Hela Rahas

Hela Rahas Official Web Portal

සිරුරේ ඇතිවන පීඩාකාරී ස්වභාවයන් සුව කරන ක්‍රම 12ක්

වේදනා-කැක්කුම් තත්වයන් ඇතුලු සිරුරේ ඇතිවන පීඩාකාරී ස්වභාවයන් සුවපත් කරගැනීමට උපකාරී වන ස්වභාවික ප්‍රතිකාර ක්‍රම කිහිපයක් ගැනයි මේ කියන්න සූදානම.

1.කොන්දේ කැක්කුම

  • කොන්දේ පහළ ප්‍රදේශයේ විශේෂ නිල තෙරපුම් ලක්ෂ්‍යයන් පිහිටා ඇත.උදාහරණයක් ලෙස, ඉනටියට පහළින් සහ කළවා ප්‍රදේශයට ඉහළින් ඇති ලක්ෂ්‍යයන් වෙනත් කෙනෙකු ලවා මෘදුව සම්බාහනය කරවාගන්න. මෙමඟින් ඔබට තාවකාලික සහනයක් ලබාගත හැකියි.
  • පවුලේ වෙනත් කෙනෙකු ලවා මද්‍යසාර ස්වල්පයක් භාවිතා කර කොඳු ප්‍රදේශය සම්බාහනය කරවා ගන්න.සම්බාහනය කිරීමට පෙර සම හොඳින් පිරිසිදු කරගෙන සිටින්න. මද්‍යසාර ස්වල්පයක් ඉසගනිමින් සමට ඒවා උරාගන්නා සේ මෘදුව සම්බාහනය කල යුතුයි.
  • සුවඳ සඳුන් තෙල් ස්වල්පයක් භාවිතා කරමින් ද මෙම සම්බාහනය සිදුකල හැකියි.
  • උණුසුම් සහ සීත පැක් වර්ග භාවිතයෙන් සම්බාහනය කරගත හැකියි. වරින් වර උණුසුම් සහ සීත පැක් මාරුවෙන් මාරුවට භාවිතා කරමින් මිනිත්තු 20 ක් පමණ කොන්ද ප්‍රදේශය සම්බාහනය කරගන්න( අයිස් පැක් එක තුවායකින් ආවරණය කර සම මත තබන්න)
  • ජලය ලීටර් එකකට විනාකිරි මි.ලී.250 ක් සහ රෝස්මරි මේස හැඳි 2 ක් දමා උණුකරගන්න. මිනිත්තු 5 ක් පමණ තිබෙන්නට හැර තුවායක් එහි පොඟවමින් වේදනාව දැනෙන ප්‍රදේශය තෙත් කරමින් සම්පීඩනයට ලක්කරන්න.
  • ඔබ භාවිතා කරන මෙට්ටය අධික තදබවකින් තොර සහ අධික මෘදු බවකින් ද තොර එකක් විය යුතුයි. පැත්තකට හැරී නිදාගන්නා විට ඔබේ දණහිස් අතරින් කොට්ටයක් තබාගන්න.
  • උඩු අතට වැතිරී නිදාගන්නා විට කොට්ටයක් දණහිස් යටින් තබා නිදාගන්න. ඇ‍ඳෙන් නැගිටින විට පළමුව පැත්තකට ඇලවි වැතිරෙන්න. පාද පොලොව දෙසට පහත්කරන්න, ඔබේ සිරුර වාඩි වී සිටින ඉරියව්වට ගෙන එන්න.
  • මේ පියවර අනුගමනය කිරීමෙන් කොන්දේ පහළ ප්‍රදේශයට දැඩි පීඩනයක් එල්ල වීම වළක්වාගත හැකියි.

