Hela Rahas

Hela Rahas Official Web Portal

ලෝකයේ පුදුම හිතෙන පඩි පෙළ් 16ක්

අද අපි ඔබට තොරතුරු කියන්න සූදානම් වන මේ පියගැටපෙළ සහිත ස්ථාන ලෝකයේ විවිධ රටවල් වල පිහිටා ඇති සංචාරක ආකර්ෂණයන්ය. ඇතැම් ඒවා පාෂාණ වලින් ද, දැව වලින් ද ඇතැම් ඒවා ගරාදි වැට වලින් ද නිර්මාණය කර ඇත්තේ ඒවායේ ගමන් කරන පුද්ගලයින්ට ත්‍රාසජනක අත්දැකීමක් ද ලබාදෙමිනි. ගමන් කරන කාගේත් හුස්ම තත්පරයකට හෝ නතර කිරීමට සමත් අන්දමේ උසකින් සහ අවදානම් වලින් පිරුණු ගමනාන්ත වන ලොව අපූරුතම සහ ත්‍රාසජනකම පියගැට පෙළවල් සහිත ස්ථාන 16 ක් ගැනයි මේ.

1.කැලවැන්ටින් දුර්ග බලකො‍ටුව දක්වා ඇති පියගැටපෙළ (ඉන්දියාව)

  • මෙම බලකො‍ටුව කුඩා ගල් ගුහාවක් වුවද ඒ දක්වා වැටී ඇති ගමන් මග ලොව වඩාත් භයානකම පියගැටපෙළ සහිත ස්ථාන අතරින් එකකි. මුම්බාහියි ආසන්නයේ පිහිටි මෙම ගල් කන්දේම අසමාන ආකාරයෙන් පියගැට කපා ඇත. මෙම පියගැටපෙළ නැග අවසන් කිරීමට එක් පුද්ගලයෙකු සඳහා පැය 3 ක් පමණ ගත වේ. පවතින මීදුම් තත්වය නිසා පඩි පෙළ නිතර තෙත ස්වභාවයක් ගන්නා බැවින් ඉන් බැස පහළට පැමිණීමට ඊටත් අධික කාලයක් ගත වේ. මෙහි ආරක්ෂක වැට වල් නොමැති අතර ගල් කන්දෙන් පහළට නොවැටී බේරි සිටීමට නම් ගමන් කරන පිරිස තම ආරක්ෂාව සඳහා ආරක්ෂිත මෙවළම් ගෙන ඒම කල යුතුය.

2.සිපර් (Zippar) එකක් හැඩැති පඩි පෙල් සහිත ගල් කන්ද (කොලොම්බියාව)

  • කොලොම්බියාවේ පිහිටි එල් පෙනෝන් ඩි ග්වාටාපේ නම් ගල් කන්දයි.නූලකින් මැසූ ආකාරයක් දිස්වෙන මේ ගල් කන්ද තවත් පිරිසක් සිපර් පටියක් ලෙස දකිති.මෙය කොලොබියාවේ ඇති ආකර්ෂණියම ස්ථානයකි.

3.ටියාන්මෙන් කන්ද (චීනය)

  • චීනයේ හූනැන් පළාතේ පිහිටි මෙම කන්දේ නමේ අර්ථය නම් දෙව්ලොවට ඇති දොර‍ටුව යන්නයි. ක්‍රි.ව. 263 දි පමණ සිදුවූ භූමිකම්පාවකින් පසු මෙහි ආරුක්කුව සෑදී ඇත. මෙම පියගෙටපෙළේ පඩි 999 සාර්ථකව නැග අවසන් කරන පුද්ගලයින් අහස ස්පර්ෂ කිරීමට හැකි වනු ඇති බවත් ඔවුන්ට සදාකාලික සතුට හිමිවන බවත් චීන වැසියන්ගේ විශ්වාසයයි. නමුත්, එහි ගමන් කිරීම ඉතා දුෂ්කරය. එහි ගමන් ගන්නන් හට යම් තාක් දුරක් කේබල් රථ වල ගමන් කිරීමට සිදුවන අතර එතැන් සිට සැතපුම් 7 ක් පමණ වංගු 99 නමැති මාවතක මෝටර් රථයක ගමන් කිරීමට සිදුවේ.

