Hela Rahas

Hela Rahas Official Web Portal

ලොව පැරණි කෞතුක භාණ්ඩ වල ඡායාරූප 20ක්

පහළින් දැක්වෙන්නේ ලෝකයේ ඇති පැරණිතම, අසාමාන්‍ය හා දුර්ලභ වර්ගයේ කෞතුක භාණ්ඩ වල ඡායාරූප පෙළකි.

1.මිනිස් කෙස් වලින් සෑදු බොරු කොණ්ඩයක් (විග්) . මෙය ක්‍රි.පූ. 1543-1292 කාලයට අයත් එකක් යැයි සැලකේ.

2.තල්මසෙකුගේ කොඳු ඇට අස්ථියක සිරවුණු මෙගලොඩොන් වර්ගයේ මෝරෙකුගේ දතක්. මෙගලොඩොන් යනු මෙලොවින් වඳවී ගිය යෝධ මෝර මාලු විශේෂයකි.

3.1805 වසරේ ට්‍රැෆල්ගාර් යුද්ධයේදි බ්‍රිතාන්‍ය නාවික බල ඇණියට එරෙහිව සටන් වැදුණු සැන් ඉල්ඩෙන්ෆෝන්සෝ නම් ස්පාඤ්ඤ යුධ නෞකාවේ කොඩිය.

4.අශ්ව සැකිල්ලක් පදවන මිනිස් සැකිල්ලක්

5.වනජීවී කෞතුකාගාරයක තබා ඇති නරාශ්වයෙකුගේ (centaur) සැකිල්ලක්

6.ඉපැරණි රෝමානු ට්‍රියිනයක්- මෙය සැත්කම් වලදි පටක හෝ අස්ථි රවුමක් ලෙස කපා පිටතට ගැනීමට භාවිතා කල සිදුරු කියතකි.

7.කැඩුණු ප්‍රතිමා වල නාස සහ කන් වල එකතුවක්

8.18 වන සියවසට අයත් ලොව ඉපැරණිම කිමිදුම් ඇඳුම් වලින් එකක්

9.16 වන සියවසට අයත් නුරෙම්බර්ග් වලින් හමුවූ ඉපැරණි බහු-කාර්ය මෙවලමක්

10.නැවිය හැකි-එහාමෙහා ගෙන යා හැකි ලෝක ගෝල ආකෘතියක් (1852)

11.ක්‍රි.ව. 1550-1570 කාලයට අයත් ප්‍රංශයෙන් හමුවූ ෂඩාස්‍රාකාර ගෘහ නිර්මාණ ආකෘතියකට සමාන ලුණු බඳුනක්

12.ටුටන්ඛාමුන් නම් ඊජිප්තු පාරාවෝ රජවරයා පැලඳි සෙරෙප්පු

13.ක්‍රි.පූ 3 වන -1 වන සියවස් කාලයට අයත් යැයි සැලකෙන රයිනෝ සත්වයෙකුගේ හැඩයෙන් සකසා ඇති වයින් බඳුනක්.මෙය චීනයේ හන් වංශයට අයත් එකක් වේ.

14.හඳුනාගත් පැරණිතම මොනොපොලි ක්‍රීඩා පුවරුව (1930)

15.දකුණු නෝර්වේ හි දියවෙමින් තිබූ ග්ලැසියරයක තිබී හමුවූ වසර 1700 ක් පමණ පැරණි වූල් කබායක්

16.’Devil’s work’ යනුවෙන් හැඳින්වෙන 19 වන සියවසේ චීනයේ චිංන්ග් වංශයට අයත් ඇත්දළින් නිමවන ලද චලනය කල හැකි බෝල 14 ක් සහිත බෝලයක්

17.මුහුදු හක්ගෙඩියක් ආකාරයෙන් පෙනෙන හෙල්මට් එකක් (1618)

18.ලොව පැරණිතම ලෝක ගෝල ආකෘතිය- පැස්බර බිත්තර දෙකක පහළ කොටස් වලින් ඇමෙරිකානු ප්‍රදේශ පෙන්නුම් කර ඇති අයුරු (1504)

19.ලන්ඩනයේ පිහිටි ජාතික ඉතිහාස කෞතුකාගාරයේ තැන්පත් කර ඇති නිල් තල්මසෙකුගේ ඇට සැකිල්ලක්

20.නෙදර්ලන්තයේ මුහුදුබත් වූ නෞකාවක තිබී හමුවූ වසර 400 ක් පමණ පැරණි සිල්ක් ගවුමක්