2.හිසරදය

  • නළලත මත සීතල ජලයේ පෙඟවු රෙදිකඩක්, කෝල්ඩ් පැක් එකක් මිනිත්තු 15 ක් පමණ තබාගෙන සිටින්න.
  • මි පැණි මේස හැඳි 1 ක් සමඟ සුදුලූණු බිකි එකක යුෂ මිශ්‍රකර පානය කරන්න. මෙම අත්බෙහෙත මඟින් මොලයේ සංවේදක ප්‍රදේශ නැවත සක්‍රීය කරමින් වේදනාව දුරුකරදමයි.
  • නළලේ දෙකෙළවර අර්තාපල් පෙති 2 ක් මිනිත්තු 30 ක් පමණ තබාගෙන සිටින්න.
  • හිසරදය සුවකරගැනීමට පෙපර් මින්ට් තෙල් මුසු කල තේ කෝප්පයක් පානය කරන්න. කැමොමයිල් තේ පානය කිරීමෙන්ද අපහසුතාව දුරුකරගත හැකියි.
  • ඇඟිලි තුඬු වලින් නළල් ප්‍රදේශය වක්‍රාකාර චලනයකින් සම්බාහනය කරගනිමින් සැහැල්ලු වීමට උත්සාහ කරන්න.

3.නාසය අවහිරවීම

  • කපුරු කොළ කිහිපයක් ජලයට දමා තම්බාගන්න. ගැඹුරු හුස්ම ගනින්මින් එම ජලයෙන් වාෂ්ප අල්ලන්න. මින් ඔබට ඉතා කෙටි කාලයකින් සුවයක් ලබාගත හැකියි වගේම නාසයේ අවහිර වූ ගතිය ලිහිල් වේ.
  • ජලය වීදුරු 1 කට ඇපල් සයිඩර් විනාකිරි මේස හැඳි 2 ක් සහ මී පැණි මේස හැඳි 2 ක් දමා මිශ්‍රකරගන්න. මිනිත්තු 3 ක් පමණ තිබෙන්නට හැර පානය කරන්න.
  • වතුර භාජනයක් බුබුළු නඟින තුරු උණුකරගන්න. තුවායකින් ආවරණය කරගෙන හිස පහත් කරමින් හොඳින් ආශ්වාස කරමින් වාෂ්ප අල්ලන්න.

4.චර්මදාහය

  • ජලය ලීටර් එක්කට ඕට්ස් ග්‍රෑම් 500 ක් පමණ එක්කර මිනිත්තු කිහිපයක් කලවම් කරමින් උණුකරගන්න. මිශ්‍රණය සිසිල් වන තුරු තබන්න. මිශ්‍රණය පොට්ටනියක් ලෙස සකසාගෙන ආසාදිත සම මත ආලේප කරන්න.
  • බඳුනකට කිරි හෝ යෝගට් ස්වල්පයක් එක්කර, එයටම යීස්ට් පවුඩර් ස්වල්පයක් ද එක්කර මිශ්‍රණයක් සාදාගන්න. මෙය ස්වභාවික ක්ලෙන්සර් එකක් ලෙස භාවිතා කල හැකියි.
  • තයිම් කොළ ජලය බඳුනකට දමා උණුකරගන්න. සිසිල් වන තුරු තබා ප්‍රදාහයට ලක් වී ඇති සම මත ආලේප කරගන්න. මෙමඟින් සමේ කසනසුලුබව සහ දැවිල්ල ගතිය දුරුකරගත හැකියි.
  • පුළුන් කැබැල්ලකට ටී ට්‍රී ඔයිල් බිංදු කිහිපයක් දමා සම මත මෘදුව ආලේප කරගන්න.

5.ඉරුවාරදය (මිග්‍රේන්)