4.හයිකූ පියගැට පෙළ (හවායි)

  • අධි ත්‍රාසජනක අත්දැකීම් වලට ප්‍රිය කරන සංචාරකයින්ගේ වඩාත් ප්‍රසිද්ධ ගමනාන්තයකි. මෙහි ගමන් කිරීම තහනම් කර ඇතත් බොහෝ දෙනා එය නොතකමින් කන්ද නැගීමට උත්සාහ කරති. කඳු පාමුල පොලිස් භටයින් මුරයේ යොද ඇති අතර එහි ගමන් කිරීමට උත්සාහ කිරීමේ වරදට විශාල දඬුවමකට යටත් කිරීමට ඔවුන්ට බලය ඇත. බොහෝ සංචාරකයින් මෙම අපූරු තරප්පු පෙළ නැරඹීමට ඕආහු දූපතට පැමිණෙති. මෙය සන්නිවේදන ‍රැහැන් යෙදීම සඳහා හමුදාව විසින් 7942 දි ඉදිකරන ලද්දකි. 1987 දී සිට හයිකූ තරප්පු පෙළ සිවිල් මාවතක් සේ එහි ඇති තරප්පු 3922 ම සම්පූර්ණයෙන් නැග අවසන් කරමින් කෝඕලාඋ කඳු මුදුන ජයගැනීමට දැඩි ලෙස උනන්දු සංචාරයකයින් හට විවෘත කරන ලදි. නමුත් හොඳ කාය ශක්තියක් නොමැති අයෙකුට මේ අරමුණ ජය ගැනීම අසීරු වනු ඇත.

5.මෝසස් කන්ද (ඊජිප්තුව)

  • දකුණු සිනායි අර්ධද්වීපයේ පිහිටි පුරාවෘත්ත මෝසස් කන්ද ලොව නම් දෙසින් සංචාරකයින් ගලා එන ස්ථානයකි. බොහෝ වන්දනා ගමන් සිදුවන්නේ රාත්‍රි කාලයේදීය. ඊට හේතු දහවල් කාලයේ උණුසුම් බව නම් නොවේ. මෙහි ගමන් කරන පිරිසගේ විශාලම අපේක්ෂාව වන්නේ උදෑසන හිරු මුදුන් වන අයුරු සජීවීව දැකගැනීමයි.

6.ටයිහාන්ග් කන්ද (චීනය)

  • කඳු මුදුන තෙක් විහිදී ඇති මෙම දඟර හැඩයේ තරප්පු පෙළේ උස අඩි 300ච් ක් පමණ වේ. තට්‍ටු 30 ක ගොඩනැගිල්ලක් නගිනවා බඳු මේ ගමනට පෙර සෑම පුද්ගලයෙකුම තමන් එහි ඇති භයානකකම පිලිබඳව පූර්ව වශයෙන් දැනුවත් බවත් තමන් යහපත් සෞඛ්‍යය තත්වයකින් පසුවන බවත් ලේඛන වලට අත්සන් තැබිය යුතුය. වයස අවුරුදු 60 ට අවෙඩි පුදගල්යින් හට මෙහි නැගීමට අවසර නැත. ඊට හේතුව නම් මෙහි නැග්ම පහසු එකක් නොවීමයි. සුලං තත්වයකදී මෙහි සම්පූර්ණ ආකෘතියම හඬ නගමින් සෙලවීයාමට පටන්ගන්නා නිසා එහි ත්‍රාසජනක බව වැඩිය.

