරෙහිව එල්ලකරන්න.

3.හෙඩ්- ඩවුන්’ හෙවත් හිස පහළට කරගෙන සිටීමේ ඉරියව්ව

  • මෙය වසර 1 ට අඩු දරුවන් සඳහා නිර්දේෂිත් ක්‍රමයකි. ඉහත ක්‍රම වලින් ප්‍රතිඵලයක් නොලැබුණේ නම් මේ ක්‍රමය උත්සාහ කරන්න.
  • අත් වලට බර දෙමින් රූපයේ ආකාරයෙන් පොළොවට ලම්භකව නැවෙන්න.
  • තවත් උපක්‍රමයක් ලෙස, පු‍ටුවක් මත පාද ඉහළට සිටින සේ දණහිස් වලින් පහළට නැවී සිටිමින් උගුරේ සිර වූ දෙය පිටතට ගැනීමට උත්සාහ කල හැකිය.

2.විදුලි හෝ තෙල් නිසා සිදුවන ගිනි ගැනීමකදී

  • විදුලි ගිනි ගැනීම් හෝ තෙල් නිසා සිදුවන ගිනිගැනීම් ලැව් ගිනි වලට වඩා වෙනස් බැවින් ගින්න පාලනය කිරීමට ජලය පමණක් ප්‍රමාණවත් නොමැත.
  • ආහාර පිසිමින් සිටි බඳුන ඇල්ලීමට හෝ චලනය කිරීමට නොයන්න. එය තිබෙන ස්ථානයෙම තිබෙන්නට හරින්න.
  • උඳුන නිවා දමන්න. අතට සිදුවිය හැකි අනතුරු වළක්වාගැනීමට අත් වැස්මක් භාවිතා කිරීමට සැලකිලිමත් වන්න.
  • ලෝහ්මය පියනකින් ගිනි දැල් ආවරණය කරන්න. මෙහිදී සෙරමික් වර්ගයේ පියනක් භාවිතා කිරීමෙන් වළකින්න.
  • කුඩා ගින්නක් පාලනය කිරීමට නම් ගිනි ගන්නා බඳුන මතට බේකිං සෝඩා දමන්න. ලුණු ද මේ සඳහා භාවිත කල හැකියි. නමුත්, බේකිං පවුඩර් මේ සඳහා භාවිතා නොකල යුතුයි.
  • තුවායකින් හෝ රෙදි කැබැල්ලකින් ලිපට ගසමින් ගින්න නිවීමට උත්සාහ නොකළ යුතුයි. ජලය භාවිතා කිරීමෙන් ද වළකින්න.

3.හෘදයාබාධයක් ඇතිවන විට හැසිරිය යුතු අයුරු

  • හෘදයාබාධ තත්වයක පූර්ව ලක්ෂණ ඔබට දැනෙන්නේ නම් , හෝ එසේ සිදුවිය හැකි බවට ඔබට සැකයක් ඇති වේනම් පහත පියවර අනුගමනය කරන්න.
  • ඔබ කරමින් සිටින දේ නතර කරන්න (විශේෂයෙන්ම ඔබ රිය පදවමින් හෝ ව්‍යායාම වල නිරතවෙමින් සිටියි නම්)
  • පළමුව සෞඛ්‍ය අංශයක් දැනුවත් කරන්න (ගිලන් රථ සේවය). ඉන් අනතුරුව ඔබේ මිතුරෙකුට හෝ පවුලේ සාමාජිකයෙකුට දන්වන්න.
  • රුධිර සංසරණය වැඩිවෙන සේ දණහිස් මදක් ඉහළට එසවී ඇති ආකාරයෙන් වාඩි වෙන්න.කොඳු ඇට පෙළේ අග වූ අනුත්‍රිස්කාස්ථිය බිත්තියේ සිට අඟල් කිහිපයක් ඈතින් පිහිටිය යුතුය. සිටගෙන නොසිටින්න.

4.ගින්නක දී ඔබව ආරක්ෂා කරගත යුතු ආකාරය

  • සෙමින් ගැඹුරු ලෙස හුස්ම ගැනීම සිදුකරන්න.
  • දුම ආග්‍රහණය වීම වළක්වාගැනීමට හැර්කි තරම් පහළට නැවී බඩගාමින් පිටවීමේ දොර‍ටුවක් අසලට යාමට උත්සාහ කරන්න.
  • රෙදි කැබැල්ලකින් නාසය ආවරණය කරගනිමින් දුම ශ්වසන මාර්ගයට ඇතුල් වීම වළක්වාගන්න.
  • ඇඳුමට ගිනි ඇවිලුණහොත් වහාම නතර වන්න, බිම වැතිරෙන්න, වේගයෙන් බිම පෙරලෙන්න.

5.කැලයක සංචාරය කරන විට ආයුධයක් නොමැතිව කෑන් එකක් විවෘත කරගන්න ක්‍රමය

  • පිහියක් නොමැතිව කෑන් එකක් විවෘත කරගන්නා ආකාරය
  • පැතලි පාෂාණ මතුපිටක් සොයාගන්න.
  • කෑන් එකේ පියන පහසුවෙන් විවෘත වි යන තුරු එය පාෂාණ මතුපිට මත අතුල්ලන්න.

6.මෝටර් රථ අනතුරකදී හැසිරිය යුතු ආකාරය

  • රිය පදවන අතරේදී, ඔරලෝසු මුහුණතේ ඉලක්කම් 10 සහ 2 දැක්වෙන ස්ථාන ආකාරයෙන් ඔබේ දෑත් සුක්කානම මත තබාගෙන සිටින්න.
  • මෝටර් රථය යමක ගැටීමේදි එහි එයාර් බෑග් පද්ධතිය ක්‍රියාත්මක වීම සිදුවේ. බරපතල අනතුරක් වුව සිදුවිය හැකි බැවින් සුක්කානම අවහිර කිරීම සිදුනොකරන්න. බලපෑම සිදුවන අවස්ථාවදී සුක්කානම මත ඔරලෝසු මුහුණතේ ඉලක්කම් 9 සහ 3 ආකාරයෙන් දෑත් තබාගෙන සිටීම ආත්මාරක්ෂාව සලසාගත හැකි අලුත්ම ක්‍රමයක් බව ඇතැම් විශේෂඥයින් නිර්දේෂ කරති.
  • කුද වී හෝ හිස නවාගෙන හෝ සිටීමෙන් වළකින්න. වාහනයේ ආරක්ෂක පද්ධතිය නිර්මාණය කර ඇත්තේ රිය ධාවනය කරමින් සිටින ඉරියව්වේදි රියදුරා හට ආරක්ෂාව සැලසීමට බැවින් හැකිතාක් සාමාන්‍ය රිය ධාවන ඉරියව්වේම ‍රැඳි සිටීමට උත්සාහ කරන්න.