  • කෙසෙල් පොත්තකට මද්‍යසාර බිංදු කිහිපයක් දමා මුහුණේ ගල්වා මිනිත්තු 30 ක් පමණ සිටින්න. කෙසෙල් පොතු මඟින් සමේ විෂ අපද්‍රව්‍ය ඉවතට උරාගනිමින් ස්වභාවිකව හිසරදය අවම කරන බව විශ්වාස කෙරේ.
  • දිනකට ආමන්ඩ් ඇට ග්‍රෑම් 100 ක් අනුභව කිරීමෙන් හිසරදය වැනි පීඩාකාරි ස්වභාවයන් අවම කරවන එන්ඩෝර් ‍ෆින් හෝර්මෝන ශ්‍රාවය ඉහළ යාමට හේතුවේ.
  • සිරුර සැහැල්ලු කරවන ගුණය නිසා හිසරදය සහ මිග්‍රේන් තත්වයන් සමනය කිරීමේ අත්බෙහෙතක් ලෙස අතීතයේ පටන්ම කැකොමයිල් තේ භාවිතයේ ඇත.
  • සීනි නොමැතිව කලු කෝපි කෝප්පයක් පානය කිරීමෙන් පීඩාකාරි මිග්‍රේන් ස්වභාවය සමනය කරගත හැකියි. කැෆේන් යනු ප්‍රබල රුධිර වාහිනි ප්‍රසරකයකි.
  • අඳුරු නිශ්ශබ්ද කාමරයක් තුලට වී මදක් විවේක ගන්න. මාරුවෙන් මාරුවට නළල මත උණුසුම් සහ සීත ජලයෙන් පෙඟවූ රෙදි කැබලි තබන්න. මෙය මිනිත්තු 10 ක් පමණ සිදුකරන්න. මෙම සත්කාරයෙන් හිසේ මාංශ පේශීන් ලිහිල් වී රුධිර සංසරණ ක්‍රියාවලිය වැඩිදියුණු වේ.

6.මලබද්ධය

  • ජලය, ඕට්ස් සහ ලෙමන් ස්වල්පයක් මුසු කර ආහාරයට ගන්න.
  • උදර ප්‍රදේශයේ සම මත පිරිසිදු ඔලිව් තෙල් ස්වල්පයක් ගල්වා දිනපතාම කවාකාරව දක්ෂිණාවර්තව සම්බාහනය කරගන්න.පොත්ත ඉවත් කල ඇපල් ආහාරයට ගන්න. එමඟින් ජීර්ණ ක්‍රියාවලිය පහසුවේ.
  • දොඩම් සහ කිවි යුෂ පානය උදෑසන අවදිවි හිස්බඩ පානය කරන්න. එමඟින් ජීර්ණ ක්‍රියාවලිය උත්තේජනය වීමට ප්‍රමාණවත් තන්තු ප්‍රමාණයක් ආමාශයට ලැබෙන අතර මලබද්ධය ක්‍රමයෙන් දුරුකරගත හැකියි.

7.උදරාබාධ, අජීර්ණය, පපුවේ දැවිල්ල

  • කැමොමයිල් තේ පානය කරන්න. ඉන් උදර මාංශ පේශීන් ලිහිල් කර වේදනාව දුරු කරයි.
  • චිකන් සුප් කෝප්පයක් පානය කරන්න. මේද ඉවත් කර ලෙමන් යුෂ ස්වල්පයක් එක්කරගන්න.
  • වේදනාව දැනෙන ප්‍රදේශය මත උණුසුම් පොට්ටනියකින් මිනිත්තු 15 ක් පමණ තවාගන්න.
  • ජලය ලීටර් බාගයකට කුරුඳු,අසමෝදගම්, මින්ට් සහ බැසිල් මේස හැන්දක් බැගින් දමා මිනිත්තු 10 ක් පමණ උණුකරගන්න. සෑම පැය බාගයකට වරක්ම කෝප්පයක් පානය කරන්න. මෙම පානය ඔබේ අපහසුතාව දුරුකරදමයි.
  • වතුර වීදුරු බාගයකට ලෙමන් යුෂ සහ බේකිං සෝඩා තේ හැන්දක් දමා කලවම් කර සෙමින් පානය කරන්න. මෙම පානය සිරුර තුල ස්වාභාවික ප්‍රථ්‍යාම්ලකයක් සේ ක්‍රියාකරමින් පපුවේ දැවිල්ල ස්වභාවය දුරුකරවයි.