7.ශ්‍රී පාදස්ථානය (ශ්‍රී ලංකාව)

  • ‘ඇඩම්ස් පීක්’ ලෙස ලොව වටා සංචාරකයින්ගේ පවා දැඩි ආකර්ෂණයක් දිනාගෙන සිටින ශ්‍රී ලංකාවේ ශ්‍රී පාදස්ථානය වෙත ඇති ගමන් මග අතිශයින්ම අරක්ෂාකාරිය. බොහෝ දෙනා මෙහි ගමන් කරන්නේ කුඩා දරුවන් ඩ සමඟයි. බුදුන් වහන්සේගේ සිරි පතුල වැඳ පුදාගැනීමට විශාල වන්දනාකරුවන් පිරිසක් මෙහි පැමිණෙති. උදෑසන හිරු නැග එන දසුන හෙවත් ඉර සේවය දැකබලාගැනීම මෙහි පැමිණෙන කාගේත් බලාපොරොත්තුවයි. දහවල් කාලයේ අධික උණුසුම නිසා බොහෝ දෙනා මෙහි ගමන් කරන්නේ රාත්‍රි කාලයේදියි.

8.වූලිබර්ග් ටවර් තරප්පු පෙළ (බෙල්ජියම)

  • මෙම අපූරු තරප්පු ආකෘතිය ලීයෙන් තේනු නැරඹුම් ස්ථානාක් වූ අතර එය යම් දේපළ විනාශ කරන්නන් පිරිසක් විසින් සිදුකල ගිනි තැබිමකින් පසු එම ස්ථානයේම එය ලෝහයෙන් නැවත ප්‍රතිස්ථාපනය අරන ලදි. මෙය අහසට දිවෙන තරප්පු පෙළක් ආකාරයෙන් ඉදි කර ඇත. මෙහි උස අඩි 40 ක් පමණ වේ. සුරංගනා කතාවක කැලෑවක් බඳු ප්‍රසිද්ධ හැලබෝර්ස් වනාතරයේ අපූර්වත්වය නැරඹීමට මෙහි සිට හැකිය.

9.එල් කැමිනිටෝ ඩෙල් රේ කඳු මාවත (ස්පාඤ්ඤය)

  • මෙම කඳු මාවත ඉදි කර ඇත්තේ 20 වන සියවසේ දි පමණ යම් බලාගාර ස්ථාන 2 ක් අතරේ භාණ්ඩ ප්‍රවාහනය උදෙසාය. මෙය ඉදිකර ඇත්තේ බාල අමුද්‍රව්‍ය වලින් නිසා මෙය ඉතා ඉක්මනින් පරිහාණියට ලක් වූ අතර බොහෝ අය මේ මාර්ගය “මරණයට ගමන් කිරීම” ලෙස හැඳින්වීමට පටන්ගත්හ. 2000 වසරේ අවාසනාවන්ත ලෙස සංචාරකයින් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ මේ මාර්ගය වසා දැමීමට කටයුතු කරන ලදි. නමුත් ලොව වටා ත්‍රාසජනක අත්දැකීම් වලට ලැදි සංචාරකයින් මේ ස්ථානයට ඇදී ඒම නතර නොවිය. යුරෝ 6000 ක දඩයක් ගෙවීමට සිදුවුවත් එය කිසිසේත්ම අඩු නොවිය. අනතුරුව මේ මාර්ගය සංචාරකයින් සඳහා ආරක්ෂිත ලෙස යළි ඉදිකිරීමට යෝජනා විය. ඒ අනුව 2015 වසරේ සිට එල් කැමිනිටෝ ඩෙල් රේ මාවත යලි ජනතාවට විවෘත කෙරිණි.මෙහි මුදුනට යාමට කෙනෙකු අපේක්ෂා කරන්නේ නම් ඔහුට /ඇයට අඩි 6500 ක් පමණ නැගීමට සිදුවේ. අතරමගදි පඩි පෙළවල් ප්‍රපාතය අධික වෙමින් ඇතැම් තැන් වලදි ප‍ටු ලී වලින් සෑදු එල්ලෙන පඩි ලෙස සකසා තිබීම නිසා ගමනේ ත්‍රාසජනක බව වැඩි වේ.

10.චාන්ඩ් බාඕරි ළිං තරප්පු පෙළ (ඉන්දියාව)

  • ඉන්දියාවේ ඇති පැරණිතම සහ ගැඹුරුම ළිං ප්‍රදේශයක් වා මෙය පිහිටා ඇත්තේ අභානේරි ගම්මානයේය. එය පෙනුමින් යටිකුරු පිරමිඩයක ගන්නා අතර එහි මුදුන කොටස අඩි 100 ක් පමණ ගැඹුරට විහිදී ගොස් ඇත. එහි පත්ල අඳුරු ජලයෙන් පිරී ඇත. ප්‍රදේශවාසීන් විශ්වාස කරන ආකාරයට අනුව මෙම ළිඳ ඉදිකර ඇත්තේ යක්ෂයින් විසින් බවයි, නමුත් ඉතිහාසඥයින් වඩාත් තර්කානුකූල වෙමින් අදහස් දක්වන්නේ මේවා වැසි ජලය එක් ‍රැස් කරමින් සාදන ලද බවයි. පඩි පෙළේ ගරාදි වටවල් නොමැති අතර ප්‍රපාතය අධික බවින් යුතු නිසා පහළට බැසීම දැඩි කල්පනාකාරීව සිදුකල යුතු වේ.

11.හුවා කන්ද (චීනය)

  • හුවා කඳු මුදුන වෙත ඇති මාවත හඳුන්වන්නේ දෙලොවට යන මාවත ලෙසයි. පාෂාණය මත කොටා ඇති එහි පඩි පෙළවල් වලට යකඩ දම් වැල් මඟින් අත් වැටක් ලබාදී ඇත. මුල් කාලයේදි මෙහි ගමන් කිරීමට පුරුදුව සිටියේ වන්දනාකරුවන් පමණි. ඊට හේතුව නම් මෙම ස්ථානය චීන තාඕ දමට අනුව වැදගත් වන ශුද්ධ වු කඳු පන්ති 5 න් එකක් වීම නිසයි. නමුත් , අද වන මිට මේ මාර්ගය සංචාරකයින් සඳහා ද විවෘතය.

12.යක්ෂයාගේ කල්දේරම හෙවත් පේලෝන් ඩෙල් ඩියාබ්ලෝ දිය ඇල්ල (ඉක්වදෝරය)

  • මෙම ස්ථානයට ගමන් කිරීමට නම් ඉපැරණි ගල් පඩිපෙළක් පසු කිරීමට සිදුවේ. ජලය ප්‍රබලව ඇදහැලෙන මාර්ගය දුර්ගයක් පසු කරන අත්දැකීමක් ඔබට ලබාදේ. පඩි පෙළ ඇතැම් තැන් වලදි උමඟක් ලෙස ප‍ටු වන අතර ලිස්සන බිත්ති සහිත මාවත සෘජුවම ඔබව දිය ඇල්ල වෙත ගෙන යයි. මේ ස්ථානයට ගාන් කිරීමට සමත් වූ පිරිස් පවසන්නේ එතැන සිට අවට දිස් වන ආකාරය පැහැදිලි කිරීමට නොහැකි තරම් සුන්දර බවයි. ඔබ ඉදිරියෙන් දිය ඇල්ල කඩා හැලෙන අයුරු ඔබට ආසන්නයේ සිටම නැරඹිය හැකි වීම විශේෂත්වයකි

13.ටයිගර් ඇන්ඩ් ටර්ට්ල් තරප්පු පෙළ (ජර්මනිය)

  • මෙය ජර්මනියේ ඩුයිස්බර්ග් හි අතිශයින්ම ප්‍රසිද්ධ දර්ශණීය ස්ථාන අතරින් එකකි. මෙහි නිර්මාණකරුවන් විසින් රෝලර් කෝස්ටර් එකක ගමන් කිරිමට හැකි අත්දැකීමක් ලැබෙන් ආකාරයේ ආකෘතියක් මීට යොදාගෙන ඇත. මෙහි දිග අඩි 720 ක් පමණ වේ. මෙහි උසම ලක්ෂ්‍යය අඩි 42 කට වඩා වැඩි අතර එතැන සිට නගරය පුළුල් ලෙස නැරඹිය හැකිය. සවස් කාලයේදි මෙහි තරප්පු වල විදුලි ආලෝක ගැන්වේ.

14.යොසෙමයිට් ජාතික උද්‍යානය (කැලිෆෝර්නියාව)

  • කැලිෆෝර්නියාවේ පිහිටි යොසෙමයිට් ජාතික උද්‍යානයේ කඳු මුදුනට ලඟා වීමට නම් ඕනෑම අයෙකුට සැතපුම් 6 ක් පමණ දුරින් යුතු දුර්ග මාවත පසු කර යා යුතු වේ. එහි අර්ධයක් ගමන් කිරීමට සිදුවන්නේ කේබල් රථ වලිනි. එහි බලධාරීන් විසින් දිනකට පුද්ගලයින් 300 කට වඩා එහි ගමන් කිරීමට අවසර ලබා නොදේ. ඒ අනුව සෑම සංචාරකයෙකු හටම විශේෂ වූ අවසරයක් හිමිවේ. මෙම සිරස් කඹ යෙදූ තරප්පු මාවතේ ගමන් කරමින් එහි ඇති තරප්පු 400 ම සාර්ථකව නැග අවසන් කිරීමට නම් සංචාරකයින් හොඳ කායික සුවතාවයකින් සහ දැඩි උනන්දුවකින් යුක්ත වීම ඉතා වැදගත් ය.

15.ටෙම්පල් ඔෆ් මූන් නම් සිද්ධස්ථානය වෙත ඇති ගල් තරප්පු පෙළ (මාචු පීචු)

  • මාචු පීචු හි පිහිටි මෙම ගල් පඩි පෙළ වසර 500 ක් පමණ ඉපැරණිය. මෙම සිද්ධස්ථානය වෙත ගමන් කිරීම සඳහා ඉන්කාවරුන් විසින් මෙය ඉදි කර ඇත. වර්තමානයේ දිනකට එහි ගමන් කිරීමට අවසර ඇත්තේ පුද්ගකයින් 400 කට පමණි. එහි නැග්ම අවසන් කිරීමට පැය 2 ක් පමණ ගත වේ. මෙහි පියගැට ලිස්සන සුලු සහ ප්‍රපාත වැඩි නිසා වැරදියට තබන එක් පියවරකින් ඔබව පහළ ඇති උරුම්බාබා ගංගාවේ ආගාධයට ඇද වැටිය හැක

16.පිච් ඩු මිඩි නැරඹුම් ස්ථානය (ප්‍රංශය)

  • මෙම නැරඹුම් ස්ථානය සඳහා පැමිණිය යුතු මාර්ගයේ අර්ධයක් ගමන් කිරීමට සිදුවන්නේ කේබල් රථ වලිනි. ඉතිරි අර්ධය පඩි පෙළ නැගීමෙන් අවසන් කල යුතුය. අධික සීතල සහ අධික සුලං ස්වභාවය නිසා උණුසුම් ඇඳුම් ඇඳීම වැදගත්ය. මෑතකදි සිට බලධාරීන් විසින් මෙහි ගමන් කරන පිරිස් සඳහා රාත්‍රියේ නැවතී සිටීමේ පහසුකම් ද සලසා දී ඇත.ඔවුන් සඳහා කාමර පහසුකම් ඉදිකර ඇත.