8.කැස්ස, උණ , සෙම්ප්‍රතිශ්‍යාව

  • උදෑසන ආහාරය සමඟ දොඩම් යුෂ වීදුරුවක් පානය කිරීමෙන් උණ සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීමට ඇති අවදානම අවම කරගත හැකියි.මී පැණි සහ ලෙමන් යුෂ අඩංගු කැස්ස සිරප් පානය කරන්න.
  • ලෙමන් යුෂ කෝප්ප 2 සහ මී පැණි මේස හැඳි 7 ක් බඳුනකට දමා කලවම් කරගන්න.පැය 1 1/2 ක් පමණ ලිප මත තබා මද ගින්නේ මිශ්‍රණය රත්කරගන්න.
  • සිසිල් වීමට තබා සාදාගත් සිරප් එකෙන් මේස හැඳි 2 සෑම පැයකට වරක්ම පානය කරන්න (පළමු දිනයේදි). ඉන් අනතුරුව දෙවන දිනයේ පටන් සෑම පැය 3 කට වරක්ම මේස හැඳි 1 ක් බැගින් පානය කිරීමට පටන්ගන්න.
  • හෙම්බිරිස්සා උණ වැලඳි ඇත්නම්, උණුසුම් සුප් පානයක් දිනපතාම පානය කිරීමට පටන්ගන්න. එමඟින් උගුරේ වේදනාවන් සමනය වී උණ ගතිය ක්‍රමයෙන් අඩු වී යනු ඇත.

9.කුරුලෑ

  • වතුර බෝතලයකට රෝස පෙති දමාගන්න. එය ශීතකරණය තුල පැය 36 ක් පමණ තිබෙන්නට හරින්න. දිනපතා මුහුණ පිරිසිදු කරගත් පසු ,නින්දට පෙර වැනි අවස්ථා වල මද්‍යසාර බිංදු කිහිපයක් ද මුසු කරමින් රෝස ජලය මුහුණේ ආලේප කරගන්න. මෙම රෝස වතුර බෝතලය ශීතකරණයේම තබාගන්න.
  • බඳුනකට ජලය දමා එයට දොඩම් පොතු කිහිපයක් දමා පැය 24 ක් පමණ ශීතකරණයේ තබන්න. බඳුනේ ඇති දොඩම් පොතු කැබැලි කරගන්න. එයට ඕට්ස් තේ හැඳි 3 ක් සහ සාමාන්‍ය යෝගට් තේ හැඳි 2 ක් දමා මිශ්‍රකරගන්න. මිශ්‍රණය පිරිසිදු කරගත් මුහුණේ ගල්වා මිනිත්තු 5 ක් පමණ තිබෙන්නට හැර සෝදා ඉවත්කරගන්න.
  • ලෙමන් වල පිටපොත්ත කැබලි කරගෙන එයට ජලය දමා මිනිත්තු 3-5 ක් පමණ උණුකරගන්න. මේ ලෙමන් තේ පානය දිනකට දෙවරක් පානය කෑන්න. මෙය ඔබේ සම විෂහරණය කරගැනීමට උපකාර කරයි.
  • මී පැණි සහ කුරුඳු කුඩු ස්වල්පයක් බැගින් දමා මිශ්‍රණයක් සකසා මුහුණේ කුරුලෑ ඇති ස්ථාන වල ආලේප කර මිනිත්තු 10 ක් පමණ තිබෙන්නට හැර සෝදා ඉවත්කරගන්න.
  • ඇපල් සයිඩර් විනාකිරි ස්වල්පයක් ජලය සමඟ මිශ්‍ර කර සෝදා පිරිසිදුකරගත් මුහුණ මත පුළුන් කැබලි ආධාරයෙන් ආලේප කරගන්න. මෙම සත්කාරය ඔබේ මුහුණේ pH අගය සමබර කරගැනීමට මෙන්ම සමේ මැරුණු සෛල ඉවත් කරගැනීමට ද ඔබට උපකාර කරයි.

10.හිසකෙස් ගැලවීයාම

  • පොඩි කරගත් අමු ලූණු සහ සුදුලූණු මිශ්‍රණය සෘජුව හිස්කබල මත ආලේප කරගන්න. මිනිත්තු 20 කට පමණ පසු ලෙමන් යුෂ භාවිතා කරමින් දුගඳ ඉවත්වන සේ හිසකෙස් හොඳින් අතුල්ලාගන්න. පිරිසිදු ජලයෙන් හිස සෝදා පිරිසිදු කරගන්න.
  • කැරට් යුෂ සහ පොල් කිරි ස්වල්පයක් බැගින් දමා මිශ්‍රණයක් සකසාගන්න. මෙය හිසකෙස් වල හොඳින් ආලේප කරගන්න. මෙම ප්‍රතිකාරය මඟින් හිසකෙස් වල ශක්තිමත්බව සහ නීරෝගිබව වැඩිදියුණු කරගත හැකියි.
  • අධික තෙල් ස්වභාවයක් ඇති කෙස් කලඹක් ඇති අයගේ හිසකෙස් ගැලවීයාමේ ගැටලුවට ඇපල් සයිඩර් විනාකිරි එක් හොඳම සත්කාර ක්‍රමයකි.
  • හිසකෙස් බිම්බ (ෆොලිකල්) වෙතට හොඳින් රුධිරය සංසරණය වීමට උත්තේජනයක් සපයයි. ජලය සමඟ ඇපල් සයිඩර් විනාකිරි ස්වල්පයක් මිශ්‍රකර හිස්කබලේ ගල්වා මිනිත්තු කිහිපයක් සම්බාහනය කරගන්න. මිනිත්තු 10 කට පමණ පසු උණුසුම් ජලයෙන් හිස සෝදා පිරිසිදු කරගන්න.
  • කෝමාරිකා මදය ඉවත්කරගෙන ඒවා ජලය බඳුනකට දමා මිශ්‍රකර්ගන්න. මිශ්‍රණය හිස සහ හිසකෙස් වල ගල්වා හොඳින් සම්බාහනය කරගන්න. මිනිත්තු 10 කට පමණ පසු උණුසුම් ජලයෙන් හිස සෝදා පිරිසිදු කරගන්න.
  • බීට් රූට් අලයක් මිනිත්තු 10 ක් පමණ තම්බාගන්න. එම ජලය නිවෙන්නට හරින්න. හිසකබල මත ඒවා ආලේප කරගන්න. මේ සත්කාරය සතියකට වාර 2-3 ක් පමණ සිදුකිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගත හැකි වේවි.

11.අධි රුධිර පීඩනය

  • ලක්ෂ්‍යයන් 1-2-ඒවා අතර ඇති රේඛාව තෙරපීම හෝ සම්බාහනය නොකර මෘදුව සෙමින් ඇල්ලීම සිදුකරන්න. ඉහළ සිට පහළ දක්වා ඇඟිලි තුඬු අවම ආකාරයකින් සම මත ස්පර්ෂ වන සේ වේගවත්ව ඇඟිලු තුඬු ගමන් කරවන්න. එක් පැත්තකට වාර 10 ක් බැගින් බෙල්ලේ දෙපැත්තටම මෙය සිදුකරන්න.
  • ලක්ෂ්‍යය 3-මිනිත්තුවක් පමණ දෙපැත්තේම පිහිටි මේ ලක්ෂ්‍යය මෘදුව ඇඟිලි තුඬු වලින් සම්බාහනය කරන්න. මදක් තෙරපමින් සම්බාහනය කරගත යුතු අතර සිදුකරන දිශාව එතරම් වැදගත් නොවේ.

12.අක්මාව සහ වකුගඩු ආශ්‍රිත පීඩාකාරි ගැටලූ

  • “ටාඕ ක්‍රමයට ඇවිදීම” සියලු පීඩාකාරි ස්වභාවයන් දුරුකරගැනීමට ඇති හොඳම ප්‍රතිකාර ක්‍රමයක් බව ඉපැරණි චීන වෙදකමේ පිලිගැනීමකි. මෙය පුද්ගලයින්ගේ අක්මාව සහ වකුගඩු ආශ්‍රිත ගැටලුකාරි ස්වභාවයන් සමනය කිරීමට ද දායක වන ක්‍රමයකි.
  • මෙම ව්‍යායාමය සිදුකිරීමට පෙර බිම මත මෘදු බ්ලැන්කට්‍ටුවක් එලාගන්න. ඒ මත දණගසාගෙන වේගයෙන් නොව සෙමින් පියවර තබමින් ඇවිදින්න .මෙම ව්‍යායාමය දිනකට අවම මිනිත්තු 15 ක් පමණ වත් සිදුකරන